ජාම බේරගන්න මාර්ගයක්..
මැද පෙරදිග රඳවලා ඉන්න හමුදා ඉවත් කරගන්න කියලා ඇමෙරිකාවේ ජාතික ත්‍රස්තවාද විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා (Director of the National Counterterrorism Center) විදිහට කටයුතු කරපු ජෝ කෙන්ට් (Joe Kent) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දිගින් දිගට ම බල කරනවා.
ජෝ කෙන්ට් කියන්නේ ඇමරිකානු හමුදා විශේෂ බලකායේ සටන් අත්දැකීම් තියෙන ප්‍රවීන විශ්‍රාමික නිලධාරියෙක්. ඔහු CIA සංවිධානයට කෙළින් ම සම්බන්ධ සන්නද්ධ නිලධාරියෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. 2025 ජූලි මාසයේ ඉඳලා 2026 මාර්තු දක්වායි ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ජාතික ත්‍රස්තවාද විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා විදිහට රාජකාරි කළේ. ඊට කලින්, ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සහ බොහොම ස්ථිර ආධාරකරුවෙක් විදිහටත් ප්‍රසිද්ධ වෙලා හිටියා. වොෂිංටන් ප්‍රාන්තයේ 3 වැනි කොංග්‍රස් දිස්ත්‍රික්කය සඳහා රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා විදිහට ජෝ කෙන්ට් දෙවතාවක් ම තරග කරලා තියෙනවා.
ට්‍රම්ප්ගේ ආණ්ඩුව ඉරානයට විරුද්ධය පටන්ගත්ත ආක්‍රමණකාරි යුද්ධයට විරෝධය පළ කරලා 2026 මාර්තු 17 වැනි දා ජෝ කෙන්ට් ජාතික ත්‍රස්තවාද විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉල්ලා අස්වුණා. මේ ඉල්ලා අස්වීම ලොකු ප්‍රවෘත්තියක් බවටත් පත්වුණා. ඔහුගේ අල්ලා අස්වීමේ ලිපියත් මාධ්‍යවල පළ කරලා තිබුණා. “දිගින් දිගට ම පවතින මේ යුද්ධයට කිසිම යහපත් චේතනාවකින් සහාය දෙන්න බෑ” කියලයි ජෝ කෙන්ට් ඒ ඉල්ලා අස්වීමේ ලිපියෙන් අවධාරණය කළේ.
තමන්ගේ X ගිණුමේ පළ කරපු ලිපියකින් ජෝ කෙන්ට් මෙහෙම කියනවා.
=== === === === ===
“ඉරාන යුද්ධය තවත් උත්සන්න වෙන්න කලින්, ඉරානයට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කරලා මේ යුද්ධයෙන් ඉවත්වෙන්න ජනාධිපති ට්‍රම්ප්ට කාලය ඇවිල්ලා.
මැදි වාර මැතිවරණයෙන් පස්සේ ආයෙත් ප්‍රහාර එල්ල කරනවා කියලා ජනාධිපති ට්‍රම්ප් අඟවලා තියෙනවා. හැබැයි අපි මුලින් ම පහරදෙන කල් ඉරානය බලාගෙන ඉඳියි කියලා හිතන එක මෝඩකමක්.
අපේ කඳවුරුවලට, අපේ නාවික යාත්‍රාවලට සහ ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට පහරදෙන්න ඉරානයට පුළුවන්. ඒ වගේ ප්‍රහාර හින්දා අපිට අඩු සම්පත් සහිතව, ඊටත් වඩා ඉරානය ගහන ගහන විදිහට ප්‍රතිචාර දක්වන්න සිද්දවේවි. මැදි වාර මැතිවරණය ආසන්න වෙද්දි ඉරාන යුද්ධය තව තවත් තීව්‍රකිරීමේ හැම විකල්පයක ම පිරිවැය තවත් ඉහළ යනවා. මැතිවරණය කිට්ටුවෙද්දි ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාමත් දැඩි කාල පීඩනයකටත් දේශපාලන ප්‍රතිරූපය පිළිබඳ බරපතළ අර්බුදයකටත් ගොදුරුවෙන හින්දා තමයි එහෙම වෙන්නේ..
ට්‍රම්ප් ජනාධිපතිවරයාට මේ කිසිම දෙයක් පාලනය කරගන්න බෑ. ඔහුට මේවා පාලනය කරගන්න පුළුවන් නම්, අපි මෙහෙම තත්ත්වයකට පත්වෙන්නෙත් නෑ.
ඒ හින්දා, පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරන්න. අපේ සොල්දාදුවන් අනතුරට ලක් කරනවා ද නැද්ද කියන එක පාලනය කරන්න ට්‍රම්ප්ට පුළුවන්. ඒ වගේ ම, මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය MAGA පාක්‍ෂික ඡන්දදායකයෝ ඡන්දය දාන්න උනන්දු කරවන්න ඕන කරන දේශීය මාධ්‍ය කතන්දර පාලනය කරන්නත් ඔහුට පුළුවන්.
අපේ හමුදා කලාපයෙන් ඉවත්වුණාට පස්සේ, මේ ගිනිගන්න යුද්ධයත් ඉවරවෙනවා. ඒ එක්ක ම, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව්වලට පහරදීම සඳහා ඉරානයට තියෙන අවශ්‍යතාවත් නැතිවෙලා යනවා. එහෙම වෙද්දි, ඒකට ප්‍රතිචාරයක් විදිහට සම්බාධක ලිහිල් කරන්නත්, ගල් කරලා තියෙන ඉරාන වත්කම් නිදහස් කරන්නත් අපිට පුළුවන්.
මේ දේවල් සිද්දවෙන්න නම්, ට්‍රම්ප් ජනාධිපතිවරයාට ඊශ්‍රායලය මේච්චල් කරගන්න පුළුවන්වෙන්න ඕන. ඉවරයක් නැති යුද්ධයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ඊශ්‍රායලය තමන්ගේ මැතිවරණයට කලින් ඉරානයට පහරදීමේ ඉඩක් තියෙනවා. එහෙම කළොත් අනිවාර්යයෙන් ම අපිටත් මේ ජංජාලයෙන් ගැලැවෙන්න බැරිවෙනවා. ඒක එහෙම වෙන්න ඉඩ දිය යුතු නෑ.
මේ යුද්ධයෙන් ඉවත්වීම තමයි හානි අවම විකල්පය. ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලේසියෙන් ම කරන්න පුළුවන් කාර්යයත් මේක ම තමයි. ඉරානය හරි ඊශ්‍රායලය හරි මේ විකල්පය තමන්ගෙන් උදුරාගන්න කලින් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැන් ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඕන.
=== === === === ===
ඇමෙරිකාවේ සිද්දවෙන මේ මහා වෙනස්කම්, නිරන්තරයෙන් කරන මේ බලකිරීම් අපේ වහල්ලු දකින්නේ නෑ. එහෙම දේවල් දැනගැනීමේ උවමනාවකුත් අපේ වහල්ලුන්ට නෑ. ඉතින් ඇමෙරිකාවේ හමුදා විශේෂඥයෝ කරන අවවාදවලටත් උන් හිනාවෙනවා. හාම්පුතාගේ අධෝ වාතයත් ලොකු බලයක් කියලයි වහල්ලු හිතාගෙන ඉන්නේ.
- කසුන් කාරියවසම්
(මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..