චීන ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයෙකු වන වැන්ග් යී ඊයේ(14) ඉරානයේ සහ ඊශ්රායලයේ විදේශ අමාත්යවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ බව වාර්තා වේ. ඊශ්රායලය සහ ඉරානය අතර පවතින ආතතිය පිළිබඳව චීනය දැඩි සැලකිල්ලක් දක්වන අතර කලාපයේ අලුත් ගැටුම් සහ කැලඹීම් කිසිවකුගේ අවශ්යතා සඳහා සේවය නොකරන බව විශ්වාස කරන බව ගාසා තීරයේ ක්ෂණික, සම්පූර්ණ සහ ස්ථිර සටන් විරාමයක් සහ සියලු ප්රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් වැන්ග් පැවසීය.
මොස්කව්හි අවසාන ඉලක්කය නේටෝව බෙදීම සහ පවතින ජ්ගත් පටිපාටිය වෙනස් කිරීම බව ජර්මානු විදේශ ඔත්තු සේවයේ (BND) ප්රධානී Bruno Kahl පවසයි. යුක්රේනය සමඟ ගැටුම පවතිද්දී පවා රුසියාව මිලිටරි වියදම් අතින් යුරෝපීය රාජ්යයන් අභිබවා ගොස් ඇති බව Bruno Kahl ඊයේ (14) Bundestag හිදි ජර්මානු මන්ත්රීවරුන්ට පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "බටහිර රතු ඉරි පරීක්ෂා කිරීම දිගටම කරගෙන යමින් ගැටුම තවදුරටත් තීව්ර කරනු ලබනවා" යනුවෙන් ජර්මනියේ ප්රධනතම ඔත්තුකරුවා ප්රකාශ කළේය. "නේටෝව සමග සෘජු මිලිටරි ගැටුම මොස්කව් පරිපාලනයට විකල්පයක් වී තිබෙනවා." ඔහු පැවසීය.
එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය වසර පුරා ගාසා තීරයේ ඊශ්රායලය කරනු ලබන මෙහෙයුමට රහසිගතව සහය ලබා දුන් බව ත්වදුරටත් රහසක් නොවේ. කෙසේ වුවද පෙන්ටගනය විසින් අද(14) නිකුත් කරන ලද ප්රකාශයකින් බයිඩන් පරිපාලනය ඊශ්රායලය වෙත අමෙරිකානු සෙබළුන් යවන බවට ඇඟවුම් කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය සහ ඔවුන්ගේ යුරෝපීය සහචර රාජ්යයන් බයිඩන් පරිපාලනය අභාවයට යමින් පවතින මේ දිනවලදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අමෙරිකාව ලබාදෙන සහයෝගය දෙගුණ කරමින්, බටහිර රටවල හමුදාවන්ට ඊශ්රායල කුරිරුකම්වලට හෝ පුලුල් කලාපීය ගිනිදැල් වලට ඉන්ධන හෙළීමට සෘජුවම සහභාගී වීමට වේදිකාව සකසන බව විද්වතුන්ගේ අදහස වේ.
පසුගිය රජයේ ප්රතිපත්තිමය තීරණය මත රාජ්යය සතු ව්යවසායන් ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් රාජ්ය ව්යවසාය ප්රතිව්යූහ ගත කිරීමේ අංශයක් පිහිටුවනු ලැබු අතර ඒ යටතේ ජ්ය ව්යාපාර 130ක් ප්රතිව්යුහගත කිරීමට ලැයිස්තුගත කරනු ලැබීය.
එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්යාඥ සහ රාජ්ය ප්රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්යන්තර මූල්ය හා මූල්ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.
එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්යාඥ සහ රාජ්ය ප්රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්යන්තර මූල්ය හා මූල්ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)