News Category
From Date
To Date
Maximum Number of Result

දේශප්‍රේමී අධ්‍යාපනයට නීතියක්..

Sep 1, 2025 at 12:48 PM
|

මාතෘභූමිය කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කිරීමත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපැවීම සඳහා ළැදියාවක් ඇති කරවීමත් තමයි දේශප්‍රේමී අධ්‍යාපනයෙන් සිද්දවෙන්නේ. දේශපාලන සහ මතවාදී අධ්‍යාපනයටත් දේශප්‍රේමී අධ්‍යාපනය නැතුව ම බෑ. ඉතින් චීනයේ අධ්‍යාපනය තුළ දේශප්‍රේමයේ බැනරය ඉහළින් ම ඔසවලා තියෙනවා. පාසල් ශිෂ්‍යයන් ඇතුළු තමන්ගේ ජනතාවට දේශප්‍රේමී අධ්‍යාපනය ලබාදීමේ නීතිගත වැඩපිළිවෙළක් චීනයේ ක්‍රියාත්මක වෙනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනයේ ස්වභාවය මේ විදිහටයි හඳුන්වලා දීලා තියෙන්නේ.

චීන ජාතියේ ද්‍රව්‍යමය සහ සංස්කෘතික ධනය අඛණ්ඩව පෝෂණයකිරීමටත් සංවර්ධනය කිරීමටත් අනවරත අරගලයක නිරතවෙමින් වෙහෙසී වැඩකිරීම; වාර්ගික සහ වෙනත් බෙදීම්වලට විරුද්ධවෙමින්, සියලු වාර්ගික කණ්ඩායම්වල එකමුතුකම සහ සහයෝගීතාව ආරක්‍ෂාකිරීම සහ රට එක්සේසත් කිරීම; විදේශීය ආක්‍රමණවලට එරෙහිව එකමුතුවීම, නිර්භීතව ඒවාට ප්‍රතිරෝධය දැක්වීම සහ මාතෘභූමියේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්‍ෂාකිරීම වෙනුවෙන් කැපැවීම; චීන ජාතියේ ඓතිහාසික සංවර්ධනයට සහ සමාජ ප්‍රගමණයට බාධා කරන සියලු බලවේගවලට සහ ක්‍රමවලට එරෙහිව සටන්කිරීම; මාතෘභූමියේ සමෘද්ධිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම.

ඉහළින් දක්වපු පොදු ජාතික දේශප්‍රේමී අදහස්වලට අමතරව, චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනයට චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට සහ සමාජවාදයට ආදරය කිරීමත් ඇතුළත් කරලා තියෙනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවසානයට පනවලා තියෙන නීතිය හැඳින්වෙන්නේ “චීන මහජන ජනරජයේ දේශප්‍රේමී අධ්‍යාපන නීතිය” කියන නමින්. 2023 ඔක්තෝබර් 24 වැනි දා රැස්වෙච්ච 14 වැනි චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ 6 වැනි සභා වාරයේ දී තමයි මේ නීතිය සම්මත කරගත්තේ. 2024 ජනවාරි 1 වැනි දා ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක වෙනවා.

මේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළේ අරමුණුත් ඉතාමත් පැහැදිළිව සහ නිරවුල්ව දක්වලා තියෙනවා.

සියලු ජනතාව අතර (විශේෂයෙන් ම, තරුණ ප්‍රජාව අතර) ජාතික ආත්ම අභිමානය සහ ගර්වය වර්ධනය කරවීම, රට සහ ජාතිය වෙනුවෙන් පරාර්ථකාමී කැපකිරීම් සහ වීරෝදාර පරිත්‍යාග පිළිබඳ පරමාදර්ශ සහ විශ්වාසයන් ස්ථාපිත කරවීම, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන්, රටේ සහ ජාතියේ ගෞරවය සහ අවශ්‍යතා දැනුවත්ව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සටන්කිරීමට පෙළැඹවීමක් ඇති කරවීම, ජාතික සහජීවනය ප්‍රවර්ධනය සහ ජාතික නූතනත්වය පිළිබඳ අදහස් ප්‍රචලිත කරවීම.

උක්ත අරමුණු සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් දේශප්‍රේමී අධ්‍යාපනයේ අන්තර්ගතයත් සකස් කරලා තියෙනවා. ඉඩකඩ සීමාව සළකලා ඒ අන්තර්ගතයේ ප්‍රධාන කරුණු තුන විතරක් දක්වන්න පුළුවන්.

1. ජාතික සහ වාර්ගික ඉතිහාසය ඉගැන්වීම:

රටේ ආරම්භය, ගොඩනැගීම සහ සංවර්ධනය; විවිධ වාර්ගික කණ්ඩායම් එකතුවීම, වර්තමාන සමාජ ක්‍රමයේ ලක්‍ෂණ සහ එය වර්ධනය වූ ආකාරය, ජාතික නිදහස - ආක්‍රමණවලට එරෙහි ප්‍රතිරෝධය සහ මහජන විමුක්තිය පිළිබඳ ඉතිහාසය, සහ වීරයන්ගේ කාර්යභාරය මෙයට ඇතුළත්. චීනය කියන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනය තුළ මූලිකව ම ඒ ගැන කියාදෙනවා.

මෙම ඉතිහාස ඉගැන්වීමේ කාර්යයේ දී, විශේෂයෙන්ම නූතන චීනයට එල්ලවෙච්ච විදේශීය ආක්‍රමණ සහ බලහත්කාරකම්, ඒවාට එරෙහිව චීන ජාතිය දැක්වූ ප්‍රතිරෝධය, ජාතික ස්වෛරීභාවය - එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාව රැකගැනීම වෙනුවෙනුත් ජාතික නිදහස සහ මහජන විමුක්තිය දිනාගැනීම වෙනුවෙනුත් කරන ලද අරගලයේ ඉතිහාසය ඉගැන්වෙනවා. චීන මහජන ජනරජය පිහිටුවීම සඳහා චීන පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් කරන ලද වීරෝදාර අරගලයේ දී චීන ජනතාව විසින් ප්‍රකාශ කරන ලද උත්තුංග ජීවගුණය සහ තේජාන්විත ජයග්‍රහණ, ජාතික නිදහස සහ මහජන විමුක්තිය සඳහා වූ යුද්ධවල දී ලේ වගුරුවා සටන් කරමින් ශක්තිමත් වූ චීන මහජන විමුක්ති හමුදාවේ තේජාන්විත ගමන මේ තුළින් ඉස්මතු කෙරෙනවා.

2. චීන ජාතිය සතු විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන ඉගැන්වීම:

ජාතියේ කැපී පෙනෙන ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් සහ චීන ජාතිය විසින් අත්පත් කරගත් කීර්තිමත් විද්‍යාත්මක සහ තාක්‍ෂණික ජයග්‍රහණ ගැන මේ යටතේ කියාදෙනවා. විශිෂ්ට වූ දේශපාලන, භෞතික සහ අධ්‍යාත්මික දායකත්වයන් තුළින් චීන ශිෂ්ටාචාරය සමාජ සංවර්ධනයට සහ මානව ප්‍රගමනයට දායක වූ ආකාරයත් මේ තුළින් පෙන්නලා දෙනවා. මෙම සංස්කෘතික අධ්‍යාපනය තුළින් චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ හරය සහ සාරය ඉස්මතු කරලා දක්වනවා. මේ තුළින් චීන ජාතියේ ආත්ම අභිමානය, විශ්වාසය සහ ගර්වය ප්‍රවර්ධනය කරනවා.

3. චීන ජාතියේ වර්තමාන ස්වරූපය පිළිබඳව ඉගැන්වීම:

චීිනයට අයත් භූමිය, සාගරය ඇතුළු ජල සම්පත්, අවකාශය, භූගෝලය, භූ දර්ශන, ස්වාභාවික සම්පත් ගැන කියලා දෙන අතර ම වර්තමාන සමාජ ක්‍රමයේ උසස් බව ගැනත් ජාතික සංවර්ධනයේ ජයග්‍රහණ ගැනත් මේ තුළින් උගන්නනවා. චීන සමාජවාදී ක්‍රමයේ විශිෂ්ටත්වය, චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ නායකත්වය යටතේ සමාජවාදී නූතනත්වය වෙනුවෙන් අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහණ සහ චීන ලක්‍ෂණ සහිත නූතනත්වයක් වෙනුවෙන් පවත්නා උතුම් අපේක්‍ෂාවන් මේ අධ්‍යාපනයෙන් අවධාරණය කරනවා.

චීනයේ දේශප්‍රේමී අධ්‍යාපනය සියලු පුරවැසියන් ආවරණය කෙරෙන එකක්. ඉතින් මේ අධ්‍යාපනය විවිධාකාර ස්වරූපවලින් ලබාදෙනවා. මේ අධ්‍යාපනය ලබාදීමේ වගකීම රාජ්‍ය ආයතනවලට, හමුදාවට, පාසල් සහ විශ්වවිද්‍යාලවලට, මාධ්‍ය ආයතනවලට, ව්‍යාපාරික ආයතනවලට, නාගරික සහ ග්‍රාමීය සංවිධානවලට, වෙනත් ආයතනවලට, සමාජ කණ්ඩායම්වලට, සහ පවුල්වලට පවරලා තියෙනවා.

මූලික වශයෙන් පාසල් තුළ ලබාදෙන පංති කාමර අධ්‍යාපනය, ඉලක්කගත අධි-ශික්‍ෂණය, ගුවන්විදුලිය - රූපවාහිනය - චිත්‍රපට සහ ටෙලි නාට්‍ය - වේදිකා නාට්‍ය සහ නෘත්‍ය රංග - පුවත්පත් සහ වාර ප්‍රකාශන - අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය මේ සඳහා යොදාගන්නවා. සම්මන්ත්‍රණ සහ දේශන සංවිධානය කරනවා. දැනුම මිනුම තරඟ පවත්වනවා. සංවත්සර උත්සව සංවිධානය කරනවා. සංස්කෘතික, ක්‍රීඩා සහ විනෝද උත්සව පවත්වනවා. කෞතුකාගාර, අනුස්මරණ ශාලා සහ ස්මාරක නැරැඹීමට යෑම් සංවිධානය කරනවා. ජාතික ආරක්‍ෂක වැඩමුළු සහ දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු සංවිධානය කරනවා. ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන සහ ස්වභාවික දර්ශනීය ස්ථාන සහ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති නැරැඹීමේ සංචාර දිරිගන්වනවා. ජාතික ජයග්‍රහණ පෙන්නන ප්‍රදර්ශන පවත්වනවා.

ප්‍රාථමික සහ ද්විතීයික පාසල් ශිෂ්‍යයන් අරමුණු කරගෙන ජාතික වශයෙන් වැදගත් දේශප්‍රේමී මූල කඳවුරු ස්ථාන හඳුන්වාදීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ 1996 නොවැම්බර් මාසයේ දී, මුළු රට ම ආවරණය වෙන විදිහට එහෙම ස්ථාන 100 ක් නම් කළා. ඒ අතරින් 19 ක් ම චීන ජාතියේ දීර්ඝ ඉතිහාසය සහ සාරවත් සංස්කෘතිය නිරූපණය කරන ඒවා. ජපන් ආක්‍රමණය සහ වෙනත් අධිරාජ්‍යවාදී බලපෑම් හින්දා චීන ජාතිය පීඩාවට පත්වීමත් ඒ බලහත්කාරකම්වලට එරෙහිව චීන ජාතියේ විරෝදාර අරගලය ප්‍රකාශ කෙරෙන ස්ථාන 9 කුත් ඒ අතර තියෙනවා. චීන මහජන විප්ලවය සහ වර්තමාන දේශය ගොඩනැගීම්වලට අදාළ ස්ථාන 72 කුත් ඒ අතර තියෙනවා. 1997 ජුලි මාසයේ දී, මේ ස්ථාන 100 ආවරණය කෙරෙන දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළකුත් හඳුන්වලා දුන්නා.

2001 ජුනි 11 වැනි දා, තවත් ස්ථාන 100 ක් දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු භූමි විදිහට නම් කළා. 2005 නොවැම්බර් 20 වැනි දා, මේ දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු ලැයිස්තුවට තවත් ස්ථාන 66 ක් එකතු කළා. 2009 මැයි මාසයේ දී, තවත් ස්ථාන 87 ක් මේ ලැයිස්තුවට එකතු කළා. මේ  විදිහට 1997 ජුලි මාසයේ ඉඳලා 2021 ජුනි මාසය දක්වා ප්‍රකාශයට පත් කරලා තියෙන දේශප්‍රේමී අධ්‍යාපන කඳවුරු භූමි ප්‍රමාණය ගණනින් 585 ක්.

මේ ලිපිය ආරම්භයේ දී ම දක්වපු ආකාරයට චීනයේ දේශප්‍රේමී අධ්‍යාපන වැඩපිළිවෙළ නීතියකින් බල ගන්වපු එකක්. දේශප්‍රේමී අධ්‍යාපනයට අදාළ මූලික විධිවිධාන, යුතුකම් සහ වගකීම්, ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන, සහාය ලබාදීම් සහ ඇපවීම් මේ නීතිය තුළින් දක්වලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙළ මග අරින්න පුළුවන්කමක් කාටවත් නෑ. කැමැති නම් ඉතිහාසය ඉගෙනගන්න, අකැමැති නම් නිකම් ඉන්න වගේ දේශද්‍රෝහී ක්‍රම හඳුන්වාදෙන්න ඉඩක් චීනයේ නෑ. ඉතින් චීනයේ දේශද්‍රෝහී අධ්‍යාපන ඇමැතිවරු ඉන්නවා ද කියලා අහන්න ඕනත් නෑ!

(2025 අගෝස්තු 31 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 11 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.