

පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?

නව වසරේ පළමු සතියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ යාපනය සංචාරයේ දී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට 13 වැනි සංශෝධනය මගින් ලබාදී ඇති බලතල උපරිමයෙන් යොදාගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව හා ඊට මධ්‍යම රජය බාධා නොකරන බවත් සඳහන් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස 2003 දී යළි පුදුම ශ‍්‍රී ලංකා නම් වූ රාජ්‍ය දේපළ විකිණීමේ මහා සැලසුම යටතේ විදුලිබල මණ්ඩලය කොටස් 8කට බෙදා විකුණා දැමීම සඳහා නව විදුලි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එදා ජ්‍යේෂ්්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය සංශෝධනය කළ යුතු බවට අධිකරණය විසින් තීරණය කරනු ලැබීය. එහෙත් ආණ්ඩුව තුළ අර්බුද පැන නැගීම නිසා එදා එම මහා අපරාධය සිදුකිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ගෝලීය දෙමළ සංසදය හා රටේ බහුතර ජනතාවක් නොදන්නා අනුනායක ස්වාමීන් වහන්සේලා හත්නමක් අත්සන් තබා ප්‍රකාශයට පත්කළ 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියවිල්ල එළිදැක්වීම පිටුපස බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බවත්, එම ලියවිල්ල එළිදැක්වීම සිදුවන්නේ යම් මාර්ග සිතියමකට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හෙළිකරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් දෙසැම්බර් 12 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවේදී මතුවූ පැණයකට පිළිතුරු දෙමින් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසා සිටියේ මහින්ද ඇතුලු චූදිතයින් ලැබූ තීන්දුවට එරෙහිව උපරිමාධිකරණයේ විනිසුරුවරුන් 16 දෙනෙක්ගෙන් සංයුක්ත මණ්ඩලයට එම විනිශ්චය විභාග කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
