News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ මහජන නියෝජිතයන්ගේ පිරිහීම සහ කුණුවීම..

Oct 27, 2025 at 09:24 PM
|

මහජන නියෝජිතයා කියන පුද්ගලයා සලකන්නේ ජනතාවගේ සේවකයයා විදිහටයි.එහෙම හදුන්වපු අපේ රටේ දේශපාලනය කොයි තරම් මජර ජරාජීරණ තැනකට වැටුනාද කියනවා නං අන්තිමට ජනතාව මහජන නියෝජිතයාගේ සේවකයෝ බවට පත්වුනා.පහුගිය පාලන කාලවලදී අපි ඒක ලොකුවටම දැක්කා.හැබැයි ඒ අතරත් මහජන නියෝජිත භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කරපු ජනතා නියෝජිතයෝ හිටියා.එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂයකම හිටියා,එජාපය, ශ්‍රීලනිපය සහ වමේ ව්‍යාපාරය ඇතුලේ එහෙම චරිත හදුනා ගන්න පුළුවන්.

මෙතනදී ඇත්තටම පැරණි වමේ ව්‍යාපාරයට හිමිවෙන්නේ ඉතාමත් සුවිශේෂී තැනක් බව කුහක නෙවී කියන්න ඕනි.ඒ කියන්නේ සමසමාජ,සහ කොමියුනිස්ට් පක්ෂවලට.ඇත්තටම මෑතක් වෙන තුරුම වමේ පක්ෂවල හිටපු අයගේ ජීවිත ගොඩක් චාම් සහ සරල ඒවා වුනා.අදත් ජීවතුන් අතර ඉන්න ඩිව්,තිස්ස විතාරණ,වාසු වගේ අය ගත්තත් ඒ ලක්ෂණය බලා ගන්න පුළුවන්.මේ පැරණි වමේ ව්‍යාපාරයට හිටිය ප්‍රධාන ප්‍රතිවාදියා තමයි ජවිපෙ. ජවිපෙ සහ පැරණි වම අතර අති උන සටනෙන් පැරණි වමේ ව්‍යාපාරය පරාජයට පත්වුනා.

පැරණි වම වටේට තිබුණ මහජන බලය ගැලවිලා ජවිපෙ වටේට එකතු වුනා.එතනදී පැරණි වමට පරාජය බාරගන්න උන එක හේතූවක් තමයි ජවිපෙ විසින් පෙන්නපු විප්ලවීය ජීව ගුණය.එහෙම නැතිව මාක්ස්වාදී අධ්‍යාපනය පැත්තෙන් ගත්තට පස්සේ පැරණි වමත් තියරියෙන් සන්නද්ධ කරපු ව්‍යාපාරයක්.ඒ කාලේ CPකාරයෝ එක්ක කතා කරන එක ලේසි නෑ.ජාතික වශයෙන් වගේම ප්‍රාදේශීය මට්ටම දක්වාම දේශපාලන වශයෙන් දැවැන්තයෝ පැරණි වමට හිටියා.උදාරණයක් ගත්තොත් කළවානට සරත් මුත්තට්ටුවගම ඉදිද්දී අයගමට ලැම්බට් බණ්ඩාර හිටියා.

ජවිපෙ පැරණි වම අභිබවා යන්න එක ප්‍රධාන හේතුවක් උනේ ජවිපෙ නිර්මාණය වෙන්නේ පැරණි වමට විකල්පයක් විදිහටයි.ඒක නිසා ජවිපෙ අනෙකා බවට මුල් මොහොතේම පත්වුනේ සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ දෙක.ඒක නිසා හැම අතින්ම සමාජ සමජයට වඩා කොමියුනිස්ට් පක්ෂයට වඩා උඩින් ඉන්න ජවිපෙ කල්පනා කළා.ඒ වගේම හැම ක්ෂේත්‍රයකදීම එයාලා අභිබවා යන්න ජවිපෙට පුළුවන් වුනා.මහජන බලය අතින් ගත්තත් ජවිපෙ අද රාජ්‍ය බලයට දක්වා ඇවිත් තීයනවා.

සටන්කාමිත්වය අතින් ගත්තත් ජවිපෙට දැවැන්ත සටන්කාමී ඉතිහාසයක් තියනවා.ජවිපෙ පැරණි වමට එක එක කාලවලදී එක එක නම් පටබැන්දා.පොතේ ගුරුවාදීන් කිව්වා,හාන්සි විප්ලවවාදින් කිව්වා.මෙන්ෂෙවික්වාදීන්,අවස්ථාවාදීන් කිව්වා.බත්ගොට්ටෝ කිව්වා,පවාදෙන්නෝ කියන චෝදනාවෙන් නිතර දමලා ගැහුවා.ජවිපෙ දිගමට කිව්වේ සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ වම කියලා අටවගත්ත සංවිධානයක් වටේට අපේ රටේ ජනතාව එකතු කරගෙන ලාංකීය විප්ලවයේ ගමන් මඟ අහුරනවා කියලයි.ඒ චෝදනාව ජවිපෙ විසින් ශ්‍රීලනිපයටත් එල්ල කළා.

ඒක නිසා ශ්‍රීලනිපයට සහ වමේ පක්ෂවලට යූඑන්පියට තරම්ම හෝ ඊට වැඩි වෛරයක් ජවිපෙ ඇතුලේ තියනවා.සාපේක්ෂව ගත්තොත් පැරණි වමේ නායකයන් සරල චාම් මිනිස්සු.එයාලා ජනතාවක් එක්ක හිටියා.එයාලටම වෙන්වුන පදනම් ආසන තිබුණා.වාසුට ඇහැලියගොඩ,සරත් මූත්තෙට්ටුවගමට කළවාන.ඔය වගේ හැම වමේ නායකයෙකුටම brand වෙච්චි ආසනයක් තිබුණා.

ඒක නිසා ජවිපෙත් විශේෂයෙන්ම සෝමවංශගේ නායකත්වය යටතේ වඩා හොඳ ප්‍රමිතියේ මහජන නියෝජිතයෙක් ජවිපෙ ඇතුලේ හදන්න උත්සාහ කළා.ඇත්තටම එහෙම අය ජවිපෙ ඇතුලේ හිටියා. අද ජවිපෙ ඉන්න ඇමති මැතිවරුන් පවා විපක්ෂයේ ඉන්දැද්දී ඒ ලක්ෂණ දරුවා.ප්‍රශ්න තියෙන්නේ එහෙම හිටපු පක්ෂයක මහජන නියෝජිතයෝ කොහොමද මෙච්චරයි මජරයෝ උනේ කියන එකයි.බලය තියන කාලේ අපි දැක්ක වාසුලා,ඩිව්ලා ,තිස්ස විතාරණලාම තමයි තවමත් ඉන්නේ.බලය තිබුණා හෝ නැතිවුනා කියලා එයලගේ life style එක වෙනස් වෙලා නෑ.

මේකට හේතුව මොකද්ද?එකක් මේ වෙනසට එයාලගේ සමාජ තත්වයත් බලපාන්න ඇති.පැරණි වමේ ගොඩක් නායකයින්ට තිබුණේ මැද පන්තික සමභවයක්.ගොඩක් අය නියෝජනය කළේ ඉහල මැද පන්තිය.ඒක නිසා එයාලා ලඟ දක්ෂිණාංෂික ආකල්ප ගොඩක් තිබුණා.හැබැයි ජවිපෙ නායකයින් අති බහුතරය එක්කෝ මැද පන්තියේ පහල ස්ථාරවලින් ආපු අය.එහෙමත් නැත්තං පීඩිත පන්තියෙන් ආපු අය.ගොඩක් අය ගම් ඇතුලේ තිබුණ කුල පීඩනවලින් බැට කාපු අය.

අද ඔය ඉන්න ජවිපෙ මහත්තුරු මහ ලොකු බූදල් කාරයෝ වෙන්න හැදුවට ඔය ගොඩක් අය ගැනයි එයාලගේ බුදල් ගැනයි අපි දන්නවා.මේ පීඩනය නිසා එයාලා දේශපාලනයට එන්නේ සමාජයත් එක්ක වෛරයෙන්.එයාලට ජීවිතය කියන එක ගොඩක් ඈතක තිබුණ දෙයක්.එයාලාට ජවිතය විදින්ඩ අඩු අවස්ථාවක් හම්බ වෙච්චි අය.ඒක නිසා ඔය හැම පැත්තකම ඇරියස් එකක්  එයාලට තියනවා.සෝමවංශ කරපු දේ  තමයි ජවිපෙ සාමාජිකයා තුල වර්ධනය වෙමින් ආපු ඒ සතා පක්ෂ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ මෙල්ල කිරීමයි.

ස්වයංවිවේචන විවේචනය ඇතුලේ නැවත අලූත් වෙන මිනිස්සු හැදුවා.වරද පිලිගන්න නිහතමානි මිනිස්සු හැදුවා.සෝමවංශයෙන් නායකත්වය ගිලිහිලා හතර දෙනාගේ කල්ලිය අතට බලය යනකොට ටිල්වින්ලා ඇතුලේ හැංගිලා හිටිය සතා අතපය දිගෑරලා නැගිටලා තියනවා.දැන් රාජ්‍ය බලය ලැබිලත් තියනවා.දැන් මෙයාලා බලන්නේ අර ඇරියස් වට්ටෝරුව කවර් කරගන්න.මෙයලා මුල ඉඳන් අරගෙන ආපු සමාජ වෛරයත් එතෙන්ට වැටුනම දැන් ජේවීපීකාරයා කියලා ඉන්නේ අමුතු ජීවියෙක්.

එයා කරන්නේ තමන්ට අහිමි වුන ජීවිතය අසාමාන්‍ය විදිහට විදින ගමන් මෙච්චර කල් ජීවිතය විදපු එකාට ජීවිතය විඳවීමට සැලැස්වීමයි.ඒකයි ජවිපෙ හිතන්නේ අපිට ආරක්ෂාව තියෙන්න ඕනි ප්‍රතිවාදියාට ආරක්ෂාව ඕනි නෑ කියලා.ප්‍රතිවාදියා මැරුණට කමක් නෑ.අපි විතරක් කෑවම අති ප්‍රතිවාදියා බඩගින්නේ තියන්න ඕනි කියලා.ජවිපෙට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ඕනි වෙන කාටවත් ඕනි නෑ කියලා.ඇත්තටම මේ කුහකකමකම තමයි ජවිපෙට මෙච්චර ඉක්මනට විනාශ ගෙනාවේ.

ඔයලා හිතයි මොකද්ද වෙලා තියන විනාශය දැන් රාජ්‍ය බලයත් තියනවනේ කියලා.මේ වගේ අපරිණත ව්‍යාපාරයකට රාජ්‍ය බලය දීම තමයි විනාශය.ප්‍රශ්න තියෙන්නේ ජවිපෙ විසින්ම ඒ විනාශය එයාලට කැන්දාගෙන තියෙන්නේ.හැබැයි එයාලා විනාශ වෙන්නේ තවත් දැවැන්ත විනාශයක් මේ රටට කරලා.ඒක දැකලා නිවැරදි වෙන්න බැරි තරමට දැන් ජවිපෙ ඇතුලෙන් කුණුවෙලා.

හරි එහෙනම් ගීහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.