News Category
From Date
To Date
Maximum Number of Result

මේ වන විට වසර 103ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) ලෝකයේ තිබෙන සමෘද්ධිමත් සංවිධානයක් ලෙසත් ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙසත් පෙරට විත් තිබේ. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 99.185 අගයට ළඟා වි තිබෙන බව ජුනි 30 ඉදිරිපත් වූ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. ඒ අනුව අදට(01) යේදී තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය ලෝකයේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂ සංවිධානය ලෙස සමරණු ලබන්නේය.

චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(26) වියට්නාමයේ අගමැති ෆාම් මින් චින්හ් බෙයිජිංහිදී හමු විය. මෙය දෙරටේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය සමාජවාදී ක්‍රමයේ ශක්තීන් පෙන්නුම් කරන බව දෙරටේ නායකයන්ගේ අදහසයි.

ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා ප්‍රමුඛ සොල්දාදුවන් පිරිසක් ඊයේ(26) මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය අල්ලාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ.ජනාධිපති ලුයිස් ආර්ස් "බොලිවියානු හමුදාවේ සමහර ඒකක අවිධිමත් ලෙස බලමුලු ගැන්වීම" හෙළා දුටු අතර ජෙනරාල් ජුවාන් ජෝස් සේවයෙන් පහ කර ඔහු වෙනුවට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධාරියා ලෙස ජෙනරල් Jose Wilson Sanchez පත් කරනු ලැබුවේය.ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත් වූ වහාම සැන්චෙස් චතුරශ්‍රයේ බල මුළු ගැන්වී සිටින හමුදාවට චතුරශ්‍රයෙන් පිටව යන ලෙස නියෝග කළේය.

රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.

ISIS ත්‍රස්තයන් කවදාවත් ඊශ්‍රායලයට පහර නොදෙන බවත්, එයට හේතුව ඔවුන්ට ඊශ්‍රායලය සහ CIA විසින් අනුග්‍රහය දක්වන නිසා බවත් හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රේග් මරේ පවසයි.

ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැන්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත.

පසුගිය මාස කිහිපය තුළ චීනය සිය න්‍යෂ්ටික අවි බලය “වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන්” ව්‍යාප්ත කරමින් සිටින බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) වාර්ෂික වාර්තාව පවසයි. බීජිං පරිපාලනය 2023 ජනවාරි මාසයේ සිට න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 90 ක් සිය යුද අවි තොගයට එක්කර ඇතැයි එම වාර්තාව පවසයි

2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.