ජීවයේ කේත රටාව සොයාගත් දැවැන්තයා සමුගනී..
👉 මේ ඡායාරූපයේ සිටිනුයේ ඊයේ දිනයේ එනම් නොවැම්බර් හත් වෙනිදා ජීවිතයෙන් සමුගත්, ගතවූ සියවසේ ලෝකයට දැවැන්ත බලපෑමක් කළ සුවිශේෂී පුද්ගලයෙකි.
👉 නමින් ජේම්ස් ඩී. වොට්සන් නම් වන ඔහු 1953 වසරේදී ෆ්‍රැන්සිස් ක්‍රීක් හා එක්ව ඩී.එන්.ඒ අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යූහය පිළිබඳ අදහස ලෝකයට ඉදිරිපත් කළේය.
👉 මෙය වොට්සන් ක්‍රීක් ආකෘතිය ලෙස හැඳින්වෙන අතර, මේ සොයාගැනීම වෙනුවෙන් 1962 වසරේදී මේ දෙපලට වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පවා හිමි විය. මේ දැවැන්ත සොයාගැනීම කළ කාලය වන විට වොට්සන් අවුරුදු විසි පහක ළාබාල තරුණයෙක් වීමද විශේෂ කරුණකි.
👉 ජීවින්ගේ ලක්ෂණ තීරණය වනුයේ ජීවී සෛලවල න්‍යෂ්ටියේ අඩංගු ඩීඑන්ඒ හෙවත් ඩිඔක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ් නම් රසායනික සංයෝගය තුළ ඇති ඇඩිනීන්, ගුවැනීන්, තයමීන්, සයිටෝසීන් යන භස්මවල අනුපිළිවෙළ මතය යන අදහස වඩා විධිමත්ව තහවුරු වූයේ මේ සොයාගැනීම සමගිනි.
👉 ඒ අනුව මෙය ජීවීන්ගේ ලක්ෂණ සටහන් කර ඇති ජිවයේ කේතය හා එහි රටාවන් පිළිබඳ කළ ගැඹුරුතම අනාවරණය වූ අතර, මෙය ඊට සියවසකට පමණ පෙර සිට ඒ පිළිබඳ සිදු කළ සොයාගැනීම්වල කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක්කකි.
👉 මෙය ගත වූ සියවස තුළ ලෝකයේ දැවැන්ත පෙරළි රාශියකට පදනම් වූ සොයාගැනීමක් වූ අතර, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, ආහාර නිෂ්පාදනය, ආදී ක්ෂේත්‍රවලට පමණක් නොව නීතිය, දේශපාලනය ආදී විෂයන්ටද ඒ සොයාගැනීම ප්‍රබල බලපෑමක් කළේය.
👉 වැඩි දියුණු කළ ශාක හා සත්ත්ව ප්‍රභේද බිහිකිරීම, ජාන සංයෝජනය මගින් නව එන්සයිම, ප්‍රෝටීන, වැක්සීන් ආදිය නිපදවීම, ඇතැම් රෝග හඳුනාගැනීම හා ඊට ප්‍රතිකාර කිරීම, සෛල කොටස් මගින් අපරාධකරුවන් හෝ පවුල් උරුමය ආදිය හඳුනාගැනීම, ආදියට පදනම සපයන ලද්දේ වොට්සන් ක්‍රීක්ගේ අනාවරණය විසිනි.
👉 වොට්සන් 1928 වසරේදී අමෙරිකාවේ උපන් අතර, ඔහු මිය යන විට වයස අවුරුදු 97කි. ඔහු සමඟ ඩීඑන්ඒ අනුව පිළිබඳ සොයාගැනීමට දායක වූ බි්‍රතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ක්‍රීක් මීට වසර විසි එකකට පෙර එනම් 2004 වසරේදී ජීවිතයෙන් සමුගත් අතර, එවකට ඔහු 88 හැවිරිදි වියේ පසුවිය.
👉 මෙහි දැක්වෙනුයේ වොට්සන් හා ක්‍රීක් දෙපළ 1953 වසරේදී ඔවුන් නිර්මාණය කළ ඩීඑන්ඒ අනුවේ මොඩලය සමඟ ගත් ඡායාරූපයකි. අද මෙම ඩීඑන්ඒ ආකෘතිය ලන්ඩනයේ කෞතුකාගාරයක තැන්පත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..