News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා තම භූමිය කඳවුරු කර ගැනීමට ඉඩ නොදෙන බව කටාර් සහ කුවේටය එක්ව ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.

ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ.

දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ටෙල් අවිව් නුවර පසුගිය 6 වෙනිදා විරෝධතාවයක යෙදුනු පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. කෙසේ වුවද රියදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. එරට පොලිසිය සමාජ ජාලා වෙත කරන ලද කෙටි ප්‍රකාශයකට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී රැලියක් පැවැත්වෙන ටෙල් අවිව් නුවර "නමිර්" මාර්ගයේය.. මෙම රැළිය ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට ඉවත්වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවල කොටසක් වූ අතර එහිදී ඊශ්‍රායල ජනතාව තවමත් ගාසා තීරයේ හමාස් ත්‍රස්තයන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසද බල කර සිටියේය.

ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ. පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.

අද (03) උදෑසන තායිවානයේ නැගෙනහිර පළාතේ Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවකින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් විය. එරට වේලාවෙන් පෙරවරු 7.58 ට Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ භූමිකම්පාව එහි අගනුවර වන තායිපේ ඇතුළු දිවයින පුරාවටම සංවේදනය වූ බව බලධාරීහු පවසති.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.