News Category
From Date
To Date
Maximum Number of Result

සටනක අවසානය..

Aug 17, 2025 at 05:38 PM
|

ඕගස්ටෝ ඔලිවාරිස් කියන්නේ බොහොම පළපුරුදු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් සේවය කළා. චිලී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෙක් වෙච්ච ඔහු සැල්වදෝර් අලියැන්දේගේ හොඳ ම මිත්‍රයා බවටත් පත්වෙලා හිටියා. අලියැන්දේ ජනාධිපති ධුරයට පත් කරන්නත් ඔහු කැපැවෙලා වැඩ කළා. අලියැන්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරපු ඔහු චිලී ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කළා.

හමුදා ජුන්ටාව විසින් ප්‍රහාර එල්ල කරද්දි ඕගස්ටෝ ඔලිවාරිස් හිටියෙත් “ලා මොනේඩා” මන්දිරය ඇතුළේ. ඔහු සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා එක්ක අවසාන සටනේ නිරතවෙලා හිටියා. ඒ තීරණාත්මක දවසේ (1973 සැප්තැම්බර් 11 වැනි දා) හවස 1:30 ට විතර ඕගස්ටෝ ඔලිවාරිස් තමන්ගේ මිත්‍රයා එක්ක සාකච්ඡාවක් කළා. බලාපොරොත්තුවෙච්ච විදිහට හමුදාවේ කිසිම පාර්ශ්වයක් තමන්ට උදව් කරන බවක් පේන්න නෑ කියලා ඔහු අලියැන්දේ ජනාධිපතිවරයාට කිව්වා. විකල්පයකට ඉතුරුවෙලා තිබුණේ ආරක්‍ෂක අමාත්‍යංශයට යවපු නියෝජිතයෝ තුන්දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන හොයලා බලන එක විතරයි.

ඕගස්ටෝ ඔලිවාරිස් අවසාන විකල්පය ගැනත් හොයලා බැලුවා. ඔහු දුරකථනයෙන් ආරක්‍ෂක අමාත්‍යංශ මූලස්ථානයට කතා කළා. පෙඩ්‍රො ඊවිං කියන කර්නල්වරයා තමයි ඔහුත් එක්ක කතා කළේ. තමන් එවපු නියෝජිතයෝ තුන්දෙනා එක්ක එකඟතාවක් ඇති කරගත්තා ද කියලා ඔහු ඊවිංගෙන් ඇහුවා. සාකච්ඡා කරන්න දෙයක් ඉතුරුවෙලා නැති බවත් යටත්වෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති බවත් ඊවිං කිව්වා. ඒ නියෝජිතයෝ තුන්දෙනා ආපහු “ලා මොනේඩා” මන්දිරයට එවනවා ද කියලා ඔලිවාරිස් ඇහුවා. “ඒ අය එවන්නේ නෑ” කියලා ඊවිං උත්තර දුන්නා.

තමන් කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලය ගැන ඔලිවාරිස් විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඊට පස්සේ ඔහු පඩිපෙළ බැහැලා කුස්සිය පැත්තට ඇවිදගෙන ගියා. ඒ පැත්තෙන් තිබුණු වැසිකිළියකට ගිය ඔහු ඒකේ දොර වහන්නේ නැතුව ම මුත්‍රා කරන්න පටන්ගත්තා. ඒක දැකපු ඔස්කාර් සොටෝ ගුස්මාන් (අලියැන්දේගේ වෛද්‍යවරයා) ඔලිවාරිස්ට විහිළුවක් කරලා පඩිපෙළ දිගේ ඉහළට යන්න පටන්ගත්තා. එහෙම ඉහළට යන ඔහුට වෙඩි සද්දයක් ඇහුණා. ඔහු ආපහු දුවගෙන ආවා. ඔලිවාරිස් තමන්ට ම වෙඩි තියාගෙන! තමන්ගේ හොඳ ම මිතුරාගේ වියෝව ගැන අහපු සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා හොඳට ම කම්පාවුණා.

කිසිම කොන්දේසියක් නැතුව යටත්වෙනවා නම් ඒ වෙනුවෙන් විනාඩි හතරක කාලයක් ලබාදෙන්න පුළුවන් කියලා ජුන්ටාව නිවේදනය කළා. හවස 1:50 ට ඒ අවසාන නිවේදනය නිකුත් කළේ ආරක්‍ෂක අමාත්‍යංශයට ගිය නියෝජිතයෝ තුන්දෙනා කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට කියලා හිතනවා. ඇත්තෙන්ම, මේ නිවේදනය නිකුත් කරද්දිත් ඒ නියෝජිතයෝ තුන්දෙනා ජුන්ටාවේ අත්අඩංගුවට පත්වෙලයි හිටියේ.

“ල පයිටා” (මිරියා කන්ට්‍රෙරස්) ඇතුළු කණ්ඩායමට මුලින් ම පිටවෙන්න කියලා අලියැන්දේ උපදෙස් දුන්නා. (අලියැන්දේගේ පුද්ගලික ලේකම්වරිය විදිහට කටයුතු කරපු මේ කාන්තාව ගැන 41 වැනි ලිපියෙන් කිව්වා). “ල පයිටා” එක්ක ගිය කණ්ඩායම “ලා මොනේඩා” මන්දිරයේ අංක 80 දොරෙන් පිටවුණා.

ඒ වෙද්දිත් වෙඩි සද්දය විසින් පළාත ම දෙවනක් කරමිනුයි තිබුණේ. බැල්කනියක දොස්තර කබායක් එල්ලලා තියෙනවා “ලා මොනේඩා” මන්දිරයට හමුදා බල ඇණි මෙහෙයවපු හාවියර් පාලාසියොස් සෙන්පතියා දැක්කා. ඒක යටත්වීමේ සංඥාවක්. ඒ වෙද්දිත් මන්දිරයේ එක දොරක් කඩන්න ඔහු අණදීලයි තිබුණේ. ඔස්කාර් සෝටෝ ගුස්මාන් වෛද්‍යවරයා ඇතුළු තිස් දෙනෙක් ඒ දොර ළඟට ඇවිල්ලා හිටියා. ඒත් ඒ අය දොර අරින්නත් කලින් පිටින් ආපු හමුදා කණ්ඩායම ඒක කඩාගෙන ඇතුළට ආවා. “වහාම උඩට ගිහිල්ලා විනාඩි 10 ක් ඇතුළත යටත්වෙන්න කියලා අලියැන්දේට කියන්න” කියලා පාලාසියොස් සෙන්පතියා ගුස්මාන්ට නියෝග කළා.

ඔස්කාර් සෝටෝ ගුස්මාන් වෛද්‍යවරයා උඩු මහළට ගියා. අලියැන්දේ ජනාධිපතිවරයා තමන්ගේ පිරිසට නියෝග දෙමිනුයි හිටියේ. “උඹලා ඔක්කොම පහළට පලයල්ලා. මම අන්තිමට එන්නම්” ජනාධිපතිවරයා මහ සද්දෙන් කිව්වා. ඉතින් ඔස්කාර් සෝටෝ ගුස්මාන් වෛද්‍යවරයා නැවතත් පහළ මාලයට ඇවිල්ලා දොරෙන් පිටවුණා.

විනාඩි 10 ගතවුණාට පස්සේ හාවියර් පාලාසියොස් සෙන්පතියා සෙබළු කීප දෙනෙක් එක්ක ඉහළ මහළට ගියා. ඔහු ජනාධිපතිවරයාගේ කාර්යාලය පරීක්‍ෂා කළා. ඒ වෙද්දිත් ජනාධිපති ආරක්‍ෂකයෝ හත් අට දෙනෙක් තමන්ගේ සටනේ නිරතවෙලයි හි‍ටියේ. ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඒ අය එකා දෙන්නා අවසන් ගමන් යවන්න පාලාසියොස්ගේ සෙබළු කටයුතු කළා. ජනාධිපති ආරක්‍ෂකයන්ට “ලා මොනේඩා” මන්දිරය හොඳින් පුරුදු හින්දා ඒ අය කාමරයෙන් කාමරයට මාරුවෙමින් යාර කීපයක දුරක් තියාගෙන තමන්ගේ ප්‍රහාර එල්ල කළා. ඉතින් ඒ ප්‍රහාරකයන්ට පහරදෙන්න වැඩි සෙබළු පිරිසක් යොදවන්න පාලාසියොස්ට සිද්දවුණා.

ඒ වෙද්දි, ඕ’හිඟින්ස් ශාලාව ගිනි ජාලාවකින් වෙළිලයි තිබුණේ. (චිලී නිදහස් සටනට නායකත්වය දීපු බර්නාර්ඩෝ ඕ’හිඟින්ස්ගේ සිහි කරන්න තමයි ඒ ශාලාව එහෙම නම් කරලා තියෙන්නේ). ඒ ගින්නට අහුවෙච්ච වෙඩි උණ්ඩ එක දිගට ම පිපිරුවා. ඒ වෙද්දි ජනාධිපති ආරක්‍ෂකයෝ හතර පස් දෙනෙක්ට වඩා ඉතුරුවෙලා හිටියේ නැති බව පාලාසියොස් සෙන්පතියා තේරුම්ගත්තා. ඒ වෙද්දි ඕ’හිඟින්ස් ශාලාවේ වහළත් ගිනිගන්න පටන්ගත්තා. පාලාසියොස් අණදීපු සෙබළ කණ්ඩායම ඉස්සරහට යද්දි “ලා මොනේඩා” මන්දිරයේ අනිත් කෙළවරින් ඇතුළට ආපු හමුදා කණ්ඩායමක් “නිදහස් ශාලාව” දක්වා ගමන් කරමින් හිටියා.

“නිදහස් ශාලාව” දක්වා ආපු කණ්ඩායම ඒ පැත්තට එන පාලාසියොස් සෙන්පතියාගේ කණ්ඩායමත් දැක්කා. “සෙන්පතිතුමනි, මේ බලන්න. මේ බලන්න!” කියලා ඒ ශාලාව ඇතුළට ආපු එක හමුදා නිලධාරියෙක් කෑ ගැහුවා. පාලාසියොස් සෙන්පතියා ඉක්මනින් ම “නිදහස් ශාලාව” ඇතුළට ගිහිල්ලා තමන්ට පෙන්නුවේ මොකක්ද කියලා බැලුවා.

ඒ “නිදහස් ශාලාව” ලොකු හානියක් නැතුව ආරක්‍ෂාවෙලා තිබුණා. ශාලාවේ අතුරලා තිබිච්ච රතු පලස් හින්දා ඒකට ගාම්භීර පෙනුමකුත් ලැබිලා තිබුණා. ශාලාවේ පැත්තකින් තියලා තිබුණු සෝපාවේ කෙනෙක් වාඩිවෙලා හිටියා. ඔහුගේ හිස උරහිස පැත්තට නැවිලයි තිබුණේ. ඒ පුද්ගලයාගේ මූණ එක සැරෙන් ම අඳුරගන්න පාලාසියොස් සෙන්පතියාට බැරිවුණා.

සෝපාවේ වාඩිවෙලා හිටිය ඒ පුද්ගලයාගේ අත් ඉදිමිලා. ඒ අත් දූවිල්ලෙන් කිළිටිවෙලා. හිස් උණ්ඩ කීපයක් ඔහු අසළ ම වැටිලා තිබුණා. යකඩ හෙල්මටයක් සහ ආරක්‍ෂක වෙස්මූණක් පැත්තකින් තියලා. ඒ පුද්ගලයා ඇඳගෙන හිටියේ රතට හුරු දුඹුරු පාට කලිසමක්. ඔහු අළු පාට ජර්සියකට උඩින් තරමක් ඝනකම කබායක් ඇඳගෙන හිටියා. ඔහුගේ සපත්තු දෙක නම් සෑහෙන්න පිරිසිදුයි!

(පින්තූරය: අලියැන්දේ ජනාධිපතිවරයා මියගොස් සිටි ආකාරය)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.