News Category
From Date
To Date
Maximum Number of Result

ග්‍රේබියෙල් ගාෂියා මාකේස්ගේ සියක් වසක හුදෙකලාවේ සිහිනය යථාත්ථයක් කළ ගැහැණිය..

Nov 23, 2025 at 05:37 PM
|

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන හැටි බලාගෙන හිටියා! 

ග්‍රේබියෙල් ගාෂියා මාකේස් කොළොම්බියාවේ ඉස්කෝලෙක නැටුම් සංදර්ශනයකදි මුලින්ම මර්සිඩීස් බාචාව දකිනකොට වයස දහතුනයි. ඇය සුන්දර, කාගෙවත් හුළඟක්වත් වැදිලා ැති, හොඳ විශ්වාසයෙන් වැඩකරපු කෙල්ලෙක්. මාකේස් ඒ වෙලාවේ තමන්ගේ මිත්‍රයො දිහාට හැරිලා ලොකු පොරක් වගේ කියනවා ‘මම ඒ කෙල්ලව කසාද බඳිනවා’ කියලා.

මාකේස් කියලා කෙනෙක් ඉන්නවද කියලවත් ඇය දැනගෙන හිටියෙ නැහැ. මාකෙස් දුප්පත් පවුලක, ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඖෂධවේදියෙකුගේ දුවෙක් වුණ, සුවහපසු, අගනා ජීවිතයක් කළ ඇය ඔහුට පෑහෙන්න බැරි මට්ටමේ කෙනෙක්. යථාර්ථය තමන්ගේ තත්ත්වය එක්ක සහයෝගයෙන් වැඩ නොකරන කොට ඔහු කළේ සිහින දකින්නො කරපු දේ. එයා තමන්ටම කියලා යම් දෙයක් එකතු කරගන්න පිටවුණා. 

අවුරුදු දහඅටක් ගතවුණා. ඔහු නගරයෙන් නගරයට ගියා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රස්සාවල් සහ සාහිත්‍ය සිහින  හොයගෙන. හැමවෙලාවෙම ඒවා බිඳිලා ගියා. ඒත් ඔහු හැමවෙලාවෙම ලිව්වා, හැමවෙලාවෙම තමන් කසාද බඳින්න පොරොන්දු වුණ තරුණිය ගැන හිතුවා. 

1958දී අන්තිමට බරපතල මාධ්‍යවේදියෙක් විදියට ස්ථාවරයක් හදාගත්තට පස්සෙ ඔහු තරුණිය හොයාගෙන ආපහු යනවා. මේ වතාවේ ඇය අනුමැතිය දෙනවා. මේ දෙන්නා කසාද බැඳලා පුත්තු දෙන්නෙක් හදනවා, සල්ලි ඇරෙන්න අනෙක් හැමදේකින්ම පොහොසත් ජීවිතයක් ගොඩනගනවා. 

මාකේස් දිගටම ලිව්වා. නවකතා ප්‍රකායට පත් කළා. විචාරකයන්ගේ අවධානය දිනාගත්තා. ඒත් ආදායමක් ලැබුණෙ නැහැ. මර්සිඩීස් හැම සතයක්ම අදිමින් ගෙදරදොරේ වැඩකටයුතු ටික කළමනාකරණය කරමින් තම සැමියාගේ දක්ෂතාවය විශ්වාස කළේ බැංකු ගිණුම එහෙම කරන්න එපා කියලා කෑමොරදෙද්දි. 

ඊටපස්සෙ 1965 දී ඇකපුල්කෝ බලා යද්දි අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණා. නවකතාවක සමස්ථ කතාවම ඔහුගේ මනසෙ මතුවුණා. ඔහුට හිතාගන්නවත් බැරි තැනකින් ඒ සම්පූර්ණ කතාවම කොහෙන්හරි ඩවුන්ලෝඩ් වුණා වගේ. බුඑන්ඩියා පවුලේ පරම්පරා හතක කතාව. මැකොන්ඩෝව නම් නගරයක්. යථාර්ථය සමඟ වියවුණ මායාව. ආදරය සහ යුද්ධය. සියවසක් පුරා ගමන් කළ හුදෙකලාව. 

ඔහු කාර් එක හරවගෙන ආපහු ගෙදර බලා ආවා. 

“මට මේ පොත ලියන්න ඔ්න,” ඔහු මර්සිඩීස්ට කිව්වා. “ඒකට ලොකු කාලයක් යයි. අපිට සල්ලි නැති වෙයි.”  

ඇය ඔහු දිහා ස්ථීරසාරව බැලුවා. “ඒක ලියන්න.” 

මාස දහඅටක් මාකේස් තමන්ගේ ලියන කාමරේ අතුරුදන් වුණා. හැමදවසක්ම මැකොන්ඩෝවේ කතාවේ ගිලිලා ගියා. ඔහු පත්තර රස්සාවෙන් සමුගත්තා. සල්ලි හොයන එක සම්පූර්ණයෙන්ම නැවතුණා. ඔවුන්ගේ ඉතිරි කිරීම් වාෂ්ප වුණා. 

ඔවුන්ගේ පැවැත්මේ සැලසුම්කරුවා වුණේ මර්සිඩීස්. ඇය ගෙවල් අයිතිකාරයෝ, ණයකාරයෝ, අනෙක් උපයෝගී සේවා සමාගම්සමඟ ගනුදෙනු කළා. ඇය ඔවුන්ට තිබුණ එකම වටිනා වස්තුව වුණ ඔවුන්ගේ කාර් එක විකුණලා දැම්මා.

හැම හදිසි මූල්‍ය අවස්ථාවකින්ම ඇය ඔහුව ආරක්ෂා කළා ඔහුට කතාවේ අභ්‍යන්තරයටම යන්න පුළුවන් විදියට. තාත්තා වැඩ කරද්දි සද්ද නැතුව ඉන්න කියලා පුත්තුන්ට ඇය කිව්වා. සිහිනයට බාධාකරන්න ඇය යතාර්ථයට ඉඩදුන්නෙ නැහැ. 

යාළුවො හිතුවො ඔවුන්ට පිස්සු කියලා. පවුලේ අය ආයාචනා කළා මාකේස්ට හරිහමං රස්සාවක් හොයාගන්න කියලා. ළමයින්ගේ අඩුපාඩු තියෙද්දි ඇයි එයා මේ නවකතාවකට කාලය නාස්ති කරන්නේ? 

1966 දී අත්පිටපත නිම වුණා. පිටු පන්සීයකට ආසන්නයි. ඔහුගේ අභ්‍යන්තරයේ ගැවසුණ සියක් වසක හුදෙකලාව දැන් සැබෑම, යතුරු ලියනය කරපු, බුවෙනෝස් අයිරිස්වල ඉන්න ප්‍රකාශකයාට යවන්න සූදානම් පිටපතක්. 

ඔවුන් තමන්ගේ මහල් නිවාසයේ වැඩ අවසන් වුණ අත්පිටපත අල්ලගෙන හිටියේ වෙහෙසට පත්ව සහ ජයග්‍රාහී පෙනුමෙන්. 

ඊටපස්සෙ ඔවුන් ඒක තැපැල් කරන්න උත්සාහ කළා. 

මැක්සිකෝවේ ඉඳලා ආජන්ටිනාවට ජාත්‍යන්තර තැපෑල මිළ අධිකයි. අත්පිටපත බරයි. ඔවුන් මහල් නිවාසයේ තිබුණ හැම පෙසෝවක්ම එකතු කළා. 

ප්‍රමාණවත් මදි. 

මර්සිඩීස් පසුබට වුණේ නැහැ. ඔවුන් දැනට විකුණලා නැති ගෙදර තිබුණ බඩු දිහාවට ඇය ගියා. ආභරණ. රේඩියෝව. කුස්සියේ උපකරණ. ඇ‌ගේ කොණ්ඩා වියලනය. ඇය නිධානයක් විදියට තබාගත් ඉතාම සුළු සුඛෝපභෝගී භාණ්ඩය. ඇයට ඉතුරු වෙලා තිබුණ ඇයගේම කියන වටිනාම දෙය. 

ඇය ඒ සේරම වික්කා. 

ඔවුන් සල්ලි අරගෙන තැපැල් කන්තෝරුවට ගිහිල්ලා මාස දහඅටක ශ්‍රමය, අවුරුදු ගාණක දුප්පත්කම, නියෝජනය කරන පිටු 500ක අත්පිටපත, ආජන්ටිනාවට තැපැල් කළා. ඒ වගේම ඔවුන්ගේ සමස්ථ අනාගතයම තැපැල් හලේ ලිපිකරුට භාර කළා. 

තැපැල්හලෙන් පිටතට එද්දි අතේ සතයක් නැතුව මුළුමනින්ම බිඳිලා මර්සිඩීස් තමන්ගේ සැමියගෙ දිහාට හැරිලා මෙහෙම කිව්වා. 

“දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ නවකතාව වැඩකට නැති එකක් වෙන එක.” 

ඒක විහිළුවක්. ඒත් අනෙක් පැත්තට ඒක තමයි ඇත්ත. පෙට්ටියක තියෙන වචන වෙනුවෙන් ඔවුන් සියල්ලම සූදු ඔට්ටු අල්ලලා. 

1967 ජූනි මාසේ සියක් වසක හුදෙකලාව ප්‍රකාශයට පත්වුණා. සති කිහිපයක් යද්දි හැමදේම පුපුරලා ගියා. පළවෙනි මුද්‍රණය ඉක්මනටම විකිනුණා. 

ඊළඟට දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක. විචාරකයො ඒක මාස්ටර්පීස් එකක් කිව්වා. පාඨකයන්ට බුඑන්ඩියාලා ගැන, මැකොන්ඩෝව ගැන, ඔහුගේ මායාමය, හදවත බිඳී යන කතන්දරය ගැන කතා නොකර බැරි වුණා. 

දැන් ඒ පොත භාෂා 46ක් ඇතුළෙ මිලියන 50ක් පමණ අලෙවි වෙලා. විශ්වවිද්‍යාලවල ඒ පොත උගන්වනවා. ඔ්නෑම භාෂාවකින් ලියපු ලොව විශිෂ්ඨතම පොතක් විදියට ඒක සලකනවා. 

1982 දී, විශේෂයෙන්ම මේ පොත නිසා මාකේස් නොබෙල් සාහිත්‍ය තෑග්ග දිනනවා. දුප්පත්කම ක්ෂණිකවම අවසන් වෙනවා. ඔවුන් මෙක්සිකෝ නගරයෙන් අලංකාර නිවසක් මිලට ගත්තා. ලෝකේ පුරා සංචාරය කළා. ආයෙ කවදාවත් මුදල් ගැන වද වෙන්න වුණේ නැහැ. ඒත් මාකේස් ඒකට කරපු කැපකිරීම නැතිනම් ඒකට වන්දි ගෙව්වේ කවුද කියන එක කවදාවත් අමතක කළේ නැහැ. 

ජීවිතේ ඉතුරු කාලේ හැම සම්මුඛ සාකච්ඡාවකම, ඔහු නියම ලේඛකයා විදියට නම් කළේ මර්සිඩීස්ව. ඔහු කිව්වේ ඔහුට ඒක ලියන්න අවහ්‍ය තත්වය නිර්මාණය කරලා දුන්නේ ඇය බව. ඔහු කිව්වා මේ ලෝකේ මම දන්න ශක්තිමත්ම පුද්ගලයා මර්සිඩීස් බව. 

ඔවුන් අවුරුදු 56ක් විවාහ ජීවිතය ගත කළා 2014 මාකේස් මෙලොවින් සමුගන්නකන්ම. 2020 දී මර්සිඩීසුත් මේ ලෝකයට සමුදුන්නා. 

ඔවුන්ගේ ආදරය පටන්ගත්තෙ අවුරුදු 13ක කොල්ලෙක් තමන්ව දන්නෙවත් නැති කෙල්ලෙක්ව කසාද බඳින්න ඔ්න කියපු තැනින්. ඒක අවුරුදු 18ක බලා හිඳීමක්, මාස දහඅටක දුප්පත්කම දරාගැනීමක්, තමන් සතු සියල්ලම තැපැල්හලක තැපැල් පාර්සලයකට ගෙවීමේ මොහොතක්. 

ඒක ලෝක මට්ටමේ පිළිගැනීමක්, නොබෙල් තෑග්ග, දශක ගණනාවක සබඳතාවයක්, මොකද මර්සිඩීස් බාචා බිඳුණු ලේකකයෙකුගේ සිහිනය විශ්වාස කළා වෙන කවුරුවත් ඒක විශ්වාස නොකරන වෙලාවක. 

කොණ්ඩා වියලනය විකුණලා ලැබුණ මුදල් අත්පිටපත යවන්න තැපැල් ගාස්තුවට ඇති වුණාට මර්සිඩීස්ගේ විශ්වාසය ඊට වඩා හුඟක් වැඩි අගයක් ගෙනාවා. විශ්ටයෙකුට පවතින්නට හැකි අවකාශයක්. කලාවට හුස්ම ගන්න අනුමැතියක්. ආදරය, අලංකාරය, කතන්දර කියන්නේ හැමදේම අවදානමට දාන්න රම් වටිනා දේවල් බව. 

ලෝකයට සියක් වසක හුදෙකලාව ලැබුණේ තමන්ගේ කොණ්ඩා වියලනය විකුණලා තමන්ගේ සැමියාගේ ඇදහිය නොහැකි සිහිනයට ඔට්ටු තියන්න කැමත්ත තිබුණ කාන්තාවක් නිසා. 

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි. 

“ආදරය හරියට තැපැල් කන්තෝරුවක් ඉස්සරහා, බිඳුණු සහ තැතිගැන්මෙන් යුතුව හිටගෙන, අසමත් වීමක් හැර වෙන කිසිවක්ම විය නොහැකි පාර්සලයක් බාරදෙන අතරේ ‘මොනව වුණත් ඒක ලියන්න’ කියන එකයි.” 

අන්තර්ජාලය ඇසුරින් 

පරිවර්තනය - රශ්මික මණ්ඩාවල

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.