News Category
From Date
To Date
Maximum Number of Result

නන්නත්තාර කළවුන් ඉන් ගලවා ගැනීම පිණිස..

Aug 24, 2025 at 05:00 PM
|

මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube  සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.

”අපේ රටේ නායකයන්ට අදහසක් නෑ මොන මාවතේ ද මේ මිනිස්සු ඉදිරියට ගෙනියන්නෙ කියලා.”

තවදුරටත් ඔහු ඒ ගැන මෙසේ පවසයි. 

”දැන් අපි නන්නත්තාර වෙලා ඉන්නෙ. ලෝකයම තමන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන පිළිතුරු නැතිව පරිණාමීය අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා...”

බැලූ බැල්මට මහාචාර්ය ටියුඩර් මේ කියන කතාවේ ඇත්තක් නැත්තේ ද නොවේ! නව ලිබරල්වාදී වස්ත‍්‍ර ගත දවටා ගත් රනිල් සීයා ගිය IMF වැල් පාලමේම රතු වස්ත‍්‍රධාරී වම්මුද හරි පහසුවෙන් ගමන් කරති. තමන්ම විරෝධය පෑ, ගිනි තැබූ ”රනිල් සීයා” ගෙන එන ලද විදුලිය බල මණ්ඩලය 6කට කැඞීමේ පනත් කෙටුම්පත තමන්්ගේම 159 ඡන්දයෙන් හරයාත්මක වෙනස්කම් රහිතව රතු වස්ත‍්‍රධාරී සාමාජිකයෝ සම්මත කරති. ”අපි ගෙනාපු බබාට උඹලා පොඩි පුයර ටිකක් ගාලා ආයෙ අරන් ගෙනැවිත්! උඹල එදා අපේ බබාට විරුද්ධව ඡුන්දෙ දුන්නා. දැන් උඔලාම ඒ බබාව නලව නලව අරන් ඇවිල්ලා! ඉතින් අපි මොකටද අපි ගෙනාපු බබාට විරුද්ධ වෙන්නෙ! විපක්ෂයේ සිටින ස.ජ.බ.යෝ ද පොහොට්ටුවෝද රතු වස්ත‍්‍රධාරී ආණ්ඩු කරන්නවුන්ගෙන් එසේ අසති. ඒ විදුලිබලය මණ්ඩලය 6කට කඩන පනත නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරන විවාදයේ දී ය. බැලූ බැල්මට මහාචාර්ය ටියුඩර් කියන ඒක හරි ය! ඒ මොකක්ද? ඒ... ”අපේ රටේ නායකයන්ට අදහසක් නෑ මොන මාවතේ ද මේ මිනිස්සු ඉදිරියට ගෙනියන්නෙ කියල.” බැලූ බැල්මට හැමෝටම මඤ්ඤං ය! හැබැයි මහාචාර්ය ටියුඩර් පවසන මේ අදහස සමඟ මට නම් ගැඹුරු ශ‍්‍රාස්ත‍්‍රීය ගැටුමක් තිබේ. ඒ, නිශේධාත්මක නොව ධනාත්මක ගැටුමකි. 

”දැන් අපි නන්නත්තාර වෙලා ඉන්නේ. ලෝකයම තමන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන පිළිතුරු නැතිව පරිණාමී අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.”

මහාචාර්ය ටියුඩර් කියන මේ කතාවේ ඇත්තක් නැත්තේම නොවේ. ඒ අතරම නැත්තක් ඇත්තේම ද නොවේ. 

මහාචාර්ය ටියුඩර්ට අනුව දැන්, පුද්ගල නිදහස සමඟ බද්ධ වූ ධනවාදය ද වැටිලා ය! එයට තව දුර යන්න බැරි ය! සාමූහිකත්වය මත පදනම් වූ සමාජවාදය ද වැටිලා ය! එය ඉවර ය! (සෝවියට සංගමයේ බිඳවැටීම යනු එයයි) ඒ නිසා දැන් තමන් ඉදිරියට යන්නේ කෙසේද කියන එක ගැන ලෝකයම පරිණාමයේ අර්බුදයකට මුහුණ දීලා ඇත්තේ ය. ඒ අතරම ”බල සුබ පෙර නිමිති” ගැන කියද්දී ඔහු BRICS සංවිධානයේ නැගී ඒම, ‘‘ආසියාන්’’ වැනි නව බහු ධ‍්‍රැවීය ලෝකයක් පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු ද දල්වනු ලබයි.

සෝවියට සංගමයේ බිඳවැටීම යනු, සමාජවාදයේ (එම ක‍්‍රමයේ) බිඳවැටීම වේ ද? ජනප‍්‍රිය අර්ථයන් එය එසේ ය. සැබැවින්ම, බලගතු සෝවියට රාජ්‍යය බිඳ වැට්ට වූයේ පහලින් සිටි ජනී  ජනයා නොවේ. ඉහළ සිටි සීමිත නිලධාරීන් පිරිසකි. ගොර්බොචෝෆ් ඉන් පුරෝගාමී එක් අයෙකි. දිගු කලක් පුරා ගෙන ගිය මෙහෙයුමක කූට ප‍්‍රාප්තිය වූයේ සෝවියට සංගමය සිය කැමැත්තෙන්ම විසුරුවා හැරීමට ලක් කිරීම ය. බහුතර මහජනයා ඒ දෙස නිසොල්මන්ව බලා සිටිය හ. එය භාහිරින් දියත් වූ ප‍්‍රබල දිගු කාලීන සූක්‍ෂම මෙහෙයුමක ප‍්‍රතිඵලයක් වූ අතර, අභ්‍යන්තරිකව ද එය එසේ වීමට තුඩු දුන් හේතු පැවතුණි. එහෙත්, ප‍්‍රබල විපර්යාසකාරකය වූයේ භාහිරවය. භාහිර විපර්යාසකාරකයා වූයේ අභ්‍යන්තරයේ මුදුනේ ය. පරිධියේ නොවේ.

මෙය මා දකින්නේ, ”සෝවියට් සමාජවාදී මොඩලයේ” සූක්‍ෂම ව බිඳවැට්ටවීමක් ලෙස මිස, සමස්ත සමාජවාදයේම බිඳවැටීමක් ලෙස නොවේ. එය එසේ සිතුවහොත් මා හිතවත් මහාචාර්ය ටියුඩර් වැටෙන්නේ ද ”දැන් ලෝකයේ සමාජවාදයක් නෑ! කියන ලාල් කාන්තගේම ගොඩට ය! මහාචාර්ය ටියුඩර් ඒ ගොඩට ඇත්තටම අයත් නැත !

එහෙත් ඔහු නිවැරදිව දකින පරිදි, තවදුරටත් ඉදිරියට යා නොහැකි අර්බුදයකට අද, ලෝක නව ලිබරල්වාදී ධනවාදය මුහුණ දී සිටී. එය එක පැත්තකින් පෙනෙන්නේ ආර්ථික අර්බුදයක් ලෙස ය. එයට එක එක කාලවල එක එක උත්තර සොයති. කාර්මික ධනවාදයෙන් එයට උත්තර නැති වූ කල, මූල්‍ය ධනවාදයෙන් උත්තර සොයති. ඩොලර් අච්චු ගසා ලෝකය පුරා බෙදා හරිති. ඊළගට බහුතරය මත පදනම් වූ පැරණි ලිබරල්වාදය අතහැර, සුළුතරය මත පදනම් වූ නව ලිබරල්වාදී දහමට හැරෙති. නව ලෝක රටාව, නව ලෝක ජීවන රටාව ඒ අනුව හැඩ ගස්වති. ඩිජිටල් අධිරාජ්‍යවාදය ලෙස ද එය ඇතැමුන් හඳුන්වති. එහෙත්, මේ සියල්ලෙහිම අවසානය කුමක් ද?

මේ ගැන තේරුම් ගැනීමෙහි ලා මූලික ප‍්‍රවේශයක් ලෙස, මා යොමු වන්නේ චීන ජාත්‍යන්තර බැංකුවේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයකු හා සහකාර සභාපති මෙන්ම පීකිං විශ්ව විද්‍යාලයේ ජාතික සංවර්ධන පාසලේ (NSD) අනුබද්ධ මහාචාර්යවරයකු වන ෂූ ගා ඕ ඉදිරිපත් කරන අදහසකට ය. ඔහු පවසන්නේ මෙසේ ය. 

”...ධනවාදී අධි නිෂ්පාදනය නිසා ඇතිවන ආර්ථික අර්බුද පිළිබඳ කාල් මාක්ස්ගේ විශ්ලේෂණයේ දී, ආදායම් බෙදා හැරීම ප‍්‍රධාන ගැටළුව වේ. කේන්ද්‍රීය කරුණ නම්, ධනපතියන් විසින් පාලනය කරනු ලබන ප‍්‍රාග්ධනය මත ප‍්‍රතිලාභ පාරිභෝගිකයින් (කම්කරුවන්) වෙත ගලා නොයන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස, මෙම ප‍්‍රතිලාභ පාරිභෝගික (කම්කරු) ආදායම හෝ යහපත් ජීවිතයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය බවට පරිවර්තනය කිරීමට අපොහොසත් වේ.

මෙය නිෂ්පාදන ධාරිතාව පුළුල් වීමට සාපෙක්ෂ අඩු වීමක් මගින් පරස්පර තාවයක් ඇතිකරන අතර එය අධිනිෂ්පාදනයේ ආර්ථික අර්බුදවලට මග පාදයි. මෙය විසඳීම සඳහා, මාක්ස් පොදු අයිතිය යෝජනා කළ අතර එමඟින් පාරිභෝගිකයින්ට ප‍්‍රාග්ධනයේ අයිතිය බෙදා ගැනීමට ඉඩ සැලසේ. මේ ආකාරයෙන්, ප‍්‍රාග්ධන ප‍්‍රතිලාභවලින් වැඩි කොටසක් පාරිභෝගිකයින් (කම්කරුවන්) වෙත ගලා යන අතර, ප‍්‍රමාණවත් ඵලදායී ජීවන තත්වයක් නොමැතිකම පිළිබඳ ගැටළුව සමනය කරයි.

චීනය යනු; සමාජවාදී රටකි, එහිදී පොදු අයිතිය යනු ප‍්‍රධාන පදනම වන අතර විවිධ ආකාරයේ හිමිකාරිත්වයන් ඒ සමඟ වර්ධනය වේ. 2018 දී පවත්වන ලද සිව්වන ජාතික ආර්ථික සංගණනයට අනුව, එම වසරේ චීන ව්‍යවසායන් හි මුළු වත්කම් යුවාන් ටි‍්‍රලියන 914 දක්වා ළඟා විය. මෙයින්, රජය සතු ව්‍යවසායන් (SOES) යුවාන් ටි‍්‍රලියන 475 හිමිකරගෙන ඇති අතර එය සම්පූර්ණ ආයතනික වත්කම්වලින් 52% පමණ වේ. (එනම් මුළු වත්කම්වලින් ඍජු පොදු දේපළ ප‍්‍රමාණය 52% වන බව ය.)

ඊට අමතරව, රාජ්‍යය හි අයිතිය රජයේ ආයතන සහ රාජ්‍ය අනුබද්ධ ආයතන සැලකිය යුතු වත්කම් සහ ස්වාභාවික සම්පත් හි අයිතිය දරයි. මේ අනුව, මහජන අයිතිය චීනයේ සමස්ත හිමිකාරීත්ව ව්‍යුහයේ ප‍්‍රමුඛස්ථානයක් ගනී.

මෙම හිමිකාරීත්ව ව්‍යුහය ප‍්‍රතිසංස්කරණයට පෙර සහ පසු සහ විවෘත කිරීම යන දෙඅංශයෙන්ම ප‍්‍රධාන ව්‍යාපාර සඳහා සම්පත් කළමනාකරණය කිරීමට චීනයට හැකියාව ලබා දී ඇත. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස, මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේදී චීනය දුප්පත් සහ ඌන සංවර්ධිත කෘෂිකාර්මික රටක සිට ලෝකයේ ප‍්‍රමුඛතම නිෂ්පාදන බලාගාරය බවට පරිවර්තනය වී ඇත. මෙම පරිවර්තනය අතරතුර, චීනය හිඟ ආර්ථිකයක සිට අතිරික්තයක් දක්වා ගමන් කර ඇති අතර, නිෂ්පාදන ධාරිතාව හිඟයක සිට අතිරික්තය දක්වා මාරු වී ඇත.”

දැන් මාක්ස් කී මේ ”අතිරික්තය” ඒක ධ‍්‍රෑවීය ලෝකයේ ලාභ උපදවන සමාගම් හෝ පවුල් සමාගම් යොදවන්නේ තම පාරිභෝගිකයාව තමන්ට අවශ්‍ය අයුරින් ”රොබෝටික්” කර ගැනීම පිණිස මිස, යහපත පිණිස නොවේ. එබැවින් ඔවුන් ඊට ගැලපෙන නව ලෝක රටාවක් බිහි කරති. මුළු මිනිස් සමාජය මත නව ලෝක ජීවන රටාවක් පටවනු ලබති. ජාතික රාජ්‍යය, සංස්කෘතික අනන්‍යතා යන කිසිවක් රහිත ඩිජිටල්  පරිශීලකයකු පමණක් සහිත ඩිජිටල් වහල් සමාජයක් තනනු ලබති. ඔවුන්ට අනුව, යුරෝපය උද්‍යානයකි. ලෝකයේ සෙසු ප‍්‍රදේශ ගණ වනාන්තරයකි. ඔවුන් පසුගිය කාලයේ රැස්කර ගත් දියුණුවේ රහස බහුවිද කොල්ලකෑම ය! එය සම්පත්වල සිට දැනුම දක්වා කොල්ලකෑම ය! අද ද ඔවුන්ගේ ශිෂ්ඨාචාරගත පුරුද්ද එයම ය! එදා අතිරික්තය උපදවා ගත්තේ සෘජු යටත් විජිතකරණ කොල්ලයෙන් ය!. අද අතිරික්තය උපදවනු ලබන්නේ නවලිබරල්වාදී ඩිජිටල් අධිරාජ්‍යවාදී කොල්ලයෙන් ය. ඒ උපදවනු ලබන අතිරික්තයම පෙරළා යොදවන්නේ, සභ්‍යත්වයන්, ජාතික රාජ්‍යයන්, මිනිස් අනන්‍යතාවන් හා සාමූහිකත්වයන් වනසා දමනු ලැබිය හැකි නව ලෝක රටාව ප‍්‍රවර්ධනය කිරීමට ය. ඒ සඳහා වන රාජ්‍ය නොවන සංවිධාන සෙසු දේශපාලන, සංස්කෘතික පිල්ලි වර්ධනය කෙරුමට ය. තාක්ෂණික දියුණුව ද ඊට ම අයත් වූවකි. 

පකිස්ථානයට මෙවර ට‍්‍රම්ප්ගේ ටැරීෆ් බද්ධ පැනවූයේ ඉහළ අගයකිනි.  පසුව අනාවරණය වූ පරිදි මෙය 19% මට්ටමට පහත බස්සවා ගැනීම සඳහා පකිස්ථානයට සෑහෙන්න වන්දි ගෙවීමට සිදුව තිබේ. ඒ ”වන්දි” අතර, බලශක්ති  ක්‍ෂේත‍්‍රය ද අයත් වේ. බලශක්තිය යනු තෙල් සහ විදුලිය පමණක් නොවේ. නූතන බලශක්තිය වනුයේ විදුලිය නිපදවිය හැකි සහ ඒවා ගබඩා කළ හැකි දුර්ලභ කනිජ  සම්පත් ද අයත් වූවකි. ඒ, ලිතියම්, කොබෝල්ට්, සීරියම්, ප‍්‍රසිඩෝඩමියම්, නියෝඩයිමියම් හා ප‍්‍රමෝනියම් වැනි කණිජ සම්පත් ය.  පකිස්ථානයේ උතුරු පළාතේ වන මේ බලශක්ති නිධි ඇමරිකානු සමාගම් සතු කර දීම ද ”ටැරීෆ්” 19%ක අගය ට පහත වැටීමට හේතු වී තිබේ. මීට අමතරව, මෙතෙක් මැද පෙරදිග තෙල් සැපයුම්කරුවන්ගෙන් තෙල් මිලදී ගත්ත පකිස්ථානය ඇමෙරිකාවෙන්් ද  තෙල් මිලදී ගැනීමට එකඟ වී තිබේ. මේ වන විට ද එය ඇරඹී තිබේ. ඇමරිකාවේ VITO සමාගමෙන් බොර තෙල් බැරල් මිලියනයක් පාකිස්ථානය පසුගිය අගෝස්තු 01 වැනිදා වන විට ඇණවුම් කර තිබේ. 

මේ සියල්ලට වඩා උත්ප‍්‍රාසජනක කරුණ වන්නේ ටැරීෆ් බද්ධ 19% අගයට පහත හෙලා ගැනීම පිණිස, පකිස්ථානයේ ඩිජිටල් වත්කම්වල අයිතිය ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ  පවුල විසින් පාලනය කරන ”වර්ල්ඞ් ලිබර්ට් ෆයිනෑන්ෂල්” (WLP) සමාගම යටතට මුළුමනින්ම පවරාගෙන තිබීම ය. මෙම සමාගමේ ප‍්‍රධාන ක‍්‍රිප්ටෝ උපදේශකයා වන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය. අනිත් තුන්දෙනා වන්නේ ට‍්‍රම්ප්ගේ පුත්තු තිදෙනා ය. ඒ අනුව, පකිස්ථානයේ ක‍්‍රිප්ටෝ මුදල් ගනුදෙනු බ්ලොග් චේන් නවෝත්පාදනය සහ විමධ්‍යගත මුදල් ඒකාබද්ධ කිරීම යන සියලූ ඩිජිටල් භාවිතයන් පාලනය කිරීම ට‍්‍රම්ප්ගේ පවුලේ සමාගමට පැවරී තිබේ.

අද, අර්බුදයට පත්ව ඇති නව ලිබරල්වාදය හා ඊට අයත් නව ලෝක රටාව, මෙහෙයවනු ලබන්නේ, මෙවැනි පවුල් හා සමාගම් තන්ත‍්‍රයකිනි. ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේම වූ වසර 200 කට වැඩි ඉතිහාසයක් නොවේ. මේ සියල්ලේම පොදු ඓතිහාසික උරුමය වන්නේ කොල්ලකෑම සහ එමඟින් උපදවන අතිරික්ත ලාභයෙන් නැවත නැවතත් සිය ආධිපත්‍ය ලොව මත පැටවීම ය. ඒ සඳහා ඒක කේන්ද්‍රීය බලය සහ ඊට ගැලපෙන නව ලෝක රටාව පවත්වා ගැනීම ය. අද මියැදෙමින් වුව ”ජීවමානව” පවතින්නේ එය යි. එයට ජාතික අනන්‍යතා, ජාතික රාජ්‍යය, ජාතික ඉතිහාසයන්, ජාතික වටිනාකම් කිසිවක් අදාළ නොවේ. මානව අනන්‍යතා ද අදාල නොවේ. 

එහෙත්, මෙය දිගු කාලීනව පැරදවිය හැකි වන්නේ කෙසේ ද? ප‍්‍රධාන සුදුසුකම් දෙකක් මත පදනම් වූ බල කේන්ද්‍රයක් මතට ලොව නව ලෝක රටාව තීරණය කිරීමේ බලය මාරු වීම මගින් පමණක් එය සිදු වේ. එම සුදුසුකම් දෙකෙන් එකක් වන්නේ, ආදායම් බෙදා හැරීම පිළිබඳ ප‍්‍රධාන ගැටලූවේදී ප‍්‍රාග්ධනය මතින් උපදවන අතිරික්තය (ලාභ) පාරිභෝගික (කම්කරු) ආදායම හෝ යහපත් ජීවන තත්ත්වයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා පරිවර්තනය කිරීමට හැකි වූ බලවේගයක් මත ලොව කේන්ද්‍රීය බලය තීරණය කර ගැනීම ය. චීනය මෙයට ජීවමාන උදාහරණයකි. ඔවුන් තම ‘ලාභය’ (අතිරික්තය) එක අතකින් පාරිභෝගික (කම්කරු) ආදායම යහපත් අතට වර්ධනය කිරීමටත්, අනෙක් අතින් ගුවන්යානයක වේගයෙන් යන දුුම්රිය සේවා කම්කරුවා (පාරිභෝගිකයා) වෙත ලබාදීමටත් යොදවනු ලබයි. නමුත්, බටහිර - යුරෝපා පවුල් හා සුළු සමාගම් තන්ත‍්‍රයක් එක් රැස් කරගන්නා මෙම මහා අතිරික්තය (ලාභය) එසේ නොයෙද වේ. 

දෙවැනි වැදගත් කරුණ නම්, වෙනත් රටවල් ආක‍්‍රමණය කර අතිරික්ත ලාභය කොල්ල නොකන ලද (නූපදවන ලද) වසර දහස් ගණනාවක් පැරණි මහා සභ්‍යත්ව උරුමයකට හිමිකම් කියන රාජ්‍යයක් මෙම නව ලෝක රටාව තීරණය කරනු ලැබීම යි. එය, මාක්ස්, එංගල්ස් පමණක් නොව, කොන්ෆියුසස්, තා ඕ තුමන් වැනි දාර්ශනිකයන්ගේ දැනුමෙන් ද පෝෂණය වූවකි. තම ඓතිහාසික අනන්‍යතාවට, ”අතීත කාමය”යැයි කියා ගරහන්නවුන් එහි නැත. ”සාමූහිකත්වය” වටිනාකම ලෙස ප‍්‍රවර්ධනය කරති. ජාතික රාජ්‍යය, ජාතික අනන්‍යතා,බහුවිධ සංස්කෘතීන්ට ගරු කරති. ඩිජිටල් කාර්මිකරණය ප‍්‍රවර්ධනය කරන ගමන්ම අල්පේච්ඡු ජීවන රටාවේ ඇති වැදගත්කම ගැන ද අවධාරණය කරති, අධි පරිභෝජනවාදයට අනවශ්‍ය ලෙස දිරිගැන්වීමෙන් වැළකෙති. 

නූතන ලෝකය විලිරුදාවෙන් පෙළෙන්නේ මෙම නව, නව ලෝක රටාවට හා සැබවින්ම නව බල කේන්ද්‍රයට මාරුවීම පිණිස ය. ඉදිරි දශකය හෝ එකහමාර ඒ සඳහා වෙන්වනු ඇත. ඒ කාලය තුළ මහාචාර්ය ටියුඩර් පවසන ”නන්නත්තාර වෙලා” ඉන්නේ වැනි හැඟීම් බිහිවිය හැකිය. එහෙත්, ඒ දිගුකාලීනව නොවේ. දාර්ශනික හෝ භූ දේශපාලන වෛශ්‍යාවන් මෙහිදී අමාරුවේ වැටීම වැලකිය හැකි නොවේ. 

අප කළ යුත්තේ, මේ ලෝකයට මානව සංහතියට සපුරා හිත කර නව බල කේන්ද්‍රයත්, ඒ මත බිහිවන මානව හා දියුණු විද්‍යාත්මක ගුණාංග වෙතින් සපිරි ජාතික අනන්‍යතා හා වටිනාකම් ප‍්‍රවර්ධනය කරනු ලබන නව ලෝක රටාවත්, ලිබරල්වාදයේ නව ලෝක රටාවේ සොහොන් බිම මතම පැළ කිරීම ය. එහි විලාපය අපගේ උදාන ගීතය බවට පත්කර ගැනීම ය. එය ලෝක පරිමාණ භාවිතාවක, ජාතික කාර්යභාරය වේ. එලෙස මෙය තේරුම් ගතහොත්, මහාචාර්ය ටියුඩර් පවසන ”නන්නත්තාර වීම” අපට අදාල නොවේ. 

අප එවිට සිදු කරන්නේ, දැනුම්වත්ව, මේ සංක‍්‍රාන්ති කාලය නිවැරදිව සුපොහොසත්ව බහුවිධ ආකාරයෙන් පසු කිරීම ය. එහි, අපට අයත් භූමිකාවට පණ පෙවීමට ය.

දෙකම අතිරික්තයේ හා අතිරික්ත ලාභයේ ප‍්‍රශ්නය ලෙස පෙනෙන බව සැබෑ ය. එහෙත් පිළිතුර, අතිරික්තය හෝ ඒ අතිරික්ත ලාභය සභ්‍යත්ව ගුණාංග සපිරි නව බල කේන්ද්‍රයක් මත හා ඒ මත ඉදිවන නව ලෝක රටාවක් බිහි කෙරුම මත ඉදිරියට ගෙන යාම ය. චීනය සතු ව්‍යවසායන්හි මුළු වත්කමෙන් 52% සෘජුවම රජය සතු ය. ඉතිරි වත්කම් ද ස්වාභාවික සම්පත් ද,  රාජ්‍යය, රාජ්‍යයේ ආයතන සහ රාජ්‍ය අනුබද්ධ ආයතන ලෙස විවිධ ස්වරූපයෙන් පවතී. මේ කවර ස්වරූපයෙන් තිබුණ ද එමගින් උපදවන අතිරික්තය (ලාභය) බෙදී යන්නේ, එහි ප‍්‍රතිලාභ පරිභෝගික (කම්කරුවන්) ආදායම  හෝ යහපත් ජීවිතයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහාම ය. 

ඒ පදනම මත බිහිවන අතිරික්තය (ලාභය) පවුල හෝ සමාගම් කිහිපයක් තර කිරීමේ ආත්මාර්ථකාමී මගෙන් ලෝකය විතැන් කරයි. මේ ගැන මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙන්ම, සෙසු විද්වතුන් හෝ විද්වතුන් නොවන්නන් දරන මතය සංවාදයට භාජනය වීම ”නන්නත්තාරකරවුන්” ඉන් ගලවා ගැනීම පිණිස බෙහෙවින් උපකාරී වේ. මා මෙහිලා ප‍්‍රවේශය තබනුයේ එම වැදගත් සංවාදයට ය. සැබැවින්ම, එය ඵලදරත්වා!

- විමල් වීරවංශ

ඉරිදා ලංකාදීප - 2025 08 24

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.