යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාවට ගින්නෙන් හානි, වැසිකිළි අවහිරයි අමෙරිකානු සෙබලාගෙ චිත්ත ධෛර්යය පහත වැටිලා- අළුත් වැඩියාකිරීමට යුද පෙරමුණෙන් ඉවතට
යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.
මාස නවයකට ආසන්න කාලයක් මුහුදේ රැඳී සිටිමින් ඉරානයට එරෙහි යුද්ධයට සහාය වීම සඳහා දැනට රතු මුහුදේ ස්ථානගත කර තිබූ මෙම නෞකාව ගින්න හේතුවෙන් අලුත්වැඩියා කටයුතු සඳහා ග්‍රිසියට අයත් ක්‍රීට් දිවයින වෙත යාත්‍රා කරනු ඇතැයි විදෙස් වාර්තා පවසති.
මෙතරම් කාලයක් යුද මෙහෙයුම් වල යෙදවීම හේතුවෙන් නාවික භටයින්ගේ චිත්ත ධෛර්යය සහ යුද නෞකාව මෙහෙයුම් සඳහා ඇති සූදානම පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.
නම සඳහන් කිරීමට අකමැති වූ නෞකාවේ සේවය කළ නිළධාරින් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්, ඩොලර් බිලියන 13 ක් වටිනා යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ක්‍රීට් දූපතේ කොපමණ කාලයක් නවතා තබනු ඇද්ද පිළිබඳව තහවුරු කර නැතැයි අවධාරණය කළේය.
නෞකාවේ ප්‍රධාන රෙදි සෝදන ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ ගින්න හේතුවෙන් දුම ආශ්‍රිතව ඇති වූ තුවාල වලින් නැවියන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ඇති බව තවත් නිලධාරියෙක් පැවසීය. ගින්න පාලනය කිරීමට පැය ගණනක් ගත වූ අතර සෙබළුන් විවේක ගන්න ස්ථාන 100 කට හානි වී ඇති බවද එම නිලධාරිහු රොයිටර් පුවත් සේවයට පැවසූහ.
එලෙසම, එක් නාවික භටයෙකු තුවාල හේතුවෙන් නෞකාවෙන් පිටතට ගෙන ගිය බවද එම නිලධාරියා අනාවරණය කළේය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස විදෙස් මාධ්‍ය කළ ඉල්ලීමකට පෙන්ටගනය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත. එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධානය උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නාවිකයින් දෙදෙනෙකුට "ජීවිත හානි සිදු වීමට තරම් බරපතල නොවන තුවාල" හේතුවෙන් ප්‍රතිකාර ලබා දුන් බවයි. ගින්න ආරම්භයේදී, එක්සත් ජනපද හමුදාව පවසා තිබුණේ නෞකාවේ එන්ජින් කාමරයට කිසිදු හානියක් සිදු නොවූ බවත් ගුවන් යානා වාහකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවත්ය.
නාවිකයින් 4,000 කට වැඩි පිරිසකින් සමන්විත නෞකාව මුහුදේ සිටියදී එහි වැසිකිළි පද්ධතියේ සැලකිය යුතු ගැටළු වලට මුහුණ දී ඇති බව වාර්තා වන අතර, එක්සත් ජනපද මාධ්‍ය නෞකාවේ අවහිර වූ පද්ධති සහ වැසිකිළි සඳහා දිගු පෝලිම් ඇති වූ බවද අනාවරණය විය.
එක්සත් ජනපද රජයේ වගවීමේ කාර්යාලයේ 2020 පළ කළ වාර්තාවක සඳහන් වූයේ නෞකාවේ වැසිකිළි පද්ධතිය "අනපේක්ෂිත හා නිතර අවහිර වීමකට" ලක් වූ බවත් එය පිරිසිදු කිරීම සඳහා නිතිපතා ඇසිඩ් යෙදවීමට සිදුවන බවත්, ඒ සඳහා සෑම අවස්ථාවකම ඩොලර් 400,000 ක වියදමක් දැරීමට සිදුවන බවත්ය.
පසුගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද නාවික හමුදාව වැසිකිළි ගැටළු පිළිබඳ වාර්තා පිළිගත් නමුත්, නැවේ අ ණ දෙන නිළධාරින් උපුටා දක්වමින් “අඩු කාලයක් සහිතව, ඉංජිනේරු නිලධාරීන් විසින් අවහිරතා සිදුවීම් වහාම විසඳනු ලැබේ” යනුවෙන් පැවසීය.
සෙනෙට් බුද්ධි කමිටුවේ උප සභාපති සෙනෙට් සභික මාර්ක් වෝනර් ඊයේ(17) නෞකාව දීර්ඝ කාලයක් සේවයේ යෙදවීම දැඩි ලෙස විවේචනය කළේය.
“වසරකට ආසන්න කාලයක් යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් මුහුදේ ගත කිරීමෙන් පසු ඊයේ(17) ගින්නෙන් සිදුවූ හානියේ තරම මුලින්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මැද පෙරදිග කළාපයට යෙදවීමට සූදානම් වන තවත් ගුවන් යානා නෞකාවක් වන යූඑස්එස් ජෝර්ජ් එච්ඩබ්ලිව් බුෂ් මගින් ෆෝඩ් නෞකාවට සහනයක් ලැබෙනු ඇතැයි හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් නිව්යෝක් ටෛම්ස් පුවත් පත පැවසුවේය.
පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ දා සිට එක්සත් ජනපදය හඳුනාගත් ඉලක්ක 7,000 කට වඩා ප්‍රමානයකට ප්‍රහාර එල්ල කර ඇත.
ෆෝඩ් නෞකාව F-18 සුපර් හෝනට් ඇතුළු හමුදා ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යන අතර ගුවන් ගමනාගමනය සහ නාවික කටයුතු පාලනය කිරීම සඳහා නවීන රේඩාර් පද්ධතියකින්ද සමන්විත වේ.
මැද පෙරදිග යෙදවීමට පෙර, ෆෝඩ් නෞකාව කැරිබියන් දූපත් වල එක්සත් ජනපද මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර, එහිදී එක්සත් ජනපද හමුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළ අතර, වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමටද දායක කර ගත්තේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..