"පූනරීන් ත්‍රස්ත ප්‍රහාරය" - රණවිරු ලෙයින් අඳින ලද සැබෑ වික්‍රමය එළිදකියි..
එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
අද අපිට, අපිව නිදහස් කරගන්න නිදහස් වුනු නුඹලත් එක්ක තනිවම ඔට්ටු වෙන්න වෙලා....
පසුගිය 22 දා මේජර් සෙල්වින් සලේ තමන්ගේ 3 වන කෘතිය වන "පූනරීන් ත්‍රස්ත ප්‍රහාරය" ගම්භීර අයුරින් එළිදැක්වූවා.
විශේෂ ආරාධනාවන් මත පමණක් Lavender ශාලාවේ පැවැත් වූ උත්සවයේ බැලු බැලු අත හිටියේ මහ ප්‍රතාපවත් සිංහයන්ය..
ජෙනරල් චාගී ගාල්ලගේ, ජෙනරල් ධම්මි හේවගේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, මේජර් ජෙනරල් ශානක රත්නායක, මේජර් ජෙනරල් තිලක් හන්ගිලිපොල, මේජර් ජෙනරල් ජයන්ත ගුණරත්න, මේජර් ජෙනරල්සංජීව ප්‍රනාන්දු, මේජර් ජෙනරල් රංජිත් ද සිල්වා, බ්‍රිගේඩියර් වජිර කාරියවසම්, මේජර් උදිත ආදී විරුවන් රැසකින් ශාලාව පිරී තිබිණි.
යුද්ධයේ අනුකම්පා විරහිත යතාර්ථය සිරුරින් විඳදරා ගනිමින් වුවත් ඔවුන්ගේ ප්‍රතාපවත් බව නම් බිඳකුදු අඩු වී තිබුණේ නැත..ඔවුන් තවමත් එතරම් මැ තේජාන්විතය..
නමුත්, එදා තම ජිවිත පමණක් නොව, තම ආදරණීයයන්ගේ ජිවිත පවා කැපකර, ලෝකයේ සිටි අමානුෂිකම කොටි ත්‍රස්තයන් මානුෂීය මෙහෙවරකින් මුදාගත් දේශයක, ගුණමකු නොමිනුසුන් විසින් අද ඔවුන් වෙත දක්වන අමානුෂිකත්වය ගැන නම් ඔවුන් සිටියේ සංවේගයකිනි.
උත්සවයෙන් පසුව, හැඟුම්බර හදවතින් සෙල්වි වැඩේ නම් විශ්ෂ්ඨ යි කිව්වම, නැවතත් මුහුණ ලන්කරන විට තමා මතක් වුනේ ඔහු අදටත් අර්ධ දෘශ්‍යාබාධිතයි කියල. එතන සිටි බොහෝ අය කාය දානය පවා ලබාදුන් අයයි, ඒ අප වෙනුවෙන්. බොහෝ අයගේ ශරීර අදටත් ඊයම් බෝල, නැත්නම් මුනිස්සම් දරාගෙන ඉන්නවා.
සවන් දීපු හැම කතාවක්ම අප හැමෝගෙම දෙනෙත් තෙත් කරා විතරක් නෙමේ, උඹල කොච්චර ගුණමකුද කියන ප්‍රශ්නාර්ථය අප හැමෝම ඉදිරියේ ඉතිරි කලා..!
1993 නොවැ 11 වන දින කොටි ත්‍රස්තයන් විසින් පූනරීන් හමුදා කඳවුර වෙත එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය “ඔපරේෂන් තවලෙයි” නැත්නම් “ගෙඹි මෙහෙයුම” හමුවේ විශිෂ්ඨ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සලේ ඇතුළු විරෝධාර රණවිරුවන්ගේ වික්‍රමයන් අලලා ලියවුනු මෙම කෘතිය හුදෙක් එකල වාර්තාවල අඩංගු වූ සංක්‍යාලේඛන හෝ උපායමාර්ගික විස්තරයක් පමණක් ම නොවේ....
යුධභුමියේ තම ලේ, දහඩිය භීතිය හා කැපකිරීම් අතරින් ලියවුනු ජීවමාන අනුවේදිනීය ප්‍රකාශනයකි.
මේජර් සලේගේ පෙර කෘතින් වන “මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්” සහ “තුන් සටනකින් මාරු පැරදු කමාන්ඩෝ විරුවෝ” හි භාවිත කල අතිශෝක්තිකරණයෙන් තොර සුගම භාෂා විලාශය සහ ඊට අදාළ දත්ත සටහන් සහ ඡායාරුප යෙදීම තුල පාඨකයාට එය එක හුස්මට කිවීමට සිත් පහලවේ.
ඔහු සටන් බිමේ පැවති බියකරු අවිනිශ්තිත බව, තීරණ ගැනීමේදී මුහුණ දුන් අභියෝග සහ සෙබළු විඳි ශාරීරික සහ මානසික පීඩනයන් අමුවෙන්ම..ඍජුව පාඨකයා හමුවේ තබන්නට දක්ෂ වී තිබේ.
කෘතිය පුරාම දිවෙන මුඛ්‍ය තේමාව වන්නේ මරණය අභියස පවා සෙබළුන් එකිනෙකා වෙනුවෙන් දැක්වූ අසීමිත කැපකිරීමයි.
තවද, ඔහු ප්‍රහාරයේ ක්‍රමෝපායික පැත්ත නිරීක්ෂණය කරන අතරම සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙසින් ඒ තුල ඇති ඛේදවාචකය දෙස මධ්‍යස්ථව බලන්නට ද සමත් වෙලා තියෙනවා.
මේ කෘතිය English ද පල කරන්නේ නම්, විශේෂයෙන්ම තරුණ දුවාදරුවන්ට එය පරිශීලනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇතැයි සිතිණි.
එහිදී, තම දරුවන් තිදෙනාම හමුදාව වෙනුවෙන් පුජා කරපු මේජර් සලේ ගේ උත්තරීතර මෑණියන් සම්මුඛ වීම මා ජිවිතයේ ලද භාග්‍යයකි. වර්තමානයේ සිදුවන දේ පිලිබඳ ඇයගෙන් කිසියම් පශ්චාත්තාපයක් විද්‍යමාන වුවත්, ගුණයහපත් වීරපුතුන් තිදෙනෙකු බිහිකර ඒ පුතුන් රට මුදවා ගන්නට ජිවිත කැපකරපු එක පිළිබඳව අදටත් ඇය මහත් අභිමානයකින් කතා කලේය.
වීරවික්‍රමයන් වෙනුවෙන් පිදෙන උතුම්ම පදක්කම වන පරම වීර විභූෂණ යෙන් පිදුම් ලත් ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් තිලක් නිශ්ශංක විරෝධාර රණවිරුවාගේ මෑණියන් හමුවීමද ඓතිහාසික එකක් විය. එදා ත්‍රස්තයන් බංකරයක් බංකරයක් ගානේ විනාශ කරමින් එනවිට, තම සෙබළුන්ට තුවාල වුවන්ද සමගින් පසුබැස යන්නට දැඩිව ගර්ජනා කර ඒ වෙනුවෙන් තම බංකරය තුල තනිව හිඳිමින් ලුතිනන් නිශ්ශංක තම ජීවිතය පුජාකලේ K-400 වර්ගයේ අත්බෝම්බ දෙකක් දෙඅතේ රඳවාගෙන ත්‍රස්තයන් පැමිණි විට ඔවුන් ද සමග පුපුරුවා ගෙනය.
ඊනියා කල්පිතයන් මත නිර්මාණය කරන සමහර ඇමෙරිකානු චිත්‍රපට දිහා දෙනෙත් අයා බලා සිටින අපේ අහිංසක දරුවන්ට මෙවන් පොතක් කියවීමට දෙමව්පියන් දැන් හෝ සලස්වන්නේ නම්, අපේ රටේ කොඳුනාරටි ශක්තිමත් සිංහයන් ඉදිරියේදීත් බිහිවනු ඇත.
ඒ මෑණියන් දෙදෙනාටම මට කියන්නට තිබුණේ එකම දෙයයි.....
“අපි අම්මලාට හරියට ණයයි..අපිට සමාවෙන්න අම්මේ”
.....................කියල විතරයි!
රට දැය සමය මෙන්ම විරෝධාර රණවිරුවන් වෙනුවෙන් හැමදාමත් නොබියව පෙනීසිටින ලාල් ද අල්විස් අයියා වගේම එතුමන්ගේ ආදරණීය බිරිඳව මුණගැසී දොඩමලු වීමට ලැබීමත් මහත් ලාභයක් විය. ඒ වගේම රට වෙනුවෙන් දේශීයවත් ජාත්‍යන්තරවත් එදා සිට තම උපරිමයෙන් කටයුතු කරන ෂෙනාලි වඩුගේ මෙන්ම විශේෂඥ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්නගේ සහභාගිත්වයත් විශේෂී විය.
විශේෂයෙන්ම කටකාර, හැඩකාර යකඩ දියණිය, “සුහාරා” ව හමුවීමත් මහත් භාග්‍යයක් විය. රටට ජාතියට ණය නැති ඇයගේ ආදරණීය දෙමව්පියන්ගෙන් ලද නිර්භීතකම ප්‍රෞඩත්වය එහිදී ත් ඇයගෙන් මොනවට විද්‍යමාන විය. යකෙකුටවත් බය නැති දැනුමින් සිරිතෙන් විරිතෙන් ඥානයෙන් සන්නද්ධ එවන් විරු දියණියන් මගෙ රටේ තව බොහෝ බිහිවේවා යි මම හිතින් ප්‍රර්ථනා කලෙමි.
///අද ඉරිදා, කොළඹ BMIC හි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දවසයි...///
ඔබේ දරුවන් සමගින් අනිවාර්යෙන්ම H 12 කුටියට ගොඩවදින්න කියල මා ආදරයෙන් ඉල්ලා සිටිනවා...
මේජර් සලේ ගේ “1993.11.11 පුනරීන් ත්‍රස්ත ප්‍රහාරය” විතරක් නොවේ ජෙනරල් ධම්මි හේවගේ ගේ “දෙපරමුණක සටන්”, ජෙනරල් කමල් ගුණරත්නයන්ගේ කෘතීන් ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා ලියවුණු බොහෝ කෘතීන් මෙන්ම, එම කතෘවරුන් ද ඔබට එහිදී හමුවිය හැක.
පොතක් නොගත්තත්, අවම වශයෙන් හමු වී ඔබගේ කෘතවේදිත්වය හෝ ඔවුනට පලකල හැකි නම් එය ඔවුන්ට මහත් සැනසිලිදායක වනුඇත...!
රණවිරුවන් සදානුස්මරණීයයි..!
- ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..