News Category
From Date
To Date
Maximum Number of Result

හම්බ කරන තැපෑලක්..

Nov 3, 2025 at 07:46 AM
|

2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.

ලෝකයේ වැඩි ම ආදායම් ලබන සමාගම් ගැන කියන ෆෝර්චූන් ග්ලෝබල් 500 ලැයිස්තුවේ චීන තැපෑලට හිමිවෙලා තියෙන්නේ 83 වැනි තැන. චීනයේ මූලික ජාතික සන්නාම 10 න් 1 ක් බවටත් චීන තැපෑල පත්වෙලා. පාරිසරික සහ සමාජ වගකීම් ඉටු කරන සමාගම් අතර ඉහළ ම ආදාර්ශ සමාගම විදිහටත් චීන තැපෑල සම්මාන ලැබුවා. තව තවත් සම්මාන මහ ගොඩක් මේ සමාගම විසින් දිනාගෙන තියෙනවා. චීන තැපෑල මේ හැම හපන්කමක් ම කරන්නේ රාජ්‍ය සමාගමක් විදිහට වීමත් විශේෂ කාරණයක්. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ කියන මන්තරය අහන අපිට මේ හරහා හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

1998 දී තමයි චීනයේ තැපැල් සහ විදුලි සංදේශ අංශ එකිනෙකින් වෙන් කළේ. මෙහෙම තනි ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ආපු චීන තැපෑල 2005 දී කාර්යාංශයක් වුණා. ඒ එක්ක ම, තැපෑලට අලුත් කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වලා දෙන්නත් චීන ආණ්ඩුව කටයුතු කළා. ඉතින් ජාතික මට්ටමේ ඉඳලා බිම් දක්වා ඉතාමත් ශක්තිමත් විදිහට පාලනය කෙරෙන ආයතනයක් බවට චීන තැපෑල පත්වුණා. 2006 දී, චීන තැපැල් සමූහ සංස්ථාව කියන විදිහට මේ ආයතනය ප්‍රතිසංවිධානය කළා.

මෙහෙම ඇති කරපු චීන තැපැල් සමූහ සංස්ථාවට 2007 අවුරුද්ද විශේෂ එකක්. ඒ අවුරුද්දේ මාර්තු 20 වැනි දා, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කළා. මේ බැංකුවේ වර්ධනයෙන් වුනත් චීන තැපෑලේ ලොකු මහත්වීම තේරුම්ගන්න පුළුවන්. මේ බැංකුව පළාත්, කෝරළ සහ ගම් මට්ටමින් ව්‍යාප්ත කළා. ඒ විදිහට ප්‍රමුඛ නගර මට්ටමේ ශාඛා 300 කට වැඩි ප්‍රමාණයක්, කෝරළ මට්ටමේ ශාඛා 3700 කට වැඩි ප්‍රමාණයක් සහ ගම් මට්ටමේ ශාඛා 2495 ක් ඇති කළා. ඒවා හරහා මිනිස්සුන්ගේ තැන්පතු ලබාගැනීමත් බිම් මට්ටමේ කර්මාන්තවලට ණය දීමත් සිද්ද කරනවා.

2012 දී, තැපැල් ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳපොළේ ලියංපදිංචි සමාගමක් බවට පත් කළා. තවත් අවුරුදු පහක් ඇතුළත හොංකොං කොටස් වෙළෙඳපොළේ ඩොලර් බිලියන 7 කට වැඩි කොටස් ප්‍රමාණයක් නිකුත් කරන්න ඒ බැංකුව කටයුතු කළා.

2008 අවුරුද්දේ පෙයි-චිං නගරයේ පවත්වපු ඔලිම්පික් උළෙලේ වගකීම් මහ ගොඩකුත් චීන තැපෑලට පැවැරුණා. චීන තැපෑල විසින් තමයි ඒ දැවැන්ත වැඩේට අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග විශාල ප්‍රමාණයක් ලබාදුන්නේ. ඒ වැඩේ හරියට කරපු හින්දා තවත් එහෙම අවස්ථා ගණනාවක වගකීම් චීන තැපෑලට පැවැරුණා.

ඊ ළඟ අවුරුද්දේ දී, චීන තැපෑල රක්‍ෂණ ව්‍යාපාරයටත් අත ගැහුවා. ඒ, 2009 සැප්තැම්බර් මාසයේ දී චීන තැපැල් ජීවිත රක්‍ෂණ සමාගම පිහිටුවීමෙන්. මාස තුනක් ඇතුළත ඒ සමාගමේ කටයුතු පළාත් හයක් පුරා ව්‍යාප්ත කරන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. ඊට අමතරව, භූමිකම්පා වගේ මහා ව්‍යසන මැද්දේ පවා ඉස්සරහට ඇවිල්ලා පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය සේවා ලබාදෙමින් චීන තැපෑල තව තවත් ලොකු මහත්වුණා. උදාහරණයක් විදිහට, 2010 අප්‍රේල් 14 වැනි දා ඡිං-හයි පළාතේ ය්‍යු-ෂු නගරයේ ඇතිවෙච්ච භූමිකම්පාවත් එක්ක ම චීන තැපෑල කරපු සේවය ඉතාමත් ඉහළින් ඇගැයීමට ලක්වීම දක්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ ජුනි මාසයේ දී චීන තැපෑල තවත් අලුත් වැඩකට මුලපිරුවා. ඒ, චීන තැපැල් සීඝ්‍රගාමී ව්‍යාපාර ප්‍රවාහ පහසුකම් සමාගම ඇතිකිරීමෙන්. තවත් මාසයක් ඇතුළත චීන තැපැල් මංගත පුහුණු ඇකඩමිය ආරම්භ කෙරුණා. ඒ දෙසැම්බර් මාසයේ දී, නැගෙනහිර චීනයේ ෆූ-චෝ නගරය සහ තායිවානයේ තැයි-පේ නගරය අතර තමන්ගේ ම තැපැල් ගුවන් සේවාවක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. මේ වෙද්දි, චීන තැපෑලට තමන්ගේ ම ගුවන්යානා 40 කට වැඩි ප්‍රමාණයකුත් දුම්රිය 174 කුත් තියෙනවා.

මෙහෙම වැඩ කරද්දි චීන තැපෑලේ ව්‍යාපාර ප්‍රාග්ධනය පුදුමාකාර විදිහට වර්ධනය වුණා. 2015 මැයි මාසයේ දී, අලුත් වර්ධනයන්ට ගැලැපෙන විදිහට චීන තැපැල් සමූහ සංස්ථාව ප්‍රතිසංවිධානය කෙරුණා. ඒ එක්ක ම, මේ සංස්ථාව මූලස්ථානයක් සහ ශාඛා සමාගම් ඇති තනි මට්ටමක ආයතනයක් බවට පත්වුණා. පළාත් මට්ටමින් තිබුණු ආයතන අදාළ ශාඛා සමාගම්වලට අනුබද්ධ ආයතන බවට පත් කෙරුණා.

2015 දෙසැම්බර් වෙද්දි, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව වෙනත් ජාතික සහ ජාත්‍යන්තර සමාගම් එක්ක එකතුවෙලා හවුල් බිස්නස් කරන්නත් පටන්ගත්තා. මේ හවුල් බිස්නස් වැඩේට ඇමෙරිකාවේ, කැනඩාවේ මූල්‍ය සමාගම් පවා එකතුවුණා. ඉතින් 2016 වෙද්දි, හොං-කොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කරපු ප්‍රධාන ම සමාගමක් බවට පත්වෙන්නත් චීන තැපෑලට පුළුවන් වුණා. මෙහෙම ඉස්සරහට ආපු චීන තැපෑල 2017 ජුලි මාසය වෙද්දි වෙනත් සමාගම් අත්පත් කරගන්න වැඩෙත් පටන්ගත්තා.

චීන තැපෑලේ ජාත්‍යන්තර ප්‍රවාහන කටයුත්තත් එන්න එන්න ම වර්ධනය වුණා. 2018 නොවැම්බර් 26 වැනි දා, ජර්මනියේ ඩ්‍යුස්බර්ක් නගරයෙන් ප්‍රවාහනය කරපු මහා පරිමාණ භාණ්ඩ තොගයක් චීනයේ ඡුං-ඡිං නගරයට ළඟාවුණා. මේ මහා ප්‍රවාහන කාර්යය චීන තැපැල් ඉතිහාසයේ විශේෂ සිදුවීමක්.

2019 දී, තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය විවිධ උපාංග, යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන කාර්යයටත් චීන තැපෑල යොමුවුණා. ඒ වෙනුවෙන් ඇති කරපු චීන තැපැල් තාක්‍ෂණ සමාගමට විදේශ ආයෝජනත් ලබාගත්තා. ඉතින් 2022 ශීත කාල ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සැපැයුම්කාරයෙක් බවට පත්වෙන්නත් මේ අලුත් තාක්‍ෂණ සමාගමට පුළුවන් වුණා.

මෙහෙම ලොකු මහත්වෙච්ච චීන තැපෑල 2019 දෙසැම්බර් 28 වැනි දා නැවත වතාවක් ප්‍රතිසංවිධානය කෙරුණා. ඒත් එක්ක ම, චීන තැපෑල තවදුරටත් රජයට හිමි සංස්ථාවක් කියන සීමාව ඉක්මවලා පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය තියෙන සමාගමක් බවට පත්වුණා.

මේ විදිහට හොඳින් හම්බ කරපු චීන තැපෑල තමන්ගේ මඩිය තර කරගෙන නිකම් බලාගෙන හිටියෙත් නෑ. 2020 අප්‍රේල් මාසයේ දී, ග්‍රාමීය දිළිඳුකම දුරුකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒ අවුරුද්දේ මැයි 21 වැනි දා, චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව ඩිජිටල් යුවාන් ගනුදෙනු කිරීමත් ආරම්භ කළා. මේ මාර්ගයෙන් ඒ කාර්යයට සම්බන්ධවෙච්ච චීනයේ පස්වැනි ප්‍රධාන රාජ්‍ය බැංකුව බවට චීන තැපැල් ඉතිරිකිරීමේ බැංකුව පත්වුණා.

2021 දී, ලෝකයේ වැඩියෙන් ම ලාභ උපයන තැපැල් සේවාව බවට චීන තැපෑල පත්වුණා. මේ එක්ක ම, තමන්ගේ සේවා වේගය වැඩි කරන්නත් චීන තැපෑල යොමුවුණා. ඒ අනුව, 2021 ජුනි මාසය වෙද්දි දවස් දෙකක් ඇතුළත නගර 1000 කට බෙදාහැරීම් සේවා සපයන්න චීන තැපෑලට පුළුවන් වුණා. මේ වැඩවලට රොබෝවරුන්ගේ සහායත් ලබාගත්තා. මේ වෙද්දි, චීන තැපෑල කෘත්‍රිම බුද්ධියෙනුත් සෑහෙන්න වැඩගන්නවා.

කාර්යාලවලින් බාහිර වැඩ කරන කසල සෝධකයින්, කුරියර් සේවා ලබාදෙන්නන්, ආහාර බෙදන්නන්, ටැක්සි රියැදුරන්, ප්‍රවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන 10,000 ක් ඇති කරන්නත් චීන තැපෑල කටයුතු කළා. ඒවා හරහා ඒ සේවකයන්ට අවශ්‍ය ආහාර පාන සහ විවේක පහසුකම් ලබාදෙනවා. චීන තැපෑල මේ වැඩේ කරන්නේ සමස්ත චීන වෘත්තිය සමිති සම්මේලනයත් එක්ක එකතුවෙලා වීමත් විශේෂයක්.

චීන තැපෑලේ කතාව මහ විශාල එකක්. මේ මුළු කතාව ම කියන්න ඉඩක් නෑ. ඒත් 2022 දී ආරම්භ කරපු තැපැල් කන්තෝරුු කෝපි සාප්පු ජාලය ගැන නම් නොකියා බෑ. මේ වෙද්දි ඒ සේවාවත් ඉතාමත් ජනප්‍රිය, ලාබ උපයන බිස්නස් එකක් බවට පත්වෙලා ඉවරයි.

(2025 නොවැම්බර් 2 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 20 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.