News Category
From Date
To Date
Maximum Number of Result

තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා වන මූලික පූර්ව කොන්දේසිය වන්නේ නව ෆැසිස්ට්වාදය මතවාදීව පරාජය කිරීමයි- දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

Aug 30, 2025 at 01:11 PM
|

 ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. ලංකා ලීඩර් නිව්ස් වෙබ් අඩවිය මෙම සැමැරුමේ ඇති වැදගත්කම සලකා පලකරනු ලබන ලිපි මාලාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක්ද එකතු කරනු ලබන්නෙමු. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ ලිඛිත සටහනයි..


ප්‍රශ්නය: දෙවන ලෝක යුද්ධය නිමාකරලීමේ 80 වන සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. ඔබ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවා තිබුණා. දෙවෙනි ලෝක යුද්ධයේදී සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ෆැසිස්ට්වාදී නාසි ජර්මන් හමුදා පැරදවීම සම්බන්ධයෙන් අපි කරුණු අසා තිබුණත් දෙවෙනි ලෝක යුද්ධය ජයග්‍රහණයට චීනයේ දායකත්වය සම්බන්ධයෙන් අප එතරම් අසා නැහැ. ඔබ මාධ්‍ය නිවේදනය මගින් මතු කළ කාරණය සම්බන්ධයෙන් අපට අදහසක් පැවසිය හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔව් ! 2025 වසර දෙවෙනි ලෝක යුද්ධයට මුල්වූ හිට්ලර්ගේ ෆැසිට්වාදී නාසි ජර්මනිය පරදා වසර 80ක් සම්පුර්ණ වන වසරයි. එය මහත් අභිමානයෙන් යුතුව වත්මන් රුසියාව සමරණු ලැබුවා. දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් වාදය පෝෂණය කළ රටවල් ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ඒවා නම් ජර්මනිය,ජපානය සහ ඉතාලියයි. පසුව රුමේනියාව, හංගේරියාව සහ බල්ගේරියාව යන රටවල්ද ඔවුන්ගේ සහයට එක් වුනා. අද රුසියාවට එරෙහිව බටහිරයන් ගෙන යන යුද්ධයේ භූමිය ලෙස භාවිත කරන  යුක්රේනයත් මේ සන්ධානයට එකතු වුනා. ජර්මනිය සහ ඉතාලිය යුරෝපයේ ආධිපත්‍ය අත්පත් කරගන්නා අතර ජපානය නැගෙනහිර ආසියාවේ ආධිපත්‍ය දැරීමට කටයුතු කරනු ලැබුවා. ජර්මනියේ නාසිවාදීන් යුදෙව්වන්ට මෙන්ම සෝවියට් රුසියානුවන් මත අමානුෂිකත්වය පතුරුවා හැරියා සේම ජපාන අධිරාජ්‍යා චීනය ප්‍රමුඛව නැගෙනහිර ආසියාවේ අති දැවැන්ත ම්ලේච්ඡත්වයක් පතුරුවා හැරියා. චීනය ඊට එරෙහිව ගොඩනැගූ ප්‍රතිරෝධය තුළ දැවැන්ත කැපකිරීම් කරනු ලැබුවා.

ප්‍රශ්නය: ඔබ දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් සන්ධානය පරදවාලීමට චීනය සෝවියට් රුසියාවට වඩා වැඩි වැඩ කොටසක් කළ බවද කියන්නට උත්සහා කරන්නේ?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : නැහැ! මේ රටවල් දෙකම දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් සන්ධානය පැරදවීම වෙනුවෙන් කළ කැපවීම කිසි සේත් එකෙක් පරයා යන්නේ නැහැ. එම රටවල් දෙකම මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම වෙනුවෙන් කළ කැපකිරීම් අසම සමයි. කිසිවෙකු හෝ එසේ සැසඳීමට උත්සහා කරනවානම් එම තැනැත්තා අදේශපාලනික පුද්ගලයෙක් ලෙසයි මා හඳුන්වන්නේ. මම කියන්නට උත්සහා කරන්න්නේ 1921 දී අධ්‍යයන කණ්ඩායමක් ලෙස එකතු වුනු චීන තරුණයන් පිරිසක් එම වකවානුවේ චීනය තුළ තිබූ දැවැන්ත අභ්‍යන්තර ගැටුම් මධ්‍යයේ ජපාන ආක්‍රමණයට මුහුණ දෙමින් දෙවන ලෝක යුද්ධය අවසන් වී අවුරුදු හතරක් වැනි කාලයක් තුළ චීන සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීම දක්වා පැමිණි ගමන සමස්ත ලෝකවාසී ජනයාගේ සාමයට ලැදි අධිරාජ්‍යවිරෝධී, සමාජවාදය කෙරෙහි නැඹුරුවක් සහිත මිනිසුන්ගේ ඉතිහාස කතාවේ වැදගත් සන්ධිස්ථානයක්. අප ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සමරන චීන ජනතාව සමඟ එක් වන්නේ එම සැමරුම තුළ තිබෙන සුවිශේෂත්වය ලෝකය අද මුහුණදී තිබෙන මේ නව තත්වයේදී අතිශය වැදගත් නිසායි.

ප්‍රශ්නය : කුමක්ද එහි ඇති වැදගත්කම?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : එහි වැදගත්කම අවබෝධ කර ගැනීමට නම් ජපන් අධිරාජ්‍යයා විසින් චීනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් මූලික වැටහීමක් ලබා ගත යුතුයි. දෙවන ලෝක යුද්ධයේ ආරම්භක දිනය ලෙස සැලකෙන්නේ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ දිනය වූ 1939 සැප්තැම්බර් 1 වනදායි. නමුත්  ඉතිහාසඥයන්ට අනුව ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කළ දිනය 1937 ජූලි මස 7 ලෙස සලකනු ලබනවා. නමුත් ජපාන අධිරාජ්‍යයා මැන්චුකුඕ රූකඩ රාජ්‍යය පිහිටුවීම සාධාරණීකරණය කිරීම සඳහා ව්‍යාජ කුමන්ත්‍රණයක් නිර්මාණය කර චීනයේ මැන්චූරියා ප්‍රදේශය ආක්‍රමණය කළ 1931 සැප්තැම්බර් 18 සත්‍ය වශයෙන්ම ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කළ දිනය ලෙස සැලකීම වඩාත් සාධරණයි. ඒ අනුව දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට වසර 7කට පෙර සිටම ෆැසිස්ට් සන්ධානයේ ප්‍රධාන සාමාජිකයෙක් චීනය ආක්‍රමණය කර තිබෙනවා. ජපාන අධිරාජ්‍යාගේ හමුදාව මිනිස්කමට නිගා දෙන හිට්ලර්ගේ ෆැසිස්ට් නාසි හමුදාව පරයා යන තරමේ අමානුෂික ක්‍රියා දාමයක් 1945 අගෝස්තු 15 වනදා කොන්දේසි විරහිතව චීනයට යටත් වන තෙක් කරගෙන යනු ලැබුවා. ඒ අනුව අපිට පෙනී යනවා දෙවන ලෝක යුද්ධයේදී චීනය මිනිස් ජීවිත වලින් ගෙවා ඇති  මිල අතිවිශාල බව. දෙවන ලෝක යුද්ධයට සෘජුවම රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක් මැදිහත් වුවා. ඉතිහාසඥයන් පවසන පරිදි මිලියන 100කට අධික ජනතාවක් මේ රටවලදී ඝාතනයට ලක් වී තිබෙනවා. එයිනුත් මිලියන 50ත් 85ත් අතර සංඛ්‍යාවක් චීන සහ එවකට සෝවියට් රුසියාවේ ජීවත් වූ සිවිල් ජනයා බව ඉතිහාසඥයන් පවසනවා. ඔබට හිතාගත හැකියි නේද මේ රටවල් දෙක දෙවන ලෝක යුද්ධයේදී මිනිස් ජීවිත වලින් ගෙවා තිබෙන මිළෙහි තරම. පසුගිය අගෝස්තු 20 වනදා ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සැමරීමට කොළඹදී පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා අනාවරණය කළේ මෙම යුද්ධයේදී මිලියන 35ක චීන ජනතාවක් සිය ජීවිත වලින් වන්දි ගෙවා ඇති බවයි. 

ප්‍රශ්නය : දෙවන ලෝක යුද්ධයේදී විශාල චීන ජනතාවක් මිය ගිය බවට ඔබ අනාවරණය කරන කරුණු සත්‍ය යැයි අපිට පිළිගැනීමට හැකියි. නමුත් අද යුද්ධය නිමවීමෙන් අවුරුදු 80 කට පසු එතරම් බරකින් යුතුව ජපාන අධිරාජ්‍යාගේ හමුදාව පලවා හැරි චීන ප්‍රති යුද්ධයේ ජයග්‍රාහී දිනය සැමරීම කළ යුත්තේ කුමන හේතුවක් නිසාද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබ ඇසූ ප්‍රශ්ණය හොඳ ප්‍රශ්නයක්. මම මෙයට පිළිතුරු දීමට අළුත් ප්‍රවේශයක් ගන්නවා. ක්‍රි.පූ. 6 වන සියවස වල ඇති වූ යුද්ධ වලදී ඇසිරියානුවන් තම සතුරා බීමට ජලය ගන්නා ළිංවලට රයි එර්ගොට් නමින් හඳුනා ගත් දිලීරයක් භාවිතයෙන් ජලය විෂ සහිත බවට පත් කළ බව යුද ඉතිහාසඥයන් ප්‍රකාශ කරනවා. ක්‍රි.පූ. 4 වන සියවසයේ ඇතිවූ යුද්ධ වලදී සිතියන් දුනුවායන් නරක් වූ මළ සිරුරුවල සහ සර්ප විෂ වල ඊතල ගිල්වා තබා භාවිතයට ගත් බව පැවසෙනවා. ක්‍රිස්තු වර්ෂ 1347 දී කැෆා හෙවත් ක්‍රිමියාව වැටලූ මොන්ගෝලියානුවන් වසංගතයෙන් ආසාදිත මළ සිරුරු විශාල කැටපෝල භාවිතයෙන් නගරය තුලට  යවා සමස්ත යුරෝපය පුරාම ”කළු මරණ ව්‍යාධිය”  පැතිරවීමට කටයුතු කළා.15 වන සහ 18 සියවස් වල යටත් විජිතකරණය අතරතුර, ස්වදේශික ඇමරිකානුවන්ට වසූරිය ආසාදිත ”බ්ලැන්කට්” ලබා දුන් බව පැවසෙන අතර එමගින් එම ජනයා අතර විනාශකාරී වසංගත තත්වයක් ඇති කරනු ලැබුවා. 19 වන සියවසේ සහ 20 වන සියවසේ මුල් භාගය තුළ විෂබීජ න්‍යාය (පාස්චර්, කොච්) පිළිබඳ වර්ධනය වන අවබෝධය ජීව විද්‍යාත්මක යුද්ධය වඩාත් විද්‍යාත්මක තලයකට ගෙන ආවා. පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය මිත්‍ර පාර්ශවය්න්ගේ පශු සම්පත් ඇන්ත්‍රැක්ස් සහ ග්ලැන්ඩර්ස් බැක්ටීරියාවන් වලින් ආසාදනය කිරීමට උත්සාහ කළ බව වාර්තා වි තිබෙනවා. නමුත් මා කියවූ ඉතිහාසය තුළ ජපාන අධිරාජ්‍යයා යටත් කරගත් චීනයේ මැන්චූරියා පලාතේ ස්ථානගත කර සිටි 731 වන ඒකකය විසින් මීට වඩා බිහිසුණු අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා. ඔවුන් චීන සිවිල් වැසියන්ට සහ යුද සිරකරුවන්ට  ඇන්ත්‍රැක්ස්, කොලරාව සහ තවත් රෝග ආසාදනය කිරීමට කටයුතු කළා. වසංගත රෝග ආසාදිත  මැක්කන් නගරවලට හෙළණු ලැබුවා. මෙවැනි මිනිස්කමට නිගා දෙන ජපාන අධිරාජ්‍යාගේ හමුදාවේ බියගුළු ක්‍රියාවන් මගින් චීන වැසියන් දස දහස් ගණනක් මිය ගියා. එවැනි දැවැන්ත යුද අපරාධ පිළිබඳව ලෝකයේ ගැඹුරු සංවාදයක් සිදුවී නැහැ.

ප්‍රශ්නය : නමුත් අප මේ ගෙවන්නේ 21 වන ශත වර්ෂයේ දෙවෙනි දශකය. ජාත්‍යන්තර නීතිය යටතේ ජීව විද්‍යාත්මක අවි තහනම් කර තිබෙනවා. මට නම් හිතෙන්නේ අද වන විට ජපාන ජනයා පවා ඔවුන්ගේ අඳුරු ඉතිහාසයට සමුදී ඇති. ඉතින් ඔබ ඇයි අමතක කළ යුතු ඉතිහාසයක් මෙතරම් හාරා අවුසන්නේ?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබ හිතාගෙන සිටින තරම් වත්මන් ලෝකය සුන්දර තැනක නැහැ. පළමු වන සහ  දෙවන ලෝක යුද්ධ ඇතිවීමට බල පෑ ආර්ථික අවපාතයන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍ය දරන රටවල අද උද්ගතව තිබෙනවා. රුසියාව , චීනය , ඉන්දියාව ,බ්‍රසීලය ,දකුණු අප්‍රිකාව නායකත්වය ගන්නා BRICS රටවල් ප්‍රමුඛව නව බල ධ්‍රැවයන් නිර්මාණය වෙමින් පවතිනවා. මෙවැනි අවස්ථාවන් පියමන් කර ගැනීමට අධිරාජ්‍යවාදීන් යුද්ධය තෝරා ගන්නවා. අද  යුක්රේන භූමියේ සිට සාමුහික බටහිරයන් දැනටමත් රුසියාවට එරෙහිව යුද්ධයක් කරගෙන යනවා. චීනය ඉලක්ක කර තීරු බදු යුද්ධයකට අමෙරිකාව පැටලී සිටිනවා. ඊළඟ ”යුක්රේනය” තායිවානය බවත් ඊළඟ ”රුසියාව” චීනය බවත් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පවසනවා. ගාසා තීරය මිනිස් ඛේදවාචකයක් බවට පත් කර තිබෙනවා. ඉරානය බිමට සමතලා කිරීමට උත්සහා කළා. වෙනිසියුලාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක යුද්ධය අවි බලය යෙදවීමක් දක්වා වර්ධනය කිරීමට අමෙරිකාව උත්සහා කරමින් සිටිනවා. කියුබාව වැනි අවිහිංසාවාදය මූලික කරගත් රටකට එරෙහිව වසර 60 කට ආසන්න කාලයක් අනවශ්‍ය සම්බාධක පනවා තිබෙනවා.වෙනිසියුලාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පලවා හැරීම අරමුණු කරගෙන කැරිබියන් මුහුදේ වෙනිසියුලාව සමීපයටම අමෙරිකානු යුද නෞකා ස්ථානගත කර තිබෙනවා.මේ මතුපිටින් පෙනෙන දෙයට අමතරව ලෝකය ප්‍රත්‍යාරම්භ කිරීමට හෙවත්    "Reset" කිරීමට කෝවිඩ් 19 වසංගතය ගෙන ආ බව අද ඔප්පු වී තිබෙනවා. 2020 වසරේ මාර්තුවේදී පැමිණි කෝවිඩ් වසංගතය පිළිබඳව බිල් ගේට්ස් අනාවැකිය පලකරන්නේ  2015 දී වගේ ඈත කාලයක. එම බලකායම නැවත පවසනවා ලෝකයේ පැවැත්ම වෙනුවෙන් අද තිබෙන ජනගහනයෙන් 50%ක් මිය යායුතු බව. ඒ වගේම අමෙරිකානු  එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් පසුගිය දවසක පැවසූවා වත්මන් සහ හිටපු බුද්ධි නිලධාරීන් 37 දෙනෙකුගේ ආරක්ෂක නිෂ්කාශන, බුද්ධි තොරතුරු හැසිරවීම සහ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ඉවත් කළ බව. ගැබාර්ඩ්ට අනුව, ඇය ගනු ලැබුවේ අමෙරිකාවේ  "inner state" හෙවත් ගැඹුරු රාජ්‍යයේ ක්‍රියාකාරීන් ඉවත් කිරීමේ පළමු පියවරයි. මෙම ලැයිස්තුවට ජාතික ආරක්ෂක ඒජන්සියේ  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිචඩ් ලෙඩෙට්, බුද්ධි හා පර්යේෂණ සඳහා හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්‍රෙට් හොල්ම්ග්‍රන් සහ එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ හි හිටපු ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටෙෆනි ඕ‘සුලිවන් ඇතුළු බුද්ධි අංශවල ඉහළ නිළතල දැරූ ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුම ඇතුළත් වුණා.  "inner state"  එක ඇමරිකාවේ බුද්ධි ආයතන තුළ සම්පූර්ණයෙන්ම “මඩිස්සල” නිර්මාණය කර තිබෙන තත්වයක් තුළ බුද්ධි අංශ පිරිසිදු කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස මෙම පිළිවෙත අනුගමනය කළ බව ඇය පැවසූවා. ඒ අනුව ලෝකය තමාගේ පවිටු වුවමනාවට හැසිරවීමට කටයුතු කරන දැවැන්ත සමාගම් ජාලය විසින් වර්ධනය වෙමින් තිබෙන යුද ආතතිය තමන්ගේ වුවමනාවන්ට අනුව හැසිරවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඉතා පැහැදිළියි ලෝකය පවතින්නේ ඔබ සිතන තැනක නොවන බව.

ප්‍රශ්නය :නමුත් වත්මන් ජපාන ජනයා අතීත ජපන් අධිරාජ්‍යයා චීනයේ කළ අපරාධ නැවත වටයකින් වෙනත් තැනක ක්‍රියාවට නංවනු ඇතැයි සැකකරන්නේ ඇයි?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : නැවත වටයකින් ක්‍රියාවට නංවනවා යැයි කීමට හදිසි වනවාට වඩා මට කියන්නට ඕනෑකම තිබෙන්නේ මීට වසර 80කට 100කට කළින් තිබුණු ෆැසිස්ට්වාදී ලක්ෂණ ඒ ආකාරයෙන්ම ජපාන සමාජයේ බලවත් පාර්ශව අතර පවතින බවයි. අධිරාජ්‍යවාදී බලවේග විසින් ජපාන සමාජයේ පමණක් නොවෙයි ලොව පුරාම ෆැසිස්ට්වාදය උත්කර්ෂයට නැංවීමට උත්සහා කරමින් සිටිනවා. අද යුක්රේනයේ පවතින්නේ එවැනිම තත්වයක්. උදාහරණයක් ලෙස භාෂාව සහ ආගම පිළිබඳ දෘෂ්ටි කෝණය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යුක්රේනයේ දී දැඩි ලෙස උල්ලංඝනය වෙමින් පවතිනවා.යුක්රේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවමත් යුක්රේන රාජ්‍යය තුළ අනෙකුත් වාර්ගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් සමඟ රුසියානු භාෂාවේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සහතික කිරීමට ප්‍රතිපාදන පවතිනවා. නමුත් සෙලෙන්ස්කි යුක්රේන රාජ්‍යයේ සහ පෞද්ගලික ජීවිතයේ මෙන්ම සෑම ක්ෂේත්‍රයකම රුසියානු භාෂාව තහනම් කරන නීති පනවා තිබෙනවා. නමුත් වත්මන් යුක්රේනයේ පාලක පංතිය වෙනුවෙන් පෙනී සිටින විවිධ රටවල දේශපාලන චරිත වන උර්සුලා වොන් ඩර් ලේන්, එමානුවෙල් මැක්‍රොන්, කීර් ස්ටාර්මර්, ෆ්‍රෙඩ්රික් මර්ස් , ඔලාෆ් ෂෝල්ස් වැන්නවුන් මෙම කරුණ නොසලකා හැර තිබෙනවා. ඒ අධිරාජ්‍යවාදී රටවල් ෆැසිස්ට්වාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ හැර ඇති ආකාරයයි.

ප්‍රශ්නය : හොඳයි ඔබට ජපානයේ ෆැසිස්ට්වාදී ප්‍රවනතා මෙලෙස මතු කර පෙන්විය හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පැහැදිලිවම ! ඔබට දැන්  මනසේ මවා ගන්නට පුළුවන්  ජපන් ආක්‍රමණය හේතුවෙන් චීන ඉතිහාසය තුළ චීන ජනයාට විශාල හානියක් සිදුවූ බව. එසේ තිබියදීත් චීනය ජපානයට  මිත්‍රත්වයේ දෑත් දිගු කර තිබෙනවා. නමුත් ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ 80 වන සංවත්සරය සැමරු අගෝස්තු 15 වනදා ජපාන රජයේ සහ ජපානයේ සමහර අන්තවාදී කොටස්වල හැසීරීම මගින් ජපන් සමාජයේ ෆැසිස්ට් නැඹුරුව ගැඹුරින් නිරූපණය කරනවා. චීන ආක්‍රමණයට සෘජුවම ආශිර්වාද සැලසූ "යසුකුනි සිද්ධස්ථානයට” ජපාන අගමැති ෂිගේරු ඉෂිබා පසුගිය අගෝස්තු 15 දා චාරිත්‍රානුකූල පූජාවක් පිරිනමා  "ඔහුගේ පක්ෂයේ ගතානුගතික ආධාරක පදනම සතුටු කිරීම අරමුණු කරගත් පියවරක් ගෙන ඇති” බව  ජපානයේ කියෝඩෝ පුවත් සේවය වාර්තා කළා. එලෙසම ජපාන ගොවිපල අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි සහ මුදල් අමාත්‍ය කට්සුනොබු කැටෝ ද යසුකුනි සිද්ධස්ථානයට එදිනම ගොස් තිබුණා. එම සිදුවීම අගමැති ඉෂිබා ජපානයේ බලයට පත්වීමෙන් පසු එසේ කළ පළමු කැබිනට් අමාත්‍යවරුන් වීමද විශේෂත්වයක්. එලෙසම හිටපු ආර්ථික සහ  ආරක්ෂක අමාත්‍යවරුන් වන සනේ ටකයිචි සහ ටකායුකි කොබයාෂි ද යසුකුනි සිද්ධස්ථානයේ සිටි බව කියෝඩෝ පුවත් සේවය වාර්තා කර තිබුණා. 

මෙම විශේෂ දිනයේදී ඒ ආකාරයට ජපානයේ පුද්ගල දේශපාලන චරිත විසින් ජපාන අධිරාජ්‍යාගේ චීන ආක්‍රමණය උත්කර්ෂයට නැංවීම සිදු කිරීමට අමතරව, ජපන් දක්ෂිණාංශික කණ්ඩායම් විශාල වශයෙන් ජපාන අධිරාජ්‍යයා චීනය ආක්‍රමණය කිරීම සැමරීමට  එක්රැස් වන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණා. බාධක සහ බැනර් සවි කර ඇති මෙම කණ්ඩායම්වලට අයත් වාහන මාර්ගය දෙපස නවතා තිබූ අතර, එමඟින් ශක්තිමත් මිලිටරිවාදී හැඩයක් විද්‍යාමාන වූ බව මනෝ වෛද්‍යවරු පවා පෙන්වා දෙනවා.

ඊට අමතරව පුවත්පත් වාර්තා වලට අනුව යසුකුනි සිද්ධස්ථානය අසල කුඩාන්ෂිටා දුම්රිය ස්ථානයෙන් පිටත චීන විරෝධී මත ප්‍රවර්ධනය කරන, පුවරු අල්ලාගෙන සිටිමින් ඇතැම් දක්ෂිණාංශික දේශපාලනඥයන් පැමිණෙන තෙක් බලා සිටින කණ්ඩායම් ඇතුළු දක්ෂිණාංශික ක්‍රියාකාරීන් පිරිස් අගෝස්තු 15 දා ජපානයේ සුලබ දසුනක් බවට  පත්ව තිබුණා.යසුකුනි සිද්ධස්ථානය නැරඹීමට පැමිණි කණ්ඩායම් අතර, සමහරු ජපන් ජාතිකවාදී සටන් පාඨ සහිත පුවරු අතැතිවද  තවත් සමහරු හිටපු ජපන් අධිරාජ්‍ය හමුදාවේ හෝ කමිකාසේ නියමුවන්ගේ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ඇඳ සිටීම මගින්ද ජපන් සමාජයේ ආක්‍රමනශීලී ආකල්ප ප්‍රදර්ශනය කරනු ලැබුවා. දක්ෂිණාංශික ප්‍රාදේශීය නීති සම්පාදකයින් කිහිප දෙනෙකු ද මෙම පා ගමන් වලට එක්ව තිබීම තත්වයේ බරපතල කම තවත් දැඩි කරනු ලැබුවා.

ප්‍රශ්ණය : මෙය ජපානයේ සුළුතර අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් වල මනෝ විකාරයක් ලෙස සලකා බැහර කිරීමට නොහැකි ඇයි?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පැහැදිලිවම මෙය අන්ත දක්ෂිනාංශික කුඩා කණ්ඩායමක මනෝ ව්‍යාධියක් හේතුවෙන් පැන නගින තත්වයක් නොවෙයි. ජපාන අධිරාජ්‍යාගේ 731 ඒකකය චීන භූමියේ සිට චීන ජනයාට එරෙහිව අන්ත අමානුෂික ක්‍රියාවල නිරත වූවා. ඔවුන් චීන ජනයාට එරෙහිව ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීම වෙනුවෙන් පර්යේෂණ කළ ඒකකයක්. එම ඒකකයේ සිටි සොල්දාදුවන්ගෙන් අදට ඉතිරිව සිටින එකම පුද්ග්ලයා හිඩියෝ ෂිමිසු නැමැත්තායි. 1945 මාර්තු මාසය වන විට වයස අවුරුදු 15ක් වත් සම්පූර්ණ නොවූ හිඩියෝ ෂිමිසු, ජපන් අධිරාජ්‍ය හමුදාවේ 731 ඒකකයේ අවසන් නව යොවුන් වියේ පසුවන්නන්ගෙ කණ්ඩායමෙන් කෙනෙකු ලෙස චීනයේ හාර්බින් ප්‍රදේශයේ පිහිටි ජපාන යුද කඳවුර වෙත යවනු ලැබුවා. ඔහු 2024 වර්ෂයේදී හාර්බින් කඳවුරේදී ඔහු ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් පාපෝච්චාරණය කළා. ෂිමිසුට අනුව, 1945 අගෝස්තු 12 වන දින ඔහුට නියෝග ලැබුණේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ  පසුබැසීමට පෙර 731 ඒකකයේ අපරාධ පිළිබඳ සාක්ෂි විනාශ කිරීමටයි.1945 අගෝස්තු 14 වන දින රාත්‍රිය උදාවන විට, ඔහු පරාජිත ජපන් හමුදා සමඟ චීනයෙන් පලා ගියා. 731 ඒකකයේ මාස හතරකට වැඩි කාලයක් ගත කළ කාලය තුළ, ෂිමිසු නිදර්ශක කාමරයේ කලලරූප, ළදරුවන්, මිනිස් අත් සහ විවිධ මිනිස් අවයව අඩංගු ෆෝමල්ඩිහයිඩ් පිරවූ භාජන පේළි දුටු බව පාපොච්ඡාරණය කළා.”අපි චීන වැසියන් වෙත දැවැන්ත කෲරත්වයක් මුදා හැරියා. අපි චීන මිනිසුන් පන පිටින් විච්ඡේදනය කළා.” යනුවෙන් ඔහු පැවසූවා. වසර හැත්තෑ නවයකට පසු,2024 වර්ෂයේ දී 94 හැවිරිදි වියේ පසුවූ ෂිමිසු සමාව අයැදීමට චීනයේ හාර්බින් වෙත ආපසු පැමිණියා. මෙය ඔහුගේ පළමු විදේශ සංචාරය මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනයට නැවත පැමිණිනු පළමු අවස්ථාවද වූවා. ඔහු ප්‍රසිද්ධියේ චීන ජනයාගෙන් සමාව ගනු ලැබුවා. හිඩියෝ ෂිමිසු ඇතුළු තවත් පිරිසක් එක්ව ජපන් අධිරාජ්‍යයාගේ හමුදාව චීනයේ කළ අපරාධ දැක්වෙන කෞතුගාරයක් ගොඩ නැගීමට ගත් උත්සාහය නතර කිරීමට ජපාන බලධාරින් උත්සහා කළා. අවසානයේදී බළධාරින් කෞතුකාගාරයට අවසර දුන්නේ කෞතුක භාන්ඩ වල විස්තර දැක්වෙන පුවරු රහිතව කෞතුක භාන්ඩ ප්‍රදර්ශනය කරන ලෙසයි.ෂිමිසු අවසානයේදී මෙසේ පවසනවා ”මගේ සමාව අයැදීම පමණක් ප්‍රමාණවත්ද? මම සමාව අයැදීමෙන් පමණක් සියල්ල පිරිසිදු කළ හැකිද?”. ඒ අනුව මමත්  අවධාරණය කරන්නේ එයමයි.  ලෝකයේ නැගී එන නව ෆැසිස්ට්වාදය හුදු භාවාත්මක ප්‍රකාශන වලින් පමණක් යටපත් කරන්නට බැහැ. ලෝක ජනයාගේ ගෞරවය රකින්න හැකි වන්නේ ඉතිහාසයට මුහුණ දීමෙන් පමණයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමෙන් පමණක් අනාගතය වැළඳ ගත හැකියි. අතීතය සිහිපත් කිරීමෙන් පමණක් අතීත වැරදි නැවත නැවත කිරීමෙන් වැලකී සිටිය හැකි බව අවධාරණය කරනවා. ඒ අනුව නැගී එන ෆැසිස්ට්වාදය පරාජය කිරීම අද දවසේ අප හමුවේ ත්බෙන දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබෙන අංගයක් විය යුතුයි. තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා වන මූලික පූර්ව කොන්දේසිය වන්නේ නව ෆැසිස්ට්වාදය මතවාදීව පරාජය කිරීම බව මම අවසන් වශයෙන් අවධාරණය කරනවා.

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වසන්ත බණ්ඩාර මහතා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශ ක්‍රියාකාරිකයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා. වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළ අයෙකි. ජනතා විමුක්ති පෙරමුණ යටිබිම්ගත දේශපාලනයේ නිරතවන 80 දශකයේදී ඒ මහතා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සමඟ ඉතා සමීපව ඇසුරු කළ අයෙකි.  ඕස්ට්‍රේලියානු මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (ICASL), සෞඛ්‍ය සේවා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ( Massey University NZ) තත්ත්ව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (Quality Council NZ)  සහ  පුද්ගලික කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (CPM-UK) යන පාඨමාලා ඒ මහතා හදාරා ඇත.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.