News Category
From Date
To Date
Maximum Number of Result

නන්නත්තාර කළවුන් ඉන් ගලවා ගැනීම පිණිස..

Aug 24, 2025 at 05:00 PM
|

මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube  සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.

”අපේ රටේ නායකයන්ට අදහසක් නෑ මොන මාවතේ ද මේ මිනිස්සු ඉදිරියට ගෙනියන්නෙ කියලා.”

තවදුරටත් ඔහු ඒ ගැන මෙසේ පවසයි. 

”දැන් අපි නන්නත්තාර වෙලා ඉන්නෙ. ලෝකයම තමන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන පිළිතුරු නැතිව පරිණාමීය අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා...”

බැලූ බැල්මට මහාචාර්ය ටියුඩර් මේ කියන කතාවේ ඇත්තක් නැත්තේ ද නොවේ! නව ලිබරල්වාදී වස්ත‍්‍ර ගත දවටා ගත් රනිල් සීයා ගිය IMF වැල් පාලමේම රතු වස්ත‍්‍රධාරී වම්මුද හරි පහසුවෙන් ගමන් කරති. තමන්ම විරෝධය පෑ, ගිනි තැබූ ”රනිල් සීයා” ගෙන එන ලද විදුලිය බල මණ්ඩලය 6කට කැඞීමේ පනත් කෙටුම්පත තමන්්ගේම 159 ඡන්දයෙන් හරයාත්මක වෙනස්කම් රහිතව රතු වස්ත‍්‍රධාරී සාමාජිකයෝ සම්මත කරති. ”අපි ගෙනාපු බබාට උඹලා පොඩි පුයර ටිකක් ගාලා ආයෙ අරන් ගෙනැවිත්! උඹල එදා අපේ බබාට විරුද්ධව ඡුන්දෙ දුන්නා. දැන් උඔලාම ඒ බබාව නලව නලව අරන් ඇවිල්ලා! ඉතින් අපි මොකටද අපි ගෙනාපු බබාට විරුද්ධ වෙන්නෙ! විපක්ෂයේ සිටින ස.ජ.බ.යෝ ද පොහොට්ටුවෝද රතු වස්ත‍්‍රධාරී ආණ්ඩු කරන්නවුන්ගෙන් එසේ අසති. ඒ විදුලිබලය මණ්ඩලය 6කට කඩන පනත නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරන විවාදයේ දී ය. බැලූ බැල්මට මහාචාර්ය ටියුඩර් කියන ඒක හරි ය! ඒ මොකක්ද? ඒ... ”අපේ රටේ නායකයන්ට අදහසක් නෑ මොන මාවතේ ද මේ මිනිස්සු ඉදිරියට ගෙනියන්නෙ කියල.” බැලූ බැල්මට හැමෝටම මඤ්ඤං ය! හැබැයි මහාචාර්ය ටියුඩර් පවසන මේ අදහස සමඟ මට නම් ගැඹුරු ශ‍්‍රාස්ත‍්‍රීය ගැටුමක් තිබේ. ඒ, නිශේධාත්මක නොව ධනාත්මක ගැටුමකි. 

”දැන් අපි නන්නත්තාර වෙලා ඉන්නේ. ලෝකයම තමන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන පිළිතුරු නැතිව පරිණාමී අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.”

මහාචාර්ය ටියුඩර් කියන මේ කතාවේ ඇත්තක් නැත්තේම නොවේ. ඒ අතරම නැත්තක් ඇත්තේම ද නොවේ. 

මහාචාර්ය ටියුඩර්ට අනුව දැන්, පුද්ගල නිදහස සමඟ බද්ධ වූ ධනවාදය ද වැටිලා ය! එයට තව දුර යන්න බැරි ය! සාමූහිකත්වය මත පදනම් වූ සමාජවාදය ද වැටිලා ය! එය ඉවර ය! (සෝවියට සංගමයේ බිඳවැටීම යනු එයයි) ඒ නිසා දැන් තමන් ඉදිරියට යන්නේ කෙසේද කියන එක ගැන ලෝකයම පරිණාමයේ අර්බුදයකට මුහුණ දීලා ඇත්තේ ය. ඒ අතරම ”බල සුබ පෙර නිමිති” ගැන කියද්දී ඔහු BRICS සංවිධානයේ නැගී ඒම, ‘‘ආසියාන්’’ වැනි නව බහු ධ‍්‍රැවීය ලෝකයක් පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු ද දල්වනු ලබයි.

සෝවියට සංගමයේ බිඳවැටීම යනු, සමාජවාදයේ (එම ක‍්‍රමයේ) බිඳවැටීම වේ ද? ජනප‍්‍රිය අර්ථයන් එය එසේ ය. සැබැවින්ම, බලගතු සෝවියට රාජ්‍යය බිඳ වැට්ට වූයේ පහලින් සිටි ජනී  ජනයා නොවේ. ඉහළ සිටි සීමිත නිලධාරීන් පිරිසකි. ගොර්බොචෝෆ් ඉන් පුරෝගාමී එක් අයෙකි. දිගු කලක් පුරා ගෙන ගිය මෙහෙයුමක කූට ප‍්‍රාප්තිය වූයේ සෝවියට සංගමය සිය කැමැත්තෙන්ම විසුරුවා හැරීමට ලක් කිරීම ය. බහුතර මහජනයා ඒ දෙස නිසොල්මන්ව බලා සිටිය හ. එය භාහිරින් දියත් වූ ප‍්‍රබල දිගු කාලීන සූක්‍ෂම මෙහෙයුමක ප‍්‍රතිඵලයක් වූ අතර, අභ්‍යන්තරිකව ද එය එසේ වීමට තුඩු දුන් හේතු පැවතුණි. එහෙත්, ප‍්‍රබල විපර්යාසකාරකය වූයේ භාහිරවය. භාහිර විපර්යාසකාරකයා වූයේ අභ්‍යන්තරයේ මුදුනේ ය. පරිධියේ නොවේ.

මෙය මා දකින්නේ, ”සෝවියට් සමාජවාදී මොඩලයේ” සූක්‍ෂම ව බිඳවැට්ටවීමක් ලෙස මිස, සමස්ත සමාජවාදයේම බිඳවැටීමක් ලෙස නොවේ. එය එසේ සිතුවහොත් මා හිතවත් මහාචාර්ය ටියුඩර් වැටෙන්නේ ද ”දැන් ලෝකයේ සමාජවාදයක් නෑ! කියන ලාල් කාන්තගේම ගොඩට ය! මහාචාර්ය ටියුඩර් ඒ ගොඩට ඇත්තටම අයත් නැත !

එහෙත් ඔහු නිවැරදිව දකින පරිදි, තවදුරටත් ඉදිරියට යා නොහැකි අර්බුදයකට අද, ලෝක නව ලිබරල්වාදී ධනවාදය මුහුණ දී සිටී. එය එක පැත්තකින් පෙනෙන්නේ ආර්ථික අර්බුදයක් ලෙස ය. එයට එක එක කාලවල එක එක උත්තර සොයති. කාර්මික ධනවාදයෙන් එයට උත්තර නැති වූ කල, මූල්‍ය ධනවාදයෙන් උත්තර සොයති. ඩොලර් අච්චු ගසා ලෝකය පුරා බෙදා හරිති. ඊළගට බහුතරය මත පදනම් වූ පැරණි ලිබරල්වාදය අතහැර, සුළුතරය මත පදනම් වූ නව ලිබරල්වාදී දහමට හැරෙති. නව ලෝක රටාව, නව ලෝක ජීවන රටාව ඒ අනුව හැඩ ගස්වති. ඩිජිටල් අධිරාජ්‍යවාදය ලෙස ද එය ඇතැමුන් හඳුන්වති. එහෙත්, මේ සියල්ලෙහිම අවසානය කුමක් ද?

මේ ගැන තේරුම් ගැනීමෙහි ලා මූලික ප‍්‍රවේශයක් ලෙස, මා යොමු වන්නේ චීන ජාත්‍යන්තර බැංකුවේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයකු හා සහකාර සභාපති මෙන්ම පීකිං විශ්ව විද්‍යාලයේ ජාතික සංවර්ධන පාසලේ (NSD) අනුබද්ධ මහාචාර්යවරයකු වන ෂූ ගා ඕ ඉදිරිපත් කරන අදහසකට ය. ඔහු පවසන්නේ මෙසේ ය. 

”...ධනවාදී අධි නිෂ්පාදනය නිසා ඇතිවන ආර්ථික අර්බුද පිළිබඳ කාල් මාක්ස්ගේ විශ්ලේෂණයේ දී, ආදායම් බෙදා හැරීම ප‍්‍රධාන ගැටළුව වේ. කේන්ද්‍රීය කරුණ නම්, ධනපතියන් විසින් පාලනය කරනු ලබන ප‍්‍රාග්ධනය මත ප‍්‍රතිලාභ පාරිභෝගිකයින් (කම්කරුවන්) වෙත ගලා නොයන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස, මෙම ප‍්‍රතිලාභ පාරිභෝගික (කම්කරු) ආදායම හෝ යහපත් ජීවිතයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය බවට පරිවර්තනය කිරීමට අපොහොසත් වේ.

මෙය නිෂ්පාදන ධාරිතාව පුළුල් වීමට සාපෙක්ෂ අඩු වීමක් මගින් පරස්පර තාවයක් ඇතිකරන අතර එය අධිනිෂ්පාදනයේ ආර්ථික අර්බුදවලට මග පාදයි. මෙය විසඳීම සඳහා, මාක්ස් පොදු අයිතිය යෝජනා කළ අතර එමඟින් පාරිභෝගිකයින්ට ප‍්‍රාග්ධනයේ අයිතිය බෙදා ගැනීමට ඉඩ සැලසේ. මේ ආකාරයෙන්, ප‍්‍රාග්ධන ප‍්‍රතිලාභවලින් වැඩි කොටසක් පාරිභෝගිකයින් (කම්කරුවන්) වෙත ගලා යන අතර, ප‍්‍රමාණවත් ඵලදායී ජීවන තත්වයක් නොමැතිකම පිළිබඳ ගැටළුව සමනය කරයි.

චීනය යනු; සමාජවාදී රටකි, එහිදී පොදු අයිතිය යනු ප‍්‍රධාන පදනම වන අතර විවිධ ආකාරයේ හිමිකාරිත්වයන් ඒ සමඟ වර්ධනය වේ. 2018 දී පවත්වන ලද සිව්වන ජාතික ආර්ථික සංගණනයට අනුව, එම වසරේ චීන ව්‍යවසායන් හි මුළු වත්කම් යුවාන් ටි‍්‍රලියන 914 දක්වා ළඟා විය. මෙයින්, රජය සතු ව්‍යවසායන් (SOES) යුවාන් ටි‍්‍රලියන 475 හිමිකරගෙන ඇති අතර එය සම්පූර්ණ ආයතනික වත්කම්වලින් 52% පමණ වේ. (එනම් මුළු වත්කම්වලින් ඍජු පොදු දේපළ ප‍්‍රමාණය 52% වන බව ය.)

ඊට අමතරව, රාජ්‍යය හි අයිතිය රජයේ ආයතන සහ රාජ්‍ය අනුබද්ධ ආයතන සැලකිය යුතු වත්කම් සහ ස්වාභාවික සම්පත් හි අයිතිය දරයි. මේ අනුව, මහජන අයිතිය චීනයේ සමස්ත හිමිකාරීත්ව ව්‍යුහයේ ප‍්‍රමුඛස්ථානයක් ගනී.

මෙම හිමිකාරීත්ව ව්‍යුහය ප‍්‍රතිසංස්කරණයට පෙර සහ පසු සහ විවෘත කිරීම යන දෙඅංශයෙන්ම ප‍්‍රධාන ව්‍යාපාර සඳහා සම්පත් කළමනාකරණය කිරීමට චීනයට හැකියාව ලබා දී ඇත. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස, මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේදී චීනය දුප්පත් සහ ඌන සංවර්ධිත කෘෂිකාර්මික රටක සිට ලෝකයේ ප‍්‍රමුඛතම නිෂ්පාදන බලාගාරය බවට පරිවර්තනය වී ඇත. මෙම පරිවර්තනය අතරතුර, චීනය හිඟ ආර්ථිකයක සිට අතිරික්තයක් දක්වා ගමන් කර ඇති අතර, නිෂ්පාදන ධාරිතාව හිඟයක සිට අතිරික්තය දක්වා මාරු වී ඇත.”

දැන් මාක්ස් කී මේ ”අතිරික්තය” ඒක ධ‍්‍රෑවීය ලෝකයේ ලාභ උපදවන සමාගම් හෝ පවුල් සමාගම් යොදවන්නේ තම පාරිභෝගිකයාව තමන්ට අවශ්‍ය අයුරින් ”රොබෝටික්” කර ගැනීම පිණිස මිස, යහපත පිණිස නොවේ. එබැවින් ඔවුන් ඊට ගැලපෙන නව ලෝක රටාවක් බිහි කරති. මුළු මිනිස් සමාජය මත නව ලෝක ජීවන රටාවක් පටවනු ලබති. ජාතික රාජ්‍යය, සංස්කෘතික අනන්‍යතා යන කිසිවක් රහිත ඩිජිටල්  පරිශීලකයකු පමණක් සහිත ඩිජිටල් වහල් සමාජයක් තනනු ලබති. ඔවුන්ට අනුව, යුරෝපය උද්‍යානයකි. ලෝකයේ සෙසු ප‍්‍රදේශ ගණ වනාන්තරයකි. ඔවුන් පසුගිය කාලයේ රැස්කර ගත් දියුණුවේ රහස බහුවිද කොල්ලකෑම ය! එය සම්පත්වල සිට දැනුම දක්වා කොල්ලකෑම ය! අද ද ඔවුන්ගේ ශිෂ්ඨාචාරගත පුරුද්ද එයම ය! එදා අතිරික්තය උපදවා ගත්තේ සෘජු යටත් විජිතකරණ කොල්ලයෙන් ය!. අද අතිරික්තය උපදවනු ලබන්නේ නවලිබරල්වාදී ඩිජිටල් අධිරාජ්‍යවාදී කොල්ලයෙන් ය. ඒ උපදවනු ලබන අතිරික්තයම පෙරළා යොදවන්නේ, සභ්‍යත්වයන්, ජාතික රාජ්‍යයන්, මිනිස් අනන්‍යතාවන් හා සාමූහිකත්වයන් වනසා දමනු ලැබිය හැකි නව ලෝක රටාව ප‍්‍රවර්ධනය කිරීමට ය. ඒ සඳහා වන රාජ්‍ය නොවන සංවිධාන සෙසු දේශපාලන, සංස්කෘතික පිල්ලි වර්ධනය කෙරුමට ය. තාක්ෂණික දියුණුව ද ඊට ම අයත් වූවකි. 

පකිස්ථානයට මෙවර ට‍්‍රම්ප්ගේ ටැරීෆ් බද්ධ පැනවූයේ ඉහළ අගයකිනි.  පසුව අනාවරණය වූ පරිදි මෙය 19% මට්ටමට පහත බස්සවා ගැනීම සඳහා පකිස්ථානයට සෑහෙන්න වන්දි ගෙවීමට සිදුව තිබේ. ඒ ”වන්දි” අතර, බලශක්ති  ක්‍ෂේත‍්‍රය ද අයත් වේ. බලශක්තිය යනු තෙල් සහ විදුලිය පමණක් නොවේ. නූතන බලශක්තිය වනුයේ විදුලිය නිපදවිය හැකි සහ ඒවා ගබඩා කළ හැකි දුර්ලභ කනිජ  සම්පත් ද අයත් වූවකි. ඒ, ලිතියම්, කොබෝල්ට්, සීරියම්, ප‍්‍රසිඩෝඩමියම්, නියෝඩයිමියම් හා ප‍්‍රමෝනියම් වැනි කණිජ සම්පත් ය.  පකිස්ථානයේ උතුරු පළාතේ වන මේ බලශක්ති නිධි ඇමරිකානු සමාගම් සතු කර දීම ද ”ටැරීෆ්” 19%ක අගය ට පහත වැටීමට හේතු වී තිබේ. මීට අමතරව, මෙතෙක් මැද පෙරදිග තෙල් සැපයුම්කරුවන්ගෙන් තෙල් මිලදී ගත්ත පකිස්ථානය ඇමෙරිකාවෙන්් ද  තෙල් මිලදී ගැනීමට එකඟ වී තිබේ. මේ වන විට ද එය ඇරඹී තිබේ. ඇමරිකාවේ VITO සමාගමෙන් බොර තෙල් බැරල් මිලියනයක් පාකිස්ථානය පසුගිය අගෝස්තු 01 වැනිදා වන විට ඇණවුම් කර තිබේ. 

මේ සියල්ලට වඩා උත්ප‍්‍රාසජනක කරුණ වන්නේ ටැරීෆ් බද්ධ 19% අගයට පහත හෙලා ගැනීම පිණිස, පකිස්ථානයේ ඩිජිටල් වත්කම්වල අයිතිය ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ  පවුල විසින් පාලනය කරන ”වර්ල්ඞ් ලිබර්ට් ෆයිනෑන්ෂල්” (WLP) සමාගම යටතට මුළුමනින්ම පවරාගෙන තිබීම ය. මෙම සමාගමේ ප‍්‍රධාන ක‍්‍රිප්ටෝ උපදේශකයා වන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය. අනිත් තුන්දෙනා වන්නේ ට‍්‍රම්ප්ගේ පුත්තු තිදෙනා ය. ඒ අනුව, පකිස්ථානයේ ක‍්‍රිප්ටෝ මුදල් ගනුදෙනු බ්ලොග් චේන් නවෝත්පාදනය සහ විමධ්‍යගත මුදල් ඒකාබද්ධ කිරීම යන සියලූ ඩිජිටල් භාවිතයන් පාලනය කිරීම ට‍්‍රම්ප්ගේ පවුලේ සමාගමට පැවරී තිබේ.

අද, අර්බුදයට පත්ව ඇති නව ලිබරල්වාදය හා ඊට අයත් නව ලෝක රටාව, මෙහෙයවනු ලබන්නේ, මෙවැනි පවුල් හා සමාගම් තන්ත‍්‍රයකිනි. ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේම වූ වසර 200 කට වැඩි ඉතිහාසයක් නොවේ. මේ සියල්ලේම පොදු ඓතිහාසික උරුමය වන්නේ කොල්ලකෑම සහ එමඟින් උපදවන අතිරික්ත ලාභයෙන් නැවත නැවතත් සිය ආධිපත්‍ය ලොව මත පැටවීම ය. ඒ සඳහා ඒක කේන්ද්‍රීය බලය සහ ඊට ගැලපෙන නව ලෝක රටාව පවත්වා ගැනීම ය. අද මියැදෙමින් වුව ”ජීවමානව” පවතින්නේ එය යි. එයට ජාතික අනන්‍යතා, ජාතික රාජ්‍යය, ජාතික ඉතිහාසයන්, ජාතික වටිනාකම් කිසිවක් අදාළ නොවේ. මානව අනන්‍යතා ද අදාල නොවේ. 

එහෙත්, මෙය දිගු කාලීනව පැරදවිය හැකි වන්නේ කෙසේ ද? ප‍්‍රධාන සුදුසුකම් දෙකක් මත පදනම් වූ බල කේන්ද්‍රයක් මතට ලොව නව ලෝක රටාව තීරණය කිරීමේ බලය මාරු වීම මගින් පමණක් එය සිදු වේ. එම සුදුසුකම් දෙකෙන් එකක් වන්නේ, ආදායම් බෙදා හැරීම පිළිබඳ ප‍්‍රධාන ගැටලූවේදී ප‍්‍රාග්ධනය මතින් උපදවන අතිරික්තය (ලාභ) පාරිභෝගික (කම්කරු) ආදායම හෝ යහපත් ජීවන තත්ත්වයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා පරිවර්තනය කිරීමට හැකි වූ බලවේගයක් මත ලොව කේන්ද්‍රීය බලය තීරණය කර ගැනීම ය. චීනය මෙයට ජීවමාන උදාහරණයකි. ඔවුන් තම ‘ලාභය’ (අතිරික්තය) එක අතකින් පාරිභෝගික (කම්කරු) ආදායම යහපත් අතට වර්ධනය කිරීමටත්, අනෙක් අතින් ගුවන්යානයක වේගයෙන් යන දුුම්රිය සේවා කම්කරුවා (පාරිභෝගිකයා) වෙත ලබාදීමටත් යොදවනු ලබයි. නමුත්, බටහිර - යුරෝපා පවුල් හා සුළු සමාගම් තන්ත‍්‍රයක් එක් රැස් කරගන්නා මෙම මහා අතිරික්තය (ලාභය) එසේ නොයෙද වේ. 

දෙවැනි වැදගත් කරුණ නම්, වෙනත් රටවල් ආක‍්‍රමණය කර අතිරික්ත ලාභය කොල්ල නොකන ලද (නූපදවන ලද) වසර දහස් ගණනාවක් පැරණි මහා සභ්‍යත්ව උරුමයකට හිමිකම් කියන රාජ්‍යයක් මෙම නව ලෝක රටාව තීරණය කරනු ලැබීම යි. එය, මාක්ස්, එංගල්ස් පමණක් නොව, කොන්ෆියුසස්, තා ඕ තුමන් වැනි දාර්ශනිකයන්ගේ දැනුමෙන් ද පෝෂණය වූවකි. තම ඓතිහාසික අනන්‍යතාවට, ”අතීත කාමය”යැයි කියා ගරහන්නවුන් එහි නැත. ”සාමූහිකත්වය” වටිනාකම ලෙස ප‍්‍රවර්ධනය කරති. ජාතික රාජ්‍යය, ජාතික අනන්‍යතා,බහුවිධ සංස්කෘතීන්ට ගරු කරති. ඩිජිටල් කාර්මිකරණය ප‍්‍රවර්ධනය කරන ගමන්ම අල්පේච්ඡු ජීවන රටාවේ ඇති වැදගත්කම ගැන ද අවධාරණය කරති, අධි පරිභෝජනවාදයට අනවශ්‍ය ලෙස දිරිගැන්වීමෙන් වැළකෙති. 

නූතන ලෝකය විලිරුදාවෙන් පෙළෙන්නේ මෙම නව, නව ලෝක රටාවට හා සැබවින්ම නව බල කේන්ද්‍රයට මාරුවීම පිණිස ය. ඉදිරි දශකය හෝ එකහමාර ඒ සඳහා වෙන්වනු ඇත. ඒ කාලය තුළ මහාචාර්ය ටියුඩර් පවසන ”නන්නත්තාර වෙලා” ඉන්නේ වැනි හැඟීම් බිහිවිය හැකිය. එහෙත්, ඒ දිගුකාලීනව නොවේ. දාර්ශනික හෝ භූ දේශපාලන වෛශ්‍යාවන් මෙහිදී අමාරුවේ වැටීම වැලකිය හැකි නොවේ. 

අප කළ යුත්තේ, මේ ලෝකයට මානව සංහතියට සපුරා හිත කර නව බල කේන්ද්‍රයත්, ඒ මත බිහිවන මානව හා දියුණු විද්‍යාත්මක ගුණාංග වෙතින් සපිරි ජාතික අනන්‍යතා හා වටිනාකම් ප‍්‍රවර්ධනය කරනු ලබන නව ලෝක රටාවත්, ලිබරල්වාදයේ නව ලෝක රටාවේ සොහොන් බිම මතම පැළ කිරීම ය. එහි විලාපය අපගේ උදාන ගීතය බවට පත්කර ගැනීම ය. එය ලෝක පරිමාණ භාවිතාවක, ජාතික කාර්යභාරය වේ. එලෙස මෙය තේරුම් ගතහොත්, මහාචාර්ය ටියුඩර් පවසන ”නන්නත්තාර වීම” අපට අදාල නොවේ. 

අප එවිට සිදු කරන්නේ, දැනුම්වත්ව, මේ සංක‍්‍රාන්ති කාලය නිවැරදිව සුපොහොසත්ව බහුවිධ ආකාරයෙන් පසු කිරීම ය. එහි, අපට අයත් භූමිකාවට පණ පෙවීමට ය.

දෙකම අතිරික්තයේ හා අතිරික්ත ලාභයේ ප‍්‍රශ්නය ලෙස පෙනෙන බව සැබෑ ය. එහෙත් පිළිතුර, අතිරික්තය හෝ ඒ අතිරික්ත ලාභය සභ්‍යත්ව ගුණාංග සපිරි නව බල කේන්ද්‍රයක් මත හා ඒ මත ඉදිවන නව ලෝක රටාවක් බිහි කෙරුම මත ඉදිරියට ගෙන යාම ය. චීනය සතු ව්‍යවසායන්හි මුළු වත්කමෙන් 52% සෘජුවම රජය සතු ය. ඉතිරි වත්කම් ද ස්වාභාවික සම්පත් ද,  රාජ්‍යය, රාජ්‍යයේ ආයතන සහ රාජ්‍ය අනුබද්ධ ආයතන ලෙස විවිධ ස්වරූපයෙන් පවතී. මේ කවර ස්වරූපයෙන් තිබුණ ද එමගින් උපදවන අතිරික්තය (ලාභය) බෙදී යන්නේ, එහි ප‍්‍රතිලාභ පරිභෝගික (කම්කරුවන්) ආදායම  හෝ යහපත් ජීවිතයක් සඳහා ඔවුන්ගේ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහාම ය. 

ඒ පදනම මත බිහිවන අතිරික්තය (ලාභය) පවුල හෝ සමාගම් කිහිපයක් තර කිරීමේ ආත්මාර්ථකාමී මගෙන් ලෝකය විතැන් කරයි. මේ ගැන මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙන්ම, සෙසු විද්වතුන් හෝ විද්වතුන් නොවන්නන් දරන මතය සංවාදයට භාජනය වීම ”නන්නත්තාරකරවුන්” ඉන් ගලවා ගැනීම පිණිස බෙහෙවින් උපකාරී වේ. මා මෙහිලා ප‍්‍රවේශය තබනුයේ එම වැදගත් සංවාදයට ය. සැබැවින්ම, එය ඵලදරත්වා!

- විමල් වීරවංශ

ඉරිදා ලංකාදීප - 2025 08 24

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.