උසස්පෙල සිසුවා වෙනුවෙන් නැවතුනු කොළඹ මඩකලපුව දුම්රිය..
මම දැන් ඉන්නේ කොළඹ මඩකළපුව කෝච්ච්යේ. කොහොමත් කෝච්චියට නැගැල සීට් එකක් හම්බ උනොත් මම නින්දක් දානව පොඩි. නින්දත් නැගල ගියා පැයකට වඩා. ඒත් පොඩි කලබලයක් වගේ ඇහිල ඇහැරුනා. අපි ඉන්නේ දැන් අලව්ව පහු කරල වලකුඹුරත් පහු කරනව.
School uniform එකක් ඇඳ ගත්තු දුවෙක් හොඳටම කලබල වෙලා. ඇස් රතු වෙලා. බයවෙලා. කෝච්ච්යේ හිටපු අය දැන් විස්තර අහනව. සෑහෙන කලබලයක්. කෙල්ලත් කාගෙන්ද phone එකක් ඉල්ලන් කලබල වෙලා විස්තරයක් කියනව. මමත් විපරං කරල බැලුව.
අඩේ... මේ දරුවා මීරිගම station එකෙන් නැගැල තියෙන්නේ. එහෙදි කිව්වලු අඹේපුස්ස සහ අලව්ව නවත්තනව කියල (ඒක ලමයට උනු වැරද්දක්ද දන්නෙත් නැහැ. ඒත් ඕව කතා කරන වෙලාවක් නෙමෙයි නෙ) දැන් නවත්තල නැහැ. අලව්ව රාහුලේ ළමෙක්. උදේ උසස් පෙළ විභාගෙට යන ගමන්. දැන් වෙලාව 8.13 යි. විභාගේ 8.30 ට. මම අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ නේද පළමු වතාවට උසස් පෙළ කරන ලමෙක් විභාගයට පරක්කු උනාම දැනෙන පීඩණය. කලබල උනාම මොකවත් ලියාගන්න බැහැ. මටනම් ඉතිං පරක්කු වෙලා ගිහින් පුරුදුයි. (ඉතිං මම නම් පරක්කු වෙලා ගියාම කරන්න ඕන ටිකත් shape එකේ ඉගැන්නුවා ඒ ලමයට 😋)
මේකේ පොල්ගවෙලින් බැහැල, ආයෙත් දුටුගැමුණු හංදියට ගිහිං, එතනින් කොළඹ බස් එකක අලව්වට ගිහිල්ල, ආයෙත් නාරම්මල පාරේ රාහුලේට ගියොත් 9.15 න් මෙහා කොහොමත් යන්න බැහැ. (විභාගේ 8.30 - 10.30)
මගේ ටිකිරි මොලේට ආවා සජිත් වික්‍රමසිංහ (CGR Control) මගේ කළණ මිතුරා. Call කලා. කොල්ල rings දෙකෙන් ගත්ත. කෙල්ලගෙ වාසනාව. සජ්ජ සීට් එකේ duty. මේ කෝච්චියට සිග්නල් දෙන්නෙ (රාජපුත්‍රලාගේ සිග්නල් නෙමෙයි හොඳේ) සජ්ජා. මට ඔහොමම call එකේ ඉන්න කිව්ව. එතනින් ම පොල්ගහවෙල station එකේ SM ට කිව්ව විස්තරේ (AL කෙල්ලෙක් බ්ලා බ්ලා බ්ලා) නුවරින් Express කෝච්චිය එන ගමන්. ගත් කටටම කිව්වේ 8.04 ට රඹුක්කනින් ආව කියල. තව විනාඩි දෙකෙන් එතන. කෝච්චියටත් කිව්වා. කොටුව Control එකේ අනිත් අය line clear ද කියල ලහි ලහියේ check කරනව ඇහුන. ඔක්කොම තත්පර 50 ක් වගේ ඇතුලත.
කෝච්ච්ය පොල්ගහවෙල නැවැත්තුව. දුම්රිය ආරක්ෂකයෙක් ආවා. තමුන්ගේ දුවෙක් වගේ ආදරයෙන් කතා කර කර,බය නැති වෙන්න දේවලුත් කිය කිය පස් වෙනි වේදිකාවේ ඉඳල පළවෙනි වේදිකාවට අරන් ගියා. Guard සහ Driver ට පණිවිඩය දෙන්න දෙන්නෙක් හිටියා. අලව්වේ station එකටද කොහෙද තව කෙනෙක් call කරනවා ඇහුන ත්‍රීවීලර් එකක්ද කොහෙද ලෑස්ති කරන්න. දැන් වෙලාව 8.16 යි. 8.17 ට කෝච්චිය ආවා. කෙල්ල හිනා උනා. අපිටත් අත වැනුව. ගියා. 8.27 ට කෝච්ච්ය අලව්වේ, 8.32 ට කෙල්ල ඉස්කෝලේ.
මේ ඔක්කොම කලේ අවුරුදු 19 ක පොඩි පාසල් ශිෂ්‍යාවක් වෙනුවෙන් කියල අමතක කරන්න එපා. කිසිම මූල්‍ය වාසියක් නැතුව. රාජකාරියෙන් පිට.
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..