පාස්කු ප්‍රහාරයෙන් විශාලතම ප්‍රතිලාහ ලැබුවේ කවුද?..
පාස්කු ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කළත් පාස්කු ප්‍රහාරයෙන් විශාලතම ප්‍රතිලාහ ලැබුවේ කාඩිනල් ප්‍රමුඛ කතෝලික සභාව.
1948 ට පෙර කතෝලික සභාව ශ්‍රී ලංකාවේ බලවත්ම ආයතනයක්. හැබැයි 1948 න් පස්සේ ඒ බලය වියැකී ගියා.
කතෝලික සභාවට ඒ බලය යළිත් ලැබුනේ හෝ ඔවුන් ඒ බලය තහවුරු කරගත්තේ පාස්කු ප්‍රහාරයෙන්.
ඒකට හොඳ උදාහරණයක් මෑතක දී දැක්කා.
බිමල් රත්නායක කියන්නේ ජවිපෙ ඊලග නායකයා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සභානායකයා.
බිමල් මේ බලයෙන් ඔලුව උදුම්මවාගත්තු මිනිහෙක්. බිමල් උත්සාහ කරනවා ඔහු වෙන කාටවත් පහළින් නෑ කියලා පෙන්නන්න.
එම නිසාම ඔහුගේ තියෙන්නේ මහා උද්ධච්ඡ හැසිරීමක්. බිමල් කවුරුත් ගණන් ගන්නේ නැහැ.
ඔහුගේ මුහුණේ නොසැලකිල්ල පිරිලා. ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කරන්නේ 'අයිසේ' කියලා. බලෙන් රනිල් වෙන්න යනවා. බලෙන් මහින්දගේ ගෞරවය ගන්න හදනවා.
ඒ තමයි මම නිරීක්ෂණය කරපු බිමල්ගේ මනෝභාවය.
පහුගියදවසක බිමල් පාර්ලිමේන්තුවේ ශානි, රවී පත් කරන්න කිව්වේ කාඩිනල් කියලා කිව්වා. පැහැදිලිවම කියපු කතාවක්. හැන්සාඩ් ගත වූ ප්‍රකාශයක්.
ඊට පස්සෙ දවසෙම කතෝලික සභාවේ සිරිල් ගාමිණි මාධ්‍ය හමුවක් තිව්වා. බිමල් කිව්වේ බොරුවක් ය, තමන් එවැනි ඉල්ලීමක් කළේ නැහැ ය කියලා කිව්වා.
ඊටපස්සේ බිමල් මොකද කළේ ?
අපි දන්න සාම්ප්‍රදායික බිමල් නම් පරල වෙලා, ගේම ඉල්ලනවා. එහෙම නැත්නම් සුපුරුදු නක්කල් හිනාව දාලා ඒ කතාව ප්‍රතික්ෂේප කරලම දානවා.
හැබැයි බිමල් රත්නායක, තමන් දේශපාලනිකව නාන බව දැන දැනත් තමන් එහෙම කතාවක් නොකියපු බව කිව්වා.
කාඩිනල්ට සහ කතෝලික සභාවට තියෙන බය නිසා බිමල් රත්නායක දැන දැනම දේශපාලනිකව විහිළුවක් වුණා.
අපි දන්න බිමල් එහෙම පොරක් නෙවෙයි.
බිමල් හෝ මේ ආණ්ඩුවේ කිසිවෙක් මහනායක හාමුදුරුවරුන් එවැනි කතාවක් කිව්වා නම්, ඒ විදියට රීවර්ස් ගියර් එකට යන්නෙ නැහැ.
මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අටමස්ථානාධිපති කියන තනතුරට පහර දෙන්නවත් කුඩා හෝ මැලිකමක් දැක්කුවේ නැහැ.
ඔවුන් ලොකු කැම්පේන් එකක් කරලා අටමස්ථානාධිපතිට ගැහුවේ.
හැබැයි ඔවුන් පවා කතෝලික සභාවට බයයි.
ඒ තමයි කාඩිනල් ප්‍රමුඛ කතෝලික සභාව පාස්කු ප්‍රහාරයෙන් ලබා ගත් තෑග්ග.
මෙහෙම හිතන්න.
කාඩිනල්ට දැන් 2026 දී ඇහුවොත් ඔබට 2019 දී අවස්ථාවක් ලැබෙනවා පාස්කු ප්‍රහාරය නවත්තන්න. ඔබ ඒ අවස්ථාව ගන්නවද කියලා.
කාඩිනල් කැමරාවට අනිවාර්යෙන්ම ඔව් කියනවා.
හැබැයි ඇත්තටම කාඩිනල්ට එවැනි අවස්ථාවක් ලැබුනත්, ඔහු පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ හරිනවා.
කාඩිනල් ගොඩ ගියේ පාස්කු ප්‍රහාරයෙන්.
මැල්කම් රංජිත්ට කළින් මට කොළඹ ප්‍රධාන බිෂොප්ලාගේ නම් කියන්න.
සාමාන්‍ය කතෝලික නොවන පුරවැසියෙකුට එක නමක් ඔලුවට එන්නැහැ.
කොටින්ට කඩේ ගියපු රායප්පු ජෝශෆ් , පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා වගේ සුවිශේෂි චරිත හැරුණුකොට.
හැබැයි දැන් ?
මැල්කම් රංජිත්ගේ ඉඳලා සිරිල් ගාමිණි ලා හැමදාම මේ රටේ ප්‍රවෘත්‍ති වල ඉන්නවා.
ඒ තමයි පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට ලැබුණු තෑග්ග.
පාස්කු ප්‍රහාරය කියන්නේ කාඩිනල්ගේ හිඟන්නාගේ තුවාලය.
කාඩිනල් ඒක සනීප කරගන්න දෙන්නෙ නැහැ. ඒක සනීප වෙච්ච ගමන් ඔහුගේ බලය ඉවර වෙන නිසා.
(සචින් රත්වත්තේ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..