ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි

ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ය්නෙට් පුවත් සේවය පැවසීය.
"ඊයේ(03) රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් හමුදා ගුවන් යානා ටොන් 73 ක බෝම්බ ප්‍රමාණයක් හිස්බුල්ලාගේ 'ප්‍රධාන බුද්ධි විධානය' ලෙස හඳුනාගෙන ඪහියෙහ් ප්‍රදේශයේ බංකරයකට හෙළන ලදී. හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටි හෂෙම් සෆිදීන් නැමැත්තා සංවිධානයේ අනෙකුත් ඉහළ පෙළේ සාමාජිකයින් සමඟ බංකර සංකීර්ණයට පැමිණ සිටි බව විශ්වාස කෙරේ.” පුවත් පත පැවසීය.පුවත් සේවයට අනුව ප්‍රහාරයේ ප්‍රතිඵලය තවමත් අනාවරණය වී නැත.
(හෂෙම් සෆිදීන්)
ඊශ්‍රායල හමුදාව මේ වන විට උතුරු ඇරෝස් නමින් ප්‍රහාරක මෙහෙයුමක් ලෙබනනයේ ක්‍රියාත්මක කරමින් සිටියි. එලෙසම ඊශ්‍රායල ගුවන් හමුදාව රටේ විවිධ ප්‍රදේශ හරහා හිස්බුල්ලා ඉලක්ක වෙත දැඩි ප්‍රහාර දියත් කරමින් සිටියි. සැප්තැම්බර් 27 වන දින බේරූට් හි ගුවන් ප්‍රහාර කිහිපයක ප්‍රතිඵලයක් ලෙස, හිස්බුල්ල සංවිධානයේ මහලේකම් හසන් නස්රල්ලා ඇතුළු ඉහළ පෙළේ හිස්බුල්ලා අණදෙන නිලධාරීන් ඝාතනය කරන ලද්දේය.මේ අතර දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුමක් ද ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ විය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය ෆිරාස් අබියාඩ් උපුටා දක්වමින්, ඔක්තෝබර් 3 වන විට, ප්‍රහාර වලට ගොදුරු වූවන්ගේ මුළු සංඛ්‍යාව 1,974 දක්වා ළඟා වී තිබේ.
හිස්බුල්ලා ඉලක්ක දහස් ගණනකට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව වාර්තා කර ඇත. 2006සිදුවූ දෙවන ලෙබනන් යුද්ධයෙන් පසුව ඊශ්‍රායල ප්‍රහාරවල තීව්‍රතාවය මෙතරම් ඉහළ ප්‍රමානයකින් දක්නට නොලැබුණු බව යුද නිරීක්ෂකයින් පවසයි.
Israeli Airstrike Targets Hezbollah Bunker With 73 Tons of Bombs
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්