News Category
From Date
To Date
Maximum Number of Result

‍ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණයට ඇමරිකාව වගකිව යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

පසුගිය 19 වනදා හෙලිකොප්ටර් අනතුරකින් ඉරානයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමඟ මියගිය ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි නොමැතිව ඉරාන වැසියන් “බොහෝ විට වඩා හොඳ” කාලයක් උදා විය හැකි බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(22) ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මෙම ප්‍රකාශය කළේ රයිසිගේ මරණය සම්බන්ධයෙන් තමා වගකීම දරණ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ශෝක පණිවිඩය සාධාරණීකරණය කළේ එය හුදෙක් විධිමත් ක්‍රියාවක් බව තර්ක කරමින් වීම විශෙෂත්වයකි.

එක්සත් ජනපද නිල මාධ්‍ය වාර්තාවලට අනුව, 2024 මැයි 15 වන දින, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද තවත් අත්තනෝමතික වාර්තාවක් කිසිදු ජාත්‍යන්තර අවසරයක් හෝ පිළිගැනීමක් නොමැතිව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සම්බන්ධයෙන් නිගමන් වල්ට එළඹීමට කටයුතු කර තිබේ. මෙවර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා "2023 කැලැන්ඩර වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් හතරක් ලැයිස්තුගත කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරවල සත්‍ය වශයෙන්ම කියුබාව රජ්‍යක් ලෙස කටයුතු ආකාරයට පටහැනිව යමින් ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් ලැයිස්තුවට කියුබාව අපවාදාත්මක ලෙස ඇතුළත් කර තිබුණේ නැත.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක දී ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රාසි රැගත් හෙලිකොප්ටරයක් මීට පැයකට පමණ පෙර “හදිසි ගොඩබෑමක්” කිරීමට සිදු වීම හේතුවෙන් හදිසි සේවා අණතුරට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් ගුවන් යානය ඉරානයේ වයඹ දිග අසර්බයිජාන් දේශ සීමාවේ ජොල්ෆා නගරයට ආසන්නව “අනතුරකට” මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහියන්ද යානයේ සිටි බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.