News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල බෞද්ධයා ඉලක්ක කරමින් දියත්වන කුමන්ත්‍රණය..

Nov 5, 2025 at 08:41 AM
|

මීට වසර දෙකකට කලින් ඇමෙරිකාවේ සුදු ජාතික ක්‍රිස්තියානි භක්තිකයන් අමුතු අකාරයකින් මර්ධනය කෙරුණා.

මේ මර්ධනය එළිපිටම මර්ධනයක් ලෙස පෙනෙන්නේ නැහැ.

නමුත් එය පැහැදිලිවම, සැලසුම්සහගත මර්ධනයක්.

එතැනදී ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගම ඇදහීමේ නිදහස සීමා කෙරුණා.

ක්‍රිස්තියානි දරුවන් ආගම ඉගැනීම 'ආගම්වාදී' , අනවශ්‍ය වැඩක් වැනි අදහසක් සූක්ෂමව සමාජගත කෙරුණා.

නමුත් සෙසු 'සුළු' ආගම් ඇදහීමට විශාල නිදහසක් සහ පිළිගැනීමක් ලැබුණා.

එයට රාජ්‍ය අනුග්‍රහය හිමි වුණා.

ක්‍රිස්තියානි භක්තිකයන් තමන් වෙනුවෙන්, සිය ඇදහිලි, විශ්වාස සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම 'ජාතිවාදී' , 'ආගම්වාදී' වැඩක් විදියට ලේබල් කෙරුණා.

කවුරුන් හෝ ක්‍රිස්තියානි ආගම සහ සුදු ජාතිකයන් වෙනුවෙන් කතා කළා නම් ඔවුන් 'ජාතිවාදියෙක්' ලෙසට වර්ග කළා.

නමුත් සෙසු ආගමිකයන්ට එලෙස කෙරුණේ නැහැ.

ඇමෙරිකානු ක්‍රිස්තු භක්තිකයා එය තේරුම් ගත්තා. ඔවුන් තමන් වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් වටා එක්වුණා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්.

ක්‍රිස්තියානි විරෝධි, සංස්කෘතික විරෝධි වාමාංශික රජය පෙරලා දමා ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ නව පාලනයක් ඇති කළා.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා ඉලක්ක කරමින් දියත්ව තිබෙන්නෙත් ඒ ආකාරයේම මර්ධනයක්.

එළිපිටම මර්ධනයක් සිදුවන බව පෙනෙන්නට නැහැ.

නමුත් ඇඟට දැනෙන, සංවිධානාත්මක සහ සූක්ෂම මර්දනයක් සිංහල බෞද්ධයා ඉලක්ක කරමින් දියත්ව තිබෙනවා.

ප්‍රථමයෙන්ම එය සිදු කෙරුණේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නිල නොවන මට්ටමින් අහෝසි කරමින්, එය හෝල් සේල් සියලු ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශයක් බවට පත් කරමින්.

ඉන්පසුව එහි නියෝජ්‍ය අමාත්‍යධූරයකට අන්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති පුද්ගලයෙක් පත් කෙරුණා.

දැන් දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් බෞද්ධ විරෝධි වැඩසටහන් දියත් කරමින් තිබෙනවා.

නිදහස් දිනයට වැය කිරීමට මුදල් නොතිබූ ආණ්ඩුව, 'ශ්‍රී ලාංකික දිනයක්' වෙනුවෙන් කෝටි 20 ක් වැය කරන්නේ ඒකයි.

මෙතැන දී 'ශ්‍රී ලාංකික' අර්ථය යනු, අප පන මෙන් ආදරය කරනා, රෝමෝද්කූපනය වන අපගේ 'ශ්‍රී ලාංකික' අර්ථයට නොවෙයි.

එය මාලිමාවෙන් අර්ථ ගැන්වෙන, බෞද්ධයා කොන්කර ඇති, බෞද්ධයාට සිය අනන්‍යතාවය අතහැරීමට යෝජනා කරන වෙනස් අර්ථයක්.

කිසිවෙකුට හෝ කරදරයක් නොමැති මහරගම බෞද්ධ මාර්ග වල නාම පුවරු ගලවා විසි කරන්නේ මේ වැඩසටහනේම අමතර අංග ලෙසයි.

දෙහිවල නගර සභාවෙන් බුදු පිළිමය ඉවත් වන්නේ ඒකයි. මෙතෙක් කාලයක් කවුරුන් හෝ විසින් මේ බුදු පිළිමය ඔසවාගෙන සිටියේ නැහැ.

කාට හෝ එම බුදු පිළිමය ඉවත් කිරීමට අවශ්‍ය වීම යනු හුදෙක් බෞද්ධ විරෝධය පමණයි.

බෞද්ධ භික්ෂූනින් වහන්සේ නමකට , කුණුහරුපයෙන් බැන වදින  ඔගස්ටීන් මේ බව දන්නවා.

දැන් රාජ්‍යය තමන්ට ඒ නිදහස දී තිබෙන බව ඔගස්ටීන් දන්නවා.

ඔගස්ටීන් කහ සිවුර ඉදිරියේ කුණුහරුප කීමට තරම් නිර්භීත වන්නේ ඒකයි.

හුදෙක්ම ඔගස්ටීන්ට ඇත්තේ බෞද්ධ විරෝධයක් මිසෙක පරිසර ප්‍රේමයක් නොවෙයි.

මිනිසා සංස්කෘතික ජීවියෙක්.

ලෝකයේ සෑම රටකම ආගමික උත්සව, සංස්කෘතික උත්සව පැවැත්වෙනවා.

ඒවායේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කෙරෙනවා.

එය නිව් යෝර්ක් නගරයටත්, ලංඩනයටත්, දිල්ලියටත්, බේරූටයත් පොදුයි.

නූතන සහජීවනය යනු අනෙකාගේ සංස්කෘතිය ඉවසීම මිසෙක අනෙකාගේ ශබ්දය මර්ධනය කිරීම නොවෙයි. එය දුෂ්ට, අසංස්කෘතික ක්‍රියාවක්.

පල්ලියේ මංගල්ලයට හෝ මොස්කුවේ ශබ්දයට ඔගස්ටීන් පරල වන්නේ නැහැ.

කෙරවලපිටිය යනු මහා ශාන්ත පරිසරයක් නොවෙයි. එහි ශබ්ද විරල, අමුතු මැජික් එකක් නොවෙයි.

එහි ජීවත් වන ඔගස්ටීන් පරල වූයේ ශබ්දය නැගෙන්නේ පන්සලකින් නිසා.

ඔගස්ටීන් වෙනුවෙන් පෙනී සිටිනා බොරු පරිසර ප්‍රේමීන් එයට විරුද්ධ වන්නේ හඬ නැගුණේ පන්සලකින් නිසා පමණයි.

එය හුදෙක් බෞද්ධ විරෝධයම පමණයි. 

බෞද්ධයා යනු කිසිසේත්ම 'ඔගස්ටීන්' වැනි ආගම්වාදී, අශිෂ්ට මිනිසෙක් නොවෙයි.

ඔගස්ටීන් ලා ශ්‍රී ලංකාවේ ඇති වන්නේම බෞද්ධයා අන්මත ඉවසන, ඉවසිලිවන්ත, ශාන්ත මිනිසෙක් නිසා.

වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධයා අන්මත ඉවසුවා.

අරාබියෙන් පැමිණි වෙළෙන්දන්ට ඔවුන්ගේ අනන්‍යතාවය රකිමින් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඉඩ දුන්නා.

අද ඔවුන් විශාල ප්‍රජාවක්.

පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ ආගම වැළඳගත් ප්‍රජාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්,  බෞද්ධයා ඉවසුවා. 

ඉන්දියාවෙන් පැමිණි දමිල වතු කම්කරුවන් ඉවසුවා.

ඔවුන්ට තමන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට බොහෝ විට ඉඩම් ලබා දුන්නේ බෞද්ධ පන්සල් වල නින්දගම් වලින්.

බුදුන් තෙවරක් වැඩි, වසර 2500 ක මහා බෞද්ධ රාජධානියක් වන ශ්‍රී ලංකා භූමියේ කුමන අගලක් ගත්තත්, කොයි කලෙක හෝ ශාසනයට පූජා කර ඇති. 

එක් පැත්තකින් එවැනි ඉවසිලිවන්ත, ගෞරවනීය සිංහල බෞද්ධයාට මෙවැනි ඉරණමක් අත්වීම ඛේදජනකයි.

පෙනෙන්නට තිබෙන ආකාරයට බෞද්ධයා ඔගස්ටීන්ලාගේ මුතුන් මිත්තන් ඉවසූ ආකාරයට, ඔගස්ටීන්ලා බෞද්ධයා ඉවසීමට සුදානම් නැහැ.

එයට ප්‍රධානතම හේතුව මතවාදීමය සටන තුළ සිංහල බෞද්ධයා දුබල වීම.

ඇමෙරිකාව තුළ සිදුවුණාක් මෙන් තමන් වෙනුවෙන්, සිය සංස්කෘතිය සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධයා 'ආගම්වාදියෙකු' / 'ජාතිවාදියෙකු' යන ලේබල් ඇලවීමට පිරිසක් බලා සිටිනවා.

මේ ලේබල් වලට බිය පුද්ගලයන් තමන්ගේ විශ්වාස, අනන්‍යතාවය සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. 

එමෙන්ම මුදල් ලැබෙන්නේ, විදෙස් සංචාර ලැබෙන්නේ, වෙනත් වරප්‍රසාද හිමිවන්නේ සිංහල බෞද්ධයාට විරුද්ධව ලියන කඳවුරට.

ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ යුරෝපා තානාපති කාර්යාල කොතරම් ඔවුන් වෙනුවෙන් මුදල් වැය කරනවාද! 

ඉතින් බෞද්ධ විරෝධි වීම වෘත්තියක් වශයෙන් සිදු කරන පිරිසක් ඉන්නවා. 

සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයාට ඇත්තේ හදවතේ නිදහස සහ ආත්ම තෘප්තිය පමණයි.

අද බෞද්ධ තරුණ පරපුර 'හැලෝවීන්' සමරනවා.

ඒ එය 'පොෂ්' වැඩක් ලෙස ඔවුන් දකින නිසා.

නමුත් ඔවුන් ඒ ආකාරයේම මහා සංස්කෘතියේ 'බලි තොවිල්' හාස්‍යයෙන් බැහැර කරනවා.

මේ සියල්ල මතවාදීමය සටනේ පරාජය නිසා ඇතිවූ තත්ත්වයන්. 

කෙසේවෙතත් මෙවැනි අභියෝග බෞද්ධයාට අලුත් දෙයක් නෙවෙයි.

නායකයෙකු නොමැතිව, ස්ථිර මතවාදයක් නොමැතිව බෞද්ධයා ඔගස්ටීන් ලාට බියේ සිටීම තාවකාලිකයි.

ඇමෙරිකාවේ සිදු වූ පරිවර්ථනය ශ්‍රී ලංකාවේ ද සිදුවෙනවා. එය ස්වාභාවිකයි. 

කුමන ලේබල් ගැසුවාත්, කොතරම් මුදල් වියදම් කළාත්, එදිනට බෞද්ධයාගේ එකතුව පරාජය කිරීමට කිසිවෙකුට හෝ නොහැකි වේවි!

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.