News Category
From Date
To Date
Maximum Number of Result

එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ ඉංග්‍රීසි ගුරුවරියක් වූ "ශලනි " ගේ කථාව..

Nov 4, 2025 at 09:03 AM
|

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි  එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව  ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්‍රමානවත් උනේ නෑ .

ඒ වන විට අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාර නිළධාරී ලෙස කටයුතු කල කර්නල් " හර්මන් ප්‍රනාන්දු  "  ඒ ගැටළුවට විසදුමක් සොයමින් සිටියේය . ඉන්පසු මෙම ගැටලුව විසදීමට ඉදිරිපත් වූයේ  කොළඹ පිහිටි  " ලක්ෂමන් කදිර්ගාමර් අනුස්මරණ පදනමයි  " ( කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද එවකට විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා අනුස්මරණය සඳහා පිහිටුවන ලද්දෙකි  ) කොටි ප්‍රහාරයකින් මියගිය ලුතිනන් ජනරාල් " ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ " දියණියකද එහි සේවය කරන ලදී .එල්ටීටීඊ තරුණියන් සඳහා අධ්‍යාපනය ලබාදීමට බාහිර සේවය සපයාගන්නා ගුරුවරුන් සඳහා වැටුප් ගෙවීමට ලක්‍ෂමන් කදිරගාමර් පදනම ඉදිරිපත් විය .

ඒ අනුව වරකාපොල ප්‍රදේශයේ පාසලක රාජකාරී කළ " නසීරා " නම් විදුහල්පතිනියක ඇතුළු කීපදෙනෙකු  පැමිණ එහි සිටි තරුණියන්ට අධ්‍යාපන කටයුතු සදහා  සහාය දෙන ලදී  . එහිදී ඉංග්‍රීසි භාෂාව උගන්වන ලද්දේ  * ශාලිනී * ( අන්වර්ථ නාමයකි ) නැමැති කොටි සාමාජිකාවයි . ඇය ගැන කපිතාන්  ජයනිට ඇත්තේ මෙවැනි මතකයකි .

" ශාලනී " යුදහමුදාට භාරවෙද්දී ඉංග්‍රීසි ගුරුවරියක් උනත් අපි ලගට ඇවිත් ඒ කථාව කීවේ නැහැ . අපිත් එයා පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් කියලා දැන ගත්තේ ටික දවසකින්  . ඊට පස්සේ තමයි   ඉංග්‍රීසි උගන්වන රාජකාරිය " ශාලනීට " බාර දුන්නේ  .එයා ඒක හොඳට කළා . එනිසා ළමයින්ගේ කණ්ඩායමේ නායකත්වයටත් එයාටම දුන්නා  . " ශාලිනී  " අපේ උපදෙස් අනුව හොඳට වැඩ කළා  .එයා මැදිහත් වෙලා වෙලාවට ළමයින්ව පෝලිම් කරන එක ,කාලසටහනකට අනුව වැඩ කරන එක වගේ ඔක්කොම දේවල්  මූලිකත්වය අරගෙන කළා. එතන ඉඳපු නිළධාරීන් වැඩි පිරිසක් ගුරු සේවයේ ඉඳලා හමුදා සේවයට ආපු අය නිසා අපිත් එක්ක " ශාලිනී " හිතවත් වුණා. මට කීප අවස්ථාවකදීම " ශාලිනී " එක්ක වැඩිපුර කථා කරන්න අවස්ථාව ලැබුණා. එතකොට තමයි එයාගේ විස්තරය දැනගන්න ලැබුණේ. 

"ශාලිනී " හොඳ වැදගත් පව්ලක කෙනෙක්.  එයා කෝපායි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් පුහුණු වෙලා තමයි ගුරු සේවයට එකතු වෙලා තිබුණේ. මුල්ම පත්වීම ලැබිලා තිබුණේ කිළිනොච්චිය මහවිදුහලට . එතන ගුරුවරියක් විදිහට වැඩ කරද්දී තමයි කොටින්ගේ අනිවාර්ය යුධ සේවය කියන නීතිය ඇවිත් තිබුණේ. මගේ මතකයේ හැටියට ශාලිනී ගේ පව්ලේ තුන්දෙනයි . මල්ලි හෙද විදුහලේ පුහුණු වෙමින් ඉඳලා තියෙන්නෙ.  නංගි උසස් පෙල පන්තිවල ඉඳලා තියෙන්නෙ .

මෙයා නංගිවයි , මල්ලිවයි, බේරන්න ඕනෑ නිසා මම එන්නම් කියලා බැඳිලා තියෙනවා.  ' නංගිගෙයි මල්ලි ගෙයි ජීවිතය අඳුරු කරන්නේ මොකටද කියලා මම ඉදිරිපත් වුණා' කියලා තමයි කීවේ. 

සංවිධානයට බැඳුනට පස්සේ මාස කීපයක ගරිල්ලා පුහුණුවක් ලබලා තියෙනවා.  පුහුණුවෙන් පස්සේ කෙළින්ම සටන් බිමට තමයි යවලා තියෙන්නේ . මාස ගාණක් මේ විදිහට සටනෙම ඉඳලා තියෙනවා.  හැබැයි මෙයා කොටි සාමාජිකාවක් විදිහට හිටියට ස්කෝලෙ වැටුප ලැබිලා තියෙනවා.  කොටි , ඒ පාසැලේ විදුහල්පතිට නියෝග කරලා තියෙනවා රාජකාරී කරන විදිහට සටහන් දාන්න කියලා. 2008 වෙද්දි කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරිය කරලා තියෙන්නෙ.  යුධ හමුදාවට කොහොමටත් ඉදිරියට එන්න ඉඩ තියන්නෙ නැතිව ප්‍රහාර එල්ල කරන්න කියලා තමයි නියෝග ලැබිලා තියෙන්නෙ. "

ඒ වන විට වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත යුධ හමුදාවේ 58 සේනාංකය මන්නාරමේ සිට වයඹ වෙරළ තීරය ඔස්සේ පැමිණ පුනරින් ප්‍රදේශය අත් පත් කරගැනීම සඳහා සිය ප්‍රහාර එල්ල කරමින් සිටියෝය. 58 සේනාංකයේ ප්‍රධාන අනදෙන නිළධාරී වූයේ එවකට බ්‍රිගේඩියර් " ශවේන්දා සිල්වා " ( වත්මන් යුද හමුදාපති ) ය. එම මෙහයුමේදී "ශාලිනී " අත් වූ ඉරණම විස්තර කල  කපිතාන් "  ජයනි ;

" ශාලිනී " ඉඳපු බංකරයේ හයදෙනක් ඉඳලා තියෙනවා.  කොහොම හරි හමුදාවේ ප්‍රහාරය දරුණු වෙද්දී බංකරයේ හිටපු එක්කෙනෙක් වෙඩි වැදිලා මැරිලා. තවත් දෙන්නෙක් තුවාල වෙලා. යුදහමුදාව ප්‍රහාර එල්ල කරමින් ලගටම එද්දි එතන හිටපු එක්කෙනෙක් තමන්ලග තිබුනු අත්බෝම්බයක් පුපුරුවාගෙන මැරිලා.  ඒ පිපිරුමෙන් තවත් කෙනෙක් මැරිලා. බෝම්බ කෑලි වැදිලා " ශාලිනීටත් " තුවාල වෙලා. කොහොම හරි අවසානයට ඉතුරු වෙලා තියෙන්නෙ තුන්දෙනයි. මෙයාගේ පතුරම් එහෙමත් ඉවර වෙලා.  යුදහමුදාවේ විශේෂ බලකායේ  ( S F ) භටයින් බංකරය ලගටම ඇවිත් වටකරනකම් මේ අය දන්නේ නෑලු . ඊට පස්සේ යටත් වෙන්න කියලා. ඒ වෙලාවේ තුන්දෙනාම සයනයිඩ් කාල සිය දිවි නසාගන්න හදලා  . අවසාන තප්පරයේදී  ඒ අදහස වෙනස් කරලා යුදහමුදාවට යටත් වෙලා තිබුණා. " ශාලිනී " තවත් විශේස දෙයක් කිව්වා.  හමුදාවට යටත් වුනාට එයාලට ජීවිතය ගැන විස්වාසයක් තිබිලා නෑ. යුදහමුදාවෙන් වදදීලා මරයි කියලා  සැකයකුත් හිතේ තිබිලා තියෙනවා. කොහොම හරි තුන්දෙනාම බ්‍රිගේඩියර් ශවේන්දා සිල්වා සර් ලගට එක්කරගෙන ගිහින්. "ශාලිනී " කිව්වා එයා කොටි සාමාජිකාවක් විදිහට ඉද්දී එයාල යුදහමුදාවේ ප්‍රධානින් ගැන කථා කරනවා ලූ .

එතකොට සමහරු කියනවලු " ශවේන්දා සිල්වා " කියන්නේ නපුරු හමුදා නායකයෙක් නෙමෙයි කියලා . ඒ නිසා "  ශවේන්දා සිල්වා "  සර්ව දැක්කහම මරණ එකක් නැහැ , ජීවිතය බේරුණා කියලා හිතුනලු. 

"ශාලිනී " අඹේපුස්ස කඳවුරේ හිටියේ බොහොම කැමැත්තෙන්. මේජර් ජනරාල් " දයා රත්නායක  " සර් කාලයක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විදිහට හිටියා. " දයා රත්නායක " සර් ආවහම එයා තීරණය කලා පාලනය පහසුවට අඹේපුස්ස කඳවුර එතනින් ඉවත් කරලා වව්නියාවට ගෙනියන්න.  ඒ වෙලාවේ "ශාලිනී " වව්නියාවේ යන්නබැහැ කියලා, බලෙන් යැව්වොත් සියදිවි හානිකරගන්නවා කීවා.  

ඒත් කොහොම හරි කැමති කරවාගෙන වව්නියාවට යැව්වා. වව්නියාවට යවලා සති කීපයකින් " ශාලිනීව" නිදහස් කළා.   එහෙම නිදහස් කරද්දි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉංග්‍රීසි උගන්වනපු නිසා ඒ මාස කීපයම ගුරු වැටුප හදලා දුන්නා.  " දයා රත්නායක " සර් ගේ අතින් තමයි වැටුප් චෙක් එක දුන්නේ. දැන් "ශාලිනී " විවාහවෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.  මීගමුව ප්‍රදේශයේ පාසලක තමයි රාජකාරි කරන්නේ. එයත් එක්කම යටත් වුණු කාර්ණිකා , සොබනා  , කියලා ලමයි දෙන්නත් අපි ලඟ ඉඳලා නිදහස් උනා.  එක්කෙනෙක් විදේශ ගත වුණා." 

" ඔයත් මාධ්‍යවේදියෙක් නිසා ඔයාටත් වැදගත් වෙන දෙයක් මෙතැනදී කියන්නම් " යනුවෙන් කී කපිතන් " ජයනි " එකල සිදුවීමක් ගැන මතකය ආවර්ජනය කළාය. 

' අපි අඹේපුස්ස මධ්‍යස්ථානයේ ඉද්දී "ශාලිනී " ගේ මාධ්‍යවේදියෙක් ආවා. මේ අය හමුවෙන්න සිමා තිබුනත් මේ මාධ්‍යවේදිය ආරක්ෂක අමාත්‍යංශයේ අදාළා ස්ථානවලින් අවසර අරගෙන ආවේය. ඒ මාධ්‍යවේදියා "ශාලිනී " කථාව ඇහුවා. "ශාලිනී " එයා ගේ කථාව කියද්දී 'සයනයිඩ් කන්නේ නැතුව යුදහමුදාවට යටත් වුණේ ඇයි ?' කියලා ප්‍රශ්නයක් ඇහුවා.  ඒ ප්‍රශ්නය අහද්දී "ශාලිනීට" කඳුළු ඇවිත් ඇඬණා .

'මරණය තෝරගන්නෙ නැතුව ජීවත් වීම තෝරා ගත්තේ ඇයි කියලා අහද්දී කෙනෙක්ට ඇඬෙන්නේ නැතිද ?.' කියලා "ශාලිනී කිව්වා. "

මෙය කපිතාන් ජයනි මහත්මිය විසින් " ධරනි " කාන්තා පුවත්පතේ මාධ්‍යවේදී ༄  සනත් ප්‍රියන්ත  ༄ මහතාගේ ලිපියක් ඇසුරින් සකස් කල ලිපියක්.

(උපුටා ගැනීමක්.)



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.