News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ ඉහළම ආධ්‍යාත්මික නිල ඇඳුම බුද්ධ චීවරය

Oct 12, 2026 at 10:51 AM
|

සුද්දගෙ කාලේ ප්‍රසිද්ධියේ චීවරයට ගිනි තිබ්බ චීවරධාරියාගේ පරම්පරා හතරකට විපාක විඳින්න වුණා…   

සිවුර මැසීමේදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු තුනකි…   

සිවුරට ගැරහීම සංසාරය පුරාවට විපාක දෙන පාපයක්…   

සිවුරේ හැඩය කුඹුරේ සැලැස්ම…   

වර්තමානයේ වැඩියෙන්ම සිවුරට ගරහන්නේ බෞද්ධයන්…   

චීවරය දරාගෙන බුදුදහමට ගරහන චීවරධාරීන් එමටයි…   

සිවුරු කැබැල්ලකට ගරුකිරීමත් මහත්ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයක්…   

මේ දිනවල රටේ ම කතාබහ සිවුර ගැන ය. පැවිදිවීම උප පැවිදිවීම, අරහත් ධජයේ වටිනාකම, භික්‍ෂුන් වහන්සේගේ විනය ගැන විවිධාකාරයෙන් අදහස් ඉදිරිපත් වෙති. කසාවතේ වටිනාකම උගත මිනිසුන් ඒ සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරනවිට ආගමක්, දහමක් නැති නිරාගමිකයින් සහ ආගමික අන්තවාදීන් සිවුරට ගරහති. වපුරන තරමට අස්වැන්න ලැබෙන බව ලෝක ධර්මතාවයකි. කසාවතට ගරහන ‘පින්වතුන්’ රැස් කරගන්නා ‘කර්මය’ සංසාර ගමනේ දී විපාක විදිහට එන බව බුදුදහමේ සඳහන් ය.   

‘කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ (පව් කරනවිට එය මී පැණි සේ කෙනෙකුට රසවත් හෝ ප්‍රියජනක ලෙසෙ දැනේ. විපාක දෙනකොට දැවෙන ගින්නක් මෙන් දරුණු දුකක් ගෙන දෙයි) මේ බුද්ධ රාජ්‍යයේ කන් ඇසෙන, මන්දබුද්ධික නොවන මිනිසුන්ට වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත ලෝවැඩ සඟරාව කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් මේ කවි පද දෙක දෙසවනේ නොරැදෙන්න පුදුමයකි. එහෙත් එහි අරුත ගැන අවබෝධයක් නැති, දැනගෙන විජාතික බලවේගවලින් ලැබෙන විවිධ වරප්‍රසාද හමුවේ නිරාගමිකයින් බවට පත් වී සිටින පෙළපතට බෞද්ධයන් වූ පුද්ගලයන් ද කහ සිවුරටත්, භික්‍ෂුන් වහන්සේටත් නොසෑහෙන්න අගෞරව කරන බව පෙනේ. බෞද්ධයාට පක්‍ෂව කතා කිරීම ද ඔවුන්ගේ උදහසට ලක් වන තරම් ය. එවැනි සමාජ පසුතලයක ‘අරහත් ධජය’ පිළිබද සටහනක් තැබීම අපගේ අදහස විය.   

සම්බුද්ධ ශාසනයේ ආරම්භක අවධියේ දී භික්‍ෂුන් වහන්සේ සඳහා විශේෂිත වූ සිවුරක් නොතිබුණේ ය. එකල භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කර ඇත්තේ ‘පාංශුකූල සිවුර’ ය. සොහොන් පිටිවල දමා ගිය, කුණු කූඩුවලට එකතු කරන ලද මීයන් කැපූ ඉවතලන රෙදි කැබැලි එකතු කර ඒවා සෝදා, මසා ගස්වල පොතු සහ මුල් වර්ග තම්බාගත් සායම් දියෙන් (පඬු) වර්ණ ගන්වා පාංශුකූල සිවුර සදාගෙන තිබේ. පසුව මහා කාරුණික වූ ජීවක කෝමාර භච්චි ජීවකතුමාගේ ආරාධනාවකට, ගෘහපතියන් විසින් පූජා කරනු ලබන වස්ත්‍ර (ගෘහපති චීවර) පිළිගැනීමට බුදුරජාණන් වහන්සේ අවසර ලබාදුන්හ.   

භික්‍ෂූන් වහන්සේලා එකම හැඩයකින් යුත් වස්ත්‍රයක් පරිහරණය කිරීමේ අවශ්‍යතාව මතුවීමත් සමග සිවුරේ හැඩය නිර්මාණය කිරීමට ද බුදුරජාණන් වහන්සේ පියවර ගත්හ. දිනක් ආනන්ද හාමුදුරුවෝ සමග බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ චාරිකාවේ වඩින අතරතුර මනාව කොටස්වලට (නියරවල් මගින්) බෙදා වෙන් කර තිබූ කුඹුරු දැක ‘ආනන්ද, මේ කුඹුරුවල හැඩයට සිවුර නිර්මාණය කළ හැකිද? විචාලහ. අනතුරුව ආනන්ද හිමියන් ‘කුඹුරේ’ හැඩයට රෙදි කැබැලි කොටස්වලට කපා එකිනෙකට මසා සිවුර නිර්මාණය කළහ.   

රෙදි කැබැලිකර මැසීමේ ප්‍රධාන හේතු කාරණා තුනක් ද තිබේ. වටිනා වස්ත්‍රයක් වුවද කැබැලිකර මැසූ පසු එහි වටිනාකම නැති වී යන්නේ ය. වස්ත්‍ර කෙරෙහි භික්‍ෂුවට ඇති වන තෘෂ්ණාව (ඇලීම) නැති වේ. ගොවියා වෙලාවට කුඹුරට වතුර දමයි. භික්‍ෂුව මෛත්‍රි කළ යුතුය. ගොවියා වල්පැළැටි උදුරා දමයි. භික්‍ෂුව සීලයට බාධා කරන ක්ලේශ ධර්මයන් සිතට ආවිට ඉවත් කළ යුතුය. වන සතුන් කුඹුරට වින කටිනවිට ගොවියා එලවා දමයි. භික්‍ෂූන් වහන්සේ ද ශාසනයට හානි කරන, අගෞරව කරන අය දුටුවිට ධර්මානුකූලව ඉවත් කළ යුතුය.   

එමෙන්ම සිවුරු වර්ණ ගැන්වීම ද (පඬු ගැසීම) විශේෂ ය. සිවුරේ රතු, කහ හෝ තැඹිලි පැහැය (පඬු වර්ණය) මගින් සංකේතවත් කරනුයේ රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් ගිනි නිවා දැමූ විරාගී බව ය. හිමිදිරියේ පායන හිරුගේ කහ පැහැය සියලු සත්වයාට එක ලෙස ආලෝකය බෙදන්නා සේ භික්‍ෂුන් වහන්සේ ද සියලු සත්වයාට එක ලෙස මෛත්‍රිය කළ යුතු ය. රක්ත වර්ණය එක අන්තයකි. නීල වර්ණය තවත් අන්තයකි. දෙවර්ණයේ මිශ්‍රණයේ මධ්‍ය කහපාට ය. ඒ අනුව භික්‍ෂුව මැද පිළිවෙතක් අනුගමනය කළ යුතු ය.   

සොබා දහමේ නියමයට අනුව ශීත කාලය උදා වීමට පෙර ගස්වල කොළ කහ පැහැයට හා රතු වර්ණයට හැරේ. එම කොළ කොයි මොහොතක හෝ නටුවෙන් ගිලිහී පොළොවට පතිත වේ. කහ සිවුර පොරවන හැමවිට ම අනිත්‍යය ද සිහිපත් කරගත යුතු ය. සිවුර දරන භික්‍ෂූන් වහන්සේ මනා සිහි නුවණින් මුහුකුරා ගිය කෙනෙක් ද වියයුතු ය. භික්‍ෂූන් වහන්සේ සතු ප්‍රධාන සිවුරු වර්ග තුනකි. අඳනය (ඉණෙන් පහළ කොටස වැසීමට ගන්නා වස්ත්‍රය), තනිපට සිවුර (උත්තරාසංගය) සාමාන්‍යයෙන් ශරීරය වැසීමට පොරවන සිවුර, දෙපට සිවුර (සංඝාටිය) ශීත කාලයට පෙරවීමට හෝ උරහිසේ දමා ගැනීමට භාවිත කරන ඝනකම් සිවුර ය.   

භික්‍ෂූන් වහන්සේගේ වස්ත්‍රය වූ අරහත් ධජය (සිවුර) බුදුදහම තුළ මෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ ද අතිමහත් වටිනාකමක් සහිත පූජනීය වස්තුවකි. පෘථිවිය මත ඇති ඉහළ ම ආධ්‍යාත්මික නිල ඇඳුම බුද්ධ චීවරයයි. සීලයේ සහ සරල බවේ සංකේතය වූ සිවුර පෙරවීම යනු ලෞකික සැප සම්පත්, විලාසිතා සහ ආභරණ අතහැර දැමූ බවේ බාහිර ප්‍රකාශනයකි. එමෙන්ම සිවුර පෙරවීමෙන් භික්‍ෂුවකට හික්මීම සහ සංවරය සිහිපත් කරදෙයි. සිවුරක් දුටු වන ගිහි ජනතාව තුළ ශ්‍රද්ධාව, ශාන්තිය සහ කුසල් කිරීමේ අදහස ජනිත වේ.   

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සිවුරු කැබැල්ලකට පවා ගරු කිරීම මහත්ඵල මහානිශංස ගෙන දෙන පුණ්‍යකර්මයකි. කඨින චීවර, සිවුරු පූජාව සංසාරය පුරාවට පින ඵල දෙන මහා පුණ්‍යකර්මයකි. එමෙන්ම බුද්ධ චීවරය උපහාසයට ලක් කිරීම, අගෞරව කිරීම, විනාශ කිරීම හෝ සොරකම් කිරීම කල්ප කාලාන්තරයකට විපාක දෙන මහා අකුසල කර්මයකි. එම පාපකර්මයේ විපාකය මෙපමණ කැයි කිවනොහැකි තරම් ය.   

මරණයෙන් මතු නිරය, අසුර, තිරිසන්, ප්‍රේත ලෝකවල ඉපදෙමින් අනේක විධ දුක් විඳීමට සිදු වන පාපකර්මයකි. සංසාරය පුරාවට, බුදුරජාණන් වහන්සේනමක් සම්මුඛයේ දීවත් අරිහත් ධජයක් දැරීමට අවස්ථාවක් නොලැබිය හැකි, නිවන් මඟ අවහිර විය හැකි අති භයානක අකුසල කර්මයකි. මහා සංඝයාට අයත් සිවුරු විනාශ කළ, අගෞර කළ පුද්ගලයන් ප්‍රේත ලෝකවල ගිනි ගන්නා සිවුරුවලින් වෙළෙමින් අතිශය දරුණු ලෙස දුක් විඳින බව ප්‍රේතවත්ථු, විමානවත්ථු ධර්ම ග්‍රන්ථවල සඳහන් වී ඇත.   

පෙර කුසලයක් ඵල දී මනුෂ්‍ය ආත්මකය උප්පත්තිය ලැබුව ද ඇඳුම් පැලඳුම් හිඟවීම, නිරුවත්ව හෝ අන්ත අසරණව ජීවත්වීමට සිදුවීම, දැඩි ශීතලෙන්, රස්නයෙන් පීඩා විඳීමට සිදුවීම මෙහි විපාක වේ. චර්ම රෝග, කුෂ්ට සහ සුව නොවන තුවාල, ශරීරය දැවෙන රෝගවලින් නිරන්තරයෙන් පීඩා විඳීමට සිදු වේ. එමෙන්ම සිවුරට අගෞරව කිරීම පරම්පරා ගණනාවකට විපාක දෙන පාපකර්මයක් බව ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක හිමි රචිත ‘කසාවතින් ලොව වටා’ ග්‍රන්ථයේ ‘කර්මය’ යන පරිච්ඡේදයේ සඳහන් අපූරු කතාවකින් පැහැදිලි වේ. එම සත්‍ය කතාව පියනන්ද හාමුදුරුවෝ සටහන් කර තිබූ වචනයෙන්ම පෙළගැසෙන සටහනට එකතු කිරීමට අපි අදහස් කළෙමු.   

“1983 අවුරුද්දේ දවසක ලොස් ඇන්ජලීස් නුවර පිහිටි අපේ පන්සලට තරුණ සහෝදරයන් දෙදෙනෙක් පැමිණියා. ශ්‍රී ලාංකියන් වුණාට ඔවුන් බෞද්ධයෝ නෙමෙයි. ඒත් බොහෝම ගුණයහපත් තරුණයන්. බාල සහෝදරයා ඉගෙනගන්න ගිහින් හිටියේ. හොඳ චිත්‍ර ශිල්පියෙක්. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවෝ ඇමරිකාවේ වැඩ හිටිය කාලේ උන්වහන්සේ ලියපු පොත්වල පිටකවර සැලසුම් කරල තියෙන්නෙත් ඒ තරුණයා. මගෙත් පොතක පිටකවරය සකස් කර දුන්නා.   

යහපත් තරුණයෙක් නිසා ඇමරිකාවේ රැකියාවක් කරගෙන ජීවත්වීමට අවශ්‍ය නීතිමය තත්ත්වයත් මම හදල දුන්නා. ඉගෙන ගන්න කාලේ ඒ තරුණයා රැකියාව විදිහට කළේ පුවත්පත් බෙදාහැරීම. වැඩිමහල් සහෝදරයා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයක කාර්යාල සහායකයෙකු විදිහට රැකියාව කළා. ඒ තරුණයා දවසක් හවසක වැඩ නිම වී බෝඩිමට එන්න බස් නැවතුමට යනකොට ආසන්නයේ බිල්ඩිමක ගින්නක් හටගෙන, ගිනි නිවන රථ ඇවිත් ඒ ගින්න නිවාමින් තිබිලා. පොලිස් නිලධාරීනුත් ඇවිත් ඉඳලා. බස් නැවතුමේ සිටි තරුණයා ඉදිරියට පැමිණි කාන්තාවක් ‘මෙයා තමයි බිල්ඩිමට ගිනි තිබ්බේ’ කියලා කෑගහලා. පොලිස් නිලධාරීන් තරුණයාව අත්අඩංගුවට අරගෙන පොලිසියට රැගෙන ගිහින්. බිල්ඩිමේ ගින්න හටගෙන තියෙන්නේ සවස 4.30ට, තරුණයා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඇවිත් තියෙන්නේ සවස 5.00ට බව පොලිස් පරීක්ෂණවල දී ඔප්පුවීමත් එක්ක එම තරුණයාව නිදහස් කරල තිබුණා.   

තව අවස්ථාවක සහෝදරයන් දෙදෙනා එකතු වෙලා බැංකුවකින් ණයක් අරගෙන නිවසක් මිලදී ගෙන තිබුණා. බැංකු ණය වාරික වශයෙන් නිවැරැදිව ගෙවාගෙන ගිහින් තියෙනවා. අවුරුදු තුනකට විතර පස්සෙ ණය නොගෙවීම නිසා නිවස බැංකුව සතු කරගන්නා බවට බැංකුව විසින් ලිඛිතව දැනුම් දීලා තිබුණා. සහෝදරයන් දෙදෙනා අදාළ බැංකුවට ගිහින් ණය වාරික ගෙවූ රිසිට්පත් පෙන්වනකොට ඒ මුදල් වෙනත් ගිණුමකට බැර වෙලා තියෙන බව බැංකුව තහවුරු කරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නයත් සාකච්ඡා කොට බේරගෙන තිබුණා. ඔවුන්ගේ වාහනයක් මහ පාර අයිනේ හෝ නැවතුම්පොළක නතර කරල තියෙනකොට තවත් වාහන හප්පගෙන ගිය අවස්ථා කිහිපයක් ගැන කියල තියෙනවා. ඒ තරුණයන් දෙදෙනා අපේ පන්සලට එන හැමදාකම වෙච්ච ඇබැද්දි ගැනම තමයි කියන්නේ…”   

“ඔහොම යනකොට බාල සහෝදරයාට හාර්ට්ඇටෑක් එකක් හැදිලා ‘කයිසා රෝහලට’ ඇතුළත් කරල තිබුණා. වැඩිමහල් සහෝදරයා මට දැනුම් දුන්නම මමත් බලන්න ගියා. ඒ වෙලාවේ එයා ළඟ හිටිය බිරිඳටත් එළියට යන්න කියලා කාමරයේ දොරවහල ‘සාධු… කාලයක ඉඳල ඔබ වහන්සේට රහසක් කියන්න උත්සාහ කළා. ඒත් අවස්ථාවක් ලැබුණේ නෑ. අද රෑට මම මැරෙනවා. ඊට පෙර මේ රහස ඔබ වහන්සේට කියන්න ඕනෑ. මට දරුවො නෑ. අපේ අයියලට ළමයි ඉන්නවා. ඒ අයටත් මේ සාපයෙන් විඳවන්න දෙන්න බෑ. ඔබ වහන්සේ මැදිහත් වෙලා අපේ පවුල මේ සාපයෙන් ගලව දෙන්න’ කියල ඒ තරුණයා මගේ දෑත අල්ලගෙන හඬා වැටුණා. පොරොන්දුව ඉෂ්ට කරන බවට සපථ වෙලා හිත හැදුවට පස්සෙ නැවත ඒ තරුණයා කතා කළා…”   

“සාධු දන්නවනේ අපේ වාසගම ධර්මරත්න. අපේ ග්‍රේට් ගෑන්ඩ් ෆාදර් 1890 ගණන්වල හිටපු හාමුදුරුනමක්. ඒ කාලේ ලංකාවේ භික්ෂූන් වහන්සේ කරදරකාරයෝ කියලා වික්ටෝරියා මහ රැජන මෙරට ආණ්ඩුකාරවරයා විදිහට හිටපු ශ්‍රී ජෝෂප් වෙස් රිචඩ් වේ මහත්තයට කියලා හාමුදුරු දෙනමක් එංගලන්තයට ගෙන්න ගෙන, උපරිම පහසුකම් එක්ක විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ ගමනට එකතු වෙලා තිබුණේ අපේ හාමුදුරුවොයි, තව හාමුදුරුනමක්. ධම්මරක්ඛිත හාමුදුරුවොයි, ධම්මරතන හාමුදුරුවොයි.   

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත උන්වහන්සේලා අවුරුදු හතරකට පස්සෙ උපාධි ලබාගෙන ලංකාවට වැඩම කරල තිබුණා. ධම්මරතන අපේ හාමුදුරුවෝ ලංකාවට පැමිණි හැටියේ මීගමුවට ගිහින් මිනිස්සු රැස් කරල සිවුරු ගලවල චීවරයට මුත්‍රා කරල, ගොම ගහල, සිවුරට පෙට්‍රල් දාලා ගිනි තියල ප්‍රසිද්ධියේ ක්‍රිස්තියානි ආගම වැළඳගෙන තිබුණා. ඒකට විරුද්ධව බෞද්ධ ජනතාව කලබල කරනකොට බත්තරමුල්ලේ ශ්‍රී විභූති කියල හාමුදුරුනමක් ‘සිවුරට කරපු අගෞරවයට මෙයාට විතරක් නෙමෙයි, පරම්පරා හතරකට, හතකට විපාප විඳින්න වෙනවා. පරම්පරා හතක් කරදරයට පත් කරපු මේ මනුස්සයා ගැන අනුකම්පා කරන්න’ කියල බෞද්ධ ජනතාව සන්සුන් කරල තිබුණා.   

ඒ කාලේ ඔය සිද්ධිය ‘ඥානාප්‍රදීප’ කියල පත්තරයකත් පළ වෙලා තිබුණු බව අපේ ඥාතීන් කියල තියෙනවා. අන්තිමේදී ධම්මරතන හාමුදුරුවෝ කුෂ්ට, දද හැදිල කාලයක් ම නොවිඳිනා දුක් විඳල මැරිලා ගිහින් තියෙනවා. ධම්මරතන සීයට පිරිමි තුනයි, ගැහැනු ළමයෙක් ඉඳල තියෙනවා. ලොකු පුතා වෛද්‍යවරයෙක්. දෙවන පුතා නීතිඥයෙක්. වෛද්‍යවරයා එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන ලංකාවට ඇවිත් පත්වීම ගන්න රෝහලට යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා. නීතිඥ පුතා උසාවියට ගිය පළමු දිනයේම නඩුවකට පෙනී ඉන්නකොට හාර්ට්ඇටෑක් එකක් හැදිලා මැරිලා. දුව පිළිකාවක් හැදිලා නැති වෙලා. බාල පුතා ගඟේ නානකොට ගහගෙන ගිහින්. ඒ පවුලේ තුන්වෙනි පරම්පරාව අපි…” අපහසුවෙන් කතා කරගෙන ගිය තරුණයා දිගු සුසුමක් පිට කර නිහඬ වුණා…”   

“තරුණයා කියපු ආකාරයට ම එදින රාත්‍රියේ නැති වෙලා තිබුණා. ඔවුන්ගේ අම්මවත් මට හමුවෙලා තියෙනවා. ඇයත් නැති වුණේ පිළිකාවක් හැදිලා. ඒ පවුලේ වැඩිමහල් සහෝදරයා ලංකාවේ රේගුවේ කාලයක් සේවය කරල ඇමරිකාවට ඇවිත්, ඔහුගේ පුතා වෙළෙඳසැලක් කරගෙන ඉන්නකොට හිටි හැටියේ කඩය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ පවුලේ හැම කෙනෙක්ම විවිධ ප්‍රශ්නවලින් පීඩා වින්දා. පස්සෙ මම මැදිහත් වෙලා හාර්ට්ඇටෑක් එකෙන් මියගිය තරුණයාට පොරොන්දු වෙච්ච ආකාරයට ඔහුගේ සහෝදරයන්ගේ ළමයින්ගේ ධන පරිත්‍යාගයෙන් ලංකවේ දුෂ්කර විහාරස්ථාන කිහිපයක පොඩි හාමුදුරුවෝ පස්නමකට සිවුරු පිරිකර පූජා කළා. අධ්‍යාපන උපකරණ ලබාදුන්නා. ඊට පස්සෙ ඒ ළමයි විවිධ පින්කම් සිද්ධ කළා. දැන් ඒ ළමයි සතුටින් කාලය ගත කරන බව පේනවා. ඒ සිදුවීමත් එක්ක සිතුවිල්ලකින් හෝ බුද්ධ චීවරයට අගෞරවයක් වෙන ආකාරයෙන් කටයුතු කිරීම නරකයි කියන දේ මට ප්‍රත්‍යක්ෂ වුණා. චීවරය සමග සෙල්ලම් කිරීම හරිම භයානකයි…”   

කසාවතින් ලොව වටා ග්‍රන්ථයේ එම කතාව කියවනවිට නොදැනුවත්ව හෝ බුද්ධ චීවරය සම්බන්ධයෙන් අකුසල් සිතක් පහළ නොවේවා කියා මම අධිෂ්ඨාන කර ගත්තෙමි.   

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට මේ දක්වා පැවැතෙන බෞද්ධ භික්ෂුවගේ සිවුර (කෂාය වස්ත්‍රය) යනු හුදෙක් ශරීරය වසා ගැනීමට ගන්නා රෙදි කඩක් නොව, සරල, විරාගී බව සහ ලෝකෝත්තර ජීවිතයේ උත්කෘෂ්ට සංකේතයකි. තථාගතයන් වහන්සේ අනුදත් වදාළ බුද්ධ චීවරය කෙලෙස් දුරු කරන්නා වූ භික්ෂුවකට පරිහරණය කිරීමට සුදුසු මෙන්ම අරිහත්වයට පත්වීමට දරන වස්ත්‍රයයි.   

එමෙන්ම විනය පිටකයේ සඳහන් ආකාරයට පුද්ගලයෙක් පැවිදි කිරීමේදී (සසුන්ගත කිරීම) සපිරිය යුතු මූලික සුදුසුකම් සහ විනයානුකූල කරුණු කිහිපයක් ද වේ. අවම වශයෙන් අවුරුදු 7ක් සම්පූර්ණ වියයුතු ය. පූර්ණ උපසම්පදාව ලැබීම සඳහා වයස අවුරුදු 20ක් සම්පූර්ණ වියයුතුය. මවුපියන් ජීවතුන් අතර සිටී නම් ඔවුන්ගේ අවසරය තිබිය යුතුය. අංගවිකල, මන්දබුද්ධිකභාවයෙන් (අත් පා අහිමිවීම, අන්ධ, ගොළු හෝ දැඩි අසරණ වූ ශාරීරික ආබාධ) තොර විය යුතුය. සොරෙක්, වංචාකාරයෙක්, ණයගැතියෙක් නොවිය යුතු ය. රාජ්‍ය නීතියට අනුව දඬුවම් ලබන, අපරාධයක් සිදු කොට බන්ධනාගාරයෙන් හෝ නීතියෙන් බේරීමට පැමිණි අයෙක් නොවිය යුතුය. රජයේ හෝ හමුදා සේවයේ සිටින පුද්ගලයෙක් නොවිය යුතුය. පැහැදිලි පුරුෂ භාවයක් (නපුංසක භාවයෙන් තොර) තිබිය යුතුය. සංසාර දුකින් මිදීමේ හෝ ශාසනභාරය දැරීමේ අරමුණින් විනා ජීවත්වීමේ පහසුව පිණිස පැවිදි නොවිය යුතුය.   

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක සම්ප්‍රදායට අනුව, විනයානුකූල කරුණුවලට අමතරව උප්පැන්න සහතිකය, පොලිස් වාර්තා සහ භාරකාර විහාරාධිපති වහන්සේගේ කැමැත්ත අනිවාර්ය වේ. එහෙත් වර්තමානයේ ඇතැම් චීවරධාරීන්ගේ හැසිරීම මත විනය පිටකයේ සඳහන් ආකාරයට විනයානුකූල පැවිද්දක් ලබා ඇති ද යන්න ද සැක පහළ වන තරම් ය. චීවරය දරාගෙන බුදුදහමට ගරහන චීවරධාරීන් සිටිති. ධර්මයට, සංඝයාට අගෞරව වන ආකාරයට ධර්මය විකෘති කර සමාජගත කරන චීවරධාරීන් සිටිති. අන් අයට පරුෂ වචනයෙන් බැන වදිමින්, රහමෙර, මත්ද්‍රව්‍ය භාවිත කරමින් මන්දබුද්ධික ලෙස හැසිරෙන චීවරධාරීන් සිටිති. පුද්ගල ලාභ පරමාර්ථයෙන් ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් මුදල් රැස් කරන චීවරධාරීන් ද සිටිති. එවැනි චීවරධාරීන් සම්බුද්ධ ශාසනයට පිළිලය.   

පහාරාද සූත්‍රයේ සඳහන් ආකාරයට මහා සාගරයේ කුණු රොඩු ගොඩ නොගැසේ. රළ විසින් කුණු වෙරළට තල්ලු කරති. සම්බුද්ධ ශාසනයේ ද කුණු නොරැදේ. සොබා දහම විසින් විනය විරෝධි චීවරධාරීන්ව ගිහිගෙට හෝ නිරයට ඇද දමති. ශාසනයට වින කටින උන්ට ද අඩු වැඩි වශයෙන් ඒ ධර්මතාවයම උරුම වේ. රටක නීතියට ඉහළින් යුක්ති ධර්මය ද නඩු අසති. ඒ බව අවබෝධයෙන් සිටීම සසර ගමනට සරණක් බව මනුෂ්‍ය සත්වයන් සිහිතබා ගතයුතු ය.   

– තරංග රත්නවීර 

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

ඔක්තෝබර් 9 වැනිදා වන විට චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා තිබේ.
"රජයේ ආදායම් වැඩි වෙලා, භාණ්ඩාගාරයේ සැබෑ ද්‍රවශීලතාවයක් (Actual Cash) ඉතිරි වෙලා, ඉතිහාසයේ පළමු වතාවට අයවැය අතිරික්තයක් ඇවිල්ලා" කියලා අනුර සහ ආණ්ඩුව ලොකුවට සද්දෙ දානවා නේද. ?
මැද පෙරදිග රඳවලා ඉන්න හමුදා ඉවත් කරගන්න කියලා ඇමෙරිකාවේ ජාතික ත්‍රස්තවාද විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා (Director of the National Counterterrorism Center) විදිහට කටයුතු කරපු ජෝ කෙන්ට් (Joe Kent) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දිගින් දිගට ම බල කරනවා.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro), සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ (Jair Bolsonaro) පුත්‍රයා වන අතර, බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කර තිබේ.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.