News Category
From Date
To Date
Maximum Number of Result

සියළු ජාතික රාජ්‍යයන් පරදා ඉහලටම පැමිණි චීනයේ වත්මන් කතාව

Nov 3, 2025 at 04:31 AM
|

ලෝකයේ නායකත්වය හිමි වන්නේ චීනයටද? නැතහොත්, මේ තාක්ෂණික හා දේශපාලනික අර්බුද මැද ඇමරිකාව නැවත නැඟිටීද? මෙසේ මේ මොහොතේ ලෝකයේ බලය ගමන් කරන දිශාව පිළිබඳ බරපතල කතිකාවක් ගොඩනැඟෙමින් තිබේ. බටහිර රටවල්, විශේෂයෙන්ම එක්සත් ජනපදය, දැඩි කනස්සල්ලෙන් හා බියෙන් අනාගතය දෙස බලන මොහොතක, ආසියාවේ රටවල් විශාල ප්‍රගතියක් හා නව උද්යෝගයක් අත්විඳිමින් සිටී. ඇත්තටම අද ලෝකයට වී ඇත්තේ කුමක්ද? බටහිර ගැති මාධ්‍ය විසින් නිරන්තරයෙන් නිරූපණය කරනු ලබන "අනතුරු වලින් පිරි අඳුරු අනාගතය" පිළිබඳ ආඛ්‍යානයෙන් බැහැරව සිතා බැලූ විට පෙනි යන්නේ,  මානව ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරම් යහපත් තත්ත්වයකට මිනිස් ජීවිතය පත්ව ඇති බවයි. 

අපි සංඛ්‍යාලේඛන දෙස බලමු. චීනයේ බිලියන 1.4ක්, ඉන්දියාවේ බිලියන 1.4ක් සහ ආසියාන් කලාපයේ මිලියන 700ක් ඇතුළුව, ලෝක ජනගහනයෙන් 40%ක් පමණ වන බිලියන 3.5ක ජනතාවක් ජීවත් වන මේ භූදේශපාලනික කලාපයේ, 2000 වසර වන විට මධ්‍යම පාන්තික ජීවන තත්ත්වය භුක්ති වින්දේ, මිලියන 150ක් පමණි. 

එහෙත් 2020 වන විට එම සංඛ්‍යාව දස ගුණයකින් වැඩිවී බිලියන 1.5ක් දක්වා ඉහළ ගියේය. 2030 වන විට මෙම බිලියන 3.5න් බිලියන 3ක් පමණ මධ්‍යම පාන්තික තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වඩාත් පුළුල්ව ඉතිහාසය දෙස බලන විට, මේ වන විට ආසියාවේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික නැවත පැමිණීමකි. 

පසුගිය වසර දෙදහසක ලෝක ඉතිහාසයක් ගත් විට ක්‍රි.ව. 1 වසරේ සිට 1800 දක්වා වූ වසර 1800ක් පුරා ලෝකයේ විශාලතම ආර්ථිකය වූයේ චීනය, ඉන්දියාව හා අප ද ඇතුළත් කලාපයයි. යුරෝපය සහ උතුරු ඇමරිකාව ඉදිරියට ආවේ පසුගිය වසර 200 තුළ පමණි. 

බටහිර ලෝකය ඉතිහාසයේ ආධිපත්‍යය දැරූ මෙම අවසාන වසර 200ක කාලය තවත් එක් ඓතිහාසික  අපගමනයක් පමණි. සෑම විකෘති වීමක්ම ස්වභාවිකවම අවසන් වේ. එබැවින් ආසියාව මෙසේ නැවත තම ස්ථාවරයට පැමිණීම ස්වාභාවිකය. 

බටහිර පරාජය වන්නේ ආසියාව නිසා නොව, තමන්ගේම අභ්‍යන්තර අර්බුද නිසාය. ඇමරිකානුවන් ඔවුන්ගේ ජීවන තත්ත්වය එක තැන පල්වීම ගැන චීනයට දොස් පැවරුවද, ඇමරිකාවේ පහළම 50%ක ජනතාවගේ ආදායම දශක ගණනාවක් තිස්සේ එකතැන පල්වීමට හේතුව චීනය නොව, ඇමරිකාවේම අභ්‍යන්තර ව්‍යූහාත්මක ගැටලු බව පෙනේ. 

"අනේ, මේක හරිම අසාධාරණයි. මම අවුරුදු 20ක් තිස්සේ මේ කර්මාන්ත ශාලාවේ වැඩ කළා. මගේ වැටුප වැඩි වුණේ බොහොම ටිකයි. ඒත් මගේ ලොක්කට අලුත් යාත්‍රාවක් ගන්න පුළුවන් වුණා," ඔහියෝවේ පරණ තාලේ කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු වන ජෝන් මිමිණුවේ, ඔහුගේ තෙල් පැල්ලම් සහිත ඇඳුම දෙස බලමිනි. 

මෙයින් අදහස් වන්නේ, ඇමරිකාවේ දේශපාලන පද්ධතිය, රටේ ධනවත්ම කොටස විසින් පැහැරගෙන ඇති බවයි. එක්සත් ජනපද කොංග්‍රසය මහජන ප්‍රතිපත්ති තීරණය කරන විට, ඔවුන් පහළ 50%ක ජනතාවගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා වෙනුවට, නොවැළැක්විය හැකි ලෙස ඉහළ 2%, 5% හෝ 10%ට ප්‍රතිලාභ ගෙන දෙන තීරණ ගනී. මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතී. 

දාර්ශනික ජෝන් රෝල්ස්  "A Theory of Justice" ග්‍රන්ථයේ පෙන්වා දුන් පරිදි, යම් සමාජයක අසමානතාවක් යුක්ති සහගත වන්නේ, එම අසමානතාව හේතුවෙන් පහළම 10% දෙනාගේ ජීවිත පවා යහපත් තත්ත්වයකට පත්වන්නේ නම් පමණි. එහෙත් අද ඇමරිකාවේ සිදුවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඉහළ 10%කගේ ජාතික ආදායම සහ ධනය අසීමිත ලෙස ඉහළ යන විට, පහළ 20%කගේ ජීවන තත්ත්වය දිගින් දිගටම එකතැන පල්වීමයි. මෙය එරට ජනතාවගේ කෝපයට හේතු විය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි දේශපාලනඥයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹුණේ, වොෂිංටනයේ දේශපාලන සංස්ථාපිතයට "විශාල පයින් පහරක්" දීමට ඇති දැඩි අවශ්‍යතාවය නිසාය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීම වැනි විසඳුම් ඇමරිකානු පාරිභෝගිකයාටම අහිතකර ලෙස බලපාන බව, ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පෙන්වා දෙයි. 

මෙසේ එක්සත් ජනපදය චීනයේ දියුණුව නැවැත්වීමට කරන සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. මැතකදී සෙමිකන්ඩක්ටර් තාක්ෂණය චීනයට අහිමි කිරීමට ගත් තීරණයෙන් සිදුවූයේ එම වෙළඳාමෙන් ලැබෙන ආදායමෙන් 30%ක් අහිමි කර ගැනීමෙන් ඇමරිකානු සමාගම් වලට පර්යේෂණ හා සංවර්ධන (R&D) අයවැය අහිමි වීමයි. 

සිදුවූයේ, චීනයේ සෙමිකන්ඩක්ටර් වෙළෙඳපොළ කොටස 10% සිට 50% දක්වා වැඩිවීමය. අවසානයේ එය ප්‍රතිවාදියාට නොව තමාටම හානි කරගත් ක්‍රියාවක් විය. තවත් පුදුම සහගත කරුණක් නම්, ඇමරිකානු හමුදා වියදම්වල විශාල කොටසක් කිසිදාක චීනයට එරෙහිව භාවිතා නොකරන, යල් පැන ගිය ආයුධ පද්ධති සඳහා වැය කිරීමයි. 

එයින් චීනයට සිය අභ්‍යන්තර සංවර්ධනය සඳහා වැඩි මුදලක් යෙදවීමට හැකි වන පරිදි භූ-දේශපාලනික ත්‍යාගයක් ඇමරිකාව විසින් ලබා දී තිබේ. මන්ද ඇමරිකාව වැඩි වැඩියෙන් නිකරුණේ ආරක්ෂක වියදම් සඳහා මුදල් වැය කරන තරමට, චීනයට සිය අභ්‍යන්තර සංවර්ධනය සඳහා වැඩි මුදලක් යෙදවීමට හැකිය. 

උදාහරණයට අද ඇති නවීන මිසයිල හමුවේ, සුවිසල් ගුවන් යානා ප්‍රවාහන නෞකා (Aircraft Carriers) පාවෙන තාරාවන් බවට පත්ව ඇත. එහෙත් අවි කර්මාන්තයේ ඇති ප්‍රභල බලපෑම් නිසා, එම යල් පැන ගිය ආයුධ පද්ධති මිලදී ගැනීමට එක්සත් ජනපදය බිලියන ගණනින් මුදල් වැය කරයි. 

මෙසේ චීනය නොව, ඇමරිකාවේම දේශපාලන පද්ධතිය ඔවුන්ගේම ආරක්ෂක ප්‍රතිපත්ති තාර්කික වීම වළක්වයි.

'චීනය යනු සෝවියට් දේශය නොවේ!'

බටහිර ලෝකය චීනය දෙස බලන්නේ බොහෝ විට පැරණි සෝවියට් දේශය දෙස බැලූ ආකාරයටය.මෙය විශාල වැරදි වැටහීමකි. 1976දී මොස්කව්හි සංචාරය කළ කෙනෙක් ප්‍රකාශ කළ පරිදි, එහි තිබූ විශාලතම වෙළඳසැලට දත් බුරුසුවක් මිලදී ගැනීමට ගිය විට ඔහුට දැකගත හැකි වූයේ හිස් රාක්කයක එක් දත් බුරුසුවක් තවත් දත් බුරුසුවකින් අඩියක් දුරින් ඇති ආකාරයේ භාණ්ඩ හිඟයක් තිබූ බවය. 

එසේ එදා සෝවියට් දේශයේ සෑම දෙයක්ම හිඟ විය, සියල්ල දැඩිව පාලනය විය. එසේම සෝවියට් දේශයේ කිසිදු සාමාන්‍ය වැසියෙකුට නිවාඩු සඳහා විදෙස්ගත වීමට අවසර ලැබුණේ නැත! මන්ද, ඔවුන් නැවත නොපැමිණීමට ඉඩ තිබූ බැවිනි. නමුත් අද චීනය එසේ නොවේ. චීනයට ගිය ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ, එය පෞද්ගලික සහ පොදු භාණ්ඩ දෙකම නිපදවන ලෝකයේ වඩාත්ම දියුණු ආර්ථිකයක් බවයි. 

එක්සත් ජනපදයේ කෙනඩි ගුවන් තොටුපළෙන් ගොස් බීජිං ගුවන් තොටුපළට ගිය විට, "තුන්වන ලෝකයේ ගුවන් තොටුපළකින් පළමු ලෝකයේ ගුවන් තොටුපළකට" පැමිණි හැඟීමක් ඇති වන බව මැතකදී ප්‍රකට යුටියුබ්කරුවකු කියා සිටියේය. 

2019 වසරේදී චීන ජාතිකයන් මිලියන 139ක් නිදහසේ විදේශ සංචාර සඳහා පිටත් වූ අතර, චීනය ගුලාග් (Gulag – අතීත සෝවියට් කඳවුරක්) මෙන් ජනතාව පීඩාවට පත් කරන ස්ථානයක් නම්, මෙම මිලියන ගණනක් වූ ජනතාවට නැවත චීනයට පැමිණීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් ඔවුන් සියල්ලෝම ආපසු පැමිණියහ. අද වන විට ඇමරිකානු Ivy League විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගත් චීන සිසුන් සහ මහාචාර්යවරුන් පවා යළි චීනයට පැමිණෙමින් සිටිති.

උදාහරණයට චීනයේ Chongqing නගරය යනු තවත් සාමාන්‍ය නගරයක් නොවේ. එහිදී බුලට් දුම්රිය ගොඩනැගිලි හරහා ගමන් කරන ආකාරය, 'උද්‍යාන' ගුවනේ පා වෙන්නාක් මෙන් 22 වන මහලේ පිහිටා ඇති ආකාරය ඔබට දැකගත හැකිය. එම නගරයේ නවතම සංකේතය නම්, එහි නැගෙනහිර දුම්රිය ස්ථානයයි. එය හුදෙක් ගොඩනැගිල්ලක් නොව, අප කවුරුත් දකින ලෝකයේ ඉදිකිරීම් සහ තාක්‍ෂණික දියුණුවේ මායිම් බිද දැමූ විශ්මයකි. 

එයට පළමු වරට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ මුවින් පිටවන්නේ පුදුමයක්!  සමහරුන්ට එය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශන තලයක් ලෙස හැඟෙනු ඇත. නමුත් යථාර්ථය නම්, එය අති නවීන දුම්රිය ස්ථානයක් පමණක් බවය. 

එය දෙස බලන විට, බොහෝ බටහිර ගුවන් තොටුපළවල් පවා, බස් නැවතුම් පොළවල් ලෙස පෙනෙනු ඇත. එය ඒ තරම් විශාලය සහ අනාගතවාදීය. සමහර රටවල් තවමත් දුම්රිය ස්ථානයක් ඉදිකිරීම ගැන වාද විවාද කරමින් සිටින ලෝකයක, චීනය නගරයක ප්‍රමාණයට එකක් ගොඩනඟා, එය ස්වීස් ඔරලෝසුවක් මෙන් ක්‍රියාත්මක කර ඇත. 

එය පෙන්වා දෙන්නේ හුදෙක් ඉංජිනේරු විද්‍යාව ගැන පමණක් නොවේ. එතැන් සිට  කිලෝමීටර් 1350ක් දුරින් ඇති බීජිනයට පැය 6 කින්, කිලෝමීටර් 980ක් දුරින් ඇති Guangzhou වෙත පැය 5 කින් සහ කිලෝමීටර් 350ක් දුරින් ඇති Chengdu වෙත පැය 1 කින් ළඟා විය හැකිය. 

මෙසේ අධිවේගී දුම්රිය මගින් රටේ ප්‍රධාන නගර ක්ෂණිකව සම්බන්ධ කිරීමෙන්, බිලියනයකට අධික ජනගහනයක ආර්ථික හා සමාජ සංචලනයට ලැබෙන තල්ලුව අති මහත්ය. සැබෑ දියුණුව යනු දැවැන්ත ගොඩනැගිලි පමණක් නොවේ. එය මිනිසුන්ගේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන කුඩා දේවල ගුණාත්මක භාවයයි. 

Chongqing' හි මෙට්‍රෝ පද්ධතිය හුදෙක් උමං මාර්ගයක් නොවේ. එය ඉංජිනේරුමය ආශ්චර්යයකි. එය කඳු හරහා, ගංගා යටින් සහ ගොඩනැගිලි හරහා පවා විහිදේ. එය ලෝකයේ වඩාත්ම අද්විතීය හා දර්ශනීය මෙට්‍රෝ පද්ධතියයි. එය පිරිසිදුය, වේගවත්ය, විශ්වාසනීය. 

නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් දෙය සම්බන්ධතාවයයි. බොහෝ දියුණු යැයි කියන රටවල උමං දුම්රිය තුළ සංඥා නොමැති නිසා, මිනිසුන් කියවීමට පොත් ගෙන යති. එහෙත් චීනයේ, ඔබ කන්දක් මත සිටියත්, ගම්බද ප්‍රදේශයක සිටියත්, නැතහොත් මෙට්‍රෝවේ ගැඹුරු භූගත ස්ථානයක සිටියත්, ඔබට 5G සංඥා ලැබේ. 

මෙය නූතන ආර්ථිකයේ සහ අධ්‍යාපනයේ රුධිර වාහිනියයි. සෑම පුරවැසියෙකුටම කොතැනක සිටියත් ලෝකය හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි. වෙනස පැහැදිලිය. එක් පැත්තක් අනාගතය දෙස බලමින් දැවැන්ත ලෙස ආයෝජනය කරන අතර, අනෙක් පැත්ත පැරණි ක්‍රමවේදයන් සහ දේශපාලන අර්බුදයන් තුළ සිරවී සිටී.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හූවර් ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙකු වන ඩෑන් වොන්ග් වසර ගණනාවක් චීනයේ ජීවත් වෙමින් සියැසින් දුටු දේ සිතා බැලීම වැදගත්ය. ඩෑන් වොන්ග් සිය මුල්ම අත්දැකීම් විස්තර කරන්නේ 2021 ගිම්හානය ගැනය. 

ඔහු ජීවත් වූයේ චීනයේ ධනවත්ම නගරය වන ෂැංහයි වලය. කොවිඩ් නිසා එහි නගර සීමා වසා තිබුණත් නගරය තුළ ජීවිතය පහසු හා සුන්දර විය. 2020දී උද්‍යාන 500ක් පමණ තිබූ ෂැංහයි නගරයේ  2025 අවසන් වන විට උද්‍යාන 1,000 ක් නිර්මාණය කිරීමට නගර සභාව සැලසුම් කර ඇත. 

නගරය පුරා අහස සිඹින ගොඩනැගිලි තිබුණත්, ඒ යටින් රසවත් නූඩ්ල්ස් සහ ඩම්ප්ලිං කඩවල් වල කිසි අඩුවක් නැත. වොන්ග්ගේ අදහස වන්නේ ෂැංහයි යනු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට වඩා ඉතා හොඳින් ක්‍රියාත්මක වන නගරයක් බවය. 

නිව්යෝර්ක් නගරයේ උමං මාර්ග වලින් නිකුත් වන කන් බිහිරි කරවන ලෝහමය කෑගැසීම් සහ පැරණි, අක්‍රිය යටිතල පහසුකම් චීනයේ නූතනත්වය සමඟ සැසඳීමේදී අහසට පොළොව මෙන් සමාන බව ඔහු පෙන්වා දෙයි. 

නිව්යෝර්ක්හි බස් පර්යන්තයක් ප්‍රතිසංස්කරණය කිරීමට පවා වසර ගණනාවක් ගතවන විට, ෂැංහයි නගරය නිරන්තරයෙන් අලුත් කරමින් තිබේ. ෂැංහයි නගරයේ මේ පහසුකම් භුක්ති විඳිමින් සිටියත්, ඔහුට අවශ්‍ය වූයේ චිනයේ ග්‍රාමීය ප්‍රදේශ දැකීමටය. ඒ අනුව, ඔහු මිතුරන් දෙදෙනෙකු සමඟ චීනයේ නිරිතදිග ගුයිෂෝ පළාතේ දින 05 ක පාපැදි ගමනක් ආරම්භ කළේය. 

'ගුයිෂෝ' යනු චීනයේ සතර වෙනියට දුප්පත්ම පළාතයි. එවැනි දුප්පත් පළාතක, ඇමරිකාවේ ධනවත්ම ප්‍රාන්ත වන නිව්යෝර්ක් හෝ කැලිෆෝනියාවේදීවත් දැකිය නොහැකි තරම් උසස් යටිතල පහසුකම් දැකීමෙන් වොන්ග් පුදුමයට පත් විය. 

ඔවුන් පාපැදියෙන් ගමන් කළ මාර්ගය සයිකල් කරුවෙකුගේ සිහිනයක්ම විය. ඉතාමත් සුන්දර හරිත කඳුකර මාර්ග, අතිශය උස පාලම් ආදී නවීන මාර්ග රාශියක් එහි විය. බටහිර වර්ජිනියාවට හෝ සවුත් ඩකෝටා ප්‍රාන්තයට සමාන චීනයේ දුප්පත් පළාතක ගුවන් තොටුපළවල් 11 ක්, ලෝකයේ උසම පාලම් 50 ක් සහ අලුත්ම අධිවේගී මාර්ග තිබීම ඇදහිය නොහැකි විය.

චීන දේශපාලන පද්ධතිය ඇමරිකානු දේශපාලන පද්ධතිය තරම් නිදහස් නැතත්, චීන ජනතාව විශ්වාස කරන්නේ යහපත් සමාජයක් තුළ පුද්ගල නිදහස තරමටම සමාජයේ අවශ්‍යතාද වැදගත් බවයි. ඔවුන් සමාජ හැසිරීම් මත යම් යම් සීමා කිරීම් පිළිගැනීමට සතුටු වන්නේ, එය යහපත් සමාජයක් නිර්මාණය කිරීමට උපකාරී වන බව ඔවුන් විශ්වාස කරන බැවිනි. 

එක්සත් ජනපදයේ පදනම වන්නේ 'පුද්ගල නිදහස' උසස්ම යහපත ලෙස සැලකීමය. නමුත් ආසියාවේ නැඟී එන සමාජයන්, එම බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පිටපත් නොවන බව බටහිර ලෝකය තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේම සාර්ථකත්වයේ සමතුලිතතාවයන් සොයා යනු ඇත. විවිධ සමාජයන් තමන්ගේ මිනිසුන් සඳහා, යහපත් සමාජ නිර්මාණය කිරීමට විවිධ තේරීම් කිරීම ගැටළුවක් නොවේ. එහෙත් බටහිර අතීතයේ සිටම කරන්නේ, එම විවිධත්වය අවබෝධ කර නොගැනීමයි.

අතීතයේ රටවල් 193ක ජීවත් වූ ලෝක ජනතාව සිටියේ, වෙන් වෙන් වූ යාත්‍රා 193කය. එක් යාත්‍රාවක වසංගතයක් පැතිර ගියද, අනෙක් යාත්‍රාවට එය ඒතරම් බලපෑවේ නැත. නමුත් අද වන විට ලෝකය කෙතරම් හැකිලී, අන්තර් රඳා පැවතීමට පත්ව ඇත්ද යත්, අප සියලු දෙනාම එකම බෝට්ටුවක ඇති වෙන් වෙන් වූ කැබින් 193ක  ජීවත් වන්නෙමු. ඒ බව කොවිඩ්-19 වසංගතය අපට  පැහැදිලිව පෙන්වා දුන්නේය. එක් කුටියක වසංගතය ආරම්භ වූ විට, එය අනෙක් සියලු කුටි කරා පැතිර ගියේය. 

ඒ නිසා ඔබ එකම යාත්‍රාවක සිටින විට, යාත්‍රාවම ගිලෙනවා නම්, ඔබගේ කුටිය පමණක් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමෙන් ඵලක් නැත. අප අපගේ කුටි ආරක්ෂා කළ යුතු අතරම, ගෝලීය යාත්‍රාවම ආරක්ෂා කළ යුතුය. එසේම යාත්‍රාව ගිලෙනවා නම්, යාත්‍රාවේ විශාලතම කුටිය තමා සතු වීමෙන් ඵලක් නැති බව, ඇමරිකාව ද තේරුම් ගත යුතුය. 

අපට සාමකාමී සහ සෞභාග්‍යමත් ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සම්පත් සහ බුද්ධිය දැනටමත් තිබේ. ලෝකයේ සියලුම රටවල් ඔවුන්ගේ උපරිම හැකියාවට ළඟාවීම මිහිපිට සිටින අප සැමටම වාසියකි. නමුත් අපව පසුපසට ඇද දමන්නේ අපගේ මනස තවමත් 19 සහ 20 වන සියවස්වල සිර වී තිබීමයි. බටහිර ලෝකයට අවශ්‍ය වන්නේ මෙම ධීන මානසිකත්වය නැවත පණගැන්වීමය. මන්ද බටහිර ලෝකයට විවිධ සංස්කෘතීන් සහ විවිධ ශිෂ්ටාචාරවල මිනිසුන් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් නැත. අද යුරෝපය හා ඇමරිකාව පුරා පැතිර යන සංක්‍රමණික ජනයාට එරෙහි විරෝධතා රැල්ල පෙන්වන්නේ එයයි. 

අප ශ්‍රී ලාංකිකයන් ලෙස ගෝලීය බලය මාරු වන මෙම සංකීර්ණ අවධිය දෙස බැලිය යුත්තේ කනස්සල්ලෙන් නොව, උපායශීලී බුද්ධියකිනි. මන්ද බටහිර ලෝකය තමන්ගේම අභ්‍යන්තර ගැටලු නිසා එකතැන පල්වන විට, ආසියාවේ නැඟීම යනු අපට ලැබිය හැකි අසීමිතම අවස්ථාවයි.  


©️  සාගර දියගම

diyagama@outlook.com

https://wa.me/94713457467

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
චීන සමාගමක් සම්බන්ධ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතිය අත්හැර දැමීමට රජය තීරණය කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ, කොළඹ වරායෙන් අක්කර 10ක ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීමට අදාළ ගිවිසුමේ පැවති ගැටලුකාරී තත්ත්වය බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (21 ) නියෝග කළේය.
පෞද්ගලික බැංකුවල උකස් තබා ඇති රන්භාණ්ඩ එකවර මුදල් ගෙවා බේරාගන්නා ලෙසට මහ බැංකුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීමේ අරමුණින් රජය විසින් ගැසට් කර ඇති නව ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෙහි අරුම පුදුම කරුණු රැසක් අන්තර්ගතව ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 300ක එක් ජනන යන්ත්‍රයක් හෙට (22) පස්වරුව වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව එහි විදුලි ඉන්ජිනේරුවන් පවසයි.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.