සීමාසහිතPort Qasim Electric Power Company (Private) Limited ආයතනයට අනුයුක්තව සේවය කරන චීන කාර්ය මණ්ඩලය රැගත් රථ පෙළකට ඊයේ(06) රාත්රී 11 ට පමණ කරච්චි හි ජින්නා ජාත්යන්තර ගුවන් තොටුපළ අසලදී එල්ල වූ ප්රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්රහාරයෙන් පකිස්තාන ජාතිකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇත.
ජාත්යන්තර මූල්ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය හමුවක් ජන අරගල සන්ධානය විසින් ඊයේ (06) දින නුගේගොඩ දී පවත්වනු ලැබුවේය. එහිදී අදහස් දක්වමින් ජන පෙරටුගාමී පක්ෂයේ මාධ්ය ප්රකාශක පුබුදු ජයගොඩ මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ ප්රතිපතියටත් එහාට ගොස් ඇතැයි පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ,
මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්යවේදීන් අමතමින් පැවසීය. ත්රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.
යුරෝපා සංගමයේ රටවල් අද දින චීන විද්යුත් වාහන සඳහා අමතර තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව ඡන්දය ප්රකාශ කිරීමට සූදානම් වන අද(04) දිනය විට ඊට විරෝධය නැගෙන්නට පටන් ගෙන තිබේ. අද(04) ඡන්දයේදී ජර්මනිය චීන විද්යුත් වාහන සඳහා තීරුබදු පැනවීමට එරෙහිව ඡන්දය ප්රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය ඊයේ(03) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් දැනුම්වත් පුද්ගලයින් උපුටා දක්වමිනි. ජර්මානු රජයේ ප්රකාශකයෙකු අදහස් දැක්වීම ප්රතික්ෂේප කළ බව ද රොයිටර් වාර්තා කළේය.
කියුබානු විදේශ අමාත්යාංශය ඊශ්රායලය අමෙරිකානු එක්සත් ජනපද උපකාර සහිතව මැදපෙරදිග කලාපයේ කරනු ලබන ආක්රමණය සම්බන්ධයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් 1 වනදා නිකුත් කර ඇති එම නිවේදනය මගින් කියුබානු විදේශ අමාත්යාංශය අවධාරණය කරන්නේ 1967 ට පෙර පලස්තීනයේ පැවැති දේශසීමා වලට නැවැත යායුතු බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර විය යුතු බවත්ය.
රුසියානු විදේශ අමාත්ය සර්ජි ලැව්රොව් මහතා සමඟ "එක්සත් ජාතීන් 20 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා" නමින් 2024 සැප්තැම්බර් මස 25 වනදා කළ වාර්තාමය සම්මුඛ සාකච්ඡාවක් පළ කිරීමට මොස්කව් බලධාරින් කටයුතු කර තිබුණි. තරමක් දීර්ඝ සාකච්ඡාවක් වන එම සම්මුඛ සාකච්ඡාව ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)