News Category
From Date
To Date
Maximum Number of Result

ජෝර්දානයේ මුවාෆාක් සෝල්ටි (Muwaffaq Salti) ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වටිනා AN/TPY-2 රේඩාර් පද්ධතියක් සහ ආධාරක උපකරණ ඉරානය විසින් විනාශ කර ඇති බව වාර්තා වේ.

ගල්ෆ් රාජාණ්ඩුවලට අයත් භූමිවල එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැතිව ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය.

තම රට කිසිවිටකත් යටත් නොවන බවත් තම අධ්‍යාත්මික නායකයා ඝාතනය කළ ඝාතකයින්ට නිසි දඬුවම් ලබා දෙන තුරු සටන් කරන බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරයි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇරැඹි ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බොරතෙල් ඇතුළුව බලශක්ති නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇතැයි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගියදා ප්‍රකාශ කළේය.

ඉරානයේ ටෙහෙරානයේ ප්‍රධාන වාණිජ ගුවන්තොටුපොළ වන මෙහ්රාබාද් (Mehrabad) ගුවන්තොටුපොළ ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා මගින් සිදු වූ බව දැක්වෙන වාර්තා සහ හානිය නිරූපණය කරන ඡායාරූප වීඩියෝ ආදිය ප්‍රකාශයට පත් කරන පුද්ගලයන්ට එරෙහිව ඩුබායි බලධාරීන් විශාල දඩ මුදල් හෝ සිර දඬුවම් පවා නියම කරන බවට නිවෙදනය කරයි.

ඉරානය එල්ල කළ නව ප්‍රහාර සමඟ USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායමට වෙනත් ස්ථානයකට යාමට බල කළ බව ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ඊයේ(05) මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේය.

අල් හබ්ටූර් සමූහයේ සභාපති කලාෆ් අල් හබ්ටූර් පවසන්නේ ගල්ෆ් සහ මැද පෙරදිග රටවල් සහ එම ජනතාව මහා බලවතුන් අතර ලකුණු සමථයකට පත් කර ගැනීම සඳහා වේදිකාවක් නොවන බවයි.

ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන බැංගලෝරය පිහිටා ඇති කර්ණාටක ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.