News Category
From Date
To Date
Maximum Number of Result

ගහට පොත්ත වගේ තියෙන ශානි සහ තරිඳු සබැඳියාව..

Jun 25, 2026 at 08:43 AM
|

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ CID අධ්‍යක්ෂක ශානී අබේසේකර මේ දවස්වල වැඩි පුරම කතා බහ වෙන නිසාත් සහ මේ දෙන්නා අතර තියෙන අපුරු සම්බන්ධතාවය නිසාත් මෙන්න මේ කරුණු ගැන හෙව්වා.

📌️කවුද මේ තරිඳු කියන්නෙ ?

2011 නොවැම්බර් සිට 2019 සැප්තැම්බර් දක්වා කාලටේ  'ලංකාදීප' පුවත්පතේ වසර 8ක් පමණ සේවය කරමින් අධිකරණ, අපරාධ විමර්ශන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශේෂාංග ලිපි රැසක් රචනා කරපු මාධ්‍යවේදියෙක්.

ඊටපස්සේ ඔහු වඩාත් ස්වාධීන මාධ්‍ය භාවිතයක් උදෙසා කියලා 'MediaLK.com' නමින් විමර්ශනාත්මක කියලා කියන පුවත් වෙබ් අඩවිය සහ එහි යූටියුබ් නාලිකාව ආරම්භ කර ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරන්න පටං ගන්නෙ 2019 මැයි මාසායේ ඉඳලා.

( ඒ කියන්නෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ)

ඊටපස්සේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම සහ රතුපස්වල වෙඩි තැබීම වැනි සිදුවීම් පිළිබඳව 'ලංකාදීප' සහ 'MediaLK' හරහා නිරන්තරයෙන් ලිපි පළ කළා.

ඊලඟට ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) සභාපතිවරයා සහ සමාජය හා ආගම පිළිබඳ කේන්ද්‍රයේ (CSR) පර්යේෂකයෙකු ලෙස කටයුතු කරලා තියනවා.

එ වගේම ඔහු පොලිස් භාරයේ සිදුවන මරණ සහ වධහිංසාවලට එරෙහිව පෙනී හිටපු කෙනෙක්.

📌️කොහොමද ශානි අබේසේකර තරිඳු හා සම්බන්ධ වෙන්නෙ ?

2017- 2019 කාලයේ ශානි CID අධ්‍යක්ෂවරයා ලෙස මෙහෙයවූ ඉහළ පෙළේ දේශපාලන හා අපරාධ විමර්ශන පිළිබඳ තොරතුරු ජනගත කරන්නෙ තරිඳු.

ඒ කියන්නෙ ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩීන්  පිළිබඳව විමර්ෂන තොරතුරු තරිඳු  මහජනතාව වෙත වාර්තා කරනවා.

සරලව කිව්වොත් ශානීගේ විමර්ෂන වලට මාධ්‍ය ආවරණය දෙන්නෙ තරිඳු.

ඊටපස්සේ 2019 ජනාධිපතිවරණයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ශානි අබේසේකර මහතා CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ලට මාරු කළ අවස්ථාවේදී, එය දේශපාලන පළිගැනීමක් බව මුලින්ම රටට අනාවරණය කළ මාධ්‍යවේදියෙකු වෙන්නෙත් තරිඳු.

ඊලඟට ශානි අබේසේකරව අත්අඩංගුවට අරගෙන මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමයේ, ඔහුට එරෙහිව තිබ්බ චෝදනා බොරු බව කියමින් සහ ඔහු මුහුණ දුන් සෞඛ්‍ය අවදානම (කොවිඩ් වැළඳීම ඇතුළු) ගැන  තරිඳු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හරහා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට කටයුතු කළා.

සරලව කිව්වොත් තරිඳු කලේ තමන්ගේ මාධ්‍ය ජීවිතයට නිම කරන්න බැරි සහයක් දුන්න ශානි වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ශානිව ආරක්ෂා කිරීම.

ඊටපස්සේ තරිඳු මේක කොච්චර හොඳට කරනවද කියනවා නම් බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු ශානි අබේසේකර  පැවතියා යැයි කියන ජීවිත තර්ජන හමුවේ පොලිසිය විසින් දුන්  ආරක්ෂාව පසුව පොලිසිය ඉවත් කිරීමට පියවර ගත්තා. මෙයට එරෙහිවත් තරිඳු  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI) වෙත අභියාචනයක් ඉදිරිපත් කර, දීර්ඝ නීතිමය සටනකින් පසු 2022 දෙසැම්බර් මාසයේදී පොලිසිය ලවා එම ආරක්ෂාව නොදීමට අදාළ රහසිගත තොරතුරු හෙළිදරව් කර ගැනීමට සමත් වෙනවා.

2024 දී ශානි අබේසේකරව යළි CID අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ පිහිටුවීමෙන් පසුවත්, මෑතකදී (2026 මැයි මාසයේදී) ඔහුව නියෝජ්‍ය පොලිස්පති (DIG) තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය දුන් නියෝගය පිළිබඳවත් තරිඳු සිය සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිය හරහා  තොරතුරු ජනගත කලා. 

ඒ වගේම ශානි කරන වත්මන් විමර්ෂන විශේයෙන්ම පාස්කු විමර්ෂන ගැන තොරතුරුත් දැන් අනිත් මාධ්‍යවලට කලින් වාර්තා කරන්නෙ තරිඳු.

සරලව කිව්වොත් ශානිගේ මාධ්‍ය සගයා වගේ ඉන්නෙ තරිඳු.

මොකද දෙන්නට දෙන්නා ගොඩක් උදව් කරගෙන තියනවා.

📌️තරිඳුට මේවා වාර්තා කරන කොට ප්‍රශ්න ආවේ නැද්ද ?

2022 දී ඔහු තැබූ ෆේස්බුක්  සටහනක් සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව, CID යටතේ ඇති සයිබර් අපරාධ විමර්ශන අංශය (CCID)  තරිඳුව පැය 6කට ආසන්න කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියනවා.

2024 ඔක්තෝබර් මාසයේ පාස්කු ප්‍රහාරයේ වාර්තාකරණය නිසා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක උනා කියලා කියනවා.

ඒ කියන්නේ මේ ආණ්ඩූව ආවට පස්සේ.

ඒකට හේතුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ රහසිගත තොරතුරු සිය 'MediaLK' යූටියුබ් නාලිකාව හරහා හෙළිදරව් කිරීම   කියලයි කියන්නෙ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ඇතැම් නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තරිඳුගේ වාර්තාකරණය නිසා විමර්ශනවලට බාධා වන බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණයට බලයක් ඇති බව කියලා.

තමන්ව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පවසමින් තරිඳු ජයවර්ධන මහතා 2024 ඔක්තෝබර් 10 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ආරක්ෂාව සහ මාධ්‍ය නිදහස ඉල්ලා සිටියා.

ඊටපස්සේ ඔහු 2025 දෙසැම්බර් – 2026 පෙබරවාරි කාලයේ  අම්බුළුවාව පුජා භූමිය ආශ්‍රිත කටයුතු වල දූෂණ තියනවා කියලා  හෙළිදරව්වක් කරනවා.

මෙයට එරෙහිව ලැබුණු 'අපහාස කිරීමේ' පැමිණිල්ලක් මත, 2025 දෙසැම්බර් 26 වැනිදා ගම්පොල පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව කැඳවනවා.

ඊටපස්සේ  ලංකාවේ අපහාසය සාපරාධී වරදක් නොවන (Criminal Defamation නීතිය 2002 දී අහෝසි කර ඇත) පසුබිමක, පොලිසිය මෙලෙස මාධ්‍යවේදියෙකු කැඳවීම අනීතික බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, තරිඳු ජයවර්ධන පොලිසියට කැඳවීම මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, එය පොලිස් චක්‍රලේඛවලට පටහැනි බවත් නිල වශයෙන් නිවේදනය කරනවා.

📌️සරල කතාව තරිඳු සහ ශානි දෙන්නම 2017 කාලයේ ඉඳල ගොඩක් හිතවත් කියල පේනවා.

📌️ඊලඟට ශානිගේ විමර්ෂන වලට අදාල සමාජ මාධ්‍ය හා මාධ්‍ය ආවරණය දෙන්නෙ 2017 ඉඳලම තරිඳු.

📌️ඊටපස්සේ යහපාලන ආණ්ඩූව පෙරලිලා තමන්ගෙන් පලිගත්තා කියලා කියන ශානිට රිටන් එක දෙන්න රාජපක්ෂලා හදන කොට ශානීව මාධ්‍ය හරහා ආරක්ෂා කරන්නෙ තරිඳු.

📌️ඊටපස්සේ වර්තමානයේ ශානී කරන විමර්ෂන වල බොහෝ කරුණු මාධ්‍යයට එන්නෙත් තරිඳු හරහා සහ එම කරුණු නිවැරදි කියලා සමාජ මතය හදන්නෙත් තරිඳු.

📌️සරලව කිව්වොත් එදා ශානිට සහ තරිඳුලා රාජපක්ෂලාට දුන්න රිටන් එක රාජපක්ෂලා ආවම ශානිට හා තරිඳුට දෙනවා.

දැන් ඒක ආපහු ශානි සහ තරිඳු රාජපක්ෂලාට දෙනවා.

📌️පරීක්ෂණ සහ විමර්ෂණ වල ඇත්ත නැත්ත ඉතිං බලාගන්න වෙන්නෙ අධිකරණ තීන්දු වලින්ම තමයි.

- චිරාත් උයනහේවා 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.