News Category
From Date
To Date
Maximum Number of Result

නායකත්වය නැසීම!

Aug 18, 2025 at 07:41 AM
|

අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.

ඉරානයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක හමාස් සංවිධානය දකුණු දිග ඊශ්‍රායලයට 2023 ඔක්තෝම්බර් 7 එල්ල කළ ප්‍රහාරයට යුදෙව් රාජ්‍යයේ ප්‍රතිචාරයේ මූලික අංගයක් වූයේ තෝරාගත් දේශපාලන සහ හමුදා නායකත්වය ඉලක්ක කිරීමයි. ඊශ්‍රායලය තම අරමුණ සාක්ෂාත් කරගත් බව අමුතුවෙන් කිවයුතු නැත.

තමන් හට එරෙහි දේශපාලන – හමුදා නායකත්වය සමස්ත යුදමය ක්‍රියාමාර්ගය තුළ නිෂ්ක්‍රීය කිරීම කොටි ත්‍රස්තවාදීන්ගේ ද උපාය මාර්ගය විය. ශ්‍රී ලංකා රජයට එරෙහි යුදමය ක්‍රියාදාමය තුළ දේශපාලන සහ හමුදා නායකත්වය ඉලක්ක කිරීම දීර්ඝ කාලයක් සිදුවිය. හතරවන ඊළාම් යුද්ධයේදී ජාතික නායකත්වය නැසීමට කොටි සංවිධානය කළ සැලසුම් තිව්‍ර කළේය. එම සැලසුමේ පළමුවන ඉලක්කය වූයේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර්ය.

දැඩි යුද හමුදා කොමාන්ඩෝ ආරක්ෂාවක් යටතේ සිටි කදීර්ගාමර් අමාත්‍යවරයා බිම හෙළුවේ කෙලෙසද? එම ඉලක්කය සාර්ථක වීමෙන් පසුව ත්‍රස්තවාදීන් ඉව ඇල්ලූ පුද්ගලයන් කවුරුද?

මීට දශක දෙකකට පෙර සිදුකළ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් ඝාතනය දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපෘතියේ ප්‍රධාන පහරදීමකි. අගෝස්තු 12, 2025 රාත්‍රියේ දුර සැඟවී වෙඩි තබන්නෙකු එල්ල කළ ප්‍රහාරයකින් එතුමා මරණයට පත්විය. බිහිසුණු ඊළාම් ව්‍යාපෘතිය අනුව එය තේජාන්විත වික්‍රමයකි. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද එම ඝාතනය දුෂ්ට බෙදුම්වාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍යම පියවරකි.

දුර සැඟවී වෙඩි තබන්නෙකු (sniper /ස්නයිපර්) එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ එකම ප්‍රධාන පෙළේ නායකයා ඉහළ පෙළේ නීතිඥ කදීර්ගාමර්ය. එතුමා 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය කරන තුරු විදේශ අමාත්‍ය ධුරය දැරිය.

කදීර්ගාමර් අමාත්‍යවරයා ජීවත් වූයේ කො තටාකයක් සහිත නිවසකය. නමුත් එම නිවාසය අවට ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදාව (විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව භාරව සිටි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ඒකකය) අසමත් විය. හමුදාවේ නොසැලකිල්ල ත්‍රස්තවාදයට තීරණාත්මක පිම්මක් පැනීමට අවශ්‍ය වාතාවරණය සැලසුවේය.

හැත්තෑ තුන් හැවිරිදි අමාත්‍යවරයාගේ ඝාතකයා ස්ථානගත වූයේ ඔහුගේ අසල්වැසියකු වූ විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ ලක්ෂ්මන් තලයසිංගම් ගේ අංක 42 දරන නිවසේ ඉහළ මාලයේය. අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් එම නිවාසය හෝ ඒ ළඟ තිබූ නිවාස කිසි දිනක පරීක්ෂා කර තිබුණේ නැත. ඝාතනයෙන් පසුව ලක්ෂ්මන් තලයසිංගම් අත්අඩංගුවට ගත්තේ නැත. විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ස්ථාවරය වූයේ තම නිවසේ ත්‍රස්තවාදී වෙඩික්කරුවකු ක්‍රියාත්මක බව තමන් නොදැන සිටිය බවයි. අමාත්‍යවරයා විරුද්ධ වූ බැවින් ඔහුගේ අසල්වැසියන්ගේ නිවාස හමුදා – පොලිස් පරික්ෂාවට ලක් නොකළ බව ආරක්ෂක ප්‍රධානීහු අවධාරණය කළේය. නමුත් එය නිදහසට හේතුවක් විය නොහැක.

පිහිණුම් තටාකය අසල අමාත්‍යවරයා අගෝස්තු 12 රාත්‍රී 10 – 10.30 අතර වෙඩි ප්‍රහාරයකට ලක් වුවත් තුවක්කුකරු ස්ථානගතවූ කොටි සංවිධානයේ ‘ආරක්ෂිත නිවාසය’ පරික්ෂාවට භාජනය වූයේ පසුදින පෙරවරු 1.00 කට පමණය. කදීර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය වූ අභිරහස් තත්ත්වය අදටත් විසඳී නැත. වසර කිහිපයකට පසුව සිදුවූ ලක්ෂ්මන් තලයසිංගම්ගේ ස්වභාවික මරණයත් සමග එම අභිරහස සදාකාලිකව වැසී ගියේය.

එම රාජ්‍යතාන්ත්‍රිකයා ඝාතනය වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීම තුළ ඔස්ලෝ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතකය. රටේ විදේශ අමාත්‍යවරයා ඝාතනය කළත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය සටන් විරාම

ගිවිසුමෙන් ඉවත් නොවන බවට ත්‍රස්තවාදීන් තේරුම්ගෙන තිබූ බව පැහැදිලිය. අමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය ආණ්ඩු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ නිකුත් කළේය. එම ප්‍රකාශ අවධාරණය කළේ මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් රජය නැවත යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවිය යුතු බවයි. බටහිර බලපෑම එල්ල වූයේ ශ්‍රී ලංකාවටය. එදා කදිර්ගාමර් ඝාතනයට එරෙහිව දැඩි විරෝධය පල කළ දේශපාලන පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි (ජවිපෙ). ජවිපෙ ස්ථාවරය ඉතාමත් වැදගත්ය. තීරණාත්මක 2005 මහ මැතිවරණයෙන් පසුව එදා කුමාරතුංග මැතිණිය සමග සන්ධානගතවී සිටි ජවිපෙ කදිර්ගාමර් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ගත් දැඩි උත්සාහය කිසිසේත් අමතක කළ නොහැක. කදිර්ගාමර් වැනි පුද්ගලයකු අග්‍රාමාත්‍ය වීම ත්‍රස්තවාදීන්ට බියකරු සිහිනයක් වූ බවට සැකයක් නැත. ඒ ත්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමල ජාතික සන්ධානය විසින් නම් කර තිබූ බැවිනි.

ඒ අනුව අතිශය තීරණාත්මක 2005 වසර බෙදුම්වාදී ත්‍රස්තවාදයට ඉතාමත් වාසිදායක ලෙස අවසන්විය. කදිර්ගාමර් ඝාතනය හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට කොටි ත්‍රස්තවාදීන් සූදානම් වන බවට කළ පැහැදිලි ඉඟියක් විය. එම වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වාතාවරණයද ත්‍රස්තවාදීන් නිර්මානය කළේය. ඒ උතුරේ දෙමළ කතාකරන ජනතාවට 2005 නොවැම්බර් පැවැත්වූ ජාතික මැතිවරණයේදී ඡන්දය දීම තහනම් කිරීමෙනි. නිදහස් ඡන්දයක් පැවත්වූවානම් යුද්ධය නන්දිකඩාල් කලපුවේ අවසන් වන්නේ නැත. ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වන බැවිනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂව දේශීයව සහ ජාත්‍යන්තරව හුදකලා කළ හැකි බවට ත්‍රස්තවාදීන් පූර්ව නිගමනයක සිටි බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුදවාදියකු ලෙස හෑල්ලු කර හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවය විය. එය එලෙසෙම සිදුවිය. ජනාධිපතිවරණයෙන් සති දෙකකට පමණ පසුව ක්ලේමෝ සහ බිම් බෝම්බ ප්‍රහාර ආරම්භ විය. ඊට සති කිහිපයකට පසුව ත්‍රිකුණාමලයට නුදුරින් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ කළේය.

කොටි ත්‍රස්තවාදීන් ඒ වනවිට දෙමළ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ ඉලන්කෙයි තමිල් අරසුකච්චි (Illankai Thamil Arasu Kadchi) පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සංවිධානය විසින් නම් කර තිබිණි. ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය කිරීමෙන් බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපෘතියට ලැබුණ තල්ලුව සුළුපටු නැත. නමුත් සංග්‍රාම භූමියේ උපරිම වාසිය අත්පත් කරගැනීමට ආරක්ෂක හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් උත්සුක විය. එම ප්‍රහාරයේ අරමුණ වූයේ ඉහළ හමුදා නායකත්වය ඉවත් කිරීම විය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කර 2006 අප්‍රේල් 25 දින යුද හමුදා මූලස්ථානය තුළදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර එම වසරේදීම ඔක්තෝම්බර් 1 වන දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනල් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් තිබූ වෙඩි නොවදින මෝටර් රථයට පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර කළ පිපිරීම් දෙක අතර ත්‍රස්තවාදීන් උතුරේ සහ නැගෙනහිර එකවිට (2006 අගෝස්තු දෙවන සතියේදී) මෙහෙයුම් දියත් කළේය. එවකට ජාතික පෙරමුණ ලෙස ආරක්ෂක හමුදා සැලකූ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ත්‍රස්තවාදීන් සමත් විය. නමුත් දැඩි කැපවීමකින් සටන් කළ හමුදාව ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ගමන වැළැක්වීමට සමත්විය.

ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2001 පෙබරවාරි ස්ථාන දෙකකදී අත්සන් කර තිබූ ඔස්ලෝ සටන් විරාම ගිවිසුම ත්‍රස්තවාදීන්ට කිසිදු බලපෑමක් කළේ නැත. නමුත් එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බැඳ දමා තිබිණි. ඇත්ත වශයෙන්ම එම ගිවිසුම මගින් උතුරු-නැගෙනහිර රජයේ පාලනය යටතේ තිබූ ප්‍රදේශවලට ඇතුළු වීමට අවස්ථාව සැලසී තිබිණි. කදිර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය කිරීමට මෙන්ම හමුදා නායකත්වය ඉලක්ක කිරීමට ද එමගින් පහසුකම් සැලසුන බව රටට අද අමතකය. ෆොන්සේකා සහ රාජපක්ෂ ඝාතනය කිරීමට යෙදවූ කණ්ඩායම්වලටද ඔස්ලෝ සටන් විරාම ගිවිසුම පිහිට විය. හතරවන ඊළාම් යුද්ධය ආරම්භවන අවස්ථාවේදී රටම ව්‍යාකූල තත්ත්වයක බව මතක තබා ගත යුතුය. නාවික හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් දිගම්පතහ ප්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයන් 115 පමණ ඝාතනය කර 150 දෙනකුට තුවාල සිදු කිරීම ආරක්ෂක හමුදා හිරි වැට්ටුවේය. තවදුරටත් වේගයෙන් පිරිහෙමින් තිබූ ආරක්ෂක තත්ත්වය අවධාරණය කළේය. නමුත් එවකට වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා සියල්ල විනාශ කරමින් දිගම්පතහ අපරාධයට කිසි දිනක අමතක නොවන පිළිතුරක් දුන්නේය. ත්‍රස්තවාදීන්ගේ පරාජය ස්ථිර කිරීමට මුහුදු සැපයුම් මාර්ගය විනාශ කිරීම දැඩි පිටුවහලක් විය. එය පිළිගැනීම කිසිසේත්ම ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාව කළ කැප කිරීම් අවතක්සේරු කිරීමක් නොවේ.

පසුගියදා කදිර්ගාමර් අමාත්‍යවරයා අනුස්මරණය කිරීමට වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි. විදේශ අමාත්‍යාංශයට එතුමා කළ සුවිශේෂ සේවය අගය කිරීමට විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කළේය. නමුත් බෙදුම්වාදී පිල්ලි තවමත් ක්‍රියාත්මක පසුබිමක කදිර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය කිරීම මෙන්ම හමුදාපති ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් රාජපක්ෂ වසර දෙකක් තුළ මරා දැමීමට කළ අතිදුෂ්ඨ උත්සාහය සුළුපටු කුමන්ත්‍රණයක් නොවේ.

රාජ්‍යයට, රජයට එල්ල කළ අභියෝගය ජයගැනීමට තීරණාත්මක භූමිකාවක් කළ තිදෙනකුම 2005-2006 වසර දෙක තුළ ඉවත් කිරීම සාර්ථක වූවානම් භූමියේ තත්ත්වය උඩු යටිකුරු වීමට තිබිණි. එසේනම් නන්දිකඩාල් මොහොත ආරක්ෂක හමුදා රටට දායක කරන්නේ නැත.

යුද හමුදාපති ෆොන්සේකා ඝාතන සැලසුම සම්බන්ධයෙන් යුද හමුදාව කළ අභ්‍යන්තර විමර්ෂණ සහ පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වූ සත්‍යය බියකරුය, නින්දිතය. එම ඝාතන සැලසුමේ හමුදාපතිවරයාගේ කෝකියාද කොටස්කරුවකු විය. යාපනයේ උපන් සිද්ධික් හමුදාපතිවරයාගේ කෝකියා ලෙස ත්‍රස්තවාදීන්ගේ ඔත්තු ජාලයේ පුරුකක් වීම එදා අවධාරණය කළේ ජාතික ආරක්ෂාවට තිබූ තර්ජනයයි. හමුදාපතිවරයා ඉලක්ක කළ මිනිස් බෝම්බය මංජුලා දෙවි නොහොත් දුර්ගාය. වැලිවේරියේ ජීවත්වූ ඇය සිංහල හොඳින් කතාකරන දෙමළ මිනිස් බෝම්බය ගැබිණි කාන්තාවක් ලෙස යුද හමුදා මූලස්ථානයට (වර්තමානයේ City of Dreams /සිහින නගරය යන හෝටල් සහ කැසිනෝ සංකීර්ණය ඇතුළු අනෙකුත් හෝටල් පිහිටා ඇත) ඇතුළු වීමට අවශ්‍ය අවසර පත ඇයට ලබා දුන්නේ යුද හමුදා මූලස්ථානයේ සේවය කළේ දෙමළ සෙබළෙකි. දුර්ගා යුද හමුදා මූලස්ථානයට ඇතුළුවන්නේ හදිසි අනතුරකින් තුවාල ලබා හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන සිද්ධික් බැලීමටය.

ෆොන්සේකාට සිද්ධික් පළමුවෙන් මුණගැසී ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ 2002 වසරේදීය. ඒ ඔහු යාපනයේ ආඥාපති ලෙස පලාලි ආරක්ෂක හමුදා මූලස්ථානයේ ස්ථානගතවී සිටි සමයේදීය. හමුදාපති ලෙස සිද්ධික් කොළඹ හමුදා මූලස්ථානයට එන විට ඔහු ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වී සිටි බවට කිසිදු සැකයක් නැත. නමුත් කොටි සංවිධානයට ෆොන්සේකා ඉවත් කිරීමට අවශ්‍ය මොහොත එනතුරු ප්‍රභාකරන් ඉවසිලිවන්තව සිටි බව පැහැදිලිය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ෆොන්සේකා ගමන් කළේ සාමාන්‍ය මෝටර් රථයක බව අමතක කළ නොහැක. දුර්ගාගේ ප්‍රහාරයෙන් ෆොන්සේකා දැඩි තුවාල ලැබූවත් වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගන්නේ බෙදුම්වාදී ව්‍යාපෘතිය පරාජය කරන්නටය. රටේ වාසනාවටය.

එවැනි පසුබිමක කොටි දෙමළ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් දෙමළ ජාතික සන්ධානය, ත්‍රස්තවාදය කිසිදා යුදමය ක්‍රියාමාර්ගයකින් පරාජය කළ නොහැකි බවට ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වෙනුවෙන් 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ෆොන්සේකා ඉදිරිපත් වීම ආන්දෝලණාත්මකය. හතරවන ඊළාම් යුද්ධය සමයේදී වික්‍රමසිංහ ඇතුළුව එජාප ප්‍රබලයන් ආරක්ෂක හමුදාවන්ට අපහස කළ නින්දිත ආකාරය ජනතාවට අමතක නැත.

මිනිස් බෝම්බයක් වූ දුර්ගා ගෙන් 2006 දී යන්තමින් ගැලවුන ෆොන්සේකා 2010 දී දේශපාලන අවියක් විය. ෆොන්සේකා පොදු අපේක්ෂකයා වීම අතිශය විනාශකාරී වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එජාප-ජවිපෙ-දෙමළ ජාතික සන්ධානය අනුගමනය කළ දේශපාලන උපාය මාර්ගය කුමක්ද? ත්‍රස්තවාදය පරාජය කළ රට දේශපාලනිකව බෙදීම නොවේද?

ජාතික ආරක්ෂාව පිරිහීම සම්බන්ධයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීම අමතක කර සාකච්ඡා කළ නොහැක. එතුමා 1993 මැයි දිනයේ මිනිස් බෝම්බයට බිලි වූවායින් පසුව ඇතිවූ දේශපාලන ව්‍යකූලත්වය සමනය කිරීමට ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා සමත්විය. එතුමා බලයට කෑදර නොවීය. එතුමා අනුගමනය කළ ක්‍රියාමාර්ගය නොවන්නට දැඩි දේශපාලන අර්බුදයක් ඇති වීමට ඉඩ තිබිණි. නමුත් ත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක විය. 1994 ජනාධිපතිවරණයට පෙර එජාප අපේක්ෂක ගාමිණී දිසානායක තොටලඟ මිනිස් බෝම්බයෙන් විනාශ කළේය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග බලයට ඒමටය. ඊට පසුව පැවති 1999 ජනාධිපතිවරණයේදී කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට උත්සහය වැරදිනි. ඒ උත්සාහය වූවානම් ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහය.

2005 දී මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කිරීමට රනිල් වික්‍රමසිංහ ව පරාජය කළේය. ඒ ඔහුට අනිවාර්යෙන්ම ලැබීමට නියමිතව තිබූ උතුරු නැගෙනහිර ඡන්ද වැළැක්වීමෙන්ය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රය වසර තුනක් තුළදී උඩු යටිකුරු කළේය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.