News Category
From Date
To Date
Maximum Number of Result

කඩුගන්නාව මාර්ගය යනු අල කොළ සමඟ පොල් රොටී කෑමට සෑදූ අටමගලයක් නොවේ..

Nov 23, 2025 at 06:18 AM
|

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලමට පසු කර මද දුරක් ගිය පසු හමුවන වෙළඳසැල් පෙළට ඉහළ පාංශු සහ පාෂාණ ස්ථරය දුර්වල වී නාය යෑමක් සිදු විය. ඊට ප්‍රථම ද කිහිප අවස්ථාවක එවැනි සුලු සිදුවීම් සිදු වී ඇතත්, පළමු වරට ප්‍රශ්නයේ සංකීර්ණතාව දැණුනේ එම අවස්ථාවේ දී ය. එනම්, 2021 නොවැම්බර් 10-11 දින වල ය. 

පහළ කඩුගන්නාව අද යළිත් නාය ගියේ, ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තුන් මහල් ගොඩනැගිල්ලක් සමතලා කරමිනි. ඒ සමඟ පුද්ගලයන් කී දෙනෙක් යට වුණේ ද යන්න තවමත් වාර්තා වී නොමැත.

මේ යන හැටියට, නුදුරේ දී ම, කඩුගන්නාවට අත් විය හැකි ඉරණමක් ගැන මට නිකමට මෙන් සිතේ. එය එසේ නොවේවා කියා පතන්නට අපි දැනටමත් ප්‍රමාද ය. එබැවින්, පහළ සිට ඉහළ දක්වා කඩුගන්නාව පරිසර පද්ධතිය වහාම සංරක්ෂණය කර ගන්නට අධිකාරීන්ගේ නුවණැස පහළ විය යුතුය. 

කඩුගන්නාවේ පෙට්ටි කඩ සහ අවිධිමත් කොන්ක්‍රීට් ගොඩනැගිලි අටවාගෙන සිටින බහුතරයක් අනවසර තැනැත්තන් ය;

ඔවුන් මේ අට්ටාල සකස් කර ගෙන ඇත්තේ නිසි පළාත් පාලන - භූ විද්‍යා - මාර්ග සංවර්ධන - පරිසර අනුමැතීන්ගෙන් තොරව ය. ඇතැම් ස්ථාන වලට විධිමත් ඔප්පු හෝ නැත. මේ ප්‍රදේශය පාරම්පරික ගම්මානයකට අයත් භූමියක් ද නොවේ. 1960-80 කාලයේ පමණ ආරම්භ වූ ඒවා ය. 

මේ අනවසර අට්ටාලකරුවෝ ස්වභාවික ජල උල්පත් අවහිර කර, ඒවා ස්වකීය අට්ටාල තුළ පොකුණු බවට පත් කරගෙන සිටිති. ජල උල්පත් විද ඒවාගෙන් වතුර ගෙන වාහන හෝදන ජංගම සර්විස් ස්ටේෂන් පවත්වාගෙන යති. නියමිත ක්‍රමවේද නොමැතිව ජල බැස්ම සකස් කරවති. අංශක අනූවට ඇලි කපති. රසායනික ද්‍රව්‍ය යොදා හොරෙන් ගල් කඩවති. ගස් මරති. 

උදාහරණයක් ලෙස, පහළ කඩුගන්නාවේ අම්බලමට අනෙක් පසින් මාවෙල රජමහා විහාරයේ ප්‍රවේශ පියගැට පෙළ ආරම්භ වන තැන ම පිහිටි හෝටලයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ල බලන මෙන් මම යෝජනා කරමි. 

ඉතින්, මේ අවාසනාවන්ත ඉරණම, එම පෙට්ටිකඩ ඇතුළු අට්ටාලකරුවන් විසින් දරා ගත යුතු ම ය.  මේ ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්න වන බැවිනි.

එහෙත්, මේ උඩරට ප්‍රවේශයට වන හානිය එසේ සුලුවෙන් තැකිය නොහැක්කකි. නැවත භාවිත කළ නොහැකි හෝ; ප්‍රතිසංස්කරණයට කල් ගත වන ආකාරයේ නාය යෑමක් පහළ කඩුගන්නාවේ සිදු වුවහොත් ජාතික ආර්ථිකයට සහ පරිපාලනයට සිදු වන අගතිය කිසිසේත්ම සුලුවෙන් තැකිය නොහැකි වනු ඇත. 

මහනුවර පමණක් නොව, නුවරඑළිය, බදුල්ල, මාතලේ, වැලිමඩ, මහියංගණය ඇතුළු දිවයිනේ ආර්ථික මර්මස්ථාන රැසකට ප්‍රවේශ වීමේ පහසුම මාර්ගය කඩුගන්නාව ප්‍රවේශය වන නිසා, එය අවහිර වුවහොත් සිදු වන අගතිය සිතා ගත නොහැක්කකි. එක් විකල්ප මාර්ගයක් වශයෙන් රඹුක්කන හරහා කුරුණෑගල-මහනුවර මාර්ගයට ගලගෙදර දී ප්‍රවේශ විය හැකි වුවත්, ‍රඹුක්කන පසු කළ පසු හමුවන හතරලියද්ද ප්‍රදේශය ද නිතර ආපදාවන්ට ලක් වන මාර්ගයකි. අනෙක් පසින්, මාවනැල්ල, හෙම්මාතගම හරහා අම්බුලුවාව මතින් ගම්පොළ ඔස්සේ මහනුවරට පැමිණිය හැකි නමුත් එය අතිරේක වශයෙන් පැය දෙකක පමණ ගමනකි. එමෙන්ම, ජයරත්නලා විසින් කාබාසිනියා කරනු ලැබූ අම්බුලුවාව පරිසර පද්ධතිය ද ඕනෑම අවස්ථාවක බරපතල ආපදාවන් සිදු විය හැකි කලාපයකි.

මේ ප්‍රවේශ දෙක හැර වෙනත් පහසු විකල්පයක් නැත. එම විකල්ප ප්‍රවේශයන් ද අධික රථවාහන ධාරිතාවකට ඔරොත්තු නොදේ. එබැවින් කඩුගන්නාව ප්‍රවේශය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වටහා ගැනීමට තවත් ප්‍රමාද නොවිය යුතුය.

අනෙක් අතින්, පහළ කඩුගන්නාවේ මාර්ගයට වන ඕනෑම හානියක්, එතැන් සිට අඩි සිය ගාණකට උඩින් පිහිටි දුම්රිය මාර්ගයට ද දැනෙනු ඇත. දුම්රිය මාර්ගයේ අක්‍රීය වීමකින් සමස්ත ආර්ථිකයට සහ විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ යහ පැවැත්මට සිදු විය හැකි හානිය කුමක්ද කියා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

එබැවින්, අධි සංවේදී පාරිසරික කලාපයක් වශයෙන් සලකා, අඩුම වශයෙන් මාකඩවර සිට කඩුගන්නාව පොලීසිය දක්වා කොටසවත් මේ අනවසර අට්ටාලකාරයන්ගෙන් මුදා ගෙන, නැවත සංරක්ෂණය කළ යුතු ම ය. 

ඔවුන් වෙනුවෙන්, අවශ්‍ය නම් කඩුගන්නාව නගරයේ හෝ හිඟුල ආසන්නයේ හෝ මොකක් හෝ ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවා දීමේ හැකියාව ඇත. 

කඩුගන්නාව යනු අල කොළ සමඟ පොල් රොටී කන අටමගලයක් නොව, රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය බව දැන් වත් තේරුම් ගත යුතුය. 

උපුටා ගැනීම - නිමේෂ තිවංකර සෙනෙවිපාල

(මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.