News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු එක්සත් ජනපදයේ වත්මන් ට්‍රම්ප් පරිපාලනය සහ ඉක්වදෝර රජය එක්ව එරට ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩකාරී සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක කාලයක් ලබාදී තිබේ.

දාහතරවැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය ඊයේ (5) ඇරඹුණි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් Iris Dena නම් නෞකාව ගිල්වා දැමීමේ පුවත මේ වන විට දැඩි ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත්තේ අමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව බවය.

උතුරු පර්සියානු ගල්ෆ් කලාපයේ දී අමෙරිකානු තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර තිබේ.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ඉරාන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංවෘත දොරටු පිටුපස (Closed-door briefings) සාකච්ඡා පවත්වමින් සිටියදී, හිටපු මැරීන් සර්ජන්ට්වරයෙකු වන බ්‍රයන් මැක්ගිනස් (Brian McGuinness) විසින් සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.

සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඉරානයට පහර දීම සඳහා එක්සත් ජනපදයට තම ඒකාබද්ධ හමුදා කඳවුරු භාවිතා කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට මැඩ්රිඩ් ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. කෙසේ වුවද ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ "අසාධාරණ සහ භයානක" මැදිහත්වීම ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් හෙළා දැක තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම භූමියට සහ අනෙකුත් ගල්ෆ් රටවලට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින්, එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය අවධාරණය කරනු ලැබීය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.