උතුරු ඊශ්‍රායලයේ සක්නින් හි පිහිටි ආරක්ෂක කර්මාන්තශාලාවට මිසයිල ප්‍රහාර එල්ල කළා- ලෙබනන් හිස්බුල්ලා ව්‍යාපාරය

"ඉස්ලාමීය ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායලයේ සක්නින් හි මිලිටරි නිෂ්පාදන සංකීර්ණයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව" ප්‍රකාශයක් නිකුත් කරමින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක හිස්බුල්ලා ව්‍යාපාරය පවසයි.
හයිෆා නගරයට උතුරින් පිහිටි රමට් ඩේවිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ෆාඩි-1 නම් මතුපිට සිට මතුපිටට මිසයිල දියත් කළ බව මීට පෙර වාර්තා පළ විය. බටහිර ගලීලයේ අක්කර වරායේ සිට කිලෝමීටර් 22 ක් දුරින් පිහිටි කාර්මියෙල් ජනාවාසයට ද ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය.
Falaq-2 මිසයිල Ma'ale Golani kibbutz හි පාබල හමුදා මූලස්ථානයටද එහි බැරැක්ක වලටද Kafr Giladi, Kafr Yuval සහ Sasa හි පිහිටි හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන ලදී.
එලෙසම හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල කමාන්ඩෝ ඒකක ලෙබනන් භූමි ප්‍රදේශයට ආඩාසිට් මර්ජායූන් සහ යාරූන් ගම්මානවලට රිංගා ගැනීමට දැරූ උත්සාහයන් අවම වශයෙන් තුනක්වත් ව්‍යර්ථ කළ අතර එහිදී ඊශ්‍රායලය හමුදාවන්ට හානි සිදු විය. Horsh Maroun හිදි, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල මර්කාවා යුද ටැංකියක් අක්‍රීය කළ අතර, එහි සිටි සෙබළුන්ට තුවාල සිදු වූ බවද වාර්තා වේ.
හිස්බුල්ලා සංවිධානය නිකුත් කළ ප්‍රකාශයට අනුව ඔක්තෝබර් 4 වන දින දකුණු ලෙබනනයේ ඇති වූ ගැටුම්වලදී ඊශ්‍රායල සොල්දාදුවන් 20 ක් පමණ මිය ගොස් හෝ තුවාල ලැබා ඇති බවද කියවේ.
(බීරූට් (ස්පුට්නික්) )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්