ට්‍රම්ප්ගේ දින පහේ සටන් විරාමය සමච්චලයට ගනිමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දැඩි මිසයිල ප්‍රහාරයක්
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ අසාධාරණ මිලිටරි මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
අමෙරිකානු සහ සියොන්වාදී සතුරන්ට එරෙහිව "Operation True Promise 4 " මෙහෙයුම අතරතුර 76 වන පළිගැනීමේ ප්‍රහාර රැල්ල සිදු කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) නිවේදනය කළේය.
සතුරන්ගේ හමුදා මර්මස්ථාන අඛණ්ඩව විනාශ කිරීමේ කොටසක් ලෙස, ඇමරිකානු හමුදා කඳවුරු වන අල් ධෆ්‍රා, වික්ටෝරියා, එක්සත් ජනපද පස්වන බලඇණිය සහ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදාකඳවුර කියෑම් ද්‍රව ඉන්ධන සහ සොල්ෆකාර් ඝන ඉන්ධන මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා මගින් ඵලදායී ලෙස ප්‍රහාර එල්ල කරන ලද බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය වැඩිදුරටත් පැවසීය.
අෂ්කෙලොන්, ටෙල් අවිව්, හයිෆා, ගුෂ් ඩෑන් ජනාවාස සහ පලස්තීනයේ දකුණු ප්‍රදේශයේ කඳවුරු ලා සිටින ප්‍රදේශවල ඊශ්‍රායල හමුදාවේ මර්මස්ථාන වෙත කයිබාර්-ෂෙකාන් (කයිබාර්-බස්ටර්) සහ ද්‍රව ඉන්ධන සහිත කියෑම් මිසයිල ඇතුළුව දැඩි ඝන ඉන්ධන සහ නිරවද්‍ය මඟ පෙන්වන මිසයිල මගින් නිෂ්චිත ලෙස ඉලක්ක කර ඇති බව ද නිවේදනයේ සඳහන් විය.
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා අඛණ්ඩව දියත් කිරීම මගින් සතුරාගේ දියුණු යැයි වර නැංවූ ගුවන් ආරක්ෂක පද්ධති විනිවිද ගොස් ඇති අතර, උපායමාර්ගික ඉලක්ක වලට ඵලදායී හා දැඩි ලෙස පහර දී ඇති බවද එම නිවේදනය මගින් අවධාරණය කෙරේ. මෙම ප්‍රහාර මගින්, ඉරානයේ මිසයිල සහ නාවික හැකියාවන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු සහ සියොන්වාදී නිලධාරීන්ගේ යුදවාදී ප්‍රකාශ සහ මායාවන් නිෂ්ප්‍රභ කර ඇති බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් පැවසීය.
එසේම නිවේදනය මගින් අවධාරණය කළේ පළිගැනීමේ මිලිටරි මෙහෙයුම් බලගතු ලෙස අඛණ්ඩව සිදුවන බවත්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජයග්‍රහණ ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..