News Category
From Date
To Date
Maximum Number of Result

කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ "එයතිහාසික වාමාංශික පෙරමුණ" ආසන 25ක්(22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙසත්, සෙනට් සභාවේ 22.73% ක් ද දිනා ගැනීමට වාමාංශික පෙරමුණ සමත් වී ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

'IRIS Dena' යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල "යුද අපරාධයක්" බවට ඉරානය චෝදනා කරයි.

අමෙරිකාව සමග වසර 10ක යුද්ධයකට සූදානමින් සිටින බවත්, මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් සිටින්නේ ඒ ආකාරයෙන් බවත් IRGC උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ඊබ්‍රහීම් ජබ්බාරි පවසයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා ප්‍රහාර 11 වන දිනටත් පිවිස ඇති තතව්යක් තුළ චීනයේ ඉරාන තානාපති අබ්ඩොල්රේසා රහ්මානි ෆස්ලි ඊයේ(09) රටේ වත්මන් අර්බුදය සහ එහි විදේශ ප්‍රතිපත්තියේ දිශාව පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල තානාපතිවරුන් තම භූමියෙන් නෙරපා හැරියහොත් ඕනෑම අරාබි හෝ යුරෝපීය රටක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවකාශ සලසා ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පැවසීය.

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරානයේ ප්‍රධානතම ආර්ථික ජීවනාලිය බඳු වූ 'කාර්ග්' (Kharg) දූපත අත්පත් කර ගැනීම සඳහා විශේෂ බලකා මෙහෙයුමක් දියත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ආරම්භ කළ දැවැන්ත යුද මෙහෙයුමට සතියක් සපිරෙද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු පරිපාලනය බරපතල භූ-දේශපාලනික සහ ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.