News Category
From Date
To Date
Maximum Number of Result

ඊයෙ අධිකරණයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට "පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා " යැයි ඔබ විසින් සිදු කළ අශිෂ්ඨ ප්‍රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත..

ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීනය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි කතුවැකිය මගින් තොරතුරු අනාවරණය කර තිබේ.

යුද හමුදාවේ හිටපු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාගේ රැඳවුම් නියෝග මතය. සිර මැදිරියේදී රෝගාතුර වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුරේෂ් සලේ ගැන හොඳින්ම දන්නේ ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටනන්ට් සලේ ය. සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ සත්‍යග්‍රහයටද ඇය එක්වූවාය. සුරේෂ් පුතු ගැන ඔහුගේ අම්මා සමග කළ කතාබහකි මේ.

දරුවන් සමාජයේ අනාගතය ගොඩනඟන නිර්මාණකරුවන් ලෙස සැලකේ. එහෙත් විද්‍යාව හා ගණිතය උගන්වන ගුරුවරයකු ලෙස, හෙට ලෝකයට නායකත්වය දීමට අපේක්ෂා කරන මෙම පරපුර තුළ නිහඬ අර්බුදයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මට දැඩි කනස්සල්ලට කරුණක් වී ඇත.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න විදේශගතව සිට යළි සේවයට වාර්තා කළ සැබෑ දිනය සම්බන්ධයෙන්, හිටපු කෑගල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) පාලිත සිරිවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර අතර පැවැති සාකච්ඡාවකදී පාලිත සිරිවර්ධන විශේෂ කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.

'අබු හින්ද්' ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තේ සිරිල් ගාමිණී පූජකවරයාය. ඒ, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ අලුත පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදීය. ඔහු එහිදී පැවසූ පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ‘අබු හින්ද්’ යනු බොහෝ දෙනා දන්නා කෙනෙකි. රවි සෙනෙවිරත්න අබු හින්ද්ව හඳුනාගෙන ඇති නමුදු, දේශපාලකයන් පිරිසක් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධා තිබී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AQ 40 ශාලාව, එහි 23 ක් වන නේවාසිකාර වලින් කුඩාම නේවාසිකාරය වන අතර එහි නවාතැන් සැලසිය හැකි වන්නේ සිසුන් 30 දෙනෙකුට පමණකි. මීට වසර කිහිපයකට පෙර කාර්යමණ්ඩල නිල නිවාසයක් ලෙස භාවිතා වූ එය පසුව නේවාසිකාගාර අර්බුදයට විසදුමක් ලෙස පිරිමි නේවාසිකා ගාරයක් බවට පත් කරන ලදි.

පාපන්දු ලෝක කුසලාන තරඟයේ උද්යෝගය මැද, දහස් ගණන් ප්‍රේක්ෂකයෝ ගී ගයති. කොංගෝවේ නිල් කොඩි සුළඟට ලෙළදෙයි. සතුට, බලාපොරොත්තු සහ ජයග්‍රහණයේ සිහින ක්‍රීඩාංගණය පුරා රැඳී තිබේ. එහෙත් ඒ සියලු ශබ්ද, වර්ණ හා චලනයන් අතර එක් මිනිසෙක් පමණක් නිශ්චලව සිටී.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමවේදය තුළ දශක ගණනාවක් තිස්සේ ජනතා පරමාධිපත්‍යය සුරැකීම වෙනුවෙන් භාවිත වූ ප්‍රබලතම සහ ප්‍රායෝගිකම මෙවලමක් වනුයේ ඡන්දදායකයාගේ ඇඟිල්ලේ තැවරූ නොමැකෙන තීන්ත සලකුණයි. 2004 වසරේ සිට මේ දක්වා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමත් සමඟ, හොර ඡන්ද වැළැක්වීමේ ද්විත්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රමවේද දෙකම එකට ක්‍රියාත්මක විය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.