සෝමවංශ අමරසිංහයන් අප අතරින් වෙන්වී අදට වසර දහයකි..
දේශපාලන අඳුරු යුගයක, 1988–89 ව් පසු අළු හා දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය. 1994 දී ජවිපෙ නැවත දේශපාලන වේදිකාවට ගෙන එමින් එය රටේ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත් කළේ ඔහුගේ කැපවීම, ධෛර්යය සහ දුරදක්නා නායකත්වය මගිනි.
එමෙන්ම බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රටේ ජාතික බලවේග පෙළගස්වා ජනමතය ගොඩනැගීමට ද ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
අද දේශපාලන මතභේද කුමක් වුවත්, අභියෝග හමුවේ නොසැලී තම දේශපාලන විශ්වාස වෙනුවෙන් ජීවිතය කැප කළ නායකයෙකු ලෙස සෝමවංශ අමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටී.
දේශපාලනයෙන් ඔබ්බට, සරලත්වය, මනුෂ්‍යත්වය සහ ආදරණීය ඇසුර නිසා ඔහු සමීපව ඇසුරු කළ බොහෝ දෙනාගේ හදවත් තුළ අදත් ජීවමාන චරිතයකි. ඒ නිසාම අපට තාත්තා සමග උලපනේ ගෙවුණු කාලයේ සිටම අවසානය දක්වා සැමවිටම ඔහු රේජී අංකල් විය.
“මා හට අවසන් වරට ඔහු හමුවූයේ මා රුසියාවේ අධ්‍යාපනයට යන බව පැවසීමට පැලවත්ත පක්ෂ කාරයාලයට ගිය මොහොතේය.
මා යාමට නියමිත රුසියාව පිළිබඳව, ලෝක දේශපාලනය පිළිබඳව සහ අනාගතය පිළිබඳව අපි සුහද කතාබහක නිරතව සිටියෙමු. එහිදී කසකස්තානය (Kazakhstan) යන රටේ නම මා ඉංග්‍රීසි භාෂාවේ හුරුවට උච්චාරණය කළ විට, එය නිවැරදි නොවන බව ඔහු පැවසීය. අදටත් එය මා මතකයේ පවතින්නේ , මා විමතියට පත් කරමින් ඔහු රුසියන් බසින් සැකසුණු සිතීමක් ගෙන මා ඉදිරියේ තබා එම රටේ නම නිවැරදිව උච්චාරණය වන්නේ මෙලෙස බව පෙන්වා දුන්නේ.
එම සංවාදය අතරතුර, ඉතාමත් අවධාරණයෙන් ඔහු මා හට පැවසූ තවත් වදන් කිහිපයක් අදටත් අමතක කළ නොහැක.
“තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න ඉඩ තියන්නේ නැහැ.”
එදා එම වදන්වල ගැඹුර මට සම්පූර්ණයෙන් වැටහුණේ නැත. නමුත් පසුකාලීනව මට තේරුම් ගියේ, තාත්තා විසින් කිසිදු සුළු වරදකටවත් ඉඩ නොතබන, ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වැරදීමටවත් ඉඩ නොදෙන විනයගරුක දේශපාලන සංස්කෘතියක් සහ මිනිසුන් පිරිසක් නිර්මාණය කර තිබූ බවය. නිවැරදිව සිතන, නිවැරදිව ක්‍රියා කරන, අනාගතය දකිමින් වගකීමෙන් කටයුතු කරන මිනිසුන් බිහි කිරීම ඔහුගේ අපේක්ෂාව වී තිබුණි.
මා හට ඔහු අවසන් වරට දුන් උපදෙස වූයේ ද ඉතා සරල නමුත් බලවත් එකකි.
“කුමන තත්ත්වයක් යටතේ හෝ උපාධි සහතිකය අතට නොගෙන ලංකාවට ආපහු එන්න එපා.”
පියෙකු මෙන් ඔහු මා හට ලබා දුන් එම අවවාද හා උපදෙස් මම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. මාගේ මතකය නිවැරදි නම්, රෝහණ විජේවීරයන්ගේ පුත්‍රයෙකු ලෙස මා පැලවත්තේ පක්ෂ කාර්යාලයට අවසන් වරට පා තැබුවේ ද එදිනය……..
ඉන් අනතුරුව මා රුසියාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගියේය. ඒ සමගම, ඔහු නායකත්වයේ සිටින විට අපගේ පවුලට ලබා දෙන බවට පොරොන්දු වූ නිවස සහ කඳවුරෙන් නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් පක්ෂයත් අපගේ පවුලත් අතර විසඳාගත නොහැකි අර්බුදයක් මතු විය.
කෙසේ වෙතත්, මාගේ පළමු උපාධි සහතිකය රැගෙන නැවත ලංකාවට පැමිණෙන විට, තාත්තාගේ මතකයන්, ඔහුගේ ගුණ සුවඳ,හුරු ජවිපේ නායකත්වයේ සිටි අවසන් මිනිසා ලෙස මතකයන් ඉතිරි කොට, ඔහුද …….. මෙලොව හැර ගොස් තිබිණි. “
ඔබට විප්ලවීය උත්තමාචාරය…..
(උවිඳු විජේවීර සිය මුහුණු පොතේ තැබූ සටහනකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්