News Category
From Date
To Date
Maximum Number of Result

සියළු ජාතික රාජ්‍යයන් පරදා ඉහලටම පැමිණි චීනයේ වත්මන් කතාව

Nov 3, 2025 at 04:31 AM
|

ලෝකයේ නායකත්වය හිමි වන්නේ චීනයටද? නැතහොත්, මේ තාක්ෂණික හා දේශපාලනික අර්බුද මැද ඇමරිකාව නැවත නැඟිටීද? මෙසේ මේ මොහොතේ ලෝකයේ බලය ගමන් කරන දිශාව පිළිබඳ බරපතල කතිකාවක් ගොඩනැඟෙමින් තිබේ. බටහිර රටවල්, විශේෂයෙන්ම එක්සත් ජනපදය, දැඩි කනස්සල්ලෙන් හා බියෙන් අනාගතය දෙස බලන මොහොතක, ආසියාවේ රටවල් විශාල ප්‍රගතියක් හා නව උද්යෝගයක් අත්විඳිමින් සිටී. ඇත්තටම අද ලෝකයට වී ඇත්තේ කුමක්ද? බටහිර ගැති මාධ්‍ය විසින් නිරන්තරයෙන් නිරූපණය කරනු ලබන "අනතුරු වලින් පිරි අඳුරු අනාගතය" පිළිබඳ ආඛ්‍යානයෙන් බැහැරව සිතා බැලූ විට පෙනි යන්නේ,  මානව ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරම් යහපත් තත්ත්වයකට මිනිස් ජීවිතය පත්ව ඇති බවයි. 

අපි සංඛ්‍යාලේඛන දෙස බලමු. චීනයේ බිලියන 1.4ක්, ඉන්දියාවේ බිලියන 1.4ක් සහ ආසියාන් කලාපයේ මිලියන 700ක් ඇතුළුව, ලෝක ජනගහනයෙන් 40%ක් පමණ වන බිලියන 3.5ක ජනතාවක් ජීවත් වන මේ භූදේශපාලනික කලාපයේ, 2000 වසර වන විට මධ්‍යම පාන්තික ජීවන තත්ත්වය භුක්ති වින්දේ, මිලියන 150ක් පමණි. 

එහෙත් 2020 වන විට එම සංඛ්‍යාව දස ගුණයකින් වැඩිවී බිලියන 1.5ක් දක්වා ඉහළ ගියේය. 2030 වන විට මෙම බිලියන 3.5න් බිලියන 3ක් පමණ මධ්‍යම පාන්තික තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වඩාත් පුළුල්ව ඉතිහාසය දෙස බලන විට, මේ වන විට ආසියාවේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික නැවත පැමිණීමකි. 

පසුගිය වසර දෙදහසක ලෝක ඉතිහාසයක් ගත් විට ක්‍රි.ව. 1 වසරේ සිට 1800 දක්වා වූ වසර 1800ක් පුරා ලෝකයේ විශාලතම ආර්ථිකය වූයේ චීනය, ඉන්දියාව හා අප ද ඇතුළත් කලාපයයි. යුරෝපය සහ උතුරු ඇමරිකාව ඉදිරියට ආවේ පසුගිය වසර 200 තුළ පමණි. 

බටහිර ලෝකය ඉතිහාසයේ ආධිපත්‍යය දැරූ මෙම අවසාන වසර 200ක කාලය තවත් එක් ඓතිහාසික  අපගමනයක් පමණි. සෑම විකෘති වීමක්ම ස්වභාවිකවම අවසන් වේ. එබැවින් ආසියාව මෙසේ නැවත තම ස්ථාවරයට පැමිණීම ස්වාභාවිකය. 

බටහිර පරාජය වන්නේ ආසියාව නිසා නොව, තමන්ගේම අභ්‍යන්තර අර්බුද නිසාය. ඇමරිකානුවන් ඔවුන්ගේ ජීවන තත්ත්වය එක තැන පල්වීම ගැන චීනයට දොස් පැවරුවද, ඇමරිකාවේ පහළම 50%ක ජනතාවගේ ආදායම දශක ගණනාවක් තිස්සේ එකතැන පල්වීමට හේතුව චීනය නොව, ඇමරිකාවේම අභ්‍යන්තර ව්‍යූහාත්මක ගැටලු බව පෙනේ. 

"අනේ, මේක හරිම අසාධාරණයි. මම අවුරුදු 20ක් තිස්සේ මේ කර්මාන්ත ශාලාවේ වැඩ කළා. මගේ වැටුප වැඩි වුණේ බොහොම ටිකයි. ඒත් මගේ ලොක්කට අලුත් යාත්‍රාවක් ගන්න පුළුවන් වුණා," ඔහියෝවේ පරණ තාලේ කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු වන ජෝන් මිමිණුවේ, ඔහුගේ තෙල් පැල්ලම් සහිත ඇඳුම දෙස බලමිනි. 

මෙයින් අදහස් වන්නේ, ඇමරිකාවේ දේශපාලන පද්ධතිය, රටේ ධනවත්ම කොටස විසින් පැහැරගෙන ඇති බවයි. එක්සත් ජනපද කොංග්‍රසය මහජන ප්‍රතිපත්ති තීරණය කරන විට, ඔවුන් පහළ 50%ක ජනතාවගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා වෙනුවට, නොවැළැක්විය හැකි ලෙස ඉහළ 2%, 5% හෝ 10%ට ප්‍රතිලාභ ගෙන දෙන තීරණ ගනී. මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතී. 

දාර්ශනික ජෝන් රෝල්ස්  "A Theory of Justice" ග්‍රන්ථයේ පෙන්වා දුන් පරිදි, යම් සමාජයක අසමානතාවක් යුක්ති සහගත වන්නේ, එම අසමානතාව හේතුවෙන් පහළම 10% දෙනාගේ ජීවිත පවා යහපත් තත්ත්වයකට පත්වන්නේ නම් පමණි. එහෙත් අද ඇමරිකාවේ සිදුවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඉහළ 10%කගේ ජාතික ආදායම සහ ධනය අසීමිත ලෙස ඉහළ යන විට, පහළ 20%කගේ ජීවන තත්ත්වය දිගින් දිගටම එකතැන පල්වීමයි. මෙය එරට ජනතාවගේ කෝපයට හේතු විය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි දේශපාලනඥයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹුණේ, වොෂිංටනයේ දේශපාලන සංස්ථාපිතයට "විශාල පයින් පහරක්" දීමට ඇති දැඩි අවශ්‍යතාවය නිසාය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීම වැනි විසඳුම් ඇමරිකානු පාරිභෝගිකයාටම අහිතකර ලෙස බලපාන බව, ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පෙන්වා දෙයි. 

මෙසේ එක්සත් ජනපදය චීනයේ දියුණුව නැවැත්වීමට කරන සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. මැතකදී සෙමිකන්ඩක්ටර් තාක්ෂණය චීනයට අහිමි කිරීමට ගත් තීරණයෙන් සිදුවූයේ එම වෙළඳාමෙන් ලැබෙන ආදායමෙන් 30%ක් අහිමි කර ගැනීමෙන් ඇමරිකානු සමාගම් වලට පර්යේෂණ හා සංවර්ධන (R&D) අයවැය අහිමි වීමයි. 

සිදුවූයේ, චීනයේ සෙමිකන්ඩක්ටර් වෙළෙඳපොළ කොටස 10% සිට 50% දක්වා වැඩිවීමය. අවසානයේ එය ප්‍රතිවාදියාට නොව තමාටම හානි කරගත් ක්‍රියාවක් විය. තවත් පුදුම සහගත කරුණක් නම්, ඇමරිකානු හමුදා වියදම්වල විශාල කොටසක් කිසිදාක චීනයට එරෙහිව භාවිතා නොකරන, යල් පැන ගිය ආයුධ පද්ධති සඳහා වැය කිරීමයි. 

එයින් චීනයට සිය අභ්‍යන්තර සංවර්ධනය සඳහා වැඩි මුදලක් යෙදවීමට හැකි වන පරිදි භූ-දේශපාලනික ත්‍යාගයක් ඇමරිකාව විසින් ලබා දී තිබේ. මන්ද ඇමරිකාව වැඩි වැඩියෙන් නිකරුණේ ආරක්ෂක වියදම් සඳහා මුදල් වැය කරන තරමට, චීනයට සිය අභ්‍යන්තර සංවර්ධනය සඳහා වැඩි මුදලක් යෙදවීමට හැකිය. 

උදාහරණයට අද ඇති නවීන මිසයිල හමුවේ, සුවිසල් ගුවන් යානා ප්‍රවාහන නෞකා (Aircraft Carriers) පාවෙන තාරාවන් බවට පත්ව ඇත. එහෙත් අවි කර්මාන්තයේ ඇති ප්‍රභල බලපෑම් නිසා, එම යල් පැන ගිය ආයුධ පද්ධති මිලදී ගැනීමට එක්සත් ජනපදය බිලියන ගණනින් මුදල් වැය කරයි. 

මෙසේ චීනය නොව, ඇමරිකාවේම දේශපාලන පද්ධතිය ඔවුන්ගේම ආරක්ෂක ප්‍රතිපත්ති තාර්කික වීම වළක්වයි.

'චීනය යනු සෝවියට් දේශය නොවේ!'

බටහිර ලෝකය චීනය දෙස බලන්නේ බොහෝ විට පැරණි සෝවියට් දේශය දෙස බැලූ ආකාරයටය.මෙය විශාල වැරදි වැටහීමකි. 1976දී මොස්කව්හි සංචාරය කළ කෙනෙක් ප්‍රකාශ කළ පරිදි, එහි තිබූ විශාලතම වෙළඳසැලට දත් බුරුසුවක් මිලදී ගැනීමට ගිය විට ඔහුට දැකගත හැකි වූයේ හිස් රාක්කයක එක් දත් බුරුසුවක් තවත් දත් බුරුසුවකින් අඩියක් දුරින් ඇති ආකාරයේ භාණ්ඩ හිඟයක් තිබූ බවය. 

එසේ එදා සෝවියට් දේශයේ සෑම දෙයක්ම හිඟ විය, සියල්ල දැඩිව පාලනය විය. එසේම සෝවියට් දේශයේ කිසිදු සාමාන්‍ය වැසියෙකුට නිවාඩු සඳහා විදෙස්ගත වීමට අවසර ලැබුණේ නැත! මන්ද, ඔවුන් නැවත නොපැමිණීමට ඉඩ තිබූ බැවිනි. නමුත් අද චීනය එසේ නොවේ. චීනයට ගිය ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ, එය පෞද්ගලික සහ පොදු භාණ්ඩ දෙකම නිපදවන ලෝකයේ වඩාත්ම දියුණු ආර්ථිකයක් බවයි. 

එක්සත් ජනපදයේ කෙනඩි ගුවන් තොටුපළෙන් ගොස් බීජිං ගුවන් තොටුපළට ගිය විට, "තුන්වන ලෝකයේ ගුවන් තොටුපළකින් පළමු ලෝකයේ ගුවන් තොටුපළකට" පැමිණි හැඟීමක් ඇති වන බව මැතකදී ප්‍රකට යුටියුබ්කරුවකු කියා සිටියේය. 

2019 වසරේදී චීන ජාතිකයන් මිලියන 139ක් නිදහසේ විදේශ සංචාර සඳහා පිටත් වූ අතර, චීනය ගුලාග් (Gulag – අතීත සෝවියට් කඳවුරක්) මෙන් ජනතාව පීඩාවට පත් කරන ස්ථානයක් නම්, මෙම මිලියන ගණනක් වූ ජනතාවට නැවත චීනයට පැමිණීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් ඔවුන් සියල්ලෝම ආපසු පැමිණියහ. අද වන විට ඇමරිකානු Ivy League විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගත් චීන සිසුන් සහ මහාචාර්යවරුන් පවා යළි චීනයට පැමිණෙමින් සිටිති.

උදාහරණයට චීනයේ Chongqing නගරය යනු තවත් සාමාන්‍ය නගරයක් නොවේ. එහිදී බුලට් දුම්රිය ගොඩනැගිලි හරහා ගමන් කරන ආකාරය, 'උද්‍යාන' ගුවනේ පා වෙන්නාක් මෙන් 22 වන මහලේ පිහිටා ඇති ආකාරය ඔබට දැකගත හැකිය. එම නගරයේ නවතම සංකේතය නම්, එහි නැගෙනහිර දුම්රිය ස්ථානයයි. එය හුදෙක් ගොඩනැගිල්ලක් නොව, අප කවුරුත් දකින ලෝකයේ ඉදිකිරීම් සහ තාක්‍ෂණික දියුණුවේ මායිම් බිද දැමූ විශ්මයකි. 

එයට පළමු වරට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ මුවින් පිටවන්නේ පුදුමයක්!  සමහරුන්ට එය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශන තලයක් ලෙස හැඟෙනු ඇත. නමුත් යථාර්ථය නම්, එය අති නවීන දුම්රිය ස්ථානයක් පමණක් බවය. 

එය දෙස බලන විට, බොහෝ බටහිර ගුවන් තොටුපළවල් පවා, බස් නැවතුම් පොළවල් ලෙස පෙනෙනු ඇත. එය ඒ තරම් විශාලය සහ අනාගතවාදීය. සමහර රටවල් තවමත් දුම්රිය ස්ථානයක් ඉදිකිරීම ගැන වාද විවාද කරමින් සිටින ලෝකයක, චීනය නගරයක ප්‍රමාණයට එකක් ගොඩනඟා, එය ස්වීස් ඔරලෝසුවක් මෙන් ක්‍රියාත්මක කර ඇත. 

එය පෙන්වා දෙන්නේ හුදෙක් ඉංජිනේරු විද්‍යාව ගැන පමණක් නොවේ. එතැන් සිට  කිලෝමීටර් 1350ක් දුරින් ඇති බීජිනයට පැය 6 කින්, කිලෝමීටර් 980ක් දුරින් ඇති Guangzhou වෙත පැය 5 කින් සහ කිලෝමීටර් 350ක් දුරින් ඇති Chengdu වෙත පැය 1 කින් ළඟා විය හැකිය. 

මෙසේ අධිවේගී දුම්රිය මගින් රටේ ප්‍රධාන නගර ක්ෂණිකව සම්බන්ධ කිරීමෙන්, බිලියනයකට අධික ජනගහනයක ආර්ථික හා සමාජ සංචලනයට ලැබෙන තල්ලුව අති මහත්ය. සැබෑ දියුණුව යනු දැවැන්ත ගොඩනැගිලි පමණක් නොවේ. එය මිනිසුන්ගේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන කුඩා දේවල ගුණාත්මක භාවයයි. 

Chongqing' හි මෙට්‍රෝ පද්ධතිය හුදෙක් උමං මාර්ගයක් නොවේ. එය ඉංජිනේරුමය ආශ්චර්යයකි. එය කඳු හරහා, ගංගා යටින් සහ ගොඩනැගිලි හරහා පවා විහිදේ. එය ලෝකයේ වඩාත්ම අද්විතීය හා දර්ශනීය මෙට්‍රෝ පද්ධතියයි. එය පිරිසිදුය, වේගවත්ය, විශ්වාසනීය. 

නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් දෙය සම්බන්ධතාවයයි. බොහෝ දියුණු යැයි කියන රටවල උමං දුම්රිය තුළ සංඥා නොමැති නිසා, මිනිසුන් කියවීමට පොත් ගෙන යති. එහෙත් චීනයේ, ඔබ කන්දක් මත සිටියත්, ගම්බද ප්‍රදේශයක සිටියත්, නැතහොත් මෙට්‍රෝවේ ගැඹුරු භූගත ස්ථානයක සිටියත්, ඔබට 5G සංඥා ලැබේ. 

මෙය නූතන ආර්ථිකයේ සහ අධ්‍යාපනයේ රුධිර වාහිනියයි. සෑම පුරවැසියෙකුටම කොතැනක සිටියත් ලෝකය හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි. වෙනස පැහැදිලිය. එක් පැත්තක් අනාගතය දෙස බලමින් දැවැන්ත ලෙස ආයෝජනය කරන අතර, අනෙක් පැත්ත පැරණි ක්‍රමවේදයන් සහ දේශපාලන අර්බුදයන් තුළ සිරවී සිටී.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හූවර් ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙකු වන ඩෑන් වොන්ග් වසර ගණනාවක් චීනයේ ජීවත් වෙමින් සියැසින් දුටු දේ සිතා බැලීම වැදගත්ය. ඩෑන් වොන්ග් සිය මුල්ම අත්දැකීම් විස්තර කරන්නේ 2021 ගිම්හානය ගැනය. 

ඔහු ජීවත් වූයේ චීනයේ ධනවත්ම නගරය වන ෂැංහයි වලය. කොවිඩ් නිසා එහි නගර සීමා වසා තිබුණත් නගරය තුළ ජීවිතය පහසු හා සුන්දර විය. 2020දී උද්‍යාන 500ක් පමණ තිබූ ෂැංහයි නගරයේ  2025 අවසන් වන විට උද්‍යාන 1,000 ක් නිර්මාණය කිරීමට නගර සභාව සැලසුම් කර ඇත. 

නගරය පුරා අහස සිඹින ගොඩනැගිලි තිබුණත්, ඒ යටින් රසවත් නූඩ්ල්ස් සහ ඩම්ප්ලිං කඩවල් වල කිසි අඩුවක් නැත. වොන්ග්ගේ අදහස වන්නේ ෂැංහයි යනු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට වඩා ඉතා හොඳින් ක්‍රියාත්මක වන නගරයක් බවය. 

නිව්යෝර්ක් නගරයේ උමං මාර්ග වලින් නිකුත් වන කන් බිහිරි කරවන ලෝහමය කෑගැසීම් සහ පැරණි, අක්‍රිය යටිතල පහසුකම් චීනයේ නූතනත්වය සමඟ සැසඳීමේදී අහසට පොළොව මෙන් සමාන බව ඔහු පෙන්වා දෙයි. 

නිව්යෝර්ක්හි බස් පර්යන්තයක් ප්‍රතිසංස්කරණය කිරීමට පවා වසර ගණනාවක් ගතවන විට, ෂැංහයි නගරය නිරන්තරයෙන් අලුත් කරමින් තිබේ. ෂැංහයි නගරයේ මේ පහසුකම් භුක්ති විඳිමින් සිටියත්, ඔහුට අවශ්‍ය වූයේ චිනයේ ග්‍රාමීය ප්‍රදේශ දැකීමටය. ඒ අනුව, ඔහු මිතුරන් දෙදෙනෙකු සමඟ චීනයේ නිරිතදිග ගුයිෂෝ පළාතේ දින 05 ක පාපැදි ගමනක් ආරම්භ කළේය. 

'ගුයිෂෝ' යනු චීනයේ සතර වෙනියට දුප්පත්ම පළාතයි. එවැනි දුප්පත් පළාතක, ඇමරිකාවේ ධනවත්ම ප්‍රාන්ත වන නිව්යෝර්ක් හෝ කැලිෆෝනියාවේදීවත් දැකිය නොහැකි තරම් උසස් යටිතල පහසුකම් දැකීමෙන් වොන්ග් පුදුමයට පත් විය. 

ඔවුන් පාපැදියෙන් ගමන් කළ මාර්ගය සයිකල් කරුවෙකුගේ සිහිනයක්ම විය. ඉතාමත් සුන්දර හරිත කඳුකර මාර්ග, අතිශය උස පාලම් ආදී නවීන මාර්ග රාශියක් එහි විය. බටහිර වර්ජිනියාවට හෝ සවුත් ඩකෝටා ප්‍රාන්තයට සමාන චීනයේ දුප්පත් පළාතක ගුවන් තොටුපළවල් 11 ක්, ලෝකයේ උසම පාලම් 50 ක් සහ අලුත්ම අධිවේගී මාර්ග තිබීම ඇදහිය නොහැකි විය.

චීන දේශපාලන පද්ධතිය ඇමරිකානු දේශපාලන පද්ධතිය තරම් නිදහස් නැතත්, චීන ජනතාව විශ්වාස කරන්නේ යහපත් සමාජයක් තුළ පුද්ගල නිදහස තරමටම සමාජයේ අවශ්‍යතාද වැදගත් බවයි. ඔවුන් සමාජ හැසිරීම් මත යම් යම් සීමා කිරීම් පිළිගැනීමට සතුටු වන්නේ, එය යහපත් සමාජයක් නිර්මාණය කිරීමට උපකාරී වන බව ඔවුන් විශ්වාස කරන බැවිනි. 

එක්සත් ජනපදයේ පදනම වන්නේ 'පුද්ගල නිදහස' උසස්ම යහපත ලෙස සැලකීමය. නමුත් ආසියාවේ නැඟී එන සමාජයන්, එම බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පිටපත් නොවන බව බටහිර ලෝකය තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේම සාර්ථකත්වයේ සමතුලිතතාවයන් සොයා යනු ඇත. විවිධ සමාජයන් තමන්ගේ මිනිසුන් සඳහා, යහපත් සමාජ නිර්මාණය කිරීමට විවිධ තේරීම් කිරීම ගැටළුවක් නොවේ. එහෙත් බටහිර අතීතයේ සිටම කරන්නේ, එම විවිධත්වය අවබෝධ කර නොගැනීමයි.

අතීතයේ රටවල් 193ක ජීවත් වූ ලෝක ජනතාව සිටියේ, වෙන් වෙන් වූ යාත්‍රා 193කය. එක් යාත්‍රාවක වසංගතයක් පැතිර ගියද, අනෙක් යාත්‍රාවට එය ඒතරම් බලපෑවේ නැත. නමුත් අද වන විට ලෝකය කෙතරම් හැකිලී, අන්තර් රඳා පැවතීමට පත්ව ඇත්ද යත්, අප සියලු දෙනාම එකම බෝට්ටුවක ඇති වෙන් වෙන් වූ කැබින් 193ක  ජීවත් වන්නෙමු. ඒ බව කොවිඩ්-19 වසංගතය අපට  පැහැදිලිව පෙන්වා දුන්නේය. එක් කුටියක වසංගතය ආරම්භ වූ විට, එය අනෙක් සියලු කුටි කරා පැතිර ගියේය. 

ඒ නිසා ඔබ එකම යාත්‍රාවක සිටින විට, යාත්‍රාවම ගිලෙනවා නම්, ඔබගේ කුටිය පමණක් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමෙන් ඵලක් නැත. අප අපගේ කුටි ආරක්ෂා කළ යුතු අතරම, ගෝලීය යාත්‍රාවම ආරක්ෂා කළ යුතුය. එසේම යාත්‍රාව ගිලෙනවා නම්, යාත්‍රාවේ විශාලතම කුටිය තමා සතු වීමෙන් ඵලක් නැති බව, ඇමරිකාව ද තේරුම් ගත යුතුය. 

අපට සාමකාමී සහ සෞභාග්‍යමත් ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සම්පත් සහ බුද්ධිය දැනටමත් තිබේ. ලෝකයේ සියලුම රටවල් ඔවුන්ගේ උපරිම හැකියාවට ළඟාවීම මිහිපිට සිටින අප සැමටම වාසියකි. නමුත් අපව පසුපසට ඇද දමන්නේ අපගේ මනස තවමත් 19 සහ 20 වන සියවස්වල සිර වී තිබීමයි. බටහිර ලෝකයට අවශ්‍ය වන්නේ මෙම ධීන මානසිකත්වය නැවත පණගැන්වීමය. මන්ද බටහිර ලෝකයට විවිධ සංස්කෘතීන් සහ විවිධ ශිෂ්ටාචාරවල මිනිසුන් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් නැත. අද යුරෝපය හා ඇමරිකාව පුරා පැතිර යන සංක්‍රමණික ජනයාට එරෙහි විරෝධතා රැල්ල පෙන්වන්නේ එයයි. 

අප ශ්‍රී ලාංකිකයන් ලෙස ගෝලීය බලය මාරු වන මෙම සංකීර්ණ අවධිය දෙස බැලිය යුත්තේ කනස්සල්ලෙන් නොව, උපායශීලී බුද්ධියකිනි. මන්ද බටහිර ලෝකය තමන්ගේම අභ්‍යන්තර ගැටලු නිසා එකතැන පල්වන විට, ආසියාවේ නැඟීම යනු අපට ලැබිය හැකි අසීමිතම අවස්ථාවයි.  


©️  සාගර දියගම

diyagama@outlook.com

https://wa.me/94713457467

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.