තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!
(රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් 2024 ඔක්තෝබර් 4 වන දින රුසියාවේ මොස්කව්හිදී ඇෆ්ගනිස්ථානය පිළිබඳ උපදේශන සඳහා තලේබාන් වැඩ බලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි හමුවේදී...)
මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි.
2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.
ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක බටහිර ආධිපත්‍ය අවසන් කළ එක්සත් ජනපදය තම හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන අදියරේදී තලේබාන් සංවිධානය කාබුල්හි බලය අත් පත් කර ගත්තේය. වොෂින්ටනයේ පිටුබලය ලත් පැවැති ඇෆ්ඝනිස්ථාන ආණ්ඩුවේ ජනාධිපති අෂ්රෆ් ඝානි , ඇමරිකානුවන්ට උදව් කළ බොහෝ පුරවැසියන් මෙන් ඇෆ්ඝනිස්ථානයෙන් පලා ගියේය.
පසුගිය මැයි මාසයේදී Zamir Kabulov තලේබාන් සංවිධානය සන්බන්ධයෙන් පවසා සිටියේ "අනිවාර්‍යෙන්ම ඔවුන් අපගේ සතුරන් නොවේ" යනුවෙනි. ඊයේ(4) මාධ්‍යවේදීන් අමතමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ප්‍රකාශ කළේ ජාතික ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් තලේබාන් සංවිධානය ඉවත් කිරීම විධිමත් කිරීම සඳහා රුසියානු විදේශ අමාත්‍යාංශය සහ FSB අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ කටයුතු කරමින් සිටින බවයි.
"මෙම ගැටලුව සම්බන්ධයෙන් මූලික තීරණයක් දැනටමත් රුසියානු නායකත්වය විසින් ගෙන තිබෙනවා," යනුවෙන් පැවසූ ඔහු , සියලු නීතිමය ක්‍රියා පටිපාටිවලට ඉඩ දිය යුතු බවයි. ඒ සඳහා “නීතිඥයින්, පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සූක්ෂම වැඩ කොටසක් කිරීම” අවශ්‍ය වනු ඇතැයි Zamir Kabulov පැවසීය. "අවසාන තීරණය නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි" රාජ්‍ය තාන්ත්‍රිකයා තම බලාපොරොත්තුව ප්‍රකාශ කළේය.
FSB ප්‍රධානියා සිකුරාදා පැවසුවේ මොස්කව් තලේබාන් සංවිධානය අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම අවසන් කරමින් සිටින බවයි. ඹොර්ට්නිකොව් ට අනුව, මෙම පියවර සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන සහ ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩි ව්‍යාපාරයේ කලාපීය ශාඛාවක් වන ISIS-k ඇතුළු කණ්ඩායම සමඟ “ප්‍රායෝගික සහයෝගීතාවයට” මග පාදනු ඇති බවයි.
පුද්ගලයන් 145 දෙනෙකුට මරු කැඳවමින් මාර්තු මාසයේදී මොස්කව් නගරයෙන් පිටත සංගීත ශාලාවට කඩා වැදීම ඇතුළුව, මේ වසරේ රුසියානු භූමියට එල්ල වූ ප්‍රහාර කිහිපයක වගකීම ඓSඓS-ඛ් විසින් භාර ගන්නා ලදී.
රුසියාව 2003 දී තලේබාන් සංවිධානය අසාදු ලේඛනගත කළේය. එම අවස්ථාවේදී බලධාරීන් කියා සිටියේ මෙම කණ්ඩායම උතුරු කොකේසස්හි ඉස්ලාමීය කැරැල්ලට සම්බන්ධ බවත් 1995 දී රුසියානු සිවිල් ගුවන් යානයක් පැහැර ගැනීමට වගකිව යුතු බවත්ය.
කැරලිකරුවන් බොහෝ දුරට රුසියාවේදී පරාජයට පත් වූ පසු කණ්ඩායම කෙරෙහි මොස්කව්හි ආකල්පය වෙනස් වීමට පටන් ගත්තේය. 2010 මැද භාගයේදී ඓSඓS නැගීමත් සමග මෙම වෙනස්කම තවදුරටත් ශක්තිමත් විය. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තථ්‍යව පාලනය කරන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජූලි මාසයේදී පිළිගත්තේය. "මේ අර්ථයෙන් ගත් කල, තලේබාන්වරුන් ත්‍රස්තවාදයට එරෙහි සටනේ අපගේ සහචරයින්" යැයි පුටින් පැවසුවේ, මොස්කව් කණ්ඩායම සහයෝගීතාවයට සූදානම් බවට "නිශ්චිත සංඥාවක්" ලැබුණු බව අඟවමිනි.
මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කැපවීම සහ “ඇෆ්ගනිස්ථානයේ සියලුම ජාතීන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම” වැනි කොන්දේසි කිහිපයක් සපුරාලන තෙක් රුසියාව තලේබාන් රජය පිළි නොගන්නා බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පසුගිය ජුනි මාසයේදී පැවසීය.
Moscow to remove Taliban from terrorist list
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..