News Category
From Date
To Date
Maximum Number of Result

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාවට ගින්නෙන් හානි, වැසිකිළි අවහිරයි අමෙරිකානු සෙබලාගෙ චිත්ත ධෛර්යය පහත වැටිලා- අළුත් වැඩියාකිරීමට යුද පෙරමුණෙන් ඉවතට

Mar 18, 2026 at 11:03 PM
|

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්  අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී  සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.

මාස නවයකට ආසන්න කාලයක් මුහුදේ රැඳී සිටිමින් ඉරානයට එරෙහි යුද්ධයට සහාය වීම සඳහා දැනට රතු මුහුදේ ස්ථානගත කර තිබූ මෙම නෞකාව ගින්න හේතුවෙන් අලුත්වැඩියා කටයුතු  සඳහා ග්‍රිසියට අයත් ක්‍රීට් දිවයින  වෙත යාත්‍රා කරනු ඇතැයි විදෙස් වාර්තා පවසති.

මෙතරම් කාලයක් යුද මෙහෙයුම් වල යෙදවීම හේතුවෙන් නාවික භටයින්ගේ චිත්ත ධෛර්යය සහ යුද නෞකාව මෙහෙයුම් සඳහා ඇති සූදානම පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.

නම සඳහන් කිරීමට අකමැති වූ නෞකාවේ සේවය කළ නිළධාරින් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්, ඩොලර් බිලියන 13 ක් වටිනා යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ක්‍රීට් දූපතේ කොපමණ කාලයක් නවතා තබනු ඇද්ද පිළිබඳව තහවුරු කර නැතැයි අවධාරණය කළේය.

නෞකාවේ ප්‍රධාන රෙදි සෝදන ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ ගින්න  හේතුවෙන් දුම ආශ්‍රිතව ඇති වූ තුවාල වලින් නැවියන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ඇති බව තවත් නිලධාරියෙක් පැවසීය. ගින්න පාලනය කිරීමට පැය ගණනක් ගත වූ අතර සෙබළුන් විවේක ගන්න ස්ථාන 100 කට හානි වී ඇති බවද එම නිලධාරිහු රොයිටර් පුවත් සේවයට පැවසූහ.

එලෙසම, එක් නාවික භටයෙකු තුවාල හේතුවෙන් නෞකාවෙන් පිටතට ගෙන ගිය බවද එම නිලධාරියා අනාවරණය කළේය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස විදෙස් මාධ්‍ය කළ ඉල්ලීමකට පෙන්ටගනය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.   එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධානය උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නාවිකයින් දෙදෙනෙකුට "ජීවිත හානි සිදු වීමට තරම් බරපතල නොවන තුවාල" හේතුවෙන් ප්‍රතිකාර ලබා දුන් බවයි. ගින්න ආරම්භයේදී, එක්සත් ජනපද හමුදාව පවසා තිබුණේ නෞකාවේ එන්ජින් කාමරයට කිසිදු හානියක් සිදු නොවූ බවත් ගුවන් යානා වාහකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවත්ය.

නාවිකයින් 4,000 කට වැඩි පිරිසකින් සමන්විත නෞකාව මුහුදේ සිටියදී එහි වැසිකිළි පද්ධතියේ සැලකිය යුතු ගැටළු වලට මුහුණ දී ඇති බව වාර්තා වන අතර, එක්සත් ජනපද මාධ්‍ය නෞකාවේ අවහිර වූ පද්ධති සහ වැසිකිළි සඳහා දිගු පෝලිම් ඇති වූ බවද අනාවරණය විය.

එක්සත් ජනපද රජයේ වගවීමේ කාර්යාලයේ 2020 පළ කළ වාර්තාවක සඳහන් වූයේ නෞකාවේ වැසිකිළි පද්ධතිය "අනපේක්ෂිත හා නිතර අවහිර වීමකට" ලක් වූ බවත් එය පිරිසිදු කිරීම සඳහා නිතිපතා ඇසිඩ් යෙදවීමට සිදුවන බවත්, ඒ සඳහා සෑම අවස්ථාවකම ඩොලර් 400,000 ක වියදමක් දැරීමට සිදුවන බවත්ය.

පසුගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද නාවික හමුදාව වැසිකිළි ගැටළු පිළිබඳ වාර්තා පිළිගත් නමුත්, නැවේ අ ණ දෙන නිළධාරින් උපුටා දක්වමින් “අඩු කාලයක් සහිතව, ඉංජිනේරු නිලධාරීන් විසින් අවහිරතා සිදුවීම් වහාම විසඳනු ලැබේ” යනුවෙන් පැවසීය.

සෙනෙට් බුද්ධි කමිටුවේ උප සභාපති සෙනෙට් සභික මාර්ක් වෝනර් ඊයේ(17) නෞකාව දීර්ඝ කාලයක් සේවයේ යෙදවීම දැඩි ලෙස විවේචනය කළේය.

“වසරකට ආසන්න කාලයක් යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් මුහුදේ ගත කිරීමෙන් පසු ඊයේ(17) ගින්නෙන් සිදුවූ හානියේ තරම මුලින්ම  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මැද පෙරදිග කළාපයට යෙදවීමට සූදානම් වන තවත් ගුවන් යානා නෞකාවක් වන යූඑස්එස් ජෝර්ජ් එච්ඩබ්ලිව් බුෂ් මගින් ෆෝඩ් නෞකාවට සහනයක් ලැබෙනු ඇතැයි හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් නිව්යෝක් ටෛම්ස් පුවත් පත පැවසුවේය.

පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ දා සිට එක්සත් ජනපදය හඳුනාගත් ඉලක්ක 7,000 කට වඩා ප්‍රමානයකට ප්‍රහාර එල්ල කර ඇත.

ෆෝඩ් නෞකාව F-18 සුපර් හෝනට් ඇතුළු හමුදා ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යන අතර ගුවන් ගමනාගමනය සහ නාවික කටයුතු පාලනය කිරීම සඳහා නවීන රේඩාර් පද්ධතියකින්ද සමන්විත වේ.

මැද පෙරදිග යෙදවීමට පෙර, ෆෝඩ් නෞකාව කැරිබියන් දූපත් වල එක්සත් ජනපද මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර, එහිදී එක්සත් ජනපද හමුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළ අතර, වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමටද   දායක කර ගත්තේය.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.