News Category
From Date
To Date
Maximum Number of Result

දේශප්‍රේමී අධ්‍යාපනයට නීතියක්..

Sep 1, 2025 at 12:48 PM
|

මාතෘභූමිය කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කිරීමත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපැවීම සඳහා ළැදියාවක් ඇති කරවීමත් තමයි දේශප්‍රේමී අධ්‍යාපනයෙන් සිද්දවෙන්නේ. දේශපාලන සහ මතවාදී අධ්‍යාපනයටත් දේශප්‍රේමී අධ්‍යාපනය නැතුව ම බෑ. ඉතින් චීනයේ අධ්‍යාපනය තුළ දේශප්‍රේමයේ බැනරය ඉහළින් ම ඔසවලා තියෙනවා. පාසල් ශිෂ්‍යයන් ඇතුළු තමන්ගේ ජනතාවට දේශප්‍රේමී අධ්‍යාපනය ලබාදීමේ නීතිගත වැඩපිළිවෙළක් චීනයේ ක්‍රියාත්මක වෙනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනයේ ස්වභාවය මේ විදිහටයි හඳුන්වලා දීලා තියෙන්නේ.

චීන ජාතියේ ද්‍රව්‍යමය සහ සංස්කෘතික ධනය අඛණ්ඩව පෝෂණයකිරීමටත් සංවර්ධනය කිරීමටත් අනවරත අරගලයක නිරතවෙමින් වෙහෙසී වැඩකිරීම; වාර්ගික සහ වෙනත් බෙදීම්වලට විරුද්ධවෙමින්, සියලු වාර්ගික කණ්ඩායම්වල එකමුතුකම සහ සහයෝගීතාව ආරක්‍ෂාකිරීම සහ රට එක්සේසත් කිරීම; විදේශීය ආක්‍රමණවලට එරෙහිව එකමුතුවීම, නිර්භීතව ඒවාට ප්‍රතිරෝධය දැක්වීම සහ මාතෘභූමියේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්‍ෂාකිරීම වෙනුවෙන් කැපැවීම; චීන ජාතියේ ඓතිහාසික සංවර්ධනයට සහ සමාජ ප්‍රගමණයට බාධා කරන සියලු බලවේගවලට සහ ක්‍රමවලට එරෙහිව සටන්කිරීම; මාතෘභූමියේ සමෘද්ධිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම.

ඉහළින් දක්වපු පොදු ජාතික දේශප්‍රේමී අදහස්වලට අමතරව, චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනයට චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට සහ සමාජවාදයට ආදරය කිරීමත් ඇතුළත් කරලා තියෙනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවසානයට පනවලා තියෙන නීතිය හැඳින්වෙන්නේ “චීන මහජන ජනරජයේ දේශප්‍රේමී අධ්‍යාපන නීතිය” කියන නමින්. 2023 ඔක්තෝබර් 24 වැනි දා රැස්වෙච්ච 14 වැනි චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ 6 වැනි සභා වාරයේ දී තමයි මේ නීතිය සම්මත කරගත්තේ. 2024 ජනවාරි 1 වැනි දා ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක වෙනවා.

මේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළේ අරමුණුත් ඉතාමත් පැහැදිළිව සහ නිරවුල්ව දක්වලා තියෙනවා.

සියලු ජනතාව අතර (විශේෂයෙන් ම, තරුණ ප්‍රජාව අතර) ජාතික ආත්ම අභිමානය සහ ගර්වය වර්ධනය කරවීම, රට සහ ජාතිය වෙනුවෙන් පරාර්ථකාමී කැපකිරීම් සහ වීරෝදාර පරිත්‍යාග පිළිබඳ පරමාදර්ශ සහ විශ්වාසයන් ස්ථාපිත කරවීම, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන්, රටේ සහ ජාතියේ ගෞරවය සහ අවශ්‍යතා දැනුවත්ව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සටන්කිරීමට පෙළැඹවීමක් ඇති කරවීම, ජාතික සහජීවනය ප්‍රවර්ධනය සහ ජාතික නූතනත්වය පිළිබඳ අදහස් ප්‍රචලිත කරවීම.

උක්ත අරමුණු සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් දේශප්‍රේමී අධ්‍යාපනයේ අන්තර්ගතයත් සකස් කරලා තියෙනවා. ඉඩකඩ සීමාව සළකලා ඒ අන්තර්ගතයේ ප්‍රධාන කරුණු තුන විතරක් දක්වන්න පුළුවන්.

1. ජාතික සහ වාර්ගික ඉතිහාසය ඉගැන්වීම:

රටේ ආරම්භය, ගොඩනැගීම සහ සංවර්ධනය; විවිධ වාර්ගික කණ්ඩායම් එකතුවීම, වර්තමාන සමාජ ක්‍රමයේ ලක්‍ෂණ සහ එය වර්ධනය වූ ආකාරය, ජාතික නිදහස - ආක්‍රමණවලට එරෙහි ප්‍රතිරෝධය සහ මහජන විමුක්තිය පිළිබඳ ඉතිහාසය, සහ වීරයන්ගේ කාර්යභාරය මෙයට ඇතුළත්. චීනය කියන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනය තුළ මූලිකව ම ඒ ගැන කියාදෙනවා.

මෙම ඉතිහාස ඉගැන්වීමේ කාර්යයේ දී, විශේෂයෙන්ම නූතන චීනයට එල්ලවෙච්ච විදේශීය ආක්‍රමණ සහ බලහත්කාරකම්, ඒවාට එරෙහිව චීන ජාතිය දැක්වූ ප්‍රතිරෝධය, ජාතික ස්වෛරීභාවය - එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාව රැකගැනීම වෙනුවෙනුත් ජාතික නිදහස සහ මහජන විමුක්තිය දිනාගැනීම වෙනුවෙනුත් කරන ලද අරගලයේ ඉතිහාසය ඉගැන්වෙනවා. චීන මහජන ජනරජය පිහිටුවීම සඳහා චීන පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් කරන ලද වීරෝදාර අරගලයේ දී චීන ජනතාව විසින් ප්‍රකාශ කරන ලද උත්තුංග ජීවගුණය සහ තේජාන්විත ජයග්‍රහණ, ජාතික නිදහස සහ මහජන විමුක්තිය සඳහා වූ යුද්ධවල දී ලේ වගුරුවා සටන් කරමින් ශක්තිමත් වූ චීන මහජන විමුක්ති හමුදාවේ තේජාන්විත ගමන මේ තුළින් ඉස්මතු කෙරෙනවා.

2. චීන ජාතිය සතු විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන ඉගැන්වීම:

ජාතියේ කැපී පෙනෙන ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් සහ චීන ජාතිය විසින් අත්පත් කරගත් කීර්තිමත් විද්‍යාත්මක සහ තාක්‍ෂණික ජයග්‍රහණ ගැන මේ යටතේ කියාදෙනවා. විශිෂ්ට වූ දේශපාලන, භෞතික සහ අධ්‍යාත්මික දායකත්වයන් තුළින් චීන ශිෂ්ටාචාරය සමාජ සංවර්ධනයට සහ මානව ප්‍රගමනයට දායක වූ ආකාරයත් මේ තුළින් පෙන්නලා දෙනවා. මෙම සංස්කෘතික අධ්‍යාපනය තුළින් චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ හරය සහ සාරය ඉස්මතු කරලා දක්වනවා. මේ තුළින් චීන ජාතියේ ආත්ම අභිමානය, විශ්වාසය සහ ගර්වය ප්‍රවර්ධනය කරනවා.

3. චීන ජාතියේ වර්තමාන ස්වරූපය පිළිබඳව ඉගැන්වීම:

චීිනයට අයත් භූමිය, සාගරය ඇතුළු ජල සම්පත්, අවකාශය, භූගෝලය, භූ දර්ශන, ස්වාභාවික සම්පත් ගැන කියලා දෙන අතර ම වර්තමාන සමාජ ක්‍රමයේ උසස් බව ගැනත් ජාතික සංවර්ධනයේ ජයග්‍රහණ ගැනත් මේ තුළින් උගන්නනවා. චීන සමාජවාදී ක්‍රමයේ විශිෂ්ටත්වය, චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ නායකත්වය යටතේ සමාජවාදී නූතනත්වය වෙනුවෙන් අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහණ සහ චීන ලක්‍ෂණ සහිත නූතනත්වයක් වෙනුවෙන් පවත්නා උතුම් අපේක්‍ෂාවන් මේ අධ්‍යාපනයෙන් අවධාරණය කරනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනය සියලු පුරවැසියන් ආවරණය කෙරෙන එකක්. ඉතින් මේ අධ්‍යාපනය විවිධාකාර ස්වරූපවලින් ලබාදෙනවා. මේ අධ්‍යාපනය ලබාදීමේ වගකීම රාජ්‍ය ආයතනවලට, හමුදාවට, පාසල් සහ විශ්වවිද්‍යාලවලට, මාධ්‍ය ආයතනවලට, ව්‍යාපාරික ආයතනවලට, නාගරික සහ ග්‍රාමීය සංවිධානවලට, වෙනත් ආයතනවලට, සමාජ කණ්ඩායම්වලට, සහ පවුල්වලට පවරලා තියෙනවා.

මූලික වශයෙන් පාසල් තුළ ලබාදෙන පංති කාමර අධ්‍යාපනය, ඉලක්කගත අධි-ශික්‍ෂණය, ගුවන්විදුලිය - රූපවාහිනය - චිත්‍රපට සහ ටෙලි නාට්‍ය - වේදිකා නාට්‍ය සහ නෘත්‍ය රංග - පුවත්පත් සහ වාර ප්‍රකාශන - අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය මේ සඳහා යොදාගන්නවා. සම්මන්ත්‍රණ සහ දේශන සංවිධානය කරනවා. දැනුම මිනුම තරඟ පවත්වනවා. සංවත්සර උත්සව සංවිධානය කරනවා. සංස්කෘතික, ක්‍රීඩා සහ විනෝද උත්සව පවත්වනවා. කෞතුකාගාර, අනුස්මරණ ශාලා සහ ස්මාරක නැරැඹීමට යෑම් සංවිධානය කරනවා. ජාතික ආරක්‍ෂක වැඩමුළු සහ දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු සංවිධානය කරනවා. ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන සහ ස්වභාවික දර්ශනීය ස්ථාන සහ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති නැරැඹීමේ සංචාර දිරිගන්වනවා. ජාතික ජයග්‍රහණ පෙන්නන ප්‍රදර්ශන පවත්වනවා.

ප්‍රාථමික සහ ද්විතීයික පාසල් ශිෂ්‍යයන් අරමුණු කරගෙන ජාතික වශයෙන් වැදගත් දේශප්‍රේමී මූල කඳවුරු ස්ථාන හඳුන්වාදීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ 1996 නොවැම්බර් මාසයේ දී, මුළු රට ම ආවරණය වෙන විදිහට එහෙම ස්ථාන 100 ක් නම් කළා. ඒ අතරින් 19 ක් ම චීන ජාතියේ දීර්ඝ ඉතිහාසය සහ සාරවත් සංස්කෘතිය නිරූපණය කරන ඒවා. ජපන් ආක්‍රමණය සහ වෙනත් අධිරාජ්‍යවාදී බලපෑම් හින්දා චීන ජාතිය පීඩාවට පත්වීමත් ඒ බලහත්කාරකම්වලට එරෙහිව චීන ජාතියේ විරෝදාර අරගලය ප්‍රකාශ කෙරෙන ස්ථාන 9 කුත් ඒ අතර තියෙනවා. චීන මහජන විප්ලවය සහ වර්තමාන දේශය ගොඩනැගීම්වලට අදාළ ස්ථාන 72 කුත් ඒ අතර තියෙනවා. 1997 ජුලි මාසයේ දී, මේ ස්ථාන 100 ආවරණය කෙරෙන දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළකුත් හඳුන්වලා දුන්නා.

2001 ජුනි 11 වැනි දා, තවත් ස්ථාන 100 ක් දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු භූමි විදිහට නම් කළා. 2005 නොවැම්බර් 20 වැනි දා, මේ දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු ලැයිස්තුවට තවත් ස්ථාන 66 ක් එකතු කළා. 2009 මැයි මාසයේ දී, තවත් ස්ථාන 87 ක් මේ ලැයිස්තුවට එකතු කළා. මේ  විදිහට 1997 ජුලි මාසයේ ඉඳලා 2021 ජුනි මාසය දක්වා ප්‍රකාශයට පත් කරලා තියෙන දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු භූමි ප්‍රමාණය ගණනින් 585 ක්.

මේ ලිපිය ආරම්භයේ දී ම දක්වපු ආකාරයට චීනයේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළ නීතියකින් බල ගන්වපු එකක්. දේශප්‍රේමී අධ්‍යාපනයට අදාළ මූලික විධිවිධාන, යුතුකම් සහ වගකීම්, ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන, සහාය ලබාදීම් සහ ඇපවීම් මේ නීතිය තුළින් දක්වලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙළ මග අරින්න පුළුවන්කමක් කාටවත් නෑ. කැමැති නම් ඉතිහාසය ඉගෙනගන්න, අකැමැති නම් නිකම් ඉන්න වගේ දේශද්‍රෝහී ක්‍රම හඳුන්වාදෙන්න ඉඩක් චීනයේ නෑ. ඉතින් චීනයේ දේශද්‍රෝහී අධ්‍යාපන ඇමැතිවරු ඉන්නවා ද කියලා අහන්න ඕනත් නෑ!

(2025 අගෝස්තු 31 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 11 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.