News Category
From Date
To Date
Maximum Number of Result

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය ඉතිහාසයේ පළමු වතාවට පැය 24 ක කාලයක් තුළ රටවල් 15 කට (සෘජුව හෝ වක්‍රව) හෝ ඔවුන්ගේ හමුදාවන් වෙත ප්‍රහාර එල්ල කළ පළමු රට ලෙස මේ වන විට පත්ව තිබේ.

මැදපෙරදිග කලාපය පුරා යුදමය වාතාවරණයක් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවරයන් සඳහා චීනයේ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ ප්‍රකාශයට අනුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දරුණු ගැටුම් මධ්‍යයේ, කුවේටයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15 වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙලීමට තමන් සමත් වූ බව ඉරානය ප්‍රකාශ කළේය. පියාසර කරමින් තිබූ යානය ගිනිගෙන පහළට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද ඉරාන බලධාරීන් විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඉරානයේ නව නායකත්වය සමඟ න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉයේ(01) පැවසීය.

ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක සිටින ජනතාවට මෙලෙස ඉවත්වීම සඳහා ඊශ්‍රායලය දන්වා ඇති බවය.

ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට "සෑම අයිතියක්ම" ඇති බවත්, සටන් කිරීම දිගටම කරගෙන යාමට ශපථ කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි ඊයේ(01) ABC ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඝාතනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් වෙත සිය බලවත් ශෝකය පළ කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.