News Category
From Date
To Date
Maximum Number of Result

සංක්‍රමණිකයන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව එංගලන්තය පුරා විරෝධතා පැන නැගිද්දි, එංගලන්ත වැසියන් ජීවත්වන ර්‍ඔතෙර්හම් නගරයේ සරණාගතයින් නවාතැන් ගෙන සිටින හෝටලයකට දක්ෂිනාංශික විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇතැයි වාර්තාවේ. කෙසේ වුවද කැරලිකරුවන් “නීතිය හමුවට” පමුණුවන බවට අගමැති කීර් ස්ටාර්මර් ප්‍රතිඥා දුන්නේය. ඊයේ(04) දහවල් රොදර්හැම් හි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් ශාලාවෙන් පිටත සියගණනක් ජනයා රැස්ව, 2022 සිට හෝටලයේ රඳවා සිටින සරණාගතයින් 130 දෙනා වෙත විරෝධ්ය පල කරමින් පොලිස් නිලධාරීන්ට ලී සහ බෝතල් වලින් ප්‍රහාර එල්ල කරමින් “ඔවුන් එළියට දමන” ලෙස කෑ ගසමින් විරෝධතාවයේ යෙදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබෙනවා.

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, රුසියාව මේ වසරේ මුල් භාගයේදී ත්‍රස්තවාදය හා අන්තවාදය හා සම්බන්ධ අපරාධවල දැවැන්ත ඉහළයාමක් දක්නට ඇති බව පවසයි.

රැකියා කෝටා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අතරතුර, මෑතකදී තම ආණ්ඩුව පළවා හැරීමට සිය රටේ ඇති වූ විරෝධතා “ශ්‍රී ලංකාවේ වැනි තත්වයක්” නිර්මාණය කිරීම අරමුණු කරගත් තත්ත්වයක් බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් ප්‍රනායි වර්මාට පවසා ඇති බව වාර්තා වේ.

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.

පලස්තීන හමාස් සංවිධානය අද(31) ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය බවයි.

එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ 51.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලයේ සභාපති එල්විස් අමොරොසෝ අද(29) ප්‍රකාශ කළේය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.