News Category
From Date
To Date
Maximum Number of Result

වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිසගේ කෙරුවාව මෙන්න.. (වීඩියෝ)

Nov 22, 2025 at 06:24 AM
|

වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිස වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලෑව එළිපෙහෙලිකර ප්‍රදේශයේ වැවකට එන ඇල මාර්ගයක් හරස්කර ඉදිකර ඇති අනීතික අමුනක් ඉවත්කරන්නට ගිය අවස්ථාවෙි, සභාපතිවරයාගේ සහෝදරයින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අඩවි වන නිළධාරියාගේ රාජකාරියට බාධාකරමින් ඊට ඉඩ නොදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ශ්‍රී ලංකාවේ වනඅලියන් ගමන්ගන්නා සංක්‍රමනික මාර්ග කන්ඩණය වීම හා ඒ ආශ්‍රීත සිදුවෙන මානව ක්‍රියාකාරකම් මෙරට අලි-මිනිස් ගැටුම වර්ධනයට තුඩු දි ඇති ප්‍රධාන කරුණක් බව සත්ව වේධින්ගේ අදහසයි. 

ශ්‍රී ලංකාවෙි වනාන්තර පද්ධතින් එකිනෙක හා සම්බන්ධවන, ප්‍රධාන අලි මංකඩ (Elephant Corridors) 16ක් මෙි වනවිට   හදුනාගෙන තිබෙි. එම අලි මංකඩවල් අතරින්,ලුනුගම්වෙහෙර සහ උඩවලව ජාතික වනෝද්‍යාන යා කරන වැටහිරකන්ද හා උඩවලව සිට බෝගහපට්ටිය දක්වා වනඅලි සංක්‍රමණය වෙන දහයියාගල යන අලි මංකඩවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. නමුත් වසර ගනනාවක සිට වනඅලි ගමන්ගන්නා මෙම සාම්ප්‍රධායික සංක්‍රමනික  මාර්ග හරස් කර, ගම්වැසියන් සිදුකරන කැලැ ඉඩම් අත්පත්කර ගැනිම, වන විනාශය හා වෙනත් වානිජ්‍ය පර්මාර්ථයන් වෙනුවෙන් සිදු කරන ඉඩම් කොල්ලයන් නිසා මෙම වනඅලි මංකඩ දෙකම ඉතා සිඝ්‍රයෙන් වැනසෙමින් ඇතිබව පරිසර සංවිධාන පෙන්වා දෙති.

“ දහයියාගලත්, වැටහිරකන්දත් කියන්නේ ආරක්ෂාකල යුතුම වනඅලි සංක්‍රමනික මාර්ග දෙකක්, මෙික විනාශ උනොත්, හෝ විනාශ කලොත්, ඉන් ඒ අවට ගම්මානවල මිනිසුන්ට විදින්න වෙන හානිය ඉතාම බරපතල විය හැකියි.නමුත් මිනිසුන් දුර නොහිතා  කරන විනාශයන් නිසා අලි - මිනිස් ගැටුම,වර්ථමානයේ විසදුමක් සොයාගත නොහැකි අර්බුධයක් වෙලා තියෙනවා’’ මොණරාගල සොබා පදනම සංවිධානයේ දුලිප් ප්‍රසන්න මහතා පවසයි.

වැටහිරකන්ද සහ දහයියාගල කැලෑවල ඇති වැදගත්කම මොකක්ද ?

වැටහිරකන්ද රක්ෂිතය යනු වන වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත්,  හෙක්ටයාර 3229 ක විශාලත්වයකින් යුතු කැලෑවකි.මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 2002.06.07 දිනය. පානම කුඩුම්බිගල අභය භුමිය, කුමන සිට ලුනුගම්වෙහෙර වනෝද්‍යානය දක්වා පැමිනෙන වනඅලියන් උඩවලව දක්වා  ඇති වැටහිරකන්ද යන මෙම පටු වනාන්තර තිරුව හරහායි.වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පටු වනාන්තර තිරුව පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතු පරිවාර වනාන්තර රැසක් ඇති අතර, එම වනාන්තර අල්ලාගෙන විනාශකරන විවිධ පිරිස් හා කන්ඩායමි නිසා වැටහිරකන්ද කන්ද රක්ෂිතය දවසින් දවස පටුවෙමින්, විනාශවෙමින් තිබෙි.

‘‘ දැන් වසර ගනනාවක ඉඳලා වැටහිරකන්ද රක්ෂිතයට අයත්, කැලෑ ඉඩම් සහ එම රක්ෂිතය පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් වනාන්තර, විශාල වශයෙන් එළිවෙමින් පවතිනවා. දැනටමත් විවිධ පිරිස් අක්කර දහස් ගනනක් අල්ලගෙන වනසලයි තියෙන්නේ.දැන් දවස් ගනනකට පෙර මෙි රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වු ,බලහරුව රජයේ වනාන්තරයේ ගැමුණුපුර,දෙබරආර, කෙම්හත කියන ප්‍රදේශයේ කැලැ ඉඩම්වල තිබුන කුඹුක්, වීර, පලු, කෝන් වගේ දැවැන්ත ගස් පෙරලලා ඒවට ගිනි තියලා විනාශකරලා තිබුනා.මේ අපරාධය කාලයක් තිස්සේ කරමින් යන්නේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයගේ සහෝදරයින් සහ ඔහුගේ ඥාතින් පිරිසක් විසිනුයි. 

උඩවලව වනඅලි පර්යේෂණ මධ්‍යස්ථානයේ  වනඅලි පර්යේෂකයෙකු වන සමීර විරතුංග මහතා පෙන්වාදෙයි.

වැටහිර කන්ද රක්ෂිතය වනසන ප්‍රාදේශිය සභා සභාපතිගේ සහෝදරයෝ

වැටහිරකන්ද රක්ෂිතයට අයත් වන සංරක්ෂන දෙපාර්තමෙින්තුව සතු කැලැවන්ට ඉකුත් කාලයේ සිටම වැඩි වශයෙන් හානිකරන්නට වුයේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි වර්තමාන සභාපති නිහාල් වලිමුණි මහතාගේ සහෝදරයින් හා ඥාතින් බව ගමිහු කියති.සභාපතිවරයා මෙම අපරාධයන්ට සමිබන්ධයක් නැතත්, ඔහුගේ සහෝදරයින් හා ඥාතින් තම සහෝදරයාගේ දේශපාලන බලය අයුතු ලෙස ගනිමින් බලහරුව වනාන්තරය විනාශ කරමින් ඇත්තතේ වසර ගනනාවක සිට බව වන නිළධාරිහුද කියති.

බලහරුව ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුණිගේ සරත් නොහොත් වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයා 2021.09.23 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුනේ බලහරුව කැලයෙන් අක්කර 03කට වඩා අල්ලාගෙන එහි කැලැව විනාශකිරිමෙි චෝදනාව යටතේය.

2023.02.23 දින වන සංරක්ෂණ නිළධාරින් විසින් වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව කැළය වැල්ලවාය ප්‍රාදේශිය සභාපතිවරයාගෙ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උපුල් සංජීව යන අයට අයත්,UPRS 0795 දරන ජේ.සි.බී යන්ත්‍රයෙන් එළි පෙහෙලි කරමින් සිටියදී,දිග්ගල වැල්පීල්ල ප්‍රදේශයේ පදිංචි හිටිහාමි මුදියන්සේලාගේ ප්‍රමෝද්‍ය දුලංජන නැමති සභාපතිවරයාගේ ඥාතියකු අල්ලා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර, ඔහුට අධිකරණයෙන් ඇප ලබාදි නිදහස්කරගෙන තිබුනේ, සභාපතිවරයාගේ සහෝදරයින් විසිනි.ඔහු විසින් මෙම කැලයේ අක්කර 05කට වඩා විනාශකර තිබු බව වන නිළධාරිහු පවසති.

2024.08.05 දින බලහරුව කැළයෙන් අක්කර 04ක් පමණ කපා විනාශ කිරිමෙි වරදට සභාපතිවරයාගේ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන යන අය වන සංරක්ෂණ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විනාශය වෙනුවෙන් සභාපතිවරයාගේ මෙකි සහෝදරයාට රුපියල් 5000කට දඩයක් හා  රුපියල් 44954ක අලාභයක් ගෙවිමට අධිකරණයෙන් නියෝගකර තිබුණි.

බලහරුව කැළයේ, කෙන්හත ප්‍රදේශයේ අක්කර 02 පමණ කැලැවක් අල්ලාගෙන විදුලිවැටක් ඉදිකිරිම හා පස් බැම්මක් සැකසිම සමිබන්ධයෙන් බලහරුව, ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුනිගේ උදාර මධුශංක යන අය, වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනුවා තිබුනේ 2024.10.25 දාය.ඔහුද වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපති වරයාගේ සහොදරයකු බව හෙළිවිය.

2025.07.18 දින වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් බලහරුව වනයෙන් අක්කර 03ක පමණ ප්‍රදේශයක් නීති විරෝධි ආකාරයෙන් හෙළිකිරිම සම්බන්ධයෙන් ලුනුගම්වෙහෙර දකුණ ප්‍රදේශයේ ප්‍රසංග අනුරාද් ගමගේ නැමති පුද්ගලයකු වැල්ලවාය අඩවි වන කාර්යාලයෙන් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසුව රුපියල් 5000ක දඩයක් හා එක්ලක්ෂ හැටදෙදහස් හයසිය පනහක දඩයක් අධිකරණයෙන් නියමකර තිබු අතර,එවරද එම පුද්ගලයාට ඇප දී බෙිරාගෙන ගොස් තිබුනේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන නැමැත්තෙකි.

ඉන් පසුව 2025.08.19 දිනයේද, බලහරුව කැළයේ කෙන්හත ප්‍රදේශයේ කැලෑ ඉඩම් හෙලිකල සිව් දෙනෙකු වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර ඔවුන් සියලු දෙනාද පෙර කි සභාපතිවරයාගේ ඥාතින් බව පසුව අනාවරණය විය.

එමෙන්ම 2025.08.20 දින වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් සහ ඥාතින් පිරිසක් වැටහිර කන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව කෙන්හත ප්‍රදේශයේ ඩෝසර් යොදා කැලෑ එළිකරන බවට ලද තොරතුරක් මත, වන නිළධාරින් විසින් වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි සැකකරුවන් වන නිළධාරින්ගෙන් මිදි පළාගොස් තිබුනි.වන නිළධාරින් පවසන්නේ පලාගිය සැකකරුවන් එවර කෙන්හත ප්‍රදේශයේ කැලැ අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශකර තිබු බවයි.මේ සමිබන්ධයෙන් වන නිළධාරින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බලහරුව කැළයේ අනවසරයෙන් ඩෝසර් යොදා ඇල මාර්ගයක් හරස්කර ඇලක් කපන බවට ලද තොරතුරකට අනුව වැල්ලවාය අඩවි වන කාර්යාලයේ නිළධාරින් ඉකුත් අගොස්තු මස 21 දින වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි. එම සැකකරු වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන, බලහරුව, ආනන්දපුර ප්‍රදේශයේ පදිංචි වලිමුණිගේ උදයසේන යන අය බව අනාවරණය විය.

මේ කාරනා අනුව වැටහිරකන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව රක්ෂිතයට වැඩි හානියක් හා බලපෑමක් එල්ලවි ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් බව ඉතා පැහැදිලිය. 

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.