ඉරානය විසින් පළමු වරට ඇමරිකානු නැව් දෙකකට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ බවත්, ඒ සමඟම අනෙක් සියලුම නැව් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් සහ ඕමාන් බොක්කෙන් ඉවත් වී දකුණු ඉන්දියානු සාගරය දෙසට පලා ගිය බවත් ඉරානයේ 'බුද්ධි මණ්ඩලයේ' (Expediency Discernment Council) සාමාජිකයෙකු වන මොහ්සන් රෙසායි (Mohsen Rezaei) විසින් කරන ලද මෙම ප්‍රකාශයක සඳහන් ය.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව එල්ල කරමින් පවතින ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර සහ ඒ අනුව මැද පෙරදිග කලාපය ඇතුළුව සමස්ත ලෝකයට බලපාන සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මගින් රුසියානු විදේශ අමාත්‍යංශය අවධාරණය කරන්නේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මාවතකට වහාම නැවත පැමිණෙන ලෙස සියළු පාර්ශවයන්ගෙන් රුසියාව ඉල්ලා සිටින බවයි. එලෙසම ජාත්‍යන්තර නීතිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා පිළිබඳ සමබර සලකා බැලීමක් මත පදනම් වූ සාමකාමී විසඳුම් ඉදිරියට ගෙන යාමට සහාය වීමට රුසියාව සැමවිටම සූදානම් බව අවධාරණය කරන බවද පවසයි..
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෆු කොං ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය තුළ ඇති ඉලක්කවලට හමුදා ප්‍රහාර දියත් කර ඇති බවත්, එමඟින් කලාපීය ආතතීන් හදිසියේම උත්සන්න වී ඇති බවත්ය. මෙහිදී චීනය මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළේය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..