News Category
From Date
To Date
Maximum Number of Result

ගහට පොත්ත වගේ තියෙන ශානි සහ තරිඳු සබැඳියාව..

Jun 25, 2026 at 08:43 AM
|

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ CID අධ්‍යක්ෂක ශානී අබේසේකර මේ දවස්වල වැඩි පුරම කතා බහ වෙන නිසාත් සහ මේ දෙන්නා අතර තියෙන අපුරු සම්බන්ධතාවය නිසාත් මෙන්න මේ කරුණු ගැන හෙව්වා.

📌️කවුද මේ තරිඳු කියන්නෙ ?

2011 නොවැම්බර් සිට 2019 සැප්තැම්බර් දක්වා කාලටේ  'ලංකාදීප' පුවත්පතේ වසර 8ක් පමණ සේවය කරමින් අධිකරණ, අපරාධ විමර්ශන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශේෂාංග ලිපි රැසක් රචනා කරපු මාධ්‍යවේදියෙක්.

ඊටපස්සේ ඔහු වඩාත් ස්වාධීන මාධ්‍ය භාවිතයක් උදෙසා කියලා 'MediaLK.com' නමින් විමර්ශනාත්මක කියලා කියන පුවත් වෙබ් අඩවිය සහ එහි යූටියුබ් නාලිකාව ආරම්භ කර ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරන්න පටං ගන්නෙ 2019 මැයි මාසායේ ඉඳලා.

( ඒ කියන්නෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ)

ඊටපස්සේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම සහ රතුපස්වල වෙඩි තැබීම වැනි සිදුවීම් පිළිබඳව 'ලංකාදීප' සහ 'MediaLK' හරහා නිරන්තරයෙන් ලිපි පළ කළා.

ඊලඟට ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) සභාපතිවරයා සහ සමාජය හා ආගම පිළිබඳ කේන්ද්‍රයේ (CSR) පර්යේෂකයෙකු ලෙස කටයුතු කරලා තියනවා.

එ වගේම ඔහු පොලිස් භාරයේ සිදුවන මරණ සහ වධහිංසාවලට එරෙහිව පෙනී හිටපු කෙනෙක්.

📌️කොහොමද ශානි අබේසේකර තරිඳු හා සම්බන්ධ වෙන්නෙ ?

2017- 2019 කාලයේ ශානි CID අධ්‍යක්ෂවරයා ලෙස මෙහෙයවූ ඉහළ පෙළේ දේශපාලන හා අපරාධ විමර්ශන පිළිබඳ තොරතුරු ජනගත කරන්නෙ තරිඳු.

ඒ කියන්නෙ ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩීන්  පිළිබඳව විමර්ෂන තොරතුරු තරිඳු  මහජනතාව වෙත වාර්තා කරනවා.

සරලව කිව්වොත් ශානීගේ විමර්ෂන වලට මාධ්‍ය ආවරණය දෙන්නෙ තරිඳු.

ඊටපස්සේ 2019 ජනාධිපතිවරණයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ශානි අබේසේකර මහතා CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ලට මාරු කළ අවස්ථාවේදී, එය දේශපාලන පළිගැනීමක් බව මුලින්ම රටට අනාවරණය කළ මාධ්‍යවේදියෙකු වෙන්නෙත් තරිඳු.

ඊලඟට ශානි අබේසේකරව අත්අඩංගුවට අරගෙන මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමයේ, ඔහුට එරෙහිව තිබ්බ චෝදනා බොරු බව කියමින් සහ ඔහු මුහුණ දුන් සෞඛ්‍ය අවදානම (කොවිඩ් වැළඳීම ඇතුළු) ගැන  තරිඳු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හරහා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට කටයුතු කළා.

සරලව කිව්වොත් තරිඳු කලේ තමන්ගේ මාධ්‍ය ජීවිතයට නිම කරන්න බැරි සහයක් දුන්න ශානි වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ශානිව ආරක්ෂා කිරීම.

ඊටපස්සේ තරිඳු මේක කොච්චර හොඳට කරනවද කියනවා නම් බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු ශානි අබේසේකර  පැවතියා යැයි කියන ජීවිත තර්ජන හමුවේ පොලිසිය විසින් දුන්  ආරක්ෂාව පසුව පොලිසිය ඉවත් කිරීමට පියවර ගත්තා. මෙයට එරෙහිවත් තරිඳු  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI) වෙත අභියාචනයක් ඉදිරිපත් කර, දීර්ඝ නීතිමය සටනකින් පසු 2022 දෙසැම්බර් මාසයේදී පොලිසිය ලවා එම ආරක්ෂාව නොදීමට අදාළ රහසිගත තොරතුරු හෙළිදරව් කර ගැනීමට සමත් වෙනවා.

2024 දී ශානි අබේසේකරව යළි CID අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ පිහිටුවීමෙන් පසුවත්, මෑතකදී (2026 මැයි මාසයේදී) ඔහුව නියෝජ්‍ය පොලිස්පති (DIG) තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය දුන් නියෝගය පිළිබඳවත් තරිඳු සිය සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිය හරහා  තොරතුරු ජනගත කලා. 

ඒ වගේම ශානි කරන වත්මන් විමර්ෂන විශේයෙන්ම පාස්කු විමර්ෂන ගැන තොරතුරුත් දැන් අනිත් මාධ්‍යවලට කලින් වාර්තා කරන්නෙ තරිඳු.

සරලව කිව්වොත් ශානිගේ මාධ්‍ය සගයා වගේ ඉන්නෙ තරිඳු.

මොකද දෙන්නට දෙන්නා ගොඩක් උදව් කරගෙන තියනවා.

📌️තරිඳුට මේවා වාර්තා කරන කොට ප්‍රශ්න ආවේ නැද්ද ?

2022 දී ඔහු තැබූ ෆේස්බුක්  සටහනක් සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව, CID යටතේ ඇති සයිබර් අපරාධ විමර්ශන අංශය (CCID)  තරිඳුව පැය 6කට ආසන්න කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියනවා.

2024 ඔක්තෝබර් මාසයේ පාස්කු ප්‍රහාරයේ වාර්තාකරණය නිසා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක උනා කියලා කියනවා.

ඒ කියන්නේ මේ ආණ්ඩූව ආවට පස්සේ.

ඒකට හේතුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ රහසිගත තොරතුරු සිය 'MediaLK' යූටියුබ් නාලිකාව හරහා හෙළිදරව් කිරීම   කියලයි කියන්නෙ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ඇතැම් නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තරිඳුගේ වාර්තාකරණය නිසා විමර්ශනවලට බාධා වන බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණයට බලයක් ඇති බව කියලා.

තමන්ව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පවසමින් තරිඳු ජයවර්ධන මහතා 2024 ඔක්තෝබර් 10 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ආරක්ෂාව සහ මාධ්‍ය නිදහස ඉල්ලා සිටියා.

ඊටපස්සේ ඔහු 2025 දෙසැම්බර් – 2026 පෙබරවාරි කාලයේ  අම්බුළුවාව පුජා භූමිය ආශ්‍රිත කටයුතු වල දූෂණ තියනවා කියලා  හෙළිදරව්වක් කරනවා.

මෙයට එරෙහිව ලැබුණු 'අපහාස කිරීමේ' පැමිණිල්ලක් මත, 2025 දෙසැම්බර් 26 වැනිදා ගම්පොල පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව කැඳවනවා.

ඊටපස්සේ  ලංකාවේ අපහාසය සාපරාධී වරදක් නොවන (Criminal Defamation නීතිය 2002 දී අහෝසි කර ඇත) පසුබිමක, පොලිසිය මෙලෙස මාධ්‍යවේදියෙකු කැඳවීම අනීතික බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, තරිඳු ජයවර්ධන පොලිසියට කැඳවීම මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, එය පොලිස් චක්‍රලේඛවලට පටහැනි බවත් නිල වශයෙන් නිවේදනය කරනවා.

📌️සරල කතාව තරිඳු සහ ශානි දෙන්නම 2017 කාලයේ ඉඳල ගොඩක් හිතවත් කියල පේනවා.

📌️ඊලඟට ශානිගේ විමර්ෂන වලට අදාල සමාජ මාධ්‍ය හා මාධ්‍ය ආවරණය දෙන්නෙ 2017 ඉඳලම තරිඳු.

📌️ඊටපස්සේ යහපාලන ආණ්ඩූව පෙරලිලා තමන්ගෙන් පලිගත්තා කියලා කියන ශානිට රිටන් එක දෙන්න රාජපක්ෂලා හදන කොට ශානීව මාධ්‍ය හරහා ආරක්ෂා කරන්නෙ තරිඳු.

📌️ඊටපස්සේ වර්තමානයේ ශානී කරන විමර්ෂන වල බොහෝ කරුණු මාධ්‍යයට එන්නෙත් තරිඳු හරහා සහ එම කරුණු නිවැරදි කියලා සමාජ මතය හදන්නෙත් තරිඳු.

📌️සරලව කිව්වොත් එදා ශානිට සහ තරිඳුලා රාජපක්ෂලාට දුන්න රිටන් එක රාජපක්ෂලා ආවම ශානිට හා තරිඳුට දෙනවා.

දැන් ඒක ආපහු ශානි සහ තරිඳු රාජපක්ෂලාට දෙනවා.

📌️පරීක්ෂණ සහ විමර්ෂණ වල ඇත්ත නැත්ත ඉතිං බලාගන්න වෙන්නෙ අධිකරණ තීන්දු වලින්ම තමයි.

- චිරාත් උයනහේවා 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.