News Category
From Date
To Date
Maximum Number of Result

දාහත් අවුරුදු සාපය ඇරැඹෙයි..

Aug 31, 2025 at 10:27 AM
|

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්‍රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්‍රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

1970 සැප්තැම්බර් 4 වැනි දා පවත්වපු ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගත්ත සැල්වදෝර් අලියැන්දේ ජනාධිපති ධුරයට තේරී පත්වුණේ ඔක්තෝබර් 24 වැනි දා. ඔහු ජනාධිපති ධුරයට තේරී පත්වීම වැළැක්වීම සඳහාත් තේරී පත්වීමෙන් පස්සේ ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහාත් ඇමෙරිකාව මහන්සි වුණා. ඒ වෙනුවෙන් CIA සංවිධානය “1 වැනි මාර්ගය” (Track I) සහ “2 වැනි මාර්ගය” (Track II) කියලා රහසිගත මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කළා. (මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ගැන විස්තරාත්මක කරුණු දැක්වීමක් මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා).

ඇමෙරිකාවේ උදව්වෙන් චිලී රටේ රාජ්‍ය බලය කොල්ලකාපු ඕගස්ටෝ පීනෂේගේ ආඥාදායකත්වය අවුරුදු 17 ක කාලයක් චිලී රට ආණ්ඩු කළා. ලේ වගුරුවමින්, මර්දනය - භීෂණය පතුරුවමින් කරපු ඒ පාලනය ගැන මුළු ලෝකය ම දන්නවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර කීමක් මේ ලිපි පෙළින් කෙරෙන්නේ නෑ. අදාළ විස්තර දන්නේ නැති අයගේ අවධානය යොමු කරවීමේ අදහසින් මූලික කරුණු කීපයක් විතරක් කියනවා.

රටේ බලය අතට ගත්ත ගමන් ම, සන්තියාගෝ අගනුවර ආරක්‍ෂක කලාප කීපයකට වෙන් කරන්න පීනෂේ කටයුතු කළා. මුළු රට ම ක්‍ෂේත්‍ර හමුදා අණදෙන්නන්ගේ පාලනයට යටත් කළා. රට පුරා ම යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා හමුදා සේනා සහ පොලීසිය නිශ්චිතව හඳුනාගත්ත මර්දන ඉලක්කවලට යොමු කෙරුවා. රට පුරා ම විශ්වවිද්‍යාලවල, කර්මාන්තශාලාවල සහ දුප්පත් ජනතාව බහුලව ජීවත්වෙන ප්‍රදේශවල පැතිරිලා තිබුණු වාමාංශික බලය මුළුමනින් ම විනාශ කරලා දැමීම මේ සන්නද්ධ මෙහෙයුම්වල අරමුණ බවට පත් කරලයි තිබුණේ. පැහැදිළි වාමාංශික බලයක් වර්ධනය වෙලා තිබුණු ප්‍රදේශවලට වැඩි අවධානයක් සහ වැඩි බලයක් යොමු කළා.

තමන් ඉලක්ක කරගත්ත මර්දනය මේ තරම් ඉක්මනින් සහ දැවැන්ත විදිහට එල්ලවෙයි කියලා සටන්කාමී ශිෂ්‍යයෝ, දේශපාලන වශයෙන් ක්‍රියාකාරී කම්කරුවෝ බලාපොරොත්තු වුණේ නෑ. චිලී කොමියුනිස්ට් පක්‍ෂයේ බුද්ධි අංශවලට සම්බන්ධ සමහර අය නම් මේ සූදානම්වීම් ගැන තරමක් කල් ඇතුව දැනගත්තා. තමන්ට එල්ලවෙන මර්දනය එක්ක හැප්පිලා ඒක අඩපණ කරන්න පුළුවන් කියලයි ඒ අය හිතුවේ. ඉතින් ඒ වෙනුවෙන් සූදානම්වෙන්න කියලා කොමියුනිස්ට් පක්‍ෂයේ වගකිව යුත්තෝ තමන්ගේ ක්‍රියාකාරී පිරිස්වලට දැනුම් දුන්නා. ඒ දැනුම්දීම් මත පදනම් වෙලා මර්දනයත් එක්ක හැප්පෙන්න රාජ්‍ය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ සංවිධානගත වුණා.

1973 සැප්තැම්බර් 11 වැනි දා එළිය වැටෙද්දිත් හමුදා බල ඇණි රාජ්‍ය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය වටේ උපක්‍රමශීලීව ස්ථානගත වෙලයි හිටියේ. දවසක් ඇතුළත විශ්වවිද්‍යාලයේ බලය තමන්ගේ අණසක යටතට ගන්න ඒ හමුදා බල ඇණිවලට පුළුවන් වුණා. විශ්වවිද්‍යාලයේ ප්‍රධානි හෙන්රිකේ කර්බර්ග් අත්අඩංගුවට පත්වුණා. ශිෂ්‍ය සංගමයේ සභාපති ඔසියල් නූනස් ඇතුළු ශිෂ්‍යයන් 600 කට වැඩි පිරිසකුත් හමුදාව විසින් අල්ලගත්තා. මේ හැම කෙනෙක්ව ම ඇරැගෙන ගිහිල්ලා ගාල් කළේ ජාතික ක්‍රීඩාංගනයේ. හෙන්රිකේ කර්බර්ග් කියන්නේ සැල්වදෝර් අලියැන්දේට ඉහළින් ම සහයෝගය දක්වපු කෙනෙක්. දවස් කීපයක් තමන්ගේ කඳවුරක කර්බර්ග් රඳවාගෙන හිටිය හමුදාව සැප්තැම්බර් 22 වැනි දා ඔහුව චිලී රටේ දකුණු කෙළවරේ තියෙන ඩෝසන් දූපතට යැව්වා. ඔසියල් නූනස්ට වදහිංසා කළත් ඔහුව මරලා දැම්මේ නෑ. ඔහුව ජාතික ක්‍රීඩාංගනයෙන් බන්ධනාගාරයට යැව්වා. පස්සේ රටින් පිටුවහල් කළා. ඒත් හමුදාව විසින් අල්ලගත්ත අනිත් ශිෂ්‍යයෝ ඒ තරම් වාසනාවන්ත වුණේ නෑ. ඉතාමත් දරුණු වදදීම්වලට ලක් කරපු ඒ අය මරලා දාන්න හමුදාව කටයුතු කළා.

ශිෂ්‍ය මර්දනයට සමාන්තරව ම කම්කරුවන් සහ මුඩුක්කුවල ඉන්න දේශපාලන ක්‍රියාකාරීන් මර්දනයත් ආරම්භ කළා. ඒ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ “කරදරකාරයෝ අල්ලලා විනාශකිරීමේ” අරමුණ මූලික කරගෙන. “සන්නද්ධ විරෝධතාවරුවන් මැඩලීම” කියන කඩතුරාවට මුවාවෙලා ක්‍රියාත්මක කරපු මේ මෙහෙයුම වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් සහ බිම් මට්ටමේ දේශපාලන සංවිධායකයන් විනාශකිරීමේ කාර්යයක් බවට පත් කරගෙනයි තිබුණේ. වැඩ බිම්වලින් සහ මුඩුක්කුවලින් අල්ලගත්ත සමහර අය ඒ ස්ථානවල දී ම මරලා දැම්මා. එහෙම අය “ගැටුම්වලින් මියගියා” කියලා ප්‍රචාරය කෙරුණා. තවත් දහස් ගණනින් මිනිස්සු ජාතික ක්‍රීඩාංගනයට ප්‍රවාහනය කළා. එහෙම ගෙනිච්ච අයටත් පැය කීපයක් හරි දවස් කීපයක් හරි ඇතුළත මරණය ම උරුම කරලා දුන්නා.

“ජනතාවාදී එකමුතුව” සන්ධානයේ ක්‍රියාකාරී පුද්ගලයන්ව වෙන වෙන ම හොයලා අල්ලගත්තා. මහ පාරේ දී, එහෙම නැතිනම් ගෙවල්වල දී අල්ලගත්ත ඒ අයගෙන් ප්‍රශ්න කරලා, ඒ අයවත් මරලා දාන්න හමුදාව කටයුතු කළා. මෙහෙම හොයන අයව අල්ලලා පොලීසියට සහ හමුදාවට භාරදෙන්න වෙනත් දේශපාලන පක්‍ෂවල සාමාජිකයොත් මැදිහත්වුණා. ඒ වෙද්දි, චිලී සමාජය තුළ ඇතිවෙලා තිබුණු තදබල දේශපාලන බෙදීම් ඒ පාවාදීම්වලට උදව් කළා. මෙහෙම මරාදාපු අය අතර කාන්තාවෝ, කුඩා දරුවෝ වගේ ම විදේශිකයොත් හිටියා.

අල්ලන්නම් කියලා හිතාගෙන ගිය කෙනාව අහුවුණේ නැතිවුණාම ඒ එක්ක හිටිය වෙනත් අය අල්ලලා මරලා දාන වැඩෙත් සිද්දවුණා. වික්ටර් ටෝරෝ කියන කම්කරු නායකයා අල්ලන්න ගිය හමුදාවට ඔහුව හොයාගන්න බැරිවුණා. ඉතින් හමුදාව වෙන කම්කරුවෝ පස් දෙනෙක් අල්ලලා මරලා දැම්මා. මේ මර්දන මෙහෙයුම් රෝහල්වලත් ක්‍රියාත්මක වුණා. සන් හුවන් ඩෙ ඩියොස් රෝහලේ දී අල්ලලා මරලා දාපු අය අතර වෛද්‍ය ශිෂ්‍යයකුත් කතෝලික පූජකවරයකුත් හිටියා.

කුමන්ත්‍රණයෙන් පස්සේ ගතවෙච්ච මුල් සති කීපය ඇතුළත අල්ලගත්ත පිරිස පනස්දාහකට වැඩියි. ඒ අයගෙන් විශාල පිරිසක් මරලාදාන්නත් හමුදාව කටයුතු කළා. මේ මිනීමැරිල්ල සන්තියාගෝ අගනුවරට විතරක් සීමාවුණු එකකුත් නෙවෙයි. පිටස්තර නගරවලත්, ගම්මානවලත් එක දිගට ම මර්දනය ක්‍රියාත්මක වුණා. මුළු රට ම මහ දැවැන්ත භීෂණයට ගොදුරු කළා.

අවුරුදු දාහතක සාපය මෙන්න මේ විදිහටයි ආරම්භ කෙරුණේ.

(පින්තූරය: ජාතික ක්‍රීඩාංගනයට ගාල් කළ පිරිසක්)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.