News Category
From Date
To Date
Maximum Number of Result

රට සහල් අර්බුදයක් අභියස.. ,

Aug 19, 2025 at 08:48 AM
|

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු සහ පොදුජන එකසත් පෙරමුණේ මහලේකම්වරයකු වූ සහ කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ දී මු ජයරත්න මහතා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනයගේ පාලනය යටතේ පැවතී 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන එවකට ප්‍රබලතම දේශපාලන නායකයින් නියෝජනය කළ හමබන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයට පරාජය වීම පිලිබදව විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවවක් පවත්වමින්   වී මිල පහත වැටීම මත ගොවීන් විසින් පොදුජන පෙරමුණ පරාජයට පත්කළ බව ප්‍රකාශ කරන ලදී. චන්ද්‍රිකා කුමාරණතුංගගේ  පාන්පිටි සහනාධාරය ඉවත් කළ යුතුයයි දැඩිලෙස ඔහු  ප්‍රකාශ කළද එයට පෙර 2001වර්ෂයේදීම  පොදු පෙරමුණ දෙකඩ වීමෙන් පරාජයට  පත්වූ බැවින් එය සාකච්ඡාවට ගැනුනේ නැත.

2004 වර්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වූ පසු පත්වූ තරුණ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ අනුර දිසානායක මහතා ගොවි ජනතාව එරෙහිව තිබු ඓතිහාසික වරද නිවැරදි කරමින් ආහාර සුරක්ෂිතතා කමිටුව සහ ආරියසීල වික්‍රමනායක සහ වසන්ත බණ්ඩාර යන අයගේ මැදිහත්වීමද මත තිරිගු පිටි සහනාධාරය ඉවත් කරන ලදී.අනුර දිසානායක  විසින් වසර 14 කට පසු වී ගොවීන් පාඩු නොලබන තත්වයකට පත් කරන ලදී. 2005 ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වී කිලෝව රු 12ක්ව පවතින අවස්ථාවක තිරිගු මත රුපියල් 12 ක් පවතින ලෙස බදු පනවා යුද්ධය පැවතී සමයේ අතවශ්‍ය ගොවිජන සහාය තමන් වෙත රදවා ගැනීමට සමත් වූ අතර එම ගොවි බිමේ සහය ඔහු විසින්ම  2020 දෙසැම්බර් දක්වාම රැක ගැනීමට සමත්විය .

2015 වර්ෂයේ බලයට පත් රනිල්,හර්ෂ ,කබීර්,රවී ආණ්ඩුව වී ටොන් ලක්ෂ 29ක දැවැන්ත අස්වැන්නක් ලැබීමට නියමිතව තිබියදී  තිරිගු බදු යලි ඉවත්කරන ලද අතර වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50 දක්වා නිපදවනු ලැබූ 2015-2016 වර්ෂ දෙක වී ගොවිතැන සහ සහල් කර්මාන්තය මුළුමනින්ම විනාශ කරන ලද වර්ෂ දෙක ලෙස ඉතිහාසයට එක් කරමින් ගුවන් තොටුපොළවල් දක්වාපරිභෝජනය නොවන   වී ගබඩා කිරීමේ වීරයින් බවට පත්විය. සමස්ථ වී වෙළදපොල අධ්‍යනය කිරීමට නොහැකි හර්ෂ ද සිල්වාගේ ශක්ති ව්‍යාපෘතිය සහල් කර්මාන්තකරුවන් පිරිසක් තවදුරටත් හොරුන් ලෙස සන්නාම කරමින් හොදම ණය කරුවන් පවට පත්කළ පසු අවසන්විය.

හම්බන්තොට පරාජයෙන් ඉගෙනගත් පාඩම   මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය ආරම්භයේදීම ප්‍රයෝජනයට ගත බව පෙනෙනුයේ යුද්ධයට අවශ්‍ය විදේශ විනිමය සොයාගැනීමේදී ආහාර ආනයනය අඩුකොට දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම ඉලක්ක කර සහ යුධබිම වෙනුවෙන් ගොවි බිමේ සහයෝගයේ තීරණාත්මක භාවයද සැලකිල්ලට ගෙන් වී කිලෝව රු 12 ක් පැවති අවධියක පවා රුපියල් 12කට ආසන්න වන ලෙසට තිරිගු ආනයනය සදහා එඩිතර බද්දක් පැනවීමයි. පසුවද දිගින් දිගටම වී වගාකෙරෙන නුතන ආසියානු තාක්ෂණික රාජ්‍යයන් මෙන්  තිරිගු ආනයනය අධෛර්යයට පත්කෙරෙන ප්‍රතිපත්තියක් අයවැය මගින්  දිගින් දිගටම වාචිකව පමණක් 2014 වර්ෂය දක්වාම  ප්‍රකාශයට පත්විය.

අනුර දිසානායක මහතා 2004 දී තිරිගු සහනාධාරය ඉවත්කිරීමත් සමග ආරම්භ කරන ලද දහසක් වැව් ව්‍යාපෘතිය විසින් ගොඩනගනලද ලද මතවාදය ගොවි ජනතාව මත  දැවැන්ත ප්‍රබෝධයක් ඇති කරන ලද අතර එවකට ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර අංශයේ කටයුතු කල මාද  මැදිහත්වීමි..සෝමවංශ අමරසිංහ මහතා ජපානයේ ජාත්‍යන්තර කමිටුව හරහා සම්පාදනය කරගත් තොරතුරු මත පදනම්ව ජපානයේ  සහ නැගෙනහිර ආසියාවේ සහල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන පිලිබදව විශේෂ උනන්දුවකින් කටයුතු කරන ලදී .   බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීමෙන් මා දේශහිතෛෂී  ජාතික ව්‍යාපාරය වෙත 2005 වර්ෂයේදී සම්බන්ධීකරණ කරන ලද අතර තාක්ෂණික කරුණු පිලිබදව එකගත්වයක් ඇති නොවීම මත තිරිගු පිටි ආදේශිත සහල්  කර්මාන්තය පිලිබදව පියවර ගැනීම සිදු නොවිණි.

යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිරින් පමණක් 51% ක වී නිෂ්පාදනයක් පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලද අතර පරිභෝජනය නොවන වී පිලිබදව ගැඹුරු සංවාදයක් නැවත ආරම්භ විය. 2009 වර්ෂයේදී වර්ෂයේදී හදිසියේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ  ආරියසීල වික්‍රමනායක මහතා තිරිගුපිටි  ආදේශිත උසස් තත්වයේ සහල් පිටි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම පිලිබදව නැවත මා සමග සාකච්ඡා කරන ලදී . කර්මාන්ත අමාත්‍යාංශය සෘජුව මෙයට මැදිහත් වූ අතර නිපුන, අරලිය, නිකාඩෝ , ඇල්ලී, රුහුණු වැනි සමාගම්ද ඉදිරිපත් විය. එවකට වසරකට රුපියල් මිලියන 44000 ක තිරිගු ආනයනය කරන ලද අතර එයින් භාගයක්  උසස් තත්වයේ සහල් පිටි වලින් ආදේශ කෙරෙන්නේ නම් පරිභෝජනය නොවන වී පිළිබද ප්‍රශ්නයක් පැන නොනගින බව අරියසීල වික්‍රමනායක මහතා සහ මා විසින් පෙන්වාදෙන ලදී. කර්මාන්ත ආරම්භ කෙරෙන්නේ නම් තිරිගු ආනයන බදු රු 12 සිට 20 දක්වා ඉහල දැමිය හැකි බව කර්මාන්ත අමාත්‍යංශයේ සහ මහා බැංකුවේ පැවතී සාකච්ඡාවලදී ප්‍රකාශයට පත්වුණු අතර බෙකෙරි සංගමය සහ බිස්කට් සමාගම් මෙම ජාතික ප්‍රශ්නය විසදීම සදහා දායක වීමට කැමැත්ත පළකරමින් උසස් තත්වයේ සහල් පිටි තිබේ නම් ආරම්භයේදීම මසකට ටොන් 3000 ක් පමණ අවශ්‍ය බව පෙන්වාදෙන ලදී.

ශ්‍රී ලංකාව ඇලෙන සුළු සහල් වර්ග නිපදවන්නේ නැති එකම වී ගොවිතැන් කරන රාජ්‍යයයි .එයට හේතුව ශ්‍රී ලංකාවේ සහල් ඇමයිලෝස් නමැති සංඝටකය ඉතා ඉහල ප්‍රතිශතයක් ඇති දැඩි සහල් වීමයි.අනෙක් සියලු රටවල විවිධ ප්‍රදේශ ලෙස වර්ග දෙකම නිපදවේ .ජාත්‍යන්තර වෙලදපොලේ තවමත් ඉල්ලුම ඇත්තේ ඇලෙන සුළු සහල් වලටය .එලෙසම මිලෙන් අනෙක් රටවලට සාපේක්ෂව ඉහලය . ශ්‍රී ලංකාවේ සහල් සදහා අපනයන වෙළද පොලක් සොයාගැනීම පහසු නැත.රට අභ්‍යන්තරයේම ඉහල පරිභෝජනය සහ අතුරු නිෂ්පාදන අපනයනය තීරණාත්මක වන්නේ එබැවිනි. උසස් තාක්ෂණයක් අවශ්‍යය වන්නේ තිරිගු ආදේශනය කිරීමටනම් ඇමයිලොස් අධික සහල් රත් නොවන ලෙස ඇඹරිය යුතු බැවිනි.ගොවි ජනතාවට මුදල් ගලාගෙන යන මේ කටයුත්තට අනෙක් සමාගම් තාක්ෂණික විසදුමක් සහිතව ඉදිරිපත් නොවූ බැවින් මෙයට ඉදිරිපත් වන ලෙසට ආරියසීල වික්‍රමනායක කරන ලද ඉල්ලීමට 2007 සිට නිෂ්ක්‍රිය දේශපාලන සත්වයෙකු වන  මාහට ප්‍රතික්ෂේප කළ නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේ ආරම්භයේම  තිරිගු   පිටි ආදේශිත පළමු සහල් පිටි කර්මාන්තශාලාව මන්චී නිර්මාතෘ මිකී වික්‍රමසිංහ මහතාගේද එකගත්වයෙන් හෙල්දිෆ්ලා නමින් මා විසින් ආරමභ කරන ලදී. දිවයින පුරා  බෙකෙරි සදහා සහල් පිටි සපයන ලද අතර බිස්කට් සමාගම් වලින් සහල් පිටි ආශ්‍රිත බිස්කට් නිපදවීමද , බිස්කට් වලට සහල් පිටි මිශ්‍ර කිරීමද ආරම්භ විය .කොටින්ම ලෝකප්‍රකට මැගී නුඩ්ල්ස් එක ලංකාවේ "රයිසි " බවට පත්වුණු අතර දිවයින පුරා වෑන් රථ සහ ත්‍රී වීල් චුන් පාන් වෙනුවට සහල් ආශ්‍රිත ආහාර විකුණන්නට පටන්ගත්තේ නුතන තායිලන්තයේ හෝ වියට්නාමයේ පරිද්දෙනි . නෙස්ට්ලේ ,මැලිබන්, මන්චී ,කීල්ස් ඇතුළු රටේ ප්‍රධාන ආහාර නිෂ්පාදන සමාගම් සියල්ලේම පර්යේෂකයින් සතිපතා මාගේ කර්මාන්තශාලාව සමග විවිධ නිෂ්පාදන සදහා සුදුසු පිටි නිෂ්පාදන සම්පාදනය කිරීමට පැමිණෙන්නට පටන් ගත්හ. ලොව ප්‍රකට මාරී බිස්කට් වර්ගය සහලින් සැදු  එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෙස විකිපීඩියා විශ්වකෝෂය අදටත් ප්‍රකාශ කරන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.

එයට ලැබුණු කීර්තිය කොපමණ සමාජ බලපෑමක් වුයේද යත් 2012 වර්ෂයේ  අග වන විට මධ්‍ය පරිමාණ සහල් පිටි යන්ත්‍රාගාර  200ක් රට පුරා සහල් කර්මාන්තශාලාවල සවි වුනු අතර, සහල් පිටි යන්ත්‍ර ආනයනය කරන පුත්තලමේ රයිසා සමගම පමණක් 2012- වර්ෂයේ කර්මාන්ත  49 ක් සදහා යන්ත්‍ර ආනයනය කරන ලදී. දිනකට ඉදි ආප්ප සදහා රත්වුණු සහල් පිටි ටොන් 100 ක් පමණ පිටකොටුව වෙළද පොලේ පමණක් හුවමාරු විය. 2013 වර්ෂය වන විට තිරිගු ආනයනය ටොන් ලක්ෂ 15 සිට 8 දක්වා අඩුවී ඩොලර් මිලියන 150 ක් ඉතිරිවුණු අතර ඒ සියලු මුදල් ගලාගියේ ගොවීන් සහ සහල් කර්මාන්තකරුවන්ගේ  අතටය. පාඩු ලබන කිසිදු ගොවියෙකු හෝ සහල් කර්මන්තකරුවෙකු 2010-2013 වන විට මේ බිම මත නොසිටි අතර ගොවීන්ගේ සහ සහල් කර්මාන්තකරුවන්ගේ ස්වර්ණමය යුගය ආරම්භ කළ " බණ්ඩාර මහත්මයාට " කිලිනොචිචියේ සිට තිස්සමහාරාමය දක්වාද , මඩකලපුව,අම්පාර දක්වාද  ගොවීන්ගේ සහ සහල් කර්මාන්තකරුවන්ගෙන් ලැබුණු  නොමද ආදරය විදිමටද මම වාසනාවන්ත වුයෙමි.මාගේ කර්මාන්තශාලාවට පමණක් සහල් කර්මාන්ත 42ක් සැපයුම් කරන ලද අතර බොහෝ ගොවි සංවිධාන සහ නායකයින්ද  නිතර කර්මන්තශාලවට පැමිණීමද මට ආශ්වාදයක් විය. කර්මාන්තය ආරම්භයේ රුපියල් 38ක් වූ සහල් මිල රු 55 දක්වා වේගයෙන් එසවී තිබිණි .අද මෙන් පද්ධතියේ පාඩුව පිටකරන ගොවීන් එදා දක්නට නොවීය.

සංචාරක හෝටල්වලට අප සැපයු සහල්   පිටි ග්ලුටන් නොමැති ආහාර සොයන සුද්දන් අතර ජනප්‍රිය වුණු අතර ඇතැම් ප්‍රධාන හෝටල්  ඒ පිළබදව විශේෂ වැඩසටහන් පවත්වන ලදී. දිවයිනේ ප්‍රධාන බිස්කට් සමාගම් 10ටම අප සැපයුම් කරන ලද අතර මන්චී නිර්මාතෘ මිකී වික්‍රමසිංහ මහතා පමණක් මාසිකව ටොන් 600 ක් සැපයීමට සුදානම් වන ලෙස මාහට උපදෙස් ලබාදෙන ලදී .  බිස්කට් සමාගමක් හිමි.ක්‍රිකට් ක්‍රීඩක මුරලිතරන්ගේ පියාද පෞද්ගලිකවම මේ පිලිබදව විශේෂ උනන්දුවකින් කටයුතු කරණ ලදී. මා විසින් මුද්‍රිත ෂොපින් මල්ලක් සහිතව ලංකා සතොස වෙත ලබාදුන් පාන් පිටි සහ හාල් වලින් සැදෙන සියලු දේ සදා ගත හැකි පාන් පිටි මෙන් කිරා තොග ලෙස මිලදී ගත හැකි සහල් පිටි ලංකා සතොස තුළ අලෙවි වෙන්නට පටන්ගත් අතර  ඉහලම අලෙවිය රොටී ප්‍රිය කරන වතු කම්කරුවන් සිටින ප්‍රදේශවලින් වාර්තා විය.

ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙවත් USDA ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 106 සිට 135 දක්වා ඉහල ගොස් තිරිගු පරිභෝජනය කිලෝග්‍රෑම් 56 සිට 35 දක්වා අඩුවී ඇති බව 2013 දී වාර්තා කරන ලද අතර කිලෝ ග්‍රෑම් 15 ක වෙනසකින් තායිලන්තය, වියට්නාමය ,ඉන්දුනීසියාව වැනි නුතන නැගී එන කාර්මික රාජ්‍යන්ගේ අගයට ආසන්න වෙමින් පැවතිනි. (වී වගා කරන කිසිදු රාජ්‍යක් තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 20කට වඩා පරිභෝජනයට ඉඩ නොදෙන අතර ග්‍රාමීය දරිද්‍රතාවය දුරුකරමින් කාර්මීකරණය දක්වා ප්‍රාග්ධනය රැස්කළ ප්‍රධාන ආහාරය සමග ඇති වෙළද පොළ කිසි කලෙක පාවා දී නැත ). මේ සියල්ල සිදු වෙද්දී  රාජපක්ෂ රජය පොරොන්දු වූ ලෙස තිරිගු ආනයන බදු රුපියල් 20 දක්වා වැඩිකරේ නැත .ඔවුන් එය පාන් පිටි සමාගම් වලින් කප්පම් ගැනීමට කදිම ලෙස යොදාගන්නා ලදී. (ගෝඨාභය බලයට පත්ව පළමුව සිදු කරේද තිරිගු පිටි සදහා තිබු ඉතිරි බද්ද ඉවත්කිරීමයි.රාජපක්ෂ පවුලේ පසුකාලීන තිරිගු ප්‍රේමය එළිපිටම  ප්‍රදර්ශණය කරන ලදී.)එයින් සහල් පිටි කර්මාන්තයේ වර්ධනයට බාධා ඇති කරන ලද අතර තිරිගු ආදේශිත එකම සහල් පිටි කර්මාන්තශාලාව මාගේ කර්මාන්තය පමණක්ම විය.අද හිරේ සිටින සතොස සභාපති " ජේවීපී කාරයාගේ " හාල් පිටි නවතා ඔහු දන්නා සාමාන්‍ය පිටි හදුන්වා දී වෙලද පොළ විනාශ කරන  ලදී. වී අලෙවි මණ්ඩලයේ සහ ආහාර දෙපාර්තමේන්තුවේ සහල් රට පැටවීම හරහා මංකොල්ල කන ලදී.සත්ව ආහාර ලෙස සහල් පිටවීම ආරම්භ වුණු රාජපක්ෂ යුගයේ සහල් හොදම ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්වුයේ ගනුදෙනු අදටත් සොයාගැනීමටත් නොහැකි පරිද්දෙනි.යහපාලනය පැමිණි පසු වංචා විමර්ශන ඒකකය විසින් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ සීල් නොතබන ලද්දේ මාගේ කර්මාන්තශාලාව පැවති භුමිය පමණි

2014 වර්ෂයේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොවූ නමුත් මාස 10කටම බලපැවැත්වූ නියගය විසින් සහල් හිගයක් නිර්මාණය වූ අතර තිරිගු පරිභෝජනය ක්ෂණිකව ටොන් ලක්ෂ 14 දක්වා ඉහල යන ලදී. වී සහ සහල් කර්මාන්තයේ මළගම උදාවුයේ 2015 ජනවාරි 19 දැවැන්ත අස්වැන්නක් ලැබෙමින් තිබියදී තිරිගු ආනයන බදු යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගමය . එය වංචාවකි .මහා භාණ්ඩාගාරයට ගෙවමින් සිටින බදු සාක්කුවේ දමාගැනීමට කියන්නේ නම් එයින් මුදලක් තක්කඩි දේශපාලකයාට නොලැබෙන්නේ යයි කාට කිව හැකිද ?.සහල් පිටි වලින් අතුරු නිෂ්පාදන කරනු ලැබූ සමාගම් සියල්ලම අප අතහැර පාන් පිටි වලටම ආපසු හරවන ලදී .රජයේ ගබඩාවල වී කදු ගොඩ ගැසිනි. ඒවා සත්ව ආහාර වලට තුට්ටු දෙකට විකුණා රනිල් පාලනය විසින් වංචා කරන ලදී.2015 යල කන්නය වනවිට පෙර කන්නයේ වී සහල් කර විකුණාගත නොහැකිවූ සහල් කර්මාන්ත 600ක් පමණ වූ අතර 2016 වන විට දහස ඉක්මවා  සහල් කර්මාන්ත බංකොලොත් වුයේ සහල් පරිභෝජනය තිරිගු ආක්‍රමණයෙන්  135 සිට යලි 100 ට ඇද වැටීමෙනි. සහල් කර්මාන්ත මසකට දින 20ක් වත් ක්‍රියාකාරී වීමට නම් එකල සහල් ටොන් 280,000 ක මසකට අලෙවි විය යුතු වුවත් මාසික අලෙවිය 180,000 දක්වා අඩු වෙමින් වෙළදපොල සංකෝචනය විය .සහල් කර්මාන්තකරුවන් බැංකු වලට සින්න විය .සහල් කර්මාන්තකරුවන් පමණක් කළමනාකරණය නොදත් ස්වකැමැත්තෙන්  බංකොලොත් වන බැංකුවලට පොලු තියන හොරු පිරිසක් ලෙස හංවඩු ගසන ලදී. සමස්ත වෙළද පොළ සහ ව්‍යාපාරික සමතුලිත ගුණිතය (break even analysis) සොයා ගැනීමට නොහැකි වූ හර්ෂ ද සිල්වා මසකට දින 3-4 ක් හාල් මෝල් ක්‍රියාත්මක කිරීමට ශක්ති ව්‍යාපෘතිය ගෙනවිත් රජයට කෝටි 30 ක් අහිමි කර මෝල් කරුවන් ඡන්දය පවතින තෙක් අඩුමිලට සහල් සැපයීමේ උගුලකට අසුකොට දන්ගෙඩියට යවා හොරුන් වෙනුවට කම්බ  හොරුන් බවට ලේබල් කරවන  ලදී . ප්‍රතිඵලය වුයේ රාජපක්ෂ යුගයේ පෙර පැවති ගොවි සහයෝගය එලෙසම තබාගෙන හැට නම ලක්ෂයකින් ගෝඨාභය බලයට රැගෙන එමින් යහ පාලනය සුනු විසුණු කර දැමීමයි .රාජපක්ෂගේ  සිට යහපාලනයට කිට්ටුවී ගොවියකුගේ අදායම මසකට රුපියල් 6000 කට බැස්සවූ පිටි සමාගම් මෙහෙයවන බිස්කට් සහ බෙකෙරි සංගම් 2020 දී යලි රාජපක්ෂ කදවුරට වටවුණු අතර දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවට මාරාන්තික ලණු ගිල්ලවමින් කිට්ටුවට වී සිටීමට බොහෝ ඉඩ තිබේ.

දැන් යලිත් යහපාලන යුගයේ 2015 පැමිණීමට නියමිතව ඇත. ඉතිහාසයේ දැවැන්තම යල කන්නයේ අස්වැන්න ලැබී ඇත.එය ටොන් ලක්ෂ 24 ඉක්මවා යෑමට ඉඩ ඇත. ඓතිහාසික යල කන්නයකි.පොළොන්නරුවේ වී මිල වැටුනත්  මිල පහල නොයන ගම්පහ දිස්ත්‍රික්කයේ තෙත වී මිල රුපියල් 80 කි. ගොවියා 2015 මෙන් පාඩු ලැබීම ආරම්භ වී ඇත්තේ දිගු කලක් පැවති සැපයුම්  ගැටලුව පමණක් කාලගුණයේ යහපත් භාවය සහ ගුණාත්මක පොහොර සැපයීමෙන් කෘෂිකර්ම ඇමතිවරු සාර්ථකව විසදා ඇති බැවිනි.එහෙත් ඉල්ලුම සමපාත කර නැත. පසුගිය කන්නයේ රු 130 ට මිලදී ගත් වී තවමත් මෝල් වලය. පසු අස්වනු තාක්ෂණික ආයතනයට අනුව කැකුළු සහ තම්බපු සහල් මිලේ වෙනස රුපියල් 3 කි. එනම් පවතින පාලන මිලද වැරදිය . දැන් සහල් ඉල්ලුම අඩු බැවින් " බණ්ඩාර මහත්තයා කියපු දේ ආයෙත් වෙලා යයි " කියමින් දිවයිනේ  ප්‍රධාන සහල් සහ පිටි කර්මාන්තකරුවන් මේ දිනවල මා අමතන්නට පටන් ගෙන තිබේ. රු 220 ක් මදි යයි කියූ  සහල්   කර්මාන්තකරුවන් දැන් සහල් විකුනන්නේ රු 180 කටය. පද්ධතියේ පාඩුව වී ගොවියන් සහ සහල් කර්මාන්තකරුවන්ගෙන්  පිටවීම ආරම්භ වී ඇත . ලබන කන්නය  වන විට " කළමනාකරණය නොදත් මෝඩ සහල් මෝල් කරුවන් "යයි නම් කරන පිරිසක් අලුතින් එක්වෙනු ඇත. ඔවුන් බංකොලොත් වී, ගොවියන්ද සමග පෙරටුගාමීන් සහ සමගි ජන බලවේග, පොහොට්ටු සමග ජනාධිපති කාර්යාලයේ ගේට්ටුවට ජාතික ජන බලවේගය විසින්ම ගෙන්වා ගනු ඇත. හේතුව ආණ්ඩුවේ සිටින්නේ ආදායම් වැඩි කිරීම වෙනුවට බඩු  මිල අඩුකිරීම තෝරාගත් උද්ධච්ච ඇමති පිරිසක් බැවිනි.ඔවුන් අනුගමනය කලේ රාජපක්ෂලා අසාර්ථක වනතුරුම ගොවි බිමේ සහය දිනාගත නොහැකිවූ වැඩ පිළිවෙලකි .ඔවුන් දැනටමත් මොණරාගල දිස්ත්‍රික්කය  විනාශ කර ඇත.ප්‍රතිපත්ති සහ ගණනය කිරීම් නිවැරදිව ස්ථාපිත කර මසකට රුපියල් 6000 ක් පමණක් උපයන ගොවි පවුල් ලක්ෂ 12කගේ අදායම් ඉහල දැමීම වෙනුවෙන්  එක් පුරවැසියෙක් දිනකට රු 3ක වියදමක් වැඩිකර ගැනීමට යෝජනා කිරීමට ඔවුන්ගේ කශේරුව පණ නැති බව පෙනේ.

කාළගුණය යහපත් වුවහොත් ලබන මහා කන්නයේ දැවැන්ත අස්වැන්නක් ලැබී වී අලෙවි මණ්ඩල පහකට වී රැගෙන ගොවී හමුදාවක්  වී අලෙවි මණ්ඩලයට එනු ඇත .වී අස්වැන්න මහා කන්නයේ ටොන් ලක්ෂ 32 අභිබවනු ඇත.  හේතුව ව්‍යාපාරිකයින් වී මිලදී ගැනීමට ප්‍රාග්ධනයක් නොමැති සහ පෙර වී විකිනෙන්නේ නැති සහල් කර්මාන්තකරුවන්  යලිත් සිටින වර්ෂයක් බවට පත්වීමට 2026  වර්ෂය  සුදානම් බැවිනි. පාන් පිටි සොච්චමක් සීමා කර රාජපක්ෂලා අවුරුදු 15 කට කට බලය රැකගත් පාඩම ඉගෙනනොගන්නේ නම් හෝ වී  වගා කරන කෘෂිකර්ම, වෙළද සහ කර්මාන්ත ඇමතිවරු සිටින අනෙකුත් නැගී එන රටවල් අධ්‍යනය නොකරන්නේ නම්  හෝ පාන් පිටි කොම්පැනියෙන් පාගා ගැනීම සදහා වී වගාව සීමා කිරීමට ගොස් (paddy abandoned program )ඇනගත් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය තේරුම් නොගන්නේ නම් හෝ ගොවි බිමේ සහාය පුජාකර ගොඩනැගු ඓතිහාසික ආණ්ඩුවේ බලය විනාශ කිරීම ආණ්ඩුව විසින්ම සිදු කරගනු ඇත . දැන් සහල් මසකට ටොන් ලක්ෂ 3 ක් පරිභෝජනය කරන සැලැස්මට විවිධ නිෂ්පාදන සමග අවතීර්ණ නොවන්නේ නම් මහත් විනාශයක් අත්පත් කරගැනීමට නියමිතය .

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම අභියෝගයක් බව බිමල් රත්නායක ඇමති තුමා ප්‍රකාශ කර ඇත. වතු කම්කරුවන් තිරිගු පරිභෝජනය කරයි. නමුත් ඔවුන් 2013 වන විට බත් සහ සහල් පිටි වලට හුරුවෙමින් සිටි අතර මා නිපදවූ රොටී හැදිය හැකි සහල් පිටි වැඩියෙන්ම ලක්සතොස හරහා අලෙවි වුයේ වතුකරයේය. දේශපාලකයින් පිටි කොම්පැණි සමග එකතුව සාක්කුවේ දාගත් මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු  බදු යලි ලැබෙන ලෙසට බදු පනවන්නේ නම් තිරිගු ආනයනය ටොන් ලක්ෂ 7කට පමණ වැටෙනු ඇත. වතු කමකරුවෙකුගේ වියදම මසකට රුපියල් 1500 කින් පමණ වැඩි වෙනු ඇත. රජයට බිලියන 60 ක පමණ අදායමක් එක්වනු ඇත. වතු කම්කරුවෙකුගේ මාසික වැටුප රු 10000 කින් වැඩි කිරීමට එම බද්දෙන් අවශ්‍ය වනුයේ බිලියන 24 කි .ඉතිරිය හර්ෂණ සුරියප්පෙරුම මහතාට කැමති දෙයකට යොදවා ගත හැක.එයින් ගොවියන් සහ වතු කම්කරුවන් එකිනෙකා බද්ධ වනු ඇත . වී ගොවියන් මරා ජීවත් නොවන ශ්‍රේෂ්ඨ ජනතාවක් මේ අනෙකුත් වී වගාවෙන් ධනවත් වූ රටවල මෙන් බිහිවනු ඇත. තිරිගු නිෂ්පාදන අපනයනය කරන කර්මාන්ත සදහා TEAP ක්‍රමය දැනටමත් තිබේ. එය අපනයන කර්මාන්ත සාර්ථකව භාවිතා කරයි .කිසිදු මහප්‍රාණ ගැටළුවක් නැත. අවශ්‍ය වන්නේ කුඩා මොළයක්  පමණි.

අප යල්  පැනගිය දේවල් කියන බව සිතන ඇමති සහෝදරවරුන් සිටින බව මා දනිමි. ඔවුන්ට නුතන වියට්නාමය,කම්පුචියව, පිලිපීනය, ලාඕසය ,තායිලන්තය ,මියන්මාරය අධ්‍යනය කර සහල් සහ තිරිගු අතර අන්තර් සම්බන්ධය තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එහෙමත් බැරිනම් පොතේ ගුරු මොළයට තමන්ම ටොක්කක් ඇනගෙන 2013 වර්ෂයේ ටොන් ලක්ෂ 8 කට බැස තිබු තිරිගු පරිභෝජනය බදු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොවූ 2014 වර්ෂයේ නියගයත්  සමග ටොන් ලක්ෂ 12 අභිබවා ඉහල ගියේ මයියොක්කා හිග වීමෙන්දැයි සොයා බලා දුර බනුවෙන් මා අමතන ලෙස ඉල්ලා සිටිමි.  

- අරුණ කාන්ත බණ්ඩාර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.