News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, කැලිෆෝනියා ප්‍රාන්තය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් හදිසි ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවට FBI ආයතනය මීට පෙර ආරක්ෂක අංශ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුම සඳහා රතු මුහුදේ ස්ථානගත කර ඇති ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඊයේ (12) ගින්නක් හටගෙන තිබේ.

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

චීනය ඊයේ(11) ස්වාධීනව සංවර්ධනය කරන ලද T1200 ශ්‍රේණියේ අතිශය ඉහළ ශක්තියක් සහිත කාබන් තන්තු එළිදක්වන ලැබුවේය. ඒවා අභ්‍යවකාශ සහ අනෙකුත් දියුණු කර්මාන්තවල භාවිතය සඳහා නිර්මාණය කර ඇති ලොව ශක්තිමත්ම වර්ගයේ කාබන් තන්තු වර්ගයකි.

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඉරානය කලාපය තුළ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 9 වනදා රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට කළ දුරකථන ඇමතුම පැහැදිලිවම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයේදී දැනටමත් මතුවීමට පටන් ගෙන ඇති උපායමාර්ගික අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සෙවීමේ උත්සාහයකි.

අමෙරිකානු දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ධූරයෙන් ඉවත් කරන ලෙස අමෙරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතයත් සමග චීනය සහ උතුරු කොරියාව අතර වසර හයක් තිස්සේ නවතා දමා තිබූ මගී දුම්රිය සේවය හෙට (12) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.