News Category
From Date
To Date
Maximum Number of Result

සෞදි අරාබිය එක්සත් ජනපදය සමඟ වසර 50 ක් තිස්සේ පැවැති ජුනි 9 ඉරිදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ පෙට්‍රොඩොලර් ගිවිසුම අලුත් නොකිරීමට තීරණය කර ඇත.

රුසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ සාමාන්‍යයට වඩා වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් අන්‍යෝන්‍ය ගෞරවය මත ගොඩනැගුණු නව නැගී එන බහුධ්‍රැව ලෝකයකට සක්‍රීයව අනුගත වෙමින් සිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ (St. Petersburg International Economic Forum -SPIEF) පූර්ණ සැසිවාරය අමතමින් පසුගිය 07 වනදා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වී තිබේ.

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි.

අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී අදියර 07 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වී ඇති අතර, ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී ඇති බව වාර්තා වේ.

අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වීමට නියමිත බවත්, ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවන බවත් වාර්තා වේ.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ.

ඊශ්‍රායලයට ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාවේ නඩුවේ සුවිශේෂී හදිසි තීන්දුවක් දෙමින්, එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවියේ විනිසුරුවන් පසුගිය සිකුරාදා ඊශ්‍රායලයට නියෝග කර ඇත්තේ දකුණු ගාසා නගරය වන රෆා වෙත හමුදා ප්‍රහාර වහා නතර කරන ලෙසයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.