News Category
From Date
To Date
Maximum Number of Result

ඇලෙස්කාවේ සිට යුක්‍රේනයේ ඉරණම ලිවීම..

Aug 19, 2025 at 10:14 PM
|

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. තාවකාලික වාචික ගිවිසුම්වලට ඔවුන් එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.

දේශපාලන සාම ගිවිසුමක් ලෙස යුක්රේනයේ අයිතිවාසිකම්වලට සහ යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරේ රුසියානු භාෂාව කතාකරන ජනගහනයේ අයිතිවාසිකම්වලට ගරු කළයුතු බවට අන්‍යෝන්‍ය පිළිගැනීමක් එයින් ඇතිවිය හැකිබව පෙනේ. මෙම පළාත් සඳහා ස්වෛරීභාවය ලබාගැනීමක අවශ්‍යතාවය රුසියාවට ඇත.  එකඟතාවන්ට අනුව සමහර විට තාවකාලික, නමුත්, ඕනෑම යෝජනාවක් සඳහා ප්‍රධාන කොන්දේසියක් ලෙස, ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථිර සහතික සහිතව යුක්රේනය, නේටෝවෙන් පිටත සිටිය යුතුය. එය ඉතා හොඳ ආරම්භයක් ලෙස පෙනෙනු ඇත.

ට්‍රම්ප් සෙලෙන්ස්කි වෙත යෂ්ඨිය මාරුකර ඇත. ට්‍රම්ප්ට කුමක් කළ හැකිද? ඇත්ත වශයෙන්ම, සෙලෙන්ස්කි කියන ලද්දේ රුසියාවට ද්විතීයික සම්බාධක පැනවීම ගැනයි. එය සම්පූර්ණයෙන්ම බෙලහීන බව ප්‍රායෝගික ඇත්තකි. මුළු සම්බාධක යාන්ත්‍රනය සහ ද්විතීයික තීරුබදු සාකච්ඡාව, යුධපිටියේ තත්වයන් වෙනස් කිරීමට කිසිවක්කර නැත. ඒ අනුව සම්බාධක සහ සටන් විරාමය සාකච්ඡා මේසයෙන් බැහැරව පවතී. ට්‍රම්ප් මූලික වශයෙන් පුටින් සමඟ එකඟවී ඇත. ඔහු “ඔබ කෙලින්ම සාම ගිවිසුමකට යා යුතුයි” පැවසීය,. ඉක්බිතිව සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියේ යුරෝපා නායකත්වයද පිරිවරාගෙනය. 

ධවල මන්දිරයේදී සෙලෙන්ස්කි සහ යුරෝපීය නායක සාකච්ඡාවලින් පසුව ට්‍රම්ප් මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, “මෙය අතිවිශාල කාර්යයක් බවයි”. පසුව, ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ, “රැස්වීම් අවසානයේ, මම ජනාධිපති පුටින්ට කතාකළ අතර, “සෙලෙන්ස්කි සමඟ සාකච්ඡාවක් සඳහා ‘තීරණය කළයුතු ස්ථානයක්’ ගැන කතාකළ බවයි. එය සිදුවෙමින් පවතී. රැස්වීම සඳහා කටයුතු ආරම්භ කළෙමි. අඟලෙන් අඟල සාමයට එක් පියවරක්,” යැයිද ඔහු පැවසීය. 

“එම රැස්වීම සිදුවූ පසු, ජනාධිපතිවරුන් දෙදෙනා සහ මා ඇතුළත් වන ත්‍රෙයිපාර්ශවික රැස්වීමක් ලැබෙනු ඇත. නැවතත්, මෙය වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින යුද්ධයක් සඳහා ඉතා හොඳ මුල් පියවරක් විය.” යැයි සඳහන් කලේය. ඒ සඳහා “උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාව සහ යුක්රේනය සමඟ සම්බන්ධීකරණය කරමින් සිටිති.” යැයි ද කීය.

සෙලෙන්ස්කි ධවල මන්දිරයට ගිය පසු සිදු වූ ට්‍රම්ප්-පුටින් දුරකථන ඇමතුම පිලිබඳව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, “රුසියානු ජනාධිපතිවරයා ජනාධිපති  ට්‍රම්ප්ට පැවසුවේ ‘ඇත්තෙන්ම, මම සෙලෙන්ස්කි හමුවෙන්නම්’ කී බව” සඳහන් කලේය.

ජනවාරි 20 වන දින ට්‍රම්ප් බලයට පත්වූ දා සිට මේ දක්වා රුසියානුවන් සමඟ කටයුතු කිරීමේදී ඔහු හැසිරී ඇත්තේ ඉතා නොදැනුවත්ව බව පැහැදිලිය. පසුගිය දශක කිහිපය පුරාම ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුම්වල සියලුම මිලිටරි වැරදි, ව්‍යසන සහ ප්‍රොක්සි යුද්ධ විසඳාගත් ආකාරයටම, ඔහුට මෙම යුද්ධය විසන්ධි කිරීම හරහා විසඳාගත හැකිව තිබිණ. 

නමුත් එහි අවිනිශ්චිත බවක් පැවතින. ඒ ඕනෑම විසඳුමකට විරුද්ධ වන බලවත් බලවේග බටහිර රටවල තවමත් පවතින හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදය තුළම නව කොන්සර්වේටිව්වාදීන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙහිම මුල් බැසගෙන සිටින බැවිනි.  

ඔවුන්ගේ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදයට(supremacist ideology) අනුව දිගු කාලීනව ගත්කල චීනය පරාජය කිරීම, ගෝලීය වශයෙන් ඩොලරයේ ආධිපත්‍යය සහ වෙනත් තමන්ට අවශ්‍ය තැන්වල ආධිපත්‍යය සඳහා යුද්ධය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සලකයි. ජෝ බයිඩන් පරිපාලනය තුළ මෙම කොටස් බොහෝ දුරට පාලනය තුල සිටියහ. විශේෂයෙන් බටහිර රටවල් රුසියාව හුදකලා වී ඇතිබව මවාපෑමෙන් පසුව. ලෝකය රුසියාවට විරුද්ධබව තවමත් මවාපාමින් සිටියත්, මූලික වශයෙන් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයන්ට දැන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ වාඩි වී මෙය විසඳා ගතහැකි යැයි විශ්වාස කළහැකි තැනට පැමිණ ඇත. 

 ඇලස්කාවේ පැවති සමුළුව පිළිබඳ සත්‍යය හෙළිකර ගතයුතුය. යුක්රේනය සම්බන්ධයෙන් සාම ගිවිසුමක් ඇති නොවූයේ ඇයි සහ එය වළක්වා ඇත්තේ කුමක්ද? මෙහි සාමය සුරක්ෂිත කිරීමට ට්‍රම්ප් කළ යුත්තේ කුමක්ද? යනු සමුළුවේ ප්‍රධාන කරුණු විය. සමුළුවේදී පුටින් පැහැදිලිවම තමාව හසුරුවා ගැනීමේ විශිෂ්ට කාර්යයක් කළායැයි සිතිය හැක. රාජ්‍ය තාන්ත්‍රිකව, බුද්ධිමත්ව, ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරමින්, බටහිර රටවල තම හුදකලාව අවසන්කර, ඔහුට සැබෑ නීත්‍යානුකූලභාවයක් ලබාදීම තුලින් බොහෝ දේ සිදුවීමට පෙර නිමිත්තක් විය හැකිය. 

ඒ ආකාරයට ඵලදායී අරමුණු සඳහා සටන් විරාමය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලෙස, සාම ගිවිසුමක් සහ සටන් විරාමයක් අතර වෙනසක් ඇතිබව තේරුම්ගැනීම වැදගත්විය. රුසියානුවන්ට අවශ්‍යවන්නේ සටන් විරාමයක් නොවේ. ඔවුන් යුධ පිටියේ ජයග්‍රහණය කරමින් සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ සාම ගිවිසුමකි. බටහිරට සහ යුක්‍රේනියානුවන්ට අවශ්‍ය වන්නේ සටන් විරාමයකි. ට්‍රම්ප්, පුටින්ට ඒත්තුගැන්වීමට උත්සාහ කළේද, අවශ්‍ය වන්නේ සටන්විරාමයක් බවයි. එහි ප්‍රතිඵලය වූයේ, පුටින් සටන්විරාමයකට අකමැත්ත හා සාම ගිවිසුමක් ඉල්ලා සිටීමෙන් හා ට්‍රම්ප් සටන්විරාමයක් ඉල්ලා සිටීමෙන් ඉවත්වීමයි. 

පසුගිය වසර 12 ක යුක්රේනයේ සම්පූර්ණ ප්‍රතිඵලය අද සොයා බැලීමේදී, සෙලෙන්ස්කි ඔහුගේ දේශපාලන ජීවිතයේ පමණක් නොව, යුක්රේනයේ සමස්ත නූතන ඉතිහාසයේම වැදගත්ම රැස්වීමකට සහභාගීවිය. ඩොනල්ඩ් ට්‍රම්ප්, පූර්ණ හා පුළුල් සාම ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍යබව ඉල්ලාසිටී. යුක්රේනය මෙම රැස්වීමට සහභාගිවන්නේ ආර්ථික, මිලිටරි සහ සමාජීය වශයෙන් පැහැර හැරීමේ අද්දර සිටය. 

ඔවුන් එවැනි රාජ්‍යයක තත්ත්වයට ගමන් කලේ කෙසේද?

2014 පෙබරවාරි 21 දින ජර්මනියේ, ප්‍රංශයේ සහ පෝලන්තයේ විදේශ අමාත්‍යවරුන්ගේ මැදිහත්වීම යටතේ අත්සන් කරනලද විපක්ෂය සමඟ ජනාධිපති යනුකොවිච්ගේ ගිවිසුම බිඳවැටීම, යුක්රේන බලධාරීන් කිසිවක් නොකර බලා සිටියදී රුසියාව ක්‍රිමියාව අල්ලාගැනීම සඳහා පෙලඔවීමක් බවට පත්විය.

ප්‍රතිඵලය වූයේ ක්‍රිමියාව අහිමිවීමයි.


2014 මැයි 25 දින සාමයේ සටන් පාඨ යටතේ පොරොෂෙන්කෝ ජනාධිපතිවරයා මැතිවරණය ජයග්‍රහණය කරනු ලබයි. වහාම, ඔහු දොන්බාස් හි ප්‍රහාරයක් සඳහා අණ කරයි. එහිදී, යුක්රේන සන්නද්ධ හමුදාවන්ගේ ආරම්භක සාර්ථකත්වයන්ගෙන් පසුව, රුසියාව මැදිහත් වන අතර, සැප්තැම්බර් 5 වන දින, පොරොෂෙන්කෝ මින්ස්ක්-1 ගිවිසුම රුසියාව සමග අත්සන් කරයි. ප්‍රතිඵලය වූයේ, උපායමාර්ගික මුලපිරීම නැතිවීම, දොන්බාස් හි කොටසක් අහිමි වීම තහවුරු කිරීම සහ ජනාධිපති බලය දුර්වල කිරීම.

2015 පෙබරවාරි 12 දින මින්ස්ක්-1 ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා ඇති වූ ඩෙබල්ට්සෙව් හි යුක්රේන සන්නද්ධ හමුදා පරාජයට පත්වීමෙන් පසු මින්ස්ක්-2 අත්සන් කිරීම.

2019 අප්‍රේල් 21 දින  ජනාධිපතිවරණවලදී සෙලෙන්ස්කි, පොරොෂෙන්කෝ පරාජය කරමින්, මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සහ “යක්ෂයා සමඟ වුවත් සාමය සඳහා සාකච්ඡා කිරීමට” පොරොන්දු විය. නමුත්, ඔහු තම පූර්වගාමියාගේ ගමන්මගම එසේම පවත්වා ගෙනගියේය. මින්ස්ක් ගිවිසුම් ඉටු නොවුණු අතර සෙලෙන්ස්කිගේ බටහිර රටවල උපදේශක ක්‍රියාමාර්ග සමඟ ගැටුම උත්සන්න විය. ප්‍රතිඵලය වූයේ සාකච්ඡා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය නැතිවීම, ගැටුම් උත්සන්න වීම හා තීව්‍ර කිරීමයි.

2022 පෙබරවාරි 24 දින රුසියාව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කරයි, ඉන්පසු සාකච්ඡා වහාම ආරම්භ විය. පළමුව බෙලරුසිවෙහිදීද, පසුව මාර්තු 29 වනදින, තුර්කියේ ඉස්තාන්බුල් හි, කෙටුම්පත් ගිවිසුමක් ඉදිරිපත් කරනු ලැබීය. (එහිදී, මධ්‍යස්ථභාවය, ජාත්‍යන්තර ආරක්ෂාව පිලිබඳ සහතික, ක්‍රිමියාවේ ගැටලුව වසර 15 කට කල්දැමීම ඇතුලුවිය.) අප්‍රේල් 19 වන දින, සෙලෙන්ස්කි මෙම කෙටුම්පතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි. ප්‍රතිඵලය වූයේ කෙර්සන්, සැපරෝෂියා, ලුගාන්ස්ක්, දනියෙස්ක් සහ හාර්කව් කලාපවල කොටස් අහිමි වීමය.

2025 - යුක්රේනය ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාකච්ඡා වෙත ළඟාවිය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව, මෙම සාකච්ඡා වලදී යුක්රේනයට කිසිදු පාලනයක් නොමැත. හමුදාව වෙහෙසට පත්ව ඇත, ආර්ථිකය විනාශ වී ඇති අතර, භූමියෙන් සැලකිය යුතු කොටසක් (¼ ක් පමණ) දැනටමත් අහිමි වී ඇත. 

ට්‍රම්ප්ගේ සාම මුලපිරීමට සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කිරීම කළහොත්, යුක්රේනයට නිදහස ලබාගැනීමේ තවත් උත්සාහයක් විනාශවනු ඇත. තම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේදැයි නොදන්නා සහ තේරුම් නොගන්නා නායකයින් විසින් මෙය ගොඩනගන ලද ප්‍රශ්නයකි. සමස්ත යුක්රේන ජනතාවගේ ප්‍රාර්ථනය සෙලෙන්ස්කිට යුද්ධය දිගටම කරගෙන යාමට ඉඩ නොදෙන ලෙසයි. 

මින්ස්ක්වල හා ඉස්තාන්බුල්හි සාම ගිවිසුම් සඳහා කොන්දේසි සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරන විට, හිටපු බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් සහ ජනාධිපති ජෝ බයිඩන් යටතේ ඇමරිකානු රජය එම සංවාද නවතා දැමීය. ඔවුන් පැවසුවේ, "හේයි, අප ඔබේ පිටුපස සිටින්නෙමු, ඔබ සටන් කරන්න." ඔවුන් රුසියාව වැට්ටවීමට යුක්රේනය චෙස් පුවරුවක් ලෙස භාවිතා කළහ. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ යුක්රේනයේ ජනාධිපති යනුකොවිච් රජය පෙරල දැමූ 2014 සිටම රුසියාව සටන් විරාම පිළිගන්නේ නැත. ඔවුන් ජයග්‍රාහී රියදුරු අසුනේ සිටීමින් ඔවුන් එය පිළිගන්නේ ඇයි? දොන්බොස් වලින් 90% ක් පමණ අල්ලාගෙන අවසන්ය. එනිසාම ඇලස්කා සමුළුවට පසු පූටින් මාධ්‍යට පැවසුවේ, මෙම ගැටලුවට හොඳම විසඳුම සාම ගිවිසුමකට කෙලින්ම යාම බවයි. වෙනත් වචන වලින් කිවහොත්, යුක්රේනියානුවන් සහ යුරෝපීයයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය සටන් විරාමය ඉදිරියට දැමීමයි. නමුත් සෙලෙන්ස්කි පවසන්නේ පුටින් සමඟ ට්‍රම්ප් කතා කිරීමෙන් පසුත්, එය ආරම්භයක් නොවන බවයි. පෝලන්ත හා යුරෝපය  ආක්‍රමණය කිරීමට පූටින් සූදානම් බව ඔහු කියයි. 

සටන් විරාමයක් නැති වුවහොත්, වාසි ලෙස යුක්රේනය යුධ පිටියේදී පරාජයට පත්වන අතර බටහිරට මේ වෙලාවේ ඊට උදව්කළ නොහැකිවනු  ඇත. සටන් විරාමයක් නිර්මාණය කළහැකි නම්, යුධපිටියේ සටන් නතර කිරීමෙන් යුක්රේනියානුවන්ට බටහිරින් තවත් ආයුධ ලබාගැනීමට සහ ඔවුන්ගේ හමුදා ශක්තිමත්ව ගොඩනඟා ගැනීමට සහ පසුව රුසියානුවන් ඉදිරියට යාමට එරෙහිව වඩා හොඳ සටනක් කිරීමට ඉඩ සලසයි. රුසියානුවන් ඔවුන්ට එතරම් පිස්සුවක් නැති බව තේරුම්ගෙන ඇත. රුසියානුවන් එය පිළිගැනීමට අකමැති වුවත්, තාමත් යුක්රේනියානුවන්ට දොන්බෝස්හී 10% ක් බේරාගැනීමට අවස්ථාවක් ඇතිබව පැහැදිලිය. සාමයකට එකඟවීමට සාපේක්ෂව සටන් විරාමයකට එකඟවීමේ රුසියානු දෘෂ්ටිකෝණයෙන් අවාසිය එයයි.  මෙය සදහටම අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය දෙය බව පෙනේ. ඔවුන්ට මෙය විසඳා ගැනීමට අවශ්‍යයි, නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කොන්දේසි මත එය විසඳා ගැනීමටයි . මෙය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

මේ සියලු දේ සිදුවෙමින් තිබියදීත්, පුටින්ට අවශ්‍ය වන්නේ, සෝවියට් සංගමය නැවත පිහිටුවීමට උත්සාහ කරන හිට්ලරියානු චරිතයක් බව, නේටෝ යුද ප්‍රචාරක යන්ත්‍රයේ නිෂ්පාදිත කතාව නැවත කරලියට ගෙනඒ. ප්‍රශ්නයේ උප්පත්තිය වන යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීම රුසියානුවන් තම පැවැත්මට තර්ජනයක් ලෙස සැලකීම අහකදමා නොමැත. ප්‍රධාන ඉල්ලීම් තුනක් තිබේ. එකක් නම්, රුසියාව දැන් අර්ධ වශයෙන් අල්ලාගෙන සිටින එම යුක්රේනයේ දොන්බාස්හී ප්‍රදේශ හතර සහ ක්‍රිමියාව ඈඳාගෙන ඇති බව යුක්රේනය සහ බටහිර රටවල් පිළිගැනීමයි.  එය අංක එකේ ඉල්ලීමයි. දෙවන ඉල්ලීම නම් යුක්රේනය මධ්‍යස්ථ (Neutral) රාජ්‍යයක් වීමයි. එයින් අදහස් කරන්නේ එය නේටෝවට ඇතුළත් එකක් විය නොහැකි අතර බටහිර ආරක්ෂක සහතික තිබිය නොහැකි බවයි. විශේෂයෙන් ඇමරිකානු ආරක්ෂක සහතිකයක් තිබිය නොහැක. තුන්වන ඉල්ලීම නම් යුක්රේනය සම්පූර්ණයෙන්ම නිරායුධ කළයුතු නැති නමුත්, එයට ප්‍රහාරාත්මක මිසයිල මිලිටරි හැකියාවක් නොමැති තැනට නිරායුධ වියයුතු බවයි. එනම් රුසියාවට තර්ජනය කළ නොහැකි බවයි. මේවා යුක්රේන දෘෂ්ටිකෝණයෙන් සහ බටහිර දෘෂ්ටිකෝණයෙන් දැඩි ඉල්ලීම් තුනකි. අද පවතින තත්ත්වය අනුව මේවා යුක්රේනියානුවන්ට පිළිගත නොහැකි ඉල්ලීම් බව සත්‍යයකි. යුද්ධයෙන් මිලියන දෙකකට ආසන්න ජීවිත ප්‍රමාණයක් යුක්රේනියානුවන් අහිමි කරගෙන ඇත. 1990න් පසුව නැටෝ සංවිධානය නැගෙනහිර යුරොපාකරය දක්වා පුළුල් නොකරන බවට ඇමරිකානු නායකයන් වූ පොරෙන්දුව කඩකර, අසල්වැසි යුක්රේනය තුලට පැමිණීමට කල ඇමරිකානු කුමන්ත්‍රණයට යුක්රේනයට වන්දි ගෙවීමට සිදුව ඇත. යුද්ධයෙන් රුසියානු පරාජය වැළැක්විය නොහැකි බව පෙන්වා යුකරේනය බරපතළ අමාරුවක දමන ලද්දේ ඇමරිකාව සහ ඔවුන්ගේ යුරෝපීය සගයින්ය. එනිසා රුසියානු දෘෂ්ටිකෝණයෙන් යුක්රේනය මධ්‍යස්ථ විය යුතුය. නමුත් මේවා නිරන්තර රුසියානු කැමැත්ත වූ අතර මින්ස්ක් ගිවිසුම් යටතේ  දොන්බොස් යුධ මුක්ත කලාපයක් ලෙස තිබූණේ නම්, එසේ නොවිය යුතුව තිබුණි. දැන් මේ සියලු සටන් වලින් පසුව, හොඳම අදහස යුක්රේනයටම ආරක්ෂක වළල්ලක් අවශ්‍යවීම බව පෙනේ. එය නේටෝවක් විය නොහැක. 

එක්සත් ජනපදය කැනඩාවේදී එය පිළිගන්නේ නැත. 

රුසියාව කැනේඩියානු රජය පෙරලා දමා ඇමරිකාවට, වඩා සතුරු රජයක් ඇමරිකානු දේශසීමාවේ ස්ථාපිත කර, පසුව ඒ කාරණය සඳහා කැනඩාවට හෝ මෙක්සිකෝවට ඩොලර් බිලියන ගණනක් වටිනා ප්‍රහාරාත්මක අවි පොම්පකර ඇත්නම්, එය පිළිගත නොහැකි වනු ඇත. යුක්රේනයට ඇමරිකාව හා යුරෝපය සිදුකර ඇත්තේද එවැන්නකි. 

 “ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට තව කොපමණ මුදලක් දීමට කැමතිද?”යි මාධ්‍යවේදියකු ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කලේය. ට්‍රම්ප් කියා සිටියේ, “අපි කිසිවක් දෙන්නේ නැහැ. අපි ආයුධ විකුණනවා. බයිඩන් ඔවුන්ට ඩොලර් බිලියන 300ක් දුන්නා."යි කියායි. ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර සබඳතා වැඩිදියුණු වීමට පටන් ගෙන ඇති බව මේ අතර ජනාධිපති පුටින් පවසයි. 

- ජයන්ත වැලිවිට

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.