හම්බ කරන තැපෑලක්..
2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.
ලෝකයේ වැඩි ම ආදායම් ලබන සමාගම් ගැන කියන ෆෝර්චූන් ග්ලෝබල් 500 ලැයිස්තුවේ චීන තැපෑලට හිමිවෙලා තියෙන්නේ 83 වැනි තැන. චීනයේ මූලික ජාතික සන්නාම 10 න් 1 ක් බවටත් චීන තැපෑල පත්වෙලා. පාරිසරික සහ සමාජ වගකීම් ඉටු කරන සමාගම් අතර ඉහළ ම ආදාර්ශ සමාගම විදිහටත් චීන තැපෑල සම්මාන ලැබුවා. තව තවත් සම්මාන මහ ගොඩක් මේ සමාගම විසින් දිනාගෙන තියෙනවා. චීන තැපෑල මේ හැම හපන්කමක් ම කරන්නේ රාජ්‍ය සමාගමක් විදිහට වීමත් විශේෂ කාරණයක්. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ කියන මන්තරය අහන අපිට මේ හරහා හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
1998 දී තමයි චීනයේ තැපැල් සහ විදුලි සංදේශ අංශ එකිනෙකින් වෙන් කළේ. මෙහෙම තනි ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ආපු චීන තැපෑල 2005 දී කාර්යාංශයක් වුණා. ඒ එක්ක ම, තැපෑලට අලුත් කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වලා දෙන්නත් චීන ආණ්ඩුව කටයුතු කළා. ඉතින් ජාතික මට්ටමේ ඉඳලා බිම් දක්වා ඉතාමත් ශක්තිමත් විදිහට පාලනය කෙරෙන ආයතනයක් බවට චීන තැපෑල පත්වුණා. 2006 දී, චීන තැපැල් සමූහ සංස්ථාව කියන විදිහට මේ ආයතනය ප්‍රතිසංවිධානය කළා.
මෙහෙම ඇති කරපු චීන තැපැල් සමූහ සංස්ථාවට 2007 අවුරුද්ද විශේෂ එකක්. ඒ අවුරුද්දේ මාර්තු 20 වැනි දා, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කළා. මේ බැංකුවේ වර්ධනයෙන් වුනත් චීන තැපෑලේ ලොකු මහත්වීම තේරුම්ගන්න පුළුවන්. මේ බැංකුව පළාත්, කෝරළ සහ ගම් මට්ටමින් ව්‍යාප්ත කළා. ඒ විදිහට ප්‍රමුඛ නගර මට්ටමේ ශාඛා 300 කට වැඩි ප්‍රමාණයක්, කෝරළ මට්ටමේ ශාඛා 3700 කට වැඩි ප්‍රමාණයක් සහ ගම් මට්ටමේ ශාඛා 2495 ක් ඇති කළා. ඒවා හරහා මිනිස්සුන්ගේ තැන්පතු ලබාගැනීමත් බිම් මට්ටමේ කර්මාන්තවලට ණය දීමත් සිද්ද කරනවා.
2012 දී, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳපොළේ ලියංපදිංචි සමාගමක් බවට පත් කළා. තවත් අවුරුදු පහක් ඇතුළත හොංකොං කොටස් වෙළෙඳපොළේ ඩොලර් බිලියන 7 කට වැඩි කොටස් ප්‍රමාණයක් නිකුත් කරන්න ඒ බැංකුව කටයුතු කළා.
2008 අවුරුද්දේ පෙයි-චිං නගරයේ පවත්වපු ඔලිම්පික් උළෙලේ වගකීම් මහ ගොඩකුත් චීන තැපෑලට පැවැරුණා. චීන තැපෑල විසින් තමයි ඒ දැවැන්ත වැඩේට අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග විශාල ප්‍රමාණයක් ලබාදුන්නේ. ඒ වැඩේ හරියට කරපු හින්දා තවත් එහෙම අවස්ථා ගණනාවක වගකීම් චීන තැපෑලට පැවැරුණා.
ඊ ළඟ අවුරුද්දේ දී, චීන තැපෑල රක්‍ෂණ ව්‍යාපාරයටත් අත ගැහුවා. ඒ, 2009 සැප්තැම්බර් මාසයේ දී චීන තැපැල් ජීවිත රක්‍ෂණ සමාගම පිහිටුවීමෙන්. මාස තුනක් ඇතුළත ඒ සමාගමේ කටයුතු පළාත් හයක් පුරා ව්‍යාප්ත කරන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. ඊට අමතරව, භූමිකම්පා වගේ මහා ව්‍යසන මැද්දේ පවා ඉස්සරහට ඇවිල්ලා පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය සේවා ලබාදෙමින් චීන තැපෑල තව තවත් ලොකු මහත්වුණා. උදාහරණයක් විදිහට, 2010 අප්‍රේල් 14 වැනි දා ඡිං-හයි පළාතේ ය්‍යු-ෂු නගරයේ ඇතිවෙච්ච භූමිකම්පාවත් එක්ක ම චීන තැපෑල කරපු සේවය ඉතාමත් ඉහළින් ඇගැයීමට ලක්වීම දක්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ ජුනි මාසයේ දී චීන තැපෑල තවත් අලුත් වැඩකට මුලපිරුවා. ඒ, චීන තැපැල් සීඝ්‍රගාමී ව්‍යාපාර ප්‍රවාහ පහසුකම් සමාගම ඇතිකිරීමෙන්. තවත් මාසයක් ඇතුළත චීන තැපැල් මංගත පුහුණු ඇකඩමිය ආරම්භ කෙරුණා. ඒ දෙසැම්බර් මාසයේ දී, නැගෙනහිර චීනයේ ෆූ-චෝ නගරය සහ තායිවානයේ තැයි-පේ නගරය අතර තමන්ගේ ම තැපැල් ගුවන් සේවාවක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. මේ වෙද්දි, චීන තැපෑලට තමන්ගේ ම ගුවන්යානා 40 කට වැඩි ප්‍රමාණයකුත් දුම්රිය 174 කුත් තියෙනවා.
මෙහෙම වැඩ කරද්දි චීන තැපෑලේ ව්‍යාපාර ප්‍රාග්ධනය පුදුමාකාර විදිහට වර්ධනය වුණා. 2015 මැයි මාසයේ දී, අලුත් වර්ධනයන්ට ගැලැපෙන විදිහට චීන තැපැල් සමූහ සංස්ථාව ප්‍රතිසංවිධානය කෙරුණා. ඒ එක්ක ම, මේ සංස්ථාව මූලස්ථානයක් සහ ශාඛා සමාගම් ඇති තනි මට්ටමක ආයතනයක් බවට පත්වුණා. පළාත් මට්ටමින් තිබුණු ආයතන අදාළ ශාඛා සමාගම්වලට අනුබද්ධ ආයතන බවට පත් කෙරුණා.
2015 දෙසැම්බර් වෙද්දි, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව වෙනත් ජාතික සහ ජාත්‍යන්තර සමාගම් එක්ක එකතුවෙලා හවුල් බිස්නස් කරන්නත් පටන්ගත්තා. මේ හවුල් බිස්නස් වැඩේට ඇමෙරිකාවේ, කැනඩාවේ මූල්‍ය සමාගම් පවා එකතුවුණා. ඉතින් 2016 වෙද්දි, හොං-කොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කරපු ප්‍රධාන ම සමාගමක් බවට පත්වෙන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. මෙහෙම ඉස්සරහට ආපු චීන තැපෑල 2017 ජුලි මාසය වෙද්දි වෙනත් සමාගම් අත්පත් කරගන්න වැඩෙත් පටන්ගත්තා.
චීන තැපෑලේ ජාත්‍යන්තර ප්‍රවාහන කටයුත්තත් එන්න එන්න ම වර්ධනය වුණා. 2018 නොවැම්බර් 26 වැනි දා, ජර්මනියේ ඩ්‍යුස්බර්ක් නගරයෙන් ප්‍රවාහනය කරපු මහා පරිමාණ භාණ්ඩ තොගයක් චීනයේ ඡුං-ඡිං නගරයට ළඟාවුණා. මේ මහා ප්‍රවාහන කාර්යය චීන තැපැල් ඉතිහාසයේ විශේෂ සිදුවීමක්.
2019 දී, තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය විවිධ උපාංග, යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන කාර්යයටත් චීන තැපෑල යොමුවුණා. ඒ වෙනුවෙන් ඇති කරපු චීන තැපැල් තාක්‍ෂණ සමාගමට විදේශ ආයෝජනත් ලබාගත්තා. ඉතින් 2022 ශීත කාල ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සැපැයුම්කාරයෙක් බවට පත්වෙන්නත් මේ අලුත් තාක්‍ෂණ සමාගමට පුළුවන් වුණා.
මෙහෙම ලොකු මහත්වෙච්ච චීන තැපෑල 2019 දෙසැම්බර් 28 වැනි දා නැවත වතාවක් ප්‍රතිසංවිධානය කෙරුණා. ඒත් එක්ක ම, චීන තැපෑල තවදුරටත් රජයට හිමි සංස්ථාවක් කියන සීමාව ඉක්මවලා පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය තියෙන සමාගමක් බවට පත්වුණා.
මේ විදිහට හොඳින් හම්බ කරපු චීන තැපෑල තමන්ගේ මඩිය තර කරගෙන නිකම් බලාගෙන හිටියෙත් නෑ. 2020 අප්‍රේල් මාසයේ දී, ග්‍රාමීය දිළිඳුකම දුරුකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒ අවුරුද්දේ මැයි 21 වැනි දා, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ඩිජිටල් යුවාන් ගනුදෙනු කිරීමත් ආරම්භ කළා. මේ මාර්ගයෙන් ඒ කාර්යයට සම්බන්ධවෙච්ච චීනයේ පස්වැනි ප්‍රධාන රාජ්‍ය බැංකුව බවට චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව පත්වුණා.
2021 දී, ලෝකයේ වැඩියෙන් ම ලාභ උපයන තැපැල් සේවාව බවට චීන තැපෑල පත්වුණා. මේ එක්ක ම, තමන්ගේ සේවා වේගය වැඩි කරන්නත් චීන තැපෑල යොමුවුණා. ඒ අනුව, 2021 ජුනි මාසය වෙද්දි දවස් දෙකක් ඇතුළත නගර 1000 කට බෙදාහැරීම් සේවා සපයන්න චීන තැපෑලට පුළුවන් වුණා. මේ වැඩවලට රොබෝවරුන්ගේ සහායත් ලබාගත්තා. මේ වෙද්දි, චීන තැපෑල කෘත්‍රිම බුද්ධියෙනුත් සෑහෙන්න වැඩගන්නවා.
කාර්යාලවලින් බාහිර වැඩ කරන කසල සෝධකයින්, කුරියර් සේවා ලබාදෙන්නන්, ආහාර බෙදන්නන්, ටැක්සි රියැදුරන්, ප්‍රවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන 10,000 ක් ඇති කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒවා හරහා ඒ සේවකයන්ට අවශ්‍ය ආහාර පාන සහ විවේක පහසුකම් ලබාදෙනවා. චීන තැපෑල මේ වැඩේ කරන්නේ සමස්ත චීන වෘත්තිය සමිති සම්මේලනයත් එක්ක එකතුවෙලා වීමත් විශේෂයක්.
චීන තැපෑලේ කතාව මහ විශාල එකක්. මේ මුළු කතාව ම කියන්න ඉඩක් නෑ. ඒත් 2022 දී ආරම්භ කරපු තැපැල් කන්තෝරුු කෝපි සාප්පු ජාලය ගැන නම් නොකියා බෑ. මේ වෙද්දි ඒ සේවාවත් ඉතාමත් ජනප්‍රිය, ලාබ උපයන බිස්නස් එකක් බවට පත්වෙලා ඉවරයි.
(2025 නොවැම්බර් 2 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 20 වැනි කොටස)
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා