
ජනතාවට සහන දෙන්න ඕන නම් ජනාධිපති අනුරකුමාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මත කරපු ආර්ථික පරිවර්තන පනත අහෝසි කළ යුතුයි- ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් ඊයේ (06) දින නුගේගොඩ දී පවත්වනු ලැබුවේය. එහිදී අදහස් දක්වමින් ජන පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපතියටත් එහාට ගොස් ඇතැයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ,
" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ බ්‍රහස්පතින්දා ලංකාවට ඇවිල්ලා ආණ්ඩුව එක්ක සාකච්ඡා කළා. නමුත් තවම IMF එකත් එක්ක සාකච්ඡා කළ නිශ්චිත එකඟතාවයන් ගැන ආණ්ඩුව ප්‍රකාශ කරල නෑ. රනිල් වික්‍රමසිංහ අගෝස්තු මාසෙදි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම නැවත ක්‍රියාත්මක කරන්න තමයි මේ සාකච්ඡාවලදි එකඟ වෙලා තියෙන්නෙ. අපි දන්නවා ලංකාවේ ජනතාවට ඉතාම අවාසි සහගත විදෙස් ධනකුවේර සමාගම් සනසන ගිවිසුමකට තමයි රනිල් වික්‍රමසිංහ එළඹිල තිබුණෙ.
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවෙදි කිව්වෙ මේ කතාව නෙමෙයි. ඔවුන් කිව්වේ පූර්ණ ණය විගණනයක් කරනවා කියලා. අවභාවිතා කළ හෝ වංචා සහගත ණය තියනවනං ඒවා නොගෙවා ඉන්න කටයුතු කරන්න සූදානම් කියලා තමයි ඒ වෙලාවෙ කිව්වෙ.
දෙවෙනි කාරණය තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේම සඳහන් කරල තියනවා විකල්ප ඪ්Sඇ එකක් "ණය තිරසරකරණ විශ්ලේෂකයක් " කරල ඒ ගැන ඓMF එක එක්ක සාකච්ඡා කරනවා කියලා කිව්වා. ජනාධිපති ආර්ථික උපදේශක විදිහට පත් කරල ඉන්න මහාචාර්ය අනිල් ජයන්ත කිව්ව කතාව තමයි දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක ණයක් තියාගන්න ආව එකඟතාවය වැරදියි, ඓMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒ ණය කප්පාදුව වැඩිකරගන්න කටයුතු කරනව කියලා. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පැත්තක තියලා පරණ පාරෙම යන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.
අපි ආණ්ඩුවට කියන්නේ ඔබට ජනතාවට ජන වරම දුන්නේ මේ දේවල් කරන්න නෙමෙයි. ඓMF එකට කඩේ යන නන්දලාල් මහබැංකු අධිපති විදිහට තියාගෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් කමක් නෑ. ඒක නිසා වහාම නන්දලාල් ගෙදර යවන්න. රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන නම් ජනතාව අනුරකුමාර ජනාධිපති කරන්න ඕන නෑනෙ. ජනතාවට සහන දෙන්න ඕන නම් මේගොල්ලො රනිල් වික්‍රමසිංහ සම්මත කරපු ආර්ථික පරිවර්තන පනත අහෝසි කරන්න වෙනවා. මොකද ඒ පනතට අනුව ජනතාවගේ සුබසාධන කටයුතු වලට යොදනවන මුදල් සීමා කරන්න වෙනවා. ඒක නිසා මේ පනත තියාගෙන ජනතාවාදී ආර්ථිකයක් හදන්න පුලුවන් කමක් නෑ.මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 1.2ක බදු ප්‍රමාණයක් 2022 අවුරුද්දේ ගෙවල නෑ. 2023 අවුරුද්ද වෙද්දි මේ ප්‍රමාණය රුපියල් බිලියන 3.6ක්. 2024 සැප්තැම්බර් මාසේ වෙද්දි රුපියල් බිලියන 5.2ක සම්පූර්ණ සුරාබදු රජයට ගෙවල නෑ. රුපියල් කෝටි 5200ක් මෙන්ඩිස් සමාගම බදු පොලු තියලා. ඊළඟට ජෝන්ස්ටන්ට අයිති සමාගම් මහාපරිමාණයෙන් සුරාබදු ගෙවල නෑ. මේ වෙද්දි ලංකාවේ සමාගම් නොගෙවා පැහැරහැරපු සමස්ථ සුරාබදු ප්‍රමාණය රුපියල් කෝටි 6700ක්. මෙතනින් 58%ක් අර්ජුන් ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් කොම්පැනිය නොගෙවපු බදු. 37%ක් ජෝන්ස්ටන්ගෙ කොම්පැනිය තමයි නොගෙවා ඉදල තියෙන්නෙ. එතකොට 95%ක් බදු නොගෙවලා තියෙන්නෙ මේ සමාගම් දෙක. අනිත් සමාගම් අටම නොගෙවපු බදු ප්‍රමාණය 5%යි.
රටේ සාමාන්‍යය ජනතාව ගන්න හාල් ටික පරිප්පු ඇටේ ඉඳලා බදු ගහන ආණ්ඩුවට ඇයි බැරි මේ සමාගම්වලින් මේ බදු අයකරගන්න ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රනිල්ලගෙ රාජපක්ෂලගෙ ඔඩොක්කුවේ හුරතල් වෙච්ච කුක්කෝ හුරතල් කරන්න තවදුරටත් ලෑස්ති වෙන්න එපා. වහාම මේ ජවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
