ඩොපමින් මායාව සහ ඇබ්බැහි වූ තාරුණ්‍යය
නූතන සමාජයේ වඩාත්ම කතාබහට ලක්වන, එහෙත් අපරාජිතව තාරුණ්‍යය ගිල ගනිමින් පවතින නිහඬ වසංගතයක් තිබේ. එය मත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාරවලට පමණක් සීමා වූවක් නොවේ. එය අපගේ ඇඟිලි තුඩු අද්දර, ස්මාර්ට් ජංගම දුරකථන තිරය මත සහ අපගේම මොළය ඇතුළත ක්‍රියාත්මක වන සූක්ෂ්ම ක්‍රියාවලියකි. විද්‍යාත්මකව මෙය “ඩොපමින් මායාව” ලෙස හඳුන්වන අතර, එහි ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත්තේ රටක ජීව නාලිය බඳු වූ තාරුණ්‍යයයි.
ඩොපමින් යනු අපගේ මොළය තුළ ස්වාභාවිකව නිපදවන ස්නායු සම්ප්‍රේෂකයක් හෙවත් රසායනික පණිවිඩකරුවෙකි. සරලවම කිවහොත්, එය අපට “සතුට, තෘප්තිය සහ අභිප්‍රේරණය” ලබාදෙන රසායනයයි. අප යම් ඉලක්කයක් සපුරාගත් විට, රසවත් ආහාරයක් අනුභව කළ විට හෝ ඇගයීමකට ලක් වූ විට මොළයෙන් ඩොපමින් ශ්‍රාවය වේ. එමඟින් අපට සතුටක් දැනෙන අතර, එම ක්‍රියාව නැවත නැවතත් කිරීමට මොළය අපව පොළඹවයි. මෙය මිනිසාගේ පැවැත්ම සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය ස්වාභාවික ක්‍රියාවලියකි.
නූතන තාක්ෂණික හා වාණිජ ලෝකය විසින් මේ ස්වාභාවික යාන්ත්‍රණය දරුණු ලෙස අවභාවිත කරමින් තිබේ. අතීතයේදී ඩොපමින් ශ්‍රාවය කරගැනීම සඳහා මිනිසාට මහන්සි වීමට සිදු විය. උදාහරණයක් ලෙස, පොතක් කියවා අවසන් කිරීම, ක්‍රීඩා කර ජයග්‍රහණය කිරීම හෝ වගාවකින් අස්වනු නෙළීම වැනි “දිගුකාලීන සහ අර්ථවත්” ක්‍රියාවලීන් ඒ සඳහා අවශ්‍ය විය.
නමුත් අද වනවිට තත්ත්වය වෙනස් වී ඇත. ක්ෂණික තෘප්තිය පසුපස හඹා යන ලෝකයක් බිහි වී තිබේ. එනම්, සමාජ මාධ්‍ය ජාලාවල එනම් Facebook, Instagram, TikTok වලින් ලැබෙන එක ‘Like’ එකක්, ‘Comment’ එකක්,
1. වීඩියෝ ක්‍රීඩාවක ඊළඟ මට්ටමට යෑම,
2. කෙටි වීඩියෝ නොනවත්වා ඉහළට ස්වයිප් කිරීම
ආදී මේ සෑම සුළු ක්‍රියාවකදීම මොළය තුළට කෘතිමව ඩොපමින් කුඩා මාත්‍රාවන් මුදා හැරේ. මෙය කිසිදු වෙහෙසකින් තොරව, ක්ෂණිකව ලැබෙන සතුටකි. මෙම සන්තෘප්තිය සැබෑ ජීවිතයේ සාර්ථකත්වයක් නිසා ලැබුණක් නොවන බැවින්, එය හුදෙක් “මායාවක්” පමණි.
තරුණ පරපුර මෙම ක්ෂණික ඩොපමින් චක්‍රයට වේගයෙන් හසුවෙමින් පවතී. ස්මාර්ට් ජංගම දුරකථනය අතට ගත් සැණින් ලැබෙන මේ කෘතිම සතුට නිසා, සැබෑ ජීවිතයේ මුහුණදීමට සිදුවන අභියෝග ඔවුන්ට රිදවීමට පටන් ගනී.
මොළයේ ස්වභාවය වන්නේ එකම මට්ටමකින් දිගින් දිගටම ඩොපමින් ලැබෙන විට, එයට හුරු වීමයි. එවිට පෙර දැනුණු සතුටම ලබා ගැනීමට නම් ඊට වඩා වැඩි කාලයක්, වැඩි වශයෙන් එම ක්‍රියාවෙහි නිරත විය යුතුය. තාරුණ්‍යය ඩිජිටල් මෙවලම්වලට සහ වෙනත් ඇබ්බැහිවීම්වලට ගොදුරු වන්නේ මෙලෙසය.
3. අවධානය යොමු කිරීමේ හැකියාව ගිලිහී යෑම තුළින් තත්පර 15ක වීඩියෝ බැලීමට හුරුවූ මොළයකට, පැයක දේශනයකට සවන් දීමට හෝ පොතක් කියවීමට ඇති ඉවසීම නැති වී යයි.
4. අලසකම සහ අභිප්‍රේරණය ගිලිහී යෑම තුළින් මහන්සි වී ඉගෙන ගෙන හෝ රැකියාවක් කර සතුටක් ලබනවාට වඩා, ඇඳට වී දුරකථනය දෙස බලා සිටීම පහසු බැවින් තරුණයන් උදාසීන වේ.
5. මානසික අවපීඩනය සහ හුදෙකලාව තුළින් ඩොපමින් මට්ටම ක්ෂණිකව ඉහළ ගොස් නැවත වේගයෙන් පහත වැටෙන විට, දැඩි පාළුවක්, කණස්සල්ලක් සහ නොසන්සුන්කමක් ඇති වේ. සැබෑ මානුෂීය සබඳතා වෙනුවට අතථ්‍ය ලෝකයක ඔවුන් තනි වේ.
තරුණ පරපුර මේ මාරාන්තික මායාවෙන් මුදාගැනීම රටක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. ඒ සඳහා මනෝවිද්‍යාත්මකව පිළිගත හැකි ප්‍රධානතම විසඳුම වන්නේ “ඩොපමින් විෂහරණය” හෙවත් කෘතිම උත්තේජනවලින් මොළය මුදවා ගැනීමයි.
“සියලු සතුටුදායක දේ නරක නැත, නමුත් වෙහෙසකින් තොරව ලැබෙන සියලු සතුටුදායක දේ පිටුපස විශාල උගුලක් ඇත"
මෙම උගුලෙන් මිදීමට තාරුණ්‍යයට පහත පියවර අනුගමනය කළ හැකිය.
6. ඩිජිටල් සීමාවන් පනවා ගැනීම තුළින් දවසේ නිශ්චිත කාලසීමාවක් දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම. උදාහරණයක් ලෙස රාත්‍රි 9.00න් පසු දුරකථනයෙන් ඈත්වීම.
7. වේදනාකාරී හෝ දුෂ්කර දේවලින් සතුටක් ලැබීම සඳහා ව්‍යායාම කිරීම, අලුත් භාෂාවක් ඉගෙනීම, පර්යේෂණ කිරීම වැනි මහන්සි වී ප්‍රතිඵල ලබන වැඩවල නිරත වීම. එහිදී නිපදවෙන ඩොපමින් ස්ථාවර මෙන්ම සැබෑ තෘප්තියක් ගෙන දෙයි.
8. සොබාදහම සහ සැබෑ මිනිසුන් සමඟ කාලය ගත කිරීම තුළින් තිරයක් දෙස බලා සිටිනවා වෙනුවට මිතුරන් සමඟ ක්‍රීඩා කිරීම, පවුලේ අය සමඟ කතා කිරීම සහ කලාවකට යොමුවීම තුළින් මොළයේ රසායනික සමතුලිතතාව නැවත ඇති කරගත හැක.
9. ස්වයං විනය සහ සිහිය පිහිටුවීම: සඳහා තමන් මේ කරන්නේ කුමක්ද සහ එයින් තමන්ගේ අනාගතයට ඇති පලදායීතාව කුමක්දැයි නිරන්තරයෙන් තමාගෙන්ම ප්‍රශ්න කිරීම.
තාරුණ්‍යය යනු රටක ඉදිරි ගමන තීරණය කරන බලවේගයයි. නමුත් අද වනවිට එම බලවේගය ඩොපමින් නමැති රසායනික මායාවේ සිරකරුවන් බවට පත් වී හමාරය. තාක්ෂණය හෝ විද්‍යාව අපට අවශ්‍ය පරිදි පාලනය කරනවා වෙනුවට, තාක්ෂණය විසින් අපව පාලනය කිරීමට ඉඩ හැරීමේ විපාකය මෙයයි.
තාරුණ්‍යය මේ මායාවෙන් අවදි විය යුතුය. සැබෑ ජීවිතයේ සතුට ඇත්තේ ක්ෂණික “Like” එකක හෝ කෘතිම උත්තේජනයක නොව, කැපවීමෙන් ළඟා කරගන්නා සැබෑ ජයග්‍රහණයන් තුළ බව වටහාගත යුතුය.
සටහන – යසිත මදුසංක
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..
"සෝමවංශ රැකපු උරුමය අනුරට අත්හරින්න බෑ".. - උවිදු විජේවීර
"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්
පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..
ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්
විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනපති අනුර ලොවෙත් නැති වාර්ථාවක් තියලා.. - අජිත් පී. පෙරේරා
ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානමින්..
"සමහර පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ රටට වැඩක් කළ කෙනෙක්" – විජයදාස රාජපක්ෂ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. - උදය ගම්මන්පිල
හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු ගොවි පුත්තු හතරදෙනා එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා.. වී මිල රැකීමට සහ ගොවියා ණය බරින් මුදවා ගැනීමට “ගොවිජන බැංකුව” වහාම පණ ගන්වනු! - ජයන්ත සමරවීර
WhatsApp දුරකතන අංක හැකරුන් පැහැර ගනියි! අංකය හිමිකරුගේ හිතවතුන්ගේ මුදල් හැකරුන් ක්ෂණිකව පැහැර ගනියි!
සුරේෂ් සලේගේ ජීවිතය අනතුරේ.. වහාම මැදිහත් වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිගෙන් ඉල්ලයි..
දේශමාමකත්වය, යුද ජයග්‍රහණය සහ ජාතික නායකත්වය: සුරේශ් සලේ සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ භූමිකාව පිළිබඳ විශ්ලේෂණයක්..
ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි..