තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!
(රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් 2024 ඔක්තෝබර් 4 වන දින රුසියාවේ මොස්කව්හිදී ඇෆ්ගනිස්ථානය පිළිබඳ උපදේශන සඳහා තලේබාන් වැඩ බලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි හමුවේදී...)
මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි.
2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.
ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක බටහිර ආධිපත්‍ය අවසන් කළ එක්සත් ජනපදය තම හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන අදියරේදී තලේබාන් සංවිධානය කාබුල්හි බලය අත් පත් කර ගත්තේය. වොෂින්ටනයේ පිටුබලය ලත් පැවැති ඇෆ්ඝනිස්ථාන ආණ්ඩුවේ ජනාධිපති අෂ්රෆ් ඝානි , ඇමරිකානුවන්ට උදව් කළ බොහෝ පුරවැසියන් මෙන් ඇෆ්ඝනිස්ථානයෙන් පලා ගියේය.
පසුගිය මැයි මාසයේදී Zamir Kabulov තලේබාන් සංවිධානය සන්බන්ධයෙන් පවසා සිටියේ "අනිවාර්‍යෙන්ම ඔවුන් අපගේ සතුරන් නොවේ" යනුවෙනි. ඊයේ(4) මාධ්‍යවේදීන් අමතමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ප්‍රකාශ කළේ ජාතික ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් තලේබාන් සංවිධානය ඉවත් කිරීම විධිමත් කිරීම සඳහා රුසියානු විදේශ අමාත්‍යාංශය සහ FSB අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ කටයුතු කරමින් සිටින බවයි.
"මෙම ගැටලුව සම්බන්ධයෙන් මූලික තීරණයක් දැනටමත් රුසියානු නායකත්වය විසින් ගෙන තිබෙනවා," යනුවෙන් පැවසූ ඔහු , සියලු නීතිමය ක්‍රියා පටිපාටිවලට ඉඩ දිය යුතු බවයි. ඒ සඳහා “නීතිඥයින්, පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සූක්ෂම වැඩ කොටසක් කිරීම” අවශ්‍ය වනු ඇතැයි Zamir Kabulov පැවසීය. "අවසාන තීරණය නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි" රාජ්‍ය තාන්ත්‍රිකයා තම බලාපොරොත්තුව ප්‍රකාශ කළේය.
FSB ප්‍රධානියා සිකුරාදා පැවසුවේ මොස්කව් තලේබාන් සංවිධානය අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම අවසන් කරමින් සිටින බවයි. ඹොර්ට්නිකොව් ට අනුව, මෙම පියවර සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන සහ ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩි ව්‍යාපාරයේ කලාපීය ශාඛාවක් වන ISIS-k ඇතුළු කණ්ඩායම සමඟ “ප්‍රායෝගික සහයෝගීතාවයට” මග පාදනු ඇති බවයි.
පුද්ගලයන් 145 දෙනෙකුට මරු කැඳවමින් මාර්තු මාසයේදී මොස්කව් නගරයෙන් පිටත සංගීත ශාලාවට කඩා වැදීම ඇතුළුව, මේ වසරේ රුසියානු භූමියට එල්ල වූ ප්‍රහාර කිහිපයක වගකීම ඓSඓS-ඛ් විසින් භාර ගන්නා ලදී.
රුසියාව 2003 දී තලේබාන් සංවිධානය අසාදු ලේඛනගත කළේය. එම අවස්ථාවේදී බලධාරීන් කියා සිටියේ මෙම කණ්ඩායම උතුරු කොකේසස්හි ඉස්ලාමීය කැරැල්ලට සම්බන්ධ බවත් 1995 දී රුසියානු සිවිල් ගුවන් යානයක් පැහැර ගැනීමට වගකිව යුතු බවත්ය.
කැරලිකරුවන් බොහෝ දුරට රුසියාවේදී පරාජයට පත් වූ පසු කණ්ඩායම කෙරෙහි මොස්කව්හි ආකල්පය වෙනස් වීමට පටන් ගත්තේය. 2010 මැද භාගයේදී ඓSඓS නැගීමත් සමග මෙම වෙනස්කම තවදුරටත් ශක්තිමත් විය. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තථ්‍යව පාලනය කරන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජූලි මාසයේදී පිළිගත්තේය. "මේ අර්ථයෙන් ගත් කල, තලේබාන්වරුන් ත්‍රස්තවාදයට එරෙහි සටනේ අපගේ සහචරයින්" යැයි පුටින් පැවසුවේ, මොස්කව් කණ්ඩායම සහයෝගීතාවයට සූදානම් බවට "නිශ්චිත සංඥාවක්" ලැබුණු බව අඟවමිනි.
මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කැපවීම සහ “ඇෆ්ගනිස්ථානයේ සියලුම ජාතීන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම” වැනි කොන්දේසි කිහිපයක් සපුරාලන තෙක් රුසියාව තලේබාන් රජය පිළි නොගන්නා බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පසුගිය ජුනි මාසයේදී පැවසීය.
Moscow to remove Taliban from terrorist list
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්