News Category
From Date
To Date
Maximum Number of Result

නායකත්වය නැසීම!

Aug 18, 2025 at 07:41 AM
|

අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.

ඉරානයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක හමාස් සංවිධානය දකුණු දිග ඊශ්‍රායලයට 2023 ඔක්තෝම්බර් 7 එල්ල කළ ප්‍රහාරයට යුදෙව් රාජ්‍යයේ ප්‍රතිචාරයේ මූලික අංගයක් වූයේ තෝරාගත් දේශපාලන සහ හමුදා නායකත්වය ඉලක්ක කිරීමයි. ඊශ්‍රායලය තම අරමුණ සාක්ෂාත් කරගත් බව අමුතුවෙන් කිවයුතු නැත.

තමන් හට එරෙහි දේශපාලන – හමුදා නායකත්වය සමස්ත යුදමය ක්‍රියාමාර්ගය තුළ නිෂ්ක්‍රීය කිරීම කොටි ත්‍රස්තවාදීන්ගේ ද උපාය මාර්ගය විය. ශ්‍රී ලංකා රජයට එරෙහි යුදමය ක්‍රියාදාමය තුළ දේශපාලන සහ හමුදා නායකත්වය ඉලක්ක කිරීම දීර්ඝ කාලයක් සිදුවිය. හතරවන ඊළාම් යුද්ධයේදී ජාතික නායකත්වය නැසීමට කොටි සංවිධානය කළ සැලසුම් තිව්‍ර කළේය. එම සැලසුමේ පළමුවන ඉලක්කය වූයේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර්ය.

දැඩි යුද හමුදා කොමාන්ඩෝ ආරක්ෂාවක් යටතේ සිටි කදීර්ගාමර් අමාත්‍යවරයා බිම හෙළුවේ කෙලෙසද? එම ඉලක්කය සාර්ථක වීමෙන් පසුව ත්‍රස්තවාදීන් ඉව ඇල්ලූ පුද්ගලයන් කවුරුද?

මීට දශක දෙකකට පෙර සිදුකළ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් ඝාතනය දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපෘතියේ ප්‍රධාන පහරදීමකි. අගෝස්තු 12, 2025 රාත්‍රියේ දුර සැඟවී වෙඩි තබන්නෙකු එල්ල කළ ප්‍රහාරයකින් එතුමා මරණයට පත්විය. බිහිසුණු ඊළාම් ව්‍යාපෘතිය අනුව එය තේජාන්විත වික්‍රමයකි. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද එම ඝාතනය දුෂ්ට බෙදුම්වාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍යම පියවරකි.

දුර සැඟවී වෙඩි තබන්නෙකු (sniper /ස්නයිපර්) එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ එකම ප්‍රධාන පෙළේ නායකයා ඉහළ පෙළේ නීතිඥ කදීර්ගාමර්ය. එතුමා 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය කරන තුරු විදේශ අමාත්‍ය ධුරය දැරිය.

කදීර්ගාමර් අමාත්‍යවරයා ජීවත් වූයේ කො තටාකයක් සහිත නිවසකය. නමුත් එම නිවාසය අවට ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදාව (විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව භාරව සිටි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ඒකකය) අසමත් විය. හමුදාවේ නොසැලකිල්ල ත්‍රස්තවාදයට තීරණාත්මක පිම්මක් පැනීමට අවශ්‍ය වාතාවරණය සැලසුවේය.

හැත්තෑ තුන් හැවිරිදි අමාත්‍යවරයාගේ ඝාතකයා ස්ථානගත වූයේ ඔහුගේ අසල්වැසියකු වූ විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ ලක්ෂ්මන් තලයසිංගම් ගේ අංක 42 දරන නිවසේ ඉහළ මාලයේය. අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් එම නිවාසය හෝ ඒ ළඟ තිබූ නිවාස කිසි දිනක පරීක්ෂා කර තිබුණේ නැත. ඝාතනයෙන් පසුව ලක්ෂ්මන් තලයසිංගම් අත්අඩංගුවට ගත්තේ නැත. විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ස්ථාවරය වූයේ තම නිවසේ ත්‍රස්තවාදී වෙඩික්කරුවකු ක්‍රියාත්මක බව තමන් නොදැන සිටිය බවයි. අමාත්‍යවරයා විරුද්ධ වූ බැවින් ඔහුගේ අසල්වැසියන්ගේ නිවාස හමුදා – පොලිස් පරික්ෂාවට ලක් නොකළ බව ආරක්ෂක ප්‍රධානීහු අවධාරණය කළේය. නමුත් එය නිදහසට හේතුවක් විය නොහැක.

පිහිණුම් තටාකය අසල අමාත්‍යවරයා අගෝස්තු 12 රාත්‍රී 10 – 10.30 අතර වෙඩි ප්‍රහාරයකට ලක් වුවත් තුවක්කුකරු ස්ථානගතවූ කොටි සංවිධානයේ ‘ආරක්ෂිත නිවාසය’ පරික්ෂාවට භාජනය වූයේ පසුදින පෙරවරු 1.00 කට පමණය. කදීර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය වූ අභිරහස් තත්ත්වය අදටත් විසඳී නැත. වසර කිහිපයකට පසුව සිදුවූ ලක්ෂ්මන් තලයසිංගම්ගේ ස්වභාවික මරණයත් සමග එම අභිරහස සදාකාලිකව වැසී ගියේය.

එම රාජ්‍යතාන්ත්‍රිකයා ඝාතනය වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීම තුළ ඔස්ලෝ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතකය. රටේ විදේශ අමාත්‍යවරයා ඝාතනය කළත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය සටන් විරාම

ගිවිසුමෙන් ඉවත් නොවන බවට ත්‍රස්තවාදීන් තේරුම්ගෙන තිබූ බව පැහැදිලිය. අමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය ආණ්ඩු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ නිකුත් කළේය. එම ප්‍රකාශ අවධාරණය කළේ මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් රජය නැවත යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවිය යුතු බවයි. බටහිර බලපෑම එල්ල වූයේ ශ්‍රී ලංකාවටය. එදා කදිර්ගාමර් ඝාතනයට එරෙහිව දැඩි විරෝධය පල කළ දේශපාලන පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි (ජවිපෙ). ජවිපෙ ස්ථාවරය ඉතාමත් වැදගත්ය. තීරණාත්මක 2005 මහ මැතිවරණයෙන් පසුව එදා කුමාරතුංග මැතිණිය සමග සන්ධානගතවී සිටි ජවිපෙ කදිර්ගාමර් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ගත් දැඩි උත්සාහය කිසිසේත් අමතක කළ නොහැක. කදිර්ගාමර් වැනි පුද්ගලයකු අග්‍රාමාත්‍ය වීම ත්‍රස්තවාදීන්ට බියකරු සිහිනයක් වූ බවට සැකයක් නැත. ඒ ත්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමල ජාතික සන්ධානය විසින් නම් කර තිබූ බැවිනි.

ඒ අනුව අතිශය තීරණාත්මක 2005 වසර බෙදුම්වාදී ත්‍රස්තවාදයට ඉතාමත් වාසිදායක ලෙස අවසන්විය. කදිර්ගාමර් ඝාතනය හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට කොටි ත්‍රස්තවාදීන් සූදානම් වන බවට කළ පැහැදිලි ඉඟියක් විය. එම වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වාතාවරණයද ත්‍රස්තවාදීන් නිර්මානය කළේය. ඒ උතුරේ දෙමළ කතාකරන ජනතාවට 2005 නොවැම්බර් පැවැත්වූ ජාතික මැතිවරණයේදී ඡන්දය දීම තහනම් කිරීමෙනි. නිදහස් ඡන්දයක් පැවත්වූවානම් යුද්ධය නන්දිකඩාල් කලපුවේ අවසන් වන්නේ නැත. ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වන බැවිනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂව දේශීයව සහ ජාත්‍යන්තරව හුදකලා කළ හැකි බවට ත්‍රස්තවාදීන් පූර්ව නිගමනයක සිටි බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුදවාදියකු ලෙස හෑල්ලු කර හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවය විය. එය එලෙසෙම සිදුවිය. ජනාධිපතිවරණයෙන් සති දෙකකට පමණ පසුව ක්ලේමෝ සහ බිම් බෝම්බ ප්‍රහාර ආරම්භ විය. ඊට සති කිහිපයකට පසුව ත්‍රිකුණාමලයට නුදුරින් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ කළේය.

කොටි ත්‍රස්තවාදීන් ඒ වනවිට දෙමළ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ ඉලන්කෙයි තමිල් අරසුකච්චි (Illankai Thamil Arasu Kadchi) පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සංවිධානය විසින් නම් කර තිබිණි. ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය කිරීමෙන් බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපෘතියට ලැබුණ තල්ලුව සුළුපටු නැත. නමුත් සංග්‍රාම භූමියේ උපරිම වාසිය අත්පත් කරගැනීමට ආරක්ෂක හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් උත්සුක විය. එම ප්‍රහාරයේ අරමුණ වූයේ ඉහළ හමුදා නායකත්වය ඉවත් කිරීම විය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කර 2006 අප්‍රේල් 25 දින යුද හමුදා මූලස්ථානය තුළදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර එම වසරේදීම ඔක්තෝම්බර් 1 වන දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනල් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් තිබූ වෙඩි නොවදින මෝටර් රථයට පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර කළ පිපිරීම් දෙක අතර ත්‍රස්තවාදීන් උතුරේ සහ නැගෙනහිර එකවිට (2006 අගෝස්තු දෙවන සතියේදී) මෙහෙයුම් දියත් කළේය. එවකට ජාතික පෙරමුණ ලෙස ආරක්ෂක හමුදා සැලකූ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ත්‍රස්තවාදීන් සමත් විය. නමුත් දැඩි කැපවීමකින් සටන් කළ හමුදාව ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ගමන වැළැක්වීමට සමත්විය.

ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2001 පෙබරවාරි ස්ථාන දෙකකදී අත්සන් කර තිබූ ඔස්ලෝ සටන් විරාම ගිවිසුම ත්‍රස්තවාදීන්ට කිසිදු බලපෑමක් කළේ නැත. නමුත් එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බැඳ දමා තිබිණි. ඇත්ත වශයෙන්ම එම ගිවිසුම මගින් උතුරු-නැගෙනහිර රජයේ පාලනය යටතේ තිබූ ප්‍රදේශවලට ඇතුළු වීමට අවස්ථාව සැලසී තිබිණි. කදිර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය කිරීමට මෙන්ම හමුදා නායකත්වය ඉලක්ක කිරීමට ද එමගින් පහසුකම් සැලසුන බව රටට අද අමතකය. ෆොන්සේකා සහ රාජපක්ෂ ඝාතනය කිරීමට යෙදවූ කණ්ඩායම්වලටද ඔස්ලෝ සටන් විරාම ගිවිසුම පිහිට විය. හතරවන ඊළාම් යුද්ධය ආරම්භවන අවස්ථාවේදී රටම ව්‍යාකූල තත්ත්වයක බව මතක තබා ගත යුතුය. නාවික හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් දිගම්පතහ ප්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයන් 115 පමණ ඝාතනය කර 150 දෙනකුට තුවාල සිදු කිරීම ආරක්ෂක හමුදා හිරි වැට්ටුවේය. තවදුරටත් වේගයෙන් පිරිහෙමින් තිබූ ආරක්ෂක තත්ත්වය අවධාරණය කළේය. නමුත් එවකට වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා සියල්ල විනාශ කරමින් දිගම්පතහ අපරාධයට කිසි දිනක අමතක නොවන පිළිතුරක් දුන්නේය. ත්‍රස්තවාදීන්ගේ පරාජය ස්ථිර කිරීමට මුහුදු සැපයුම් මාර්ගය විනාශ කිරීම දැඩි පිටුවහලක් විය. එය පිළිගැනීම කිසිසේත්ම ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාව කළ කැප කිරීම් අවතක්සේරු කිරීමක් නොවේ.

පසුගියදා කදිර්ගාමර් අමාත්‍යවරයා අනුස්මරණය කිරීමට වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි. විදේශ අමාත්‍යාංශයට එතුමා කළ සුවිශේෂ සේවය අගය කිරීමට විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කළේය. නමුත් බෙදුම්වාදී පිල්ලි තවමත් ක්‍රියාත්මක පසුබිමක කදිර්ගාමර් අමාත්‍යවරයා ඝාතනය කිරීම මෙන්ම හමුදාපති ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් රාජපක්ෂ වසර දෙකක් තුළ මරා දැමීමට කළ අතිදුෂ්ඨ උත්සාහය සුළුපටු කුමන්ත්‍රණයක් නොවේ.

රාජ්‍යයට, රජයට එල්ල කළ අභියෝගය ජයගැනීමට තීරණාත්මක භූමිකාවක් කළ තිදෙනකුම 2005-2006 වසර දෙක තුළ ඉවත් කිරීම සාර්ථක වූවානම් භූමියේ තත්ත්වය උඩු යටිකුරු වීමට තිබිණි. එසේනම් නන්දිකඩාල් මොහොත ආරක්ෂක හමුදා රටට දායක කරන්නේ නැත.

යුද හමුදාපති ෆොන්සේකා ඝාතන සැලසුම සම්බන්ධයෙන් යුද හමුදාව කළ අභ්‍යන්තර විමර්ෂණ සහ පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වූ සත්‍යය බියකරුය, නින්දිතය. එම ඝාතන සැලසුමේ හමුදාපතිවරයාගේ කෝකියාද කොටස්කරුවකු විය. යාපනයේ උපන් සිද්ධික් හමුදාපතිවරයාගේ කෝකියා ලෙස ත්‍රස්තවාදීන්ගේ ඔත්තු ජාලයේ පුරුකක් වීම එදා අවධාරණය කළේ ජාතික ආරක්ෂාවට තිබූ තර්ජනයයි. හමුදාපතිවරයා ඉලක්ක කළ මිනිස් බෝම්බය මංජුලා දෙවි නොහොත් දුර්ගාය. වැලිවේරියේ ජීවත්වූ ඇය සිංහල හොඳින් කතාකරන දෙමළ මිනිස් බෝම්බය ගැබිණි කාන්තාවක් ලෙස යුද හමුදා මූලස්ථානයට (වර්තමානයේ City of Dreams /සිහින නගරය යන හෝටල් සහ කැසිනෝ සංකීර්ණය ඇතුළු අනෙකුත් හෝටල් පිහිටා ඇත) ඇතුළු වීමට අවශ්‍ය අවසර පත ඇයට ලබා දුන්නේ යුද හමුදා මූලස්ථානයේ සේවය කළේ දෙමළ සෙබළෙකි. දුර්ගා යුද හමුදා මූලස්ථානයට ඇතුළුවන්නේ හදිසි අනතුරකින් තුවාල ලබා හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන සිද්ධික් බැලීමටය.

ෆොන්සේකාට සිද්ධික් පළමුවෙන් මුණගැසී ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ 2002 වසරේදීය. ඒ ඔහු යාපනයේ ආඥාපති ලෙස පලාලි ආරක්ෂක හමුදා මූලස්ථානයේ ස්ථානගතවී සිටි සමයේදීය. හමුදාපති ලෙස සිද්ධික් කොළඹ හමුදා මූලස්ථානයට එන විට ඔහු ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වී සිටි බවට කිසිදු සැකයක් නැත. නමුත් කොටි සංවිධානයට ෆොන්සේකා ඉවත් කිරීමට අවශ්‍ය මොහොත එනතුරු ප්‍රභාකරන් ඉවසිලිවන්තව සිටි බව පැහැදිලිය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ෆොන්සේකා ගමන් කළේ සාමාන්‍ය මෝටර් රථයක බව අමතක කළ නොහැක. දුර්ගාගේ ප්‍රහාරයෙන් ෆොන්සේකා දැඩි තුවාල ලැබූවත් වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගන්නේ බෙදුම්වාදී ව්‍යාපෘතිය පරාජය කරන්නටය. රටේ වාසනාවටය.

එවැනි පසුබිමක කොටි දෙමළ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් දෙමළ ජාතික සන්ධානය, ත්‍රස්තවාදය කිසිදා යුදමය ක්‍රියාමාර්ගයකින් පරාජය කළ නොහැකි බවට ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වෙනුවෙන් 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ෆොන්සේකා ඉදිරිපත් වීම ආන්දෝලණාත්මකය. හතරවන ඊළාම් යුද්ධය සමයේදී වික්‍රමසිංහ ඇතුළුව එජාප ප්‍රබලයන් ආරක්ෂක හමුදාවන්ට අපහස කළ නින්දිත ආකාරය ජනතාවට අමතක නැත.

මිනිස් බෝම්බයක් වූ දුර්ගා ගෙන් 2006 දී යන්තමින් ගැලවුන ෆොන්සේකා 2010 දී දේශපාලන අවියක් විය. ෆොන්සේකා පොදු අපේක්ෂකයා වීම අතිශය විනාශකාරී වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එජාප-ජවිපෙ-දෙමළ ජාතික සන්ධානය අනුගමනය කළ දේශපාලන උපාය මාර්ගය කුමක්ද? ත්‍රස්තවාදය පරාජය කළ රට දේශපාලනිකව බෙදීම නොවේද?

ජාතික ආරක්ෂාව පිරිහීම සම්බන්ධයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීම අමතක කර සාකච්ඡා කළ නොහැක. එතුමා 1993 මැයි දිනයේ මිනිස් බෝම්බයට බිලි වූවායින් පසුව ඇතිවූ දේශපාලන ව්‍යකූලත්වය සමනය කිරීමට ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා සමත්විය. එතුමා බලයට කෑදර නොවීය. එතුමා අනුගමනය කළ ක්‍රියාමාර්ගය නොවන්නට දැඩි දේශපාලන අර්බුදයක් ඇති වීමට ඉඩ තිබිණි. නමුත් ත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක විය. 1994 ජනාධිපතිවරණයට පෙර එජාප අපේක්ෂක ගාමිණී දිසානායක තොටලඟ මිනිස් බෝම්බයෙන් විනාශ කළේය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග බලයට ඒමටය. ඊට පසුව පැවති 1999 ජනාධිපතිවරණයේදී කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට උත්සහය වැරදිනි. ඒ උත්සාහය වූවානම් ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහය.

2005 දී මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කිරීමට රනිල් වික්‍රමසිංහ ව පරාජය කළේය. ඒ ඔහුට අනිවාර්යෙන්ම ලැබීමට නියමිතව තිබූ උතුරු නැගෙනහිර ඡන්ද වැළැක්වීමෙන්ය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රය වසර තුනක් තුළදී උඩු යටිකුරු කළේය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.