ගල්ෆ් තෙල් සහ වායු නිධිවලට ප්‍රහාර එල්ල කරනවා.. - ඉරානය අනතුරු අඟවයි
ඉරානයට අයත් දකුණු පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සියට අනුව, ඉදිරි පැය කිහිපය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන 5ක් ඉලක්ක කරන බවයි ඉරාන බලධාරීන් පවසා ඇත්තේ.
ඒ අනුව සෞදි අරාබියේ SAMREF පිරිපහදුව සහ ජුබයිල් (Jubail) රසායනික සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් (Al Hosn) වායු නිධිය, කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) පිරිපහදුව සහ මෙසායීඩ් (Mesaieed) රසායනික සංකීර්ණය වන බව සඳහන්.
ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ලෙස සැලකෙන දකුණු පාර්ස් නිධියට එල්ල වූ ප්‍රහාරයෙන් මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බව ඉරාන තෙල් අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බවද විදේශ මාධ්‍ය තහවුරු කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉරාන වායු නිධියට එල්ල වූ ප්‍රහාරය "භයානක සහ වගකීම් විරහිත පියවරක්" බවයි.
මූලාශ්‍ර | අල් ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්