News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය බලා යන ගමනේදී වැසිකිළි පද්ධතියේ ඇති වූ ගැටළුවකින් පීඩා විඳින USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව පිළිබඳව ඇමරිකානු මාධ්‍ය විසින් හෙළිදරව් කිරීම මගින් නැව දිගු කාලීනව සේවයේ යෙදවීම මෙන්ම සැලසුම් සම්බන්ධ ගැටළු ඇතිකරන බව චීන යුද විශේෂඥයෙකු පවසයි.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයේ (SVR) මාධ්‍ය කාර්යාංශය පවසන්නේ ඔවුන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව, යුක්රේනයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය මත යුක්රේන සන්නද්ධ හමුදාවන්ට හුදකලාව රුසියාවට එරෙහිව ඔවුන් අපේක්ෂා කරන ජයග්‍රහණයක ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව එක්සත් රාජධානිය සහ ප්‍රංශය දන්නා බවයි.

අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය සියයට 10ක් දක්වා පහත දමා තිබේ.

මෙහි දක්වා ඇත්තේ එල් මෙන්චෝගේ CJNG කල්ලියේ ඡයාරූප.. තමන්ගේ නායකයා වෙනුවෙන් මුළු මෙක්සිකෝවම ගිනිබත් කරන ලොව දරුණුම අපරාධ කල්ලිය විදියට හදුන්වන්නේ මොවුන් ලෙසයි හැඳින්වෙන්නේ.

අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් ලෝක වෙළඳපොළේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටෙමින් පවතින බව වාර්තා වේ.

මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් නැමති මත්ද්‍රව්‍ය කල්ලියේ නායක එල් මෙන්චෝ, අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර හමුවේ මියගොස් තිබේ.

න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳ ඉරානයේ සහ අමෙරිකාවේ දැඩි වෙනස් දැක්ම මෙන්ම සැලකිය යුතු එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීම හේතුවෙන් සාකච්ඡා ක්‍රියාවලියේ අස්ථාවරත්වය සහ ගැටුමේ අඛණ්ඩ අවදානම ඉස්මතු කළද එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා දිගටම කරගෙන යාමට තීරණය කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අත්සන් කරන ලද නව ප්‍රතිපත්තියකට අනුව, එරට සංක්‍රා.න්ති ලිංගික පුද්ගලයින්ට දරුවන් හදා වඩා ගැනීමට (adoption) තහනම් කරමින් නව නීතියක් බලාත්මක කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ කියුබානු රජය බිඳවැටීමේ අද්දර සිටින බවත්, එහි නායකයා පැහැර ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියෝග කළ හැකි බවත්ය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.