ඉරානයේ ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායල එල්ල කරන ලද ‘භයානක’ ප්‍රහාරය හෙළා දකිනවා- කටාර් රාජ්‍යය
ඉරානය සහ කටාර් එක්ව පවත්වාගෙන යන ඉරානයේ දකුණු පාර්ස් ගෑස් සංකීර්ණයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරය කටාර් විදේශ අමාත්‍යාංශය හෙළා දැක තිබේ. පාර්ස් ගෑස් සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරය “ගෝලීය බලශක්ති ආරක්ෂාවට තර්ජනයක්” බව අමාත්‍යාංශය පැවසීය.
ඊයේ(18) එල්ල කළප්‍රහාර වලදී ඉරාන ගෑස් සැකසුම් පහසුකම් වලට හානි සිදුවිය. ප්‍රහාර සඳහා ඊශ්‍රායලය වගකීම භාරගෙන නොමැති අතර, ඒවා එක්සත් ජනපදය සමඟ සම්බන්ධීකරණයෙන් ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද බව ඇක්සියෝස් වාර්තා කළේය.
X හි සටහනක් තබමින් කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජෙඩ් අල්-අන්සාරි විනාශයට ඊශ්‍රායලයට දොස් පැවරීය.
“කටාර්හි උතුරු ක්ෂේත්‍රයේ දිගුවක් වන ඉරානයේ දකුණු පාර්ස් ගෑස් සංකීර්ණයට අයත් පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ක්‍රියා කිරීම කලාපයේ වත්මන් යුදමය උනුසුම උත්සන්න වීම මධ්‍යයේ ගනු ලැබ ඇති භයානක සහ වගකීම් විරහිත පියවරකි.” ඔහු ලිවීය. “බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම ගෝලීය බලශක්ති ආරක්ෂාවට මෙන්ම කලාපයේ ජනතාවට සහ එහි පරිසරයට තර්ජනයක් වේ.”
ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් "සංයමයෙන් කටයුතු කරන ලෙස" සහ "වැදගත් පහසුකම් ඉලක්ක කර ගැනීමෙන්" වැළකී සිටින ලෙස අල්-අන්සාරි ඉල්ලා සිටියේය.
දකුණු පාර්ස්උ හි තුරු ක්ෂේත්‍රය ලොව විශාලතම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයයි. ඇස්තමේන්තුගත ස්වාභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 1,800 ක් ඇති එහි නැවත ලබා ගත හැකි සංචිත පෘථිවියේ අනෙකුත් සෑම ගෑස් ක්ෂේත්‍රයකම එකතුවට සමාන බව විශ්වාස කෙරේ. කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80% ක් සඳහා තෙල් හා ගෑස් මත රඳා පවතින අතර, එහි ගෑස් සියල්ලම පාහේ මෙම ක්ෂේත්‍රයෙන් ලබා ගනී.
ඉරානය ප්‍රහාරයට පළිගන්නා බවට තර්ජනය කර ඇත. "කලින් අනතුරු ඇඟවූ පරිදි, අපේ රටේ ඉන්ධන, බලශක්තිය, ගෑස් සහ ආර්ථික යටිතල පහසුකම් ඇමරිකානු-සියොන්වාදී සතුරා විසින් පහර දුන්නොත්, සතුරාට එරෙහිව බලවත් ප්‍රතිප්‍රහාරයකට අමතරව, අපි එම ආක්‍රමණයේ මූලාරම්භයට ද දැඩි ලෙස පහර දෙන්නෙමු," එරට හමුදාව ඉරාන මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
දකුණු පාර්ස් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, සෞදි අගනුවර වන රියාද් හි විශාල පිපිරීම් හඬ ඇසුණු අතර, කටාර් එනර්ජි නිවේදනය කළේ රාස් ලෆාන් එල්එන්ජී මධ්‍යස්ථානයට මිසයිල වැදී "සැලකිය යුතු හානියක්" සිදු වූ බවයි. කටාර් සිවිල් ආරක්ෂක ඒජන්සිය ප්‍රහාරයට ඉරානයට දොස් පැවරීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්