ගල්ෆ් තෙල් සහ වායු නිධිවලට ප්‍රහාර එල්ල කරනවා.. - ඉරානය අනතුරු අඟවයි
ඉරානයට අයත් දකුණු පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සියට අනුව, ඉදිරි පැය කිහිපය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන 5ක් ඉලක්ක කරන බවයි ඉරාන බලධාරීන් පවසා ඇත්තේ.
ඒ අනුව සෞදි අරාබියේ SAMREF පිරිපහදුව සහ ජුබයිල් (Jubail) රසායනික සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් (Al Hosn) වායු නිධිය, කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) පිරිපහදුව සහ මෙසායීඩ් (Mesaieed) රසායනික සංකීර්ණය වන බව සඳහන්.
ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ලෙස සැලකෙන දකුණු පාර්ස් නිධියට එල්ල වූ ප්‍රහාරයෙන් මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බව ඉරාන තෙල් අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බවද විදේශ මාධ්‍ය තහවුරු කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉරාන වායු නිධියට එල්ල වූ ප්‍රහාරය "භයානක සහ වගකීම් විරහිත පියවරක්" බවයි.
මූලාශ්‍ර | අල් ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..