මැදපෙරදිග කැලඹීම් මධ්‍යයේ වුවද චීනය ‘ඉතා සමතුලිත’ බලශක්ති ව්‍යුහයක් සමඟ හොඳින් ස්ථානගත වී තිබෙනවා- චීනය සඳහා හිටපු ලෝක බැංකු අධ්‍යක්ෂක පවසයි
චීනය තුළ “ඉතා සමතුලිත” බලශක්ති ව්‍යුහයක් ඇති බැවින්, “ඇත්ත වශයෙන්ම සාපේක්ෂව හොඳින් ස්ථානගත වී ඇති” බව චීනයේ හිටපු ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සහ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ නැගෙනහිර ආසියානු ආයතනයේ මහාචාර්ය බර්ට් හොෆ්මන් අද(23) බීජිං හි චීන සංවර්ධන සංසදයට සමගාමීව ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර මූල්‍ය වෙලඳපොලවල් කැළඹීමට ලක් කර තෙල් මිල ඉහළ යද්දී, ලොව විශාලතම බහුජාතික සමාගම්වල නායකයින් 80 කට අධික සංඛ්‍යාවක් ඊයේ (22) සිට අද(23) දක්වා චීන සංවර්ධන සංසදය සඳහා බීජිං හි රැස් වූහ.
මැදපෙරදිග ගැටුම ගෝලීය වෙළඳපොළට ඇති කරන බලපෑම සහ චීනයට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරන ලෙස ග්ලෝබල් ටයිම්ස් වාර්තාකරුවන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් මහාචාර්යවරයා ,ගැටුම දිගු කාලයක් පවතින අතර එය වඩාත් තීව්‍ර වන තරමට එය ගෝලීය වෙළඳපොළට බලපාන බව අවධාරණය කළේය. "මේ මොහොතේ තෙල් වෙලඳපොලවල් සහ ගෑස් වෙලඳපොලවල් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති අතර එය ලෝක ආර්ථිකයට බලපායි. ලොව පුරා විශේෂයෙන් බලශක්ති සැපයුම් සඳහා ගල්ෆ් කලාපය මත යැපෙන රටවල ප්‍රාග්ධන වෙළඳපොළවල් පහත වැටී ඇති බව ඔබට දැනටමත් පෙනෙනවා." මහාචාර්ය හොෆ්මන් පැවසීය.
හොෆ්මන්ට අනුව, චීනයට ද බලපෑම් එල්ල වුවද, රට "ඇත්ත වශයෙන්ම සාපේක්ෂව හොඳින් ස්ථානගත වී ත්බෙනවා.", මන්ද චීනයට "ඉතා සමතුලිත" බලශක්ති ව්‍යුහයක් තිබෙන බැවිනුයි, මහාචාර්ය වරයා පැවසීය.
"චීනය වෙත, ගල්ෆ් කලාපයෙන් ලැබෙන්නේ බලශක්තියෙන් සියයට 25 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පමණයි. උදාහරණයක් ලෙස ජපානය සහ ඉන්දියාවට වඩා බොහෝ විවිධාංගීකරණය වූ ආනයන චීනයට තිබෙනවා. ඔවුන් ගල්ෆ් කලාපයෙන් ඔවුන්ගේ ආනයනවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එබැවින් චීනය තරමක් හොඳින් කටයුතු කර තිබෙනවා." මහාචාර්ය හොෆ්මන් පැවසීය.
"චීනයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ද ඔවුන්ට මෙලෙස පැවතීමට උපකාර කර තිබේ. මන්ද දැන් ඔවුන් විදේශයන්ගෙන් තෙල් සහ ගෑස් මත යැපීම අඩු මට්ටමක තිබෙනවා. රටකට සමතුලිතතාවයක් අවශ්‍ය නම්, එය සූදානම් කළ ප්‍රතිපත්තියක් සමඟ අවදානම සමතුලිත කරන බව වටහා ගත යුතුයි." ඔහු පැවසීය.
ගල්ෆ් කලාපයේ බොහෝ රටවල් සමඟ චීනය හොඳ සබඳතා පවත්වන බැවින්, මෙම ගැටුමට මැදිහත් වීමේදී චීනයේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යභාරය ද හොෆ්මන් ඉස්මතු කළේය. "එබැවින් චීනයට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී හොඳ කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. මම හිතන්නේ චීනයට දැනටමත් එසේ කර තිබෙනවා," හොෆ්මන් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..