News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන-ඊශ්‍රායල ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින්, මැදපෙරදිග කලාපයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) මීට සුළු වේලාවකට පෙර තහවුරු කළේය.

ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මීට සුළු මොහොතකට පෙර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ අවදානම සැලකිල්ලට ගනිමින්, බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රාජ්‍යයන් කිහිපයක් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ පුරවැසියන් කලාපයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (26) දින එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි නාවික යාත්‍රාවක සිටි පුද්ගලයින් 10 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ත්‍රස්තවාදී අරමුණු සඳහා කියුබාව ආක්‍රමණය කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියුබා ජනරජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩෙස් ද කොසියෝ පවසන්නේ මෙය හුදකලා සිද්ධියක් නොවන බවත්, වසර 60 කට වැඩි කාලයක් කියුබාව ආක්‍රමණශීලීත්වයට සහ ගණන් කළ නොහැකි ත්‍රස්තවාදී ක්‍රියාවලට ගොදුරු වී ඇති අතර, ඒවායින් බොහොමයක් එක්සත් ජනපදය විසින් සංවිධානය කර, අරමුදල් සපයා සහ සිදු කර ඇති බවත් ය.

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවකට පත්වෙමින්, පකිස්ථානය අද ( 27) ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලධාරීන්ට එරෙහිව "විවෘත යුද්ධයක්" ප්‍රකාශයට පත් කළේය.

කියුබානු දේශසීමා ආරක්ෂකයින් විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි (speedboat) බෝට්ටුවකට වෙඩි තබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කර තිබේ.

චීන සයිබර් ආරක්ෂණ ආයතන කිහිපයක් අද(26) වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය අථත්‍ය මුදල් වත්කම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා එක්සත් ජනපදය එහි තාක්ෂණික සහ නියාමන බලපෑම උපයෝගී කර ගන්නා බවට චෝදනා කරනු ලැබුවේය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.